අයින්ස්ටයින් ටෙටේ හා රාහුල


 මේ ලිපිය චරිත් ගල්හේන මහතාගේ දායකත්වයෙන්

ඇල්බර්ට් අයින්ස්ටයින් තම දෙවන පුතු හැදින්වුයේ ටෙටේ යන ආදර නාමයෙන්. ටෙටේ සංගීතයට ප්‍රිය කල අතර තම පියාගේ වයලීන් වාදනයට සවන් දීමට මහත් කැමැත්තක් දැක්වූවා. එඩ්වර්ඩ් නැත්නම් ටෙටේ තම දෙමව්පියන්ගේ වෙන්වීමෙන් පස්සේ තම මවත් හා සහෝදරයා හාන්ස් එක්ක සූරිච් වලට යනවා. පලවන ලෝක යුද්ධයට ආරම්භ වීමට පෙර පමණ කාලයේ දී දිනක් අයින්ස්ටයින් තම පුතු බැලීමට පැමිණෙන බවට වූ පොරොන්දුව මත ටෙටේ තම පියා එන තෙක් ශිශිරයේ දැඩි සීතල දරා ගෙන පිල්කඩ ට වී බලා සිටිනවා. නමුත් ජර්මනියේ සිට සූරිච් බලා එන දුම්රියට යුද්ධය හේතුවෙන් සූරිච් දේශ සීමාව පසුකරන්නට අවසර ලැබෙන්නේ නෑ.
ඇල්බර්ට් තම පළමු බිරිදගෙන් වෙන්වුනත් ඔහුට දික්කසාදය ලැබෙන්නේ ඊට ගොඩක් කාලයකට පස්සේ. දික්කසාදයේ එක කොන්දේසියක් වෙන්නේ ඇල්බර්ට්ට තමන්ගේ දරැවන් දකින්නට බැහැයි කියන එක. කොහොම උනත් පළවන ලෝක යුද්දෙත් එක්ක ඇල්බර්ට්ට නාසි ජර්මනියෙන් එල්ල වෙච්ච තර්ජනත් එක්ක 1933 දි විතර ඔහුට ඇමෙරිකාවට යන්න වෙනවා. එදා පිල්කඩට වෙලා හිටිය ටෙටේ ට නැවත තමන්ගේ තාත්තාව දකින්න හම්බ වෙන්නෙ වත් ඔහුගේ වයලීන් වාදනය අහන්න හම්බ වෙන්නෙ වත් නෑ. ටෙටේ වරක් තමන්ගේ තාත්තට වෛර කරන බව ලියා යවනවා.
වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන ටෙටේ භින්නෝන්මාදයෙන් පීඩා විදින්නට පටන් ගන්නවා. ටෙටේ එක් අවස්ථාවක දී සිය දිවි නසා ගන්නට ද උත්සාහ කරනවා. රෝගී තත්වයත් එක්ක ම ඉන් අනතරැව ටෙටේ ට වරින් වර මානසික රෝහල් ගත ව ප්‍රතිකාර ලබන්නට සිදු වෙනවා. ටෙටේ මේ රෝගී තත්වයට පත් වීමත් සමග පියා සහ පුතා අතර ලිපි මගින් සංවාදය පටන් ගැනෙනවා. 1948 දී තම මවගේ සිදු වන මරණයත් සමග ටෙටේ තම ජීවිත කාලයෙන් වැඩි පුර කාලයක් ගත කරන්නේ මානසික රෝහලේ. 1965 දී තමන්ට වයස අවුරැදු 55 දී ටෙටේ හෘදයාභාදයකින් මිය යනවා.
තමන්ගේ කුලුදුල් දරැවා උපත ලබපු දිනේදි ම සිද්ධාර්ථ තමනුත් දරැවාත් අතහැර දමා ගිය හේතුව යසෝදරාට හිතා ගන්න වත් බැරි වෙන්න ඇති. ඉන් පස්සේ ගත වෙච්ච අවුරැදු 07 ක පමණ කාලය ඇය අවමාන ගැරහුම් එක්ක ජීවත් වෙච්ච කාලයක් වෙන්න ඇති. මේ හේතුව ම තම පියාගේ සෙවනැල්ල යට අභිමානයෙන් ගත කරන්නටත් රාජකීය පෞරැෂත්වයක් එක්ක වැඩෙන්නටත් තිබ්බ රාහුලගෙ අයිතිය උදුර ගන්න ඇති.
ලෝකයේ ශ්‍රේෂඨත්වයට පත්වෙච්ච මිනිසුන්ගෙන් ලෝකයට වෙච්ච සෙත වගේම ඔවුන්ගේ පරාර්ථකාමීත්වය ගැන කිසිදු තර්කයක් හෝ ගැටලුවක් නෑ. නමුත් ඒ චරිත පිටිපස්සේ ඉන්න අහිංසක දරැවෙකුට තමන්ගෙ පියකුගෙන් ලැබිය යුතු ආදරය, රැකවරණය නැති වීම මට හැමදාම ප්‍රශ්නයක් වෙච්ච දෙයක්. ඒ මිනිස්සු ඒ තීරණයට එළඹුනේ කොහොම මොන තත්වයක් යටතේ ද සහ ඊට පස්සේ ඒ තීරණයත් එක්ක ජීවත් වුනේ කොහොම ද කියන එක මට අදටත් ප්‍රශ්නාර්ථයක්. හැබැයි වෙන්වීම පිළිබද ඒ තීරණය ගත යුතුව තිබූ බවටත් කිසි ම ගැටලුවක් නෑ.


1983 ලෝක විනාශය නැවතූ වීරයා

රුසියානු ජාතික ස්ටැනිස්ලාව් පෙට්රොව් (stanislav petrov) රුසියානු හමුදාවේ ක්‍රියාන්විතයේ සිටි සොල්දාදුවෙකි, ඔහු පරමාණු ප්‍රහාර ගැන පෙර දැනුම්දීම් කරන මධ්‍යස්ථානයක තමයි සේවයේ යෙදී සිටියේ.

1983 සැප්තැම්බර් මස 26 වැනිදා උදෑසන පරිගණක පද්ධතිය ඇමරිකා දෙසින් රුසියාවට ප්‍රහාර කරණ ලද මිසයිල රැසක් ගැන අනතුරු අඟවන්න පටන් ගත්තා. ඔහුට ලැබී ඇති අණ පරිදි මෙම සිද්ධිය වහා ඉහල නිලධාරීන්ට පැවසිය යුතුව තිබුනා.

නමුත් එම අනතුරු ඇග වීම පරිගණක දෝශයක් යැයි තීරණය කොට ඔහු පරිගණක අංශයට පද්ධතියේ දෝශයක් ඇතිබවට පමණක් දැනුම් දීලා තියනවා. එම අනතුරු ඇඟවීමෙන් මිනිත්තු විසිතුනක් ඉක්ම පසුව කිසිදු ආරංචියක් නොමැති නිසා එම අනතුරු ඇඟවීම ගැන ඔහු ගත් තීරණය නිවැරදි බව ඔහුට හැගී ගොස් තිබෙනවා.

පසුව කල පරීක්ෂණය කදී සෝවියට් චන්ද්‍රිකා වලාකුළුවලින් පරාවර්තනය වන ආලෝකය අන්තර් මහාද්වීප මිසයිලයක ඇන්ජිම හැටියට වැරදි ලෙස හදුනාගෙන තියනවා කියලා සොයාගෙන තියනවා.

ඔහු ඇත්තටම පරිගණක පද්ධතිය විශ්වාස කොට අනතුරු ඇඟවීම වාර්තා කළානම් රුසියාව ඇමරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම කරීමට යෙදෙනවා. එවිට එම මිසයිල එල්ල කිරීම ගැන දැනගත් ඇමරිකාව එයට ප්‍රති ප්‍රහාර දෙනවා. එක තමයි පටන් ගැන්ම වෙන්නෙ.

එතකොට රටවල් දෙකේ මිත්‍රයෝ එකට හවුල් වෙනවා, ඉතින් 3 වෙනි ලෝක යුදධය හරි ලෝක විනාසය හරි වෙන්න තිබුණු අවස්ථාවක්. මොකද මේ දවස්වල තමයි ඇමරිකාව යි රුසියාව යි දෙන්නට දෙන්නා ලොකු නිහඩ යුද්ධයක යෙදිලා හිටියේ.

ඉතින් ලගදී ආරංචියක් ලැබිලා තියනවා මේ අවුරුද්දේ (2017) මැයි මාසේ 77 හැවිරිදි වියේ ඔහු මිය ගිහින් කියලා. ඉතින් ලෝක විනාශයක් වළක්වපු පුද්ගලයෙක් හැටියට ඔහු ඉතිහාස පොත්වල සදහන් වෙනවා.


3 වෙනි සියවසට අයත් බ්‍රහ්මීය ගනිත පොත

1881 වසරේ කාෂ්මීර් ප්‍රදේශයේ ගම්වැසියකුට බර්ච් නමින් හදුන් වන (සිත ප්‍රදේශවල ආවේනික) ගසක පොතු මත ලියා ඇති පොතක් හමුවුණා. එය විද්‍යාඥයන්ගේ අතට ලැබිලා දැන් අවුරුදු සීයකටත් වැඩියි. හැබැයි මෑතකදි තමයි එකේ කාල සීමාව හරියටම ගණනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ රෙඩියෝ කාබන් තාක්ෂණය භාවිතා කරලා. එ අනුව එම පොත 3 වෙනි හෝ 4 වෙනි සියවසට අයත් කියලා තමයි කියන්නේ.

මේ පොත ඇත්තටම අපේ ලංකාවේ පුස්කොල පොත් වගේ තමයි. වෙනස පුස්කොල පොතේ කියන්නේ තල් ගහේ කොළ. ඒ පොත කවුරුත් හදුන් වන්නේ බක්ශාලි අත් පිටපත (manuscript) කියලා.

 ඉතින් මේ ගනිත පොතේ පිටු 70 තියනවා. ඒ පොත ලියලා තියෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර වර්ගයක් වූ ශාරද (සාරද) කියන අක්ෂර භාවිතා කරලා. සංස්කෘත භාෂාව ලියන් නත් භාවිතා කරලා තියෙන්නේ මේ ශාරද අක්ෂර තමයි. ශාරද අක්ෂර සිංහල භාෂාවේ අක්ෂර වල මූලධර්මය යටත් අක්ෂර ක්‍රමයක්. (එම මූලධර්මය අබුගිඩා (Abugida) නම් වර්ගීකරණයට අයත්)

එම පොතේ කෘත ඔහුව හදුන්වා දීලා තියෙන්නේ "චාජකගේ පුත්" කියලා, එය "වාසිතාගේ පුත් හසික" වෙනුවෙන් කියලත් ලියලා තියනවා.

මේ පොතේ තියන ලොකුම විශේෂත්වය තමයි බින්දුව එහෙම නැතිනම් ශූන්‍ය කියන සංකල්පය භාවිතා වීම. ඉතිහාසඥයන් කියන විදිහට ඉන්දියානු සංස්කෘතියේ බින්දුව ගැන සදහන් ප්‍රතම නිදසුන මෙය බවයි. අපේ සිංහල ඉලක්කම් වලත් බින්දුව තිබුනේ නෑ. එතකොට ගනිත කියන වචනය අපිට සංස්කෘත භාෂාව අභාෂයෙන් ආවට ඒ සමග තිබිය යුතු සමහර සංකල්ප ඇවිත් නෑ වගේ. බ්‍රහ්මීන් ගුරුමුෂ්ඨිය තියාගෙනද කොහෙද.

ඒ දවස්වල නැවතීමේ ලකුණ වගේ තිතක් තමයි ශුන්‍ය පෙන්නුම් කරලා තියෙන්නේ. හත්වෙනි සියවස වෙනකොට මේ පොතේ දකින්ට ලැබුන තිත "ශූන්‍ය බින්දුව" නමින් සංස්කෘත භාෂාව හදුන්වා දීලා තියෙනවාලු.

පහත තියෙන්නෙ අනිකුත් ඉතිහාස ශිෂ්ටාචාර වල බින්දුව සංකල්පය සදහන් වන කාල සීමා

ඊජිප්තුව - ක්‍රි.පු 1770 ඊජිප්තු ගිණුම් කරණය ලියවිලි වල ශූන්‍ය භාවිතා කර තිබෙනවා
බැබිලෝනියන් - අගයක් නැති ශූන්‍ය පෙන්නුම් කරදීමක් දකින්න නෑ.
මෙසෝ-ඇමරිකාව - ක්‍රි.පු 36 දින ගනන් කිරීමේ ක්‍රමයක භාවිතා කර තිබේ
ග්‍රීසිය
- ශූන්‍ය සංකල්පයක් දැකිය හැක්කේ ක්‍රි.ව 130 පෝතෙලමිගේ ගණිත
චීනය - ක්‍රිපූ 4 වන සියවස


ටියුනීසාවට කියලා රටක් මීට කලින් අහාලා තියනවද?

අප්‍රිකානු මහද්වීපයේ උතුරු දෙසින් වගේ තියෙන්නෙ උතුරු අප්‍රිකා ප්‍රදේශයට තමයි අයිති. ඔවුන්ගේ බහුතර ධර්මය නිසා නිතරම මැද පෙරදිග රටවල් සමග තමයි සංසන්දනය වෙන්නේ.

ටියුනිසියාව මැද පෙරදිග රටවල් වලින් ප්‍රජාතන්ත්‍රවාදය හරියටම ක්‍රියාත්මකවන රටක් හැටියට ගනන් ගැනෙනවා. 2014 සංගණනයට අනුව ජනගහනය මිලියන 11. අතීතයේ රෝම රාජධානියට අයත්ව තිබුණු ප්‍රදේශයක් හැටියටත් සදහන් වෙනවා. ඔවුන් ප්‍රංශයේ යටත් විජිතයක් හැටියට පැවතියා, 1956 තමයි නිදහස ලබලා තියෙන්නේ. සමහර විට මේ කියන්න යන කතාවලට හේතු රෝම සහ ප්‍රංශ ආභාෂයෙන් ඔවුන්ගේ සමාජයට ඇතුලත් වූ සිතුවිලි නිසා වෙන්න පුලුවන්.

ඉතින් එම රටේ මෑතක් වෙනකන් විවාහ නිතීයෙන් විවාහ වන යුවලගේ අාගම අනුව බාදා ඇති කරලා තිබුනා. ඒ කියන්නේ යම් යම් අාගම් දෙකක් අතර විවාහ නිත්‍යානුකූල නෑ. නිති සංශෝධනයක් මගින් පසුගියදා ඒ කාලෝචිත නැති වර්ගවාදී වගන්තිය ඉවත් කරලා, දැන් විවාහයට ටියුනිසියානු වැසියන්ට තමන් ගේ පෞද්ගලික විශ්වාස භාදාවක් වෙන්නේ නෑ, අාදරය තමයි අවශ්‍ය ටියුනිසියාවේ සියට 99 පුරවැසියන් විශ්වාස කරන ධර්මය අරාබිකරයේ ප්‍රධානතම ධර්මය තමයි., ඉතින් එ ඉවත්කරන ලද වගන්තිය අනුව බහුතර ධර්මය විශ්වාස කරන්නේ නැති (ඇදහීම යනු විශ්වාසය නේද?) පිරිමියෙකුට එම ධර්මය විශ්වාස කරන කාන්තාවක් විවාහ කරගන්න බෑ, ඔන් නම් එම අාගම විස්වාස කරන්න ප්‍රතිඥා දිලා සහතිකයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.

(මම අහලා තියන විදිහට ලංකාවෙත් පාරම්පරිකව මෙ වගේ ගැටලුවක් තිබුනා, හැබැයි අද සමාජය මම දන්න විදිහට නම් එච්චර පටු විදිහට හිතන්නේ නෑ)

ටියුනිසියාව
අරාබි රටවල් අතර මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් දක්වන රටක් හැටියට කැපී පෙනෙනවා, විශේෂයෙන්ම කාන්තාවන් ගෙ අයිතීන් වෙනුවෙන් පෙනි සිටිමෙන් ඔවුන් ජාත්‍යන්තරයේ සිත් දිනාගෙන තියනවා. එ අතරම තවත් කල් පැනපු නීතියක් ඉවත් කරලා ඒ තමයි ස්ත්‍රියක් දූෂණය කරපු පුද්ගලයෙක් එම ස්ත්‍රිය විවාහ කරගැනීම මගින් වරද කරුවෙක් ලෙස දඩුවම් නොලැබීම.

ඉතින් අරාබි රටවල් අතරින් කාන්තා අයිතිය තහවුරු කරපු රටක් හැටියට ටියුනිසියාව ඉතිහාස පොත් වල සටහන් වෙනවා. ටියුනිසියාව බහු විවාහ 1956 වගේ අෑත අතිතයේ ඉදන් නිතීයෙන් ඉවත් කරලා තිබුන රටක්,

 එත් තවම ටියුනිසියානු කාන්තාවන්ට බූදලයකට හිමිකම් කියන්න බැරිලූ, තාත්තලා තාමත් පුතාට විතරලු බූදලය ලියලා දෙන්නේ, ඔවු ඉතින් එකට නිති පන වන්න බෑ. හැබැයි නිති වල ස්වරූපය අනුව පාරම්පරික අදහස් වෙනස්වීමක් ඇති වන්න පුලුවන් කියලා මම හිතනවා.