සුනඛයන් ගන්ධය මගින් තමාව හදුනා ගන්නාබව විද්‍යාත්මකව සනාත වේ

සුනඛයාට තමන් හදුනා ගතහැකි විශිෂ්ට මානසික ශක්තියක් ඇතිබව මෑතකදී කරනලද පරික්ෂණයකින් සොයාගෙන තියනවා. මෙම සොයාගැනීමට සුවද ආශ්‍රිත කරනලද පරීක්ෂකයන් මගින් තමයි හෙළිදරව් වන්නේ.

මෙතෙක්කල් සුනඛයන් කන්නයකින් තමා හදුනාගැනීමට ඇති හැකියාව, MSR (mirror self-recognition) කියන ඇගයීම සමත් වෙලා තිබුනේ නෑ. මෙම පරික්ෂණයේදී භාවිතා කරනලද ඇගයීම හදුන් වන්නේ STSR (sniff test of self-recognition) කියලා, ගන්ධයක් මගින් තමා හදුනාගැනීමට ඇති හැකියාව, ඉතින් මෙම පරික්ෂණයට සුනඛයන් 36 දෙනෙක් තම හාම්පුතුන් සමග සහභාගි වෙලා තියනවා.

මෙම නිරීක්ෂණය නිසා සුනඛයන් වැනි ඇතැම් සතුන් දර්ශණය අවබෝධයට වඩා ගන්ධයක් අවබෝධය වැඩිය කියලා නිගමනයකට එන්න පුලුවන් කියලා ඔවහු පවසනවා.
ඔවු ඉතින් කතාව ඇත්ත නේ බල්ලෝ කොච්චරවත් ඉබ ඉබ ඉන්නවා තමයි මම දැකලා තියෙන්නේ, ඔය පොලිසියේ වැඩ වලටත් ඔවුන් භාවිතා කරන්නේ එමනිසා නේ. ඉතින් තමාගේ සීමාව ලකුණු කරන්න ගහ වටේ මුත්‍රා කරන්නේත් එක නිසා වෙන්න පුළුවන්


පිලිකා සැත්කම් වල සාර්තකත්වය වැඩිකරන පෑනක්

අද කියන්න යන කතාව පිළිකා රෝගීන්ට ඉතා වැදගත්, ඒතමයි පිළිකාවක් ඉවත්කිරීමේ සැත්කමක් 96% සාර්ථක කරගත හැකි අලුත් සොයාගැනීමක් ගැන.

 එම උපකරණය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ විශ්විද්‍යාලයක් විසින් තමයි සොයාගන්නා ලද්දේ, එ් උපකරණය පෑනක් ස්වරුපයක් ගන්නවා. මෙම පෑන ශල්‍යකර්මයක් කරන අවස්ථාවක පිළිකාා සෛල නිවැරදිව හදුනාගැනීමට බාවිතා කරන්න පුලුවන්.

දොස්තරවරු කියන විදිහට පිළිකා ඉවත් කිරීමේ සැත්කම වලදී මුහුණපෑමට සිදුවන විශාලම ගැටළුව තමයි පිළික සෛල නිවරදිව හදුනා ගැනීමට නොහැකිවීම, බොහෝ විට සැත්කම අවසන් වූ විට ඉවත් ක‍රන්න නොහැකිවූ පිළිකා සෛල තිබීම නිසා සැත්කමේ සාර්තකත්වය අඩපනවීමක් වෙනවාලු. මෙම තාක්ෂණය භාවිතයෙන් එවැනි සිදුවීම් අවම කරගත්න පුළුවන් කියලා තමා මේ දොස්තරලා දැන් කියන්නේ.

පිළිකා සෛල සහ සාමාන්‍ය සෛල අභ්‍යන්තර වර්දනය තියන වෙනසක් ආශ්‍රිතව තමයි මෙම තාක්ෂණ මෙවලම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ශල්‍යකර්මයක් කරන අවස්ථාවේ මෙම පැන මගින් සෛලය ඇතුලට ජල බින්දුවක් යොමු කරලා ස්වල්ප මොහොතකින් නැවත එම ජල අංශු උරාගැනීමක් කරනවා. අනතුරැව ඒ හා සම්බන්ධව ඇති පරිගණකයක් මගින් එම ජල අංශුව හා මිශ්‍රව ඇති අනිකුත් රසායන දුව්‍ය මැන බැලීමක් සිදුවනවා. එමගින් පිලිකා සෛල සහ නිරෝගී සෛල වෙන්කර හදුනා ගන්න පුලුවන් වනවා.

දැනට කරපු පරීක්ෂණ වලින් 96% සාර්තක පුතිඵල දැක ගන්නට ලැබිලා තියනවා. ඒ සැත්කම් 253 අනතුරුව ගණනය කරන ලද වාර්තාවක් අනුව. මෙම තාක්ෂණය යුතු පෑන් මාස්ස්පෙක් නමින් හදුන්වනවා. අපේ ශ්‍රි ලංකාවේ කලුබෝවිල ඉස්පිරිතාලේට මේ තාක්ශණය හැකි ඉක්මනින් ලැබෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු


වට්ස් ඇප් වලට ලගදීම එන වෙනස් කම්

මුහුණු පොත් සමාගම වට්ස්ඇප් සමාගම මිලට මිලදී ගත්තේ රුපියල් ට්‍රිලියන 1.9 විතර ප්‍රමාණයකට.

නමුත් අද වෙන තුරු කිසිදු ආදායම් මාර්ගයක් වට්ස්ඇප් තුලින් ලැබෙන්නේ නෑ.
හැබැයි මෙ තත්වය ලගදිම වෙනස් වෙන්නට පුලුවන් බව ආරංචි වෙනවා.

වට්ස්ඇප් මිලදී ගත්තත් තවම ස්වාධීනව කටයුතු කරගෙන යනවා, එහි ජේෂ්ඨ නිලධාරියෙකු පවසන අන්දමට මුදල් අයකිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර සදහා විශේෂයෙන් නිකුත් කිරිමට බලාපොරොත්තු වන වට්ස්ඇප් ෆෝර් බිස්නස් කියන වැඩසටහන තුලින්,
එම වැඩසටහන මගින් සාමාන්‍ය පුද්ගලයන් හා සම්බන්ධ විමට ගාස්තුවක් අයකර ගැනීම ඔවුන් ගේ උත්සාහය වේ.

ඉතින් එම නිසා පාරිභෝගික අප සැමගේ දෛනික වට්ස්ඇප් භාවිතයට කිසිදු වෙනසක් ඇතිවන බවක් පෙනෙන්නේ නෑ, හැබැයි සමහරවිට ව්‍යාපාර මගින් එ වන්නා වූ වෙළද දැන්වීමි පෙනෙන්නට පුලුවන්.


ස්ටෙරොයිඩි භාවිතය නිසා වදවීයාමේ තරජනයකට භාජනය වූ ඇමරිකන් කිබුලා

හැමෝම කිඹුලෝ ගැන දන්නවානේ? අඩම ගානේ දෙහිවල වත් දැකලා ඇතිනේ, අහලත් ඇතිනේ අර කවියක් තියනවා මාතර ගගේ කිඹුලිගේ පැටියා කියලා.

ඉතින් ඊයේ සිරස්තල වලින් වඩා කැමැත්තක් ලැබිලා කිඹුලන් අශ්‍රිතව  කොස්ටරිකාව රටෙ සිට වාර්තාවු තොරතුරක්, ඒ තමයි එම රටේ කිබලන්ට යම් ආකාරයක විපර්යාසයක් සිදවෙන බව පිළිබදව.

කිඹුලෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය දැනගන්න කිබුලව අල්ලන්න ඔන, ඇගපුරාම වගේ මඩ ගොඩක් ගාගන්නනැවතුව නමි කොහොමවත් කරන්න බෑ. වලිගය අන්තිම කෙරවල තමයි කිඹුලාගේ ලිංගේන්ද්‍රය පිහිටලා තියෙන්නේ.

ඇමරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පිරිසක් කිබල්ලු ගැන සමීක්ෂණයක් කරන්න කොස්ටරිකාවට ගිහින්, ටිකක් අසාමාන්‍ය දෙයක් නිරීක්ෂණය කරලා තියනවා. හැබැයි කිඹුලො දුසිමක් පරික්ෂණය කරලා එහෙම නෙමෙයි, කිඹුලො 500 පරික්ෂණය කලාට පස්සේ තමයි ඒ විශේෂත්වය ගැන අවධානය යොමු වෙලා තියේන්නේ.

 ස්ත්‍රී පුරුෂ අනුපාතය විශාල වෙනසක් ඇතිබව තමයි ඒ අසාමාන්‍ය නිරීක්ෂණය.  පුරුෂ කිඹුලන් 80% පමණත් ස්ත්‍රී කිඹුලන් 20% පමණත් සිටිම මේ කාරණය, තවද එම කිඹුලාගේ සෛල වල ක්‍රෘතිම ස්ටිරොයිඩ් වර්ගයක් දක්නට ලැබුණු බව පැවසෙනවා.

මේ කෘතිම ස්ටිරොයිඩ් වර්ගය සාමාන්‍ය භාවිතයේදී පුරුෂ ශක්තිය අවමවූ වන්ට සහ පියවරු පිලිකා ඇති කාන්තාවන්ට නිර්දේශ කරන බෙහෙතක්. අයෝමය පුරුෂයනුත් මෙ ඔසුව අයුතු ලෙස භාවිතා කරන අවස්තා එමටයි ඇග හදාගන්න වෙලාවට.

හැබැයි ගැටලුව එම රසායන ද්‍රව්‍ය (කෘතිම ස්ටිරොයිඩ් වර්ගය) කොස්ටරිකාව හද්දා පිටිසර කිඹුල් විලකට ආවේ කොහොමද කියන එක?

ලඟපාත තිලාපියන් හදන ෆාම් එකක් තියෙනවාලු, එක පාලනය කරන කට්ටිය තිලාපියන් ලොකුවෙලා එන්න මේ ස්ටිරොයිඩ් වර්ගය භාවිතා කරනවා කියලා දැනගන්න ලැබිලා තියනවා.

- විද්‍යාව හදාරන නංගිලා මල්ලිලා මේ ලිපිය කියවනවා නම් ඒ ස්ටිරොයිඩ් එකට කියන විද්‍යාත්මක නාමය තමයි 17α-methyltestosterone (MT),

මොනවද මේ අනුපාතය වෙනස්වීම් කියලා එක පාරසරික විද්‍යාඥයෙක් දක්වපු අදහස් අතර

- කිඹුලන් ගේ පැවත්ම හීනව වදවි යාමේ තත්වයක් ඇතිවිය හැකියි.
- මේ පරික්ෂණයට භාජනය වූ ඇමරිකානු කිඹුලා දැනටමත් වදවීම යන සතුන්ගේ වර්ගීකරණයේ අවධානම් කියන තත්වයේ ඉන්න සත්වයෙක්, මේ පරීක්ෂණය සිදුකරලා තියෙන්නේ කොස්ටරිකාව ඇමරිකන් කිඹුලන් වැඩිපුරම වාසය කරන ප්‍රදේශයේ
- කෘතිම ස්ටිරොයිඩ් සමග ඇතිවන රාසයනික වෙනස් වීම නිසා කිඹුලාගේ බුද්ධිය වැඩිවීමක් ද සිදුවිය හැකියි ඒක නිසා සමහරවිට මිනිසුන් සමග ඇතිවන ගැටුම් වැඩි වෙන්නත් පුලුවන්. (හ්ම් එකනම් හරි අමුතු සීන් එකක් නේ, මිනිස්සුන්ගේ මාංශපේෂි වැඩිවන්නේ කිඹුලාගේ මොලේ වැඩිකරන්න පුලුවන්)
- එය අනිකුත් ජලාශ්‍රිත සත්වයන්ගේ දිවි පැවැත්මට බාදා ගෙන එන්න පුලුවන් (මාලු, කුරුල්ලෝ. කැස්බෑවෝ) කොහොමත් අලුත් යම් අදහස් ඉදිරිපත් කරන කොට එකට එකග වෙන්නෙ නැති පිරිසක් ඉන්නවා වගේ, විද්‍යාඥයෝ පිරිසක් මෙ අදහසට එකග වෙන්නේ නැතිලු, ඉතින් එම අදහස සනාත කරන්න තව වැඩිපුර පරීක්ෂණ කරගෙන යාමට නියමිතයි.