වට්ස් ඇප් වලට ලගදීම එන වෙනස් කම්

මුහුණු පොත් සමාගම වට්ස්ඇප් සමාගම මිලට මිලදී ගත්තේ රුපියල් ට්‍රිලියන 1.9 විතර ප්‍රමාණයකට.

නමුත් අද වෙන තුරු කිසිදු ආදායම් මාර්ගයක් වට්ස්ඇප් තුලින් ලැබෙන්නේ නෑ.
හැබැයි මෙ තත්වය ලගදිම වෙනස් වෙන්නට පුලුවන් බව ආරංචි වෙනවා.

වට්ස්ඇප් මිලදී ගත්තත් තවම ස්වාධීනව කටයුතු කරගෙන යනවා, එහි ජේෂ්ඨ නිලධාරියෙකු පවසන අන්දමට මුදල් අයකිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර සදහා විශේෂයෙන් නිකුත් කිරිමට බලාපොරොත්තු වන වට්ස්ඇප් ෆෝර් බිස්නස් කියන වැඩසටහන තුලින්,
එම වැඩසටහන මගින් සාමාන්‍ය පුද්ගලයන් හා සම්බන්ධ විමට ගාස්තුවක් අයකර ගැනීම ඔවුන් ගේ උත්සාහය වේ.

ඉතින් එම නිසා පාරිභෝගික අප සැමගේ දෛනික වට්ස්ඇප් භාවිතයට කිසිදු වෙනසක් ඇතිවන බවක් පෙනෙන්නේ නෑ, හැබැයි සමහරවිට ව්‍යාපාර මගින් එ වන්නා වූ වෙළද දැන්වීමි පෙනෙන්නට පුලුවන්.


ස්ටෙරොයිඩි භාවිතය නිසා වදවීයාමේ තරජනයකට භාජනය වූ ඇමරිකන් කිබුලා

හැමෝම කිඹුලෝ ගැන දන්නවානේ? අඩම ගානේ දෙහිවල වත් දැකලා ඇතිනේ, අහලත් ඇතිනේ අර කවියක් තියනවා මාතර ගගේ කිඹුලිගේ පැටියා කියලා.

ඉතින් ඊයේ සිරස්තල වලින් වඩා කැමැත්තක් ලැබිලා කිඹුලන් අශ්‍රිතව  කොස්ටරිකාව රටෙ සිට වාර්තාවු තොරතුරක්, ඒ තමයි එම රටේ කිබලන්ට යම් ආකාරයක විපර්යාසයක් සිදවෙන බව පිළිබදව.

කිඹුලෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය දැනගන්න කිබුලව අල්ලන්න ඔන, ඇගපුරාම වගේ මඩ ගොඩක් ගාගන්නනැවතුව නමි කොහොමවත් කරන්න බෑ. වලිගය අන්තිම කෙරවල තමයි කිඹුලාගේ ලිංගේන්ද්‍රය පිහිටලා තියෙන්නේ.

ඇමරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පිරිසක් කිබල්ලු ගැන සමීක්ෂණයක් කරන්න කොස්ටරිකාවට ගිහින්, ටිකක් අසාමාන්‍ය දෙයක් නිරීක්ෂණය කරලා තියනවා. හැබැයි කිඹුලො දුසිමක් පරික්ෂණය කරලා එහෙම නෙමෙයි, කිඹුලො 500 පරික්ෂණය කලාට පස්සේ තමයි ඒ විශේෂත්වය ගැන අවධානය යොමු වෙලා තියේන්නේ.

 ස්ත්‍රී පුරුෂ අනුපාතය විශාල වෙනසක් ඇතිබව තමයි ඒ අසාමාන්‍ය නිරීක්ෂණය.  පුරුෂ කිඹුලන් 80% පමණත් ස්ත්‍රී කිඹුලන් 20% පමණත් සිටිම මේ කාරණය, තවද එම කිඹුලාගේ සෛල වල ක්‍රෘතිම ස්ටිරොයිඩ් වර්ගයක් දක්නට ලැබුණු බව පැවසෙනවා.

මේ කෘතිම ස්ටිරොයිඩ් වර්ගය සාමාන්‍ය භාවිතයේදී පුරුෂ ශක්තිය අවමවූ වන්ට සහ පියවරු පිලිකා ඇති කාන්තාවන්ට නිර්දේශ කරන බෙහෙතක්. අයෝමය පුරුෂයනුත් මෙ ඔසුව අයුතු ලෙස භාවිතා කරන අවස්තා එමටයි ඇග හදාගන්න වෙලාවට.

හැබැයි ගැටලුව එම රසායන ද්‍රව්‍ය (කෘතිම ස්ටිරොයිඩ් වර්ගය) කොස්ටරිකාව හද්දා පිටිසර කිඹුල් විලකට ආවේ කොහොමද කියන එක?

ලඟපාත තිලාපියන් හදන ෆාම් එකක් තියෙනවාලු, එක පාලනය කරන කට්ටිය තිලාපියන් ලොකුවෙලා එන්න මේ ස්ටිරොයිඩ් වර්ගය භාවිතා කරනවා කියලා දැනගන්න ලැබිලා තියනවා.

- විද්‍යාව හදාරන නංගිලා මල්ලිලා මේ ලිපිය කියවනවා නම් ඒ ස්ටිරොයිඩ් එකට කියන විද්‍යාත්මක නාමය තමයි 17α-methyltestosterone (MT),

මොනවද මේ අනුපාතය වෙනස්වීම් කියලා එක පාරසරික විද්‍යාඥයෙක් දක්වපු අදහස් අතර

- කිඹුලන් ගේ පැවත්ම හීනව වදවි යාමේ තත්වයක් ඇතිවිය හැකියි.
- මේ පරික්ෂණයට භාජනය වූ ඇමරිකානු කිඹුලා දැනටමත් වදවීම යන සතුන්ගේ වර්ගීකරණයේ අවධානම් කියන තත්වයේ ඉන්න සත්වයෙක්, මේ පරීක්ෂණය සිදුකරලා තියෙන්නේ කොස්ටරිකාව ඇමරිකන් කිඹුලන් වැඩිපුරම වාසය කරන ප්‍රදේශයේ
- කෘතිම ස්ටිරොයිඩ් සමග ඇතිවන රාසයනික වෙනස් වීම නිසා කිඹුලාගේ බුද්ධිය වැඩිවීමක් ද සිදුවිය හැකියි ඒක නිසා සමහරවිට මිනිසුන් සමග ඇතිවන ගැටුම් වැඩි වෙන්නත් පුලුවන්. (හ්ම් එකනම් හරි අමුතු සීන් එකක් නේ, මිනිස්සුන්ගේ මාංශපේෂි වැඩිවන්නේ කිඹුලාගේ මොලේ වැඩිකරන්න පුලුවන්)
- එය අනිකුත් ජලාශ්‍රිත සත්වයන්ගේ දිවි පැවැත්මට බාදා ගෙන එන්න පුලුවන් (මාලු, කුරුල්ලෝ. කැස්බෑවෝ) කොහොමත් අලුත් යම් අදහස් ඉදිරිපත් කරන කොට එකට එකග වෙන්නෙ නැති පිරිසක් ඉන්නවා වගේ, විද්‍යාඥයෝ පිරිසක් මෙ අදහසට එකග වෙන්නේ නැතිලු, ඉතින් එම අදහස සනාත කරන්න තව වැඩිපුර පරීක්ෂණ කරගෙන යාමට නියමිතයි.


ජර්මණියේ ගොඩ ගත් දෙවන ලෝක යුද්ධයට අයත් බොම්බය

ඉතින් ඊයේ අපි ඔබගේ මනාපයට ඉදිරිපත්කරන ලද සිරස්තල දෙකෙ මතකද? ජර්මනියේ මහ මැතිවරණය සහ ජර්මනියේ දෙවන ලෝක යුද්ධ පුරාවස්තු බොම්බේ. වැඩි මනාප තිබ්බේ පුරාවසත්තු බොම්බේ ගැන… 

ඉතින් ඔන්න කතාව….

ඉරිදා උදේ 8ට විතර ජර්මණියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වෙච්ච කලබලය.

කලබලයට හේතුවන්නේ ගොඩනැගිල්ලක් හදන තැනක පොලව හාරමින් හිටපු කම්කරුවන්ගේ බැකෝ එකට යකඩ වගේ දෙයක් හැපිලා. ඉතින් බැලුවහම රාත්තල් 4000 විතර බර බොම්බයක්. (මම එතන හිටියනම් මලු ඇගම රත්වෙලා) මේ බෝම්බය බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේ ගුවනින් ප්‍රහාර කරපු බෝම්බයක් කියලා තමයි විශේෂඥයෝ කියන්නේ.

ඉතින් එම බෝම්බය ගොඩ අරං නිශ්ක්‍රීය කරන්න කලින් කිලෝමීටරයක වටප්‍රමාණයක් තුල පදිංචි වෙලා හිටපු අයට ඉවත්වෙන්න කියලා උපදෙස් දිල තියනවා. (හදිසියේ පිපිරුනොත් කියලා) හැබැයි ඉතින් දන්නවානේ සමහර කට්ටියක් ඉන්නවා, නාහෙට අහන්නේ නැති. ලෝකෙ ඔනෑම රටකට පොදුයි ඔය නාහෙට අහන් නැති අය. ඒ අය සාමාන්‍යය විදිහට විරැද්ධ පද තමයි තේරුමි ගන්නේ. ලගට එන්න අපා කිව්වම ලගට එනවා, ලගට එන්න කිවිවම ඇතට යනවා.
ඉතින් එහෙම අය නිසා නිශ්ක්‍රිය කරනවාට වඩා කාලයක් ගිහින් තියනවා සියලුදෙනාම ඉවත් කරන්න. ජර්මනිය නගේ පලවන ලොකයේ රටවල මානව අයිතිවාසිකමි නිති නිසා පොලිසියට බෑ කුණුහරුප කියලා කනෙන් ඇදගෙන යන්න. මොකද වරද කරුවෙක් එහෙම නෙමෙයි නේ.

මිනිස්සු 65,000 විතර ඉවත් කරන වැඩට සහය දෙන්න හදිසි සේවා නිලධාරීන් 1,000 විතර සහයට ඇවිල්ලා තියනවා. කිසි කෙනෙකුට අනතුරක් නැතුව කොහොම හරි ඉරිදා හවස් ජාමේ වෙනකොට වැඩේ සාර්ථකයි. බොමිබය නිශ්ක්‍රිය කරලා, දෙවන ලෝක යුද්ධ දවස්වල ටොන් මිලියන 1.5 විතර පුපුරන ද්‍රව්‍ය  තොගයක් ජර්මනියටපහර දුන් ගුවන් යානා වලින් අතහැරලා තියනවා,
(අපේ ඔය බෝතල් පත්තර  හරි කම්බි එකතුකරන පොර කට හරි ඒ වගේ යකඩ ගොඩක් හම්බවුණානම් ඒක සැනින්ම ලක්ශපතියෙක්)

ලේඛණ වලට අනුව ජර්මනියට දාපු බොම්බ වලින් සීයට 15 විතර පිපිරිලා නෑ. (අපේ බෝතල්, පත්තර මහත්තයාට තෙරුවන් සරනයි.) ඒවගේ පිපිරෙන්න මැලිකමක් දක්වපු බොමිබයක් තමයි මේ ඉරිදා හම්බවුනේ. හැම අවුරුද්දේම ටොන් 2000 විතර යුද්දෙ වැලඳුණු දේවල් ජර්මනියේ ගොඩ ගන්නවා කියලා සහදනුවෙලා තිබුනා. (1,500,000 / 2000 = 750) හප්පේ අවුරුදු 750 යනවා, එකියන්නේ 2600 ගනන්වල තමයි ගොඩඅරන් ඉවර වෙන්නේ. 

අපේ ලංකාවේත් යුද්ධය අවසන් උනාම කාලයක් තිස්සේ බට්ටෝ හෙව්වේ මතකද? තවමත් සමහර ප්‍රදේශවල වැලලිලා තියෙන්න පුලුවන්.

සිද්දිය වේචිච ප්‍රදේශයේ වැදගත් කමකුත් කියන්න තියනවා…..

මේ සිද්ධිය වෙචච කොට්ටාසයේ තමයි ෆ්‍රැන්ක්ෆර්ට් නුවර මූල්‍ය දිස්ත්‍රික්කය පිහිටලා තියේන්නේ එකේ මහ බැංකුවක් තියනවා, ඒ මහ බැංකුවේ රුපියල් ට්‍රිලියන 10 වඩා වටින රත්තරන් ගබඩා කරලා තියෙනවාලු. හදිසියේවත් නිශ්ක්‍රීය කරගන්න බැරුව පිපිරුමක් සිදු වූයේ නම් අද ලොක් රත්තරන් වෙළඳපොලේ රත්තරං වල මිලේ වෙනසක් වෙන්න තිබ්බා, (හැම රටකම හොරු ඉන්නවානේ) බැරිද දන්නේ නෑ අපි ඇවිල්ලා බොම්බ අයින් කරන්න උදවි කරොත් අපිට රත්තරන් ටිකක් දෙන්න, එතකොට ලංකාවේ අයවැයේ පුරප්පාඩුව මකා ගන්න තිබ්බා.


අවුරුදු දෙක්ක අභ්‍යාවකාශයේ සිට පැමින ඈ කවුද?

දවස් 665 ක් අභ්‍යාවකාශයේ  ඉඳලා පෘථිවියට ආපු අපූරු කාන්තාවක් ගැන තමයි මේ පුවත. අැ එම වසර දෙකකට තරම් කාලයක් අභ්‍යාවකාශයේ ජීවත් වුනේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මච්යත්තානයේ,

මම හිතනවා අපිත් එක්ක සම්බන්ධ වෙන අධ්‍යාපවණය ලබන වයසේ නංගිලා මල්ලලාය නම් එම මධ්‍යස්ථානය ගැන අහලා අැති. හැබැයි අහලා නැතිකෙනෙක් ඉන්නවානම් මෙන්න පොඩි විස්තරයක්.

හිතා ගක්නකෝ පෘතුවිය වටා බ්‍රමණය වෙන මිනිසා විසින් නිපදවන ලද පොඩි ටකරං ගෙයක් වගේ,    මේක තමයි මිනිසුන් විසින් අභ්‍යවකාශය කර ඇති ලොකුම නිර්මාණය වන්නේ . 1998  රුසියාව තමයි මේ වැඩේ මුලින්ම ඇත ගැහුවේ. මේ අහසින් එහා තියන අභ්‍යවකාශ ගෙදර එක වෙලාවකට ඉන්න පුලුවන් හය දෙනාටයි. මේ ගෙදර පෘතුවිය වටේ කැරකෙන වෙගෙට අධිවේග මාරගයේ යන්න පුලුවන්නම් අැහිපිය ගහනකොට මාතර නෙමෙයි, මාලදිවයින, හිකිස්, පැයට කිලෝමීටර් 28,000 කියලා වැඩක් නෑ නේ, එතිවන්නේ එ්ක හැම පැය දෙක තුනකට සැරයක් ලංකාව පහුකරං යනවා,

ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතය වුන "පෙගි විට්සන්"  57 හැවිරිදි කාන්තාවක්. අැය නාසා අායතනයේ විද්‍යාඥයෙක්, අැය මේ අවුරුදු දෙකක විතර කාලයක් අභ්‍යාවකාශයේ ඉදන කරලා තියෙන්නේස් පිලිකා සම්බන්ධ පරීක්ෂණ, පරීක්ෂණ වලට අමතරව තවත් හපන  කමක් අැ කරලා තියනවා, එතමයි කලින් තිබුන දින 554 වාර්තව දින සීයක්ම ඉකිමකොට බිද දැමීම.

අනිවාර්යෙන්ම දිරිය කාන්තාවක්, හි ගන්න පුලුවන්ද ටිවි රේඩියෝ මුකුත් නැ, හුලගක්, අම්ම අප්ප නෑ දරුමල්ලේක් නැ,  හිසේරුදාවට තෙල්ටිකක් ගාගන්න එකෙක් නෑ.  ඉතින් එහෙම තනිපංගලමේ හිටපු එක හරි ලොකුහපන් කමක්