ජර්මණියේ ගොඩ ගත් දෙවන ලෝක යුද්ධයට අයත් බොම්බය

ඉතින් ඊයේ අපි ඔබගේ මනාපයට ඉදිරිපත්කරන ලද සිරස්තල දෙකෙ මතකද? ජර්මනියේ මහ මැතිවරණය සහ ජර්මනියේ දෙවන ලෝක යුද්ධ පුරාවස්තු බොම්බේ. වැඩි මනාප තිබ්බේ පුරාවසත්තු බොම්බේ ගැන… 

ඉතින් ඔන්න කතාව….

ඉරිදා උදේ 8ට විතර ජර්මණියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වෙච්ච කලබලය.

කලබලයට හේතුවන්නේ ගොඩනැගිල්ලක් හදන තැනක පොලව හාරමින් හිටපු කම්කරුවන්ගේ බැකෝ එකට යකඩ වගේ දෙයක් හැපිලා. ඉතින් බැලුවහම රාත්තල් 4000 විතර බර බොම්බයක්. (මම එතන හිටියනම් මලු ඇගම රත්වෙලා) මේ බෝම්බය බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ සමයේ ගුවනින් ප්‍රහාර කරපු බෝම්බයක් කියලා තමයි විශේෂඥයෝ කියන්නේ.

ඉතින් එම බෝම්බය ගොඩ අරං නිශ්ක්‍රීය කරන්න කලින් කිලෝමීටරයක වටප්‍රමාණයක් තුල පදිංචි වෙලා හිටපු අයට ඉවත්වෙන්න කියලා උපදෙස් දිල තියනවා. (හදිසියේ පිපිරුනොත් කියලා) හැබැයි ඉතින් දන්නවානේ සමහර කට්ටියක් ඉන්නවා, නාහෙට අහන්නේ නැති. ලෝකෙ ඔනෑම රටකට පොදුයි ඔය නාහෙට අහන් නැති අය. ඒ අය සාමාන්‍යය විදිහට විරැද්ධ පද තමයි තේරුමි ගන්නේ. ලගට එන්න අපා කිව්වම ලගට එනවා, ලගට එන්න කිවිවම ඇතට යනවා.
ඉතින් එහෙම අය නිසා නිශ්ක්‍රිය කරනවාට වඩා කාලයක් ගිහින් තියනවා සියලුදෙනාම ඉවත් කරන්න. ජර්මනිය නගේ පලවන ලොකයේ රටවල මානව අයිතිවාසිකමි නිති නිසා පොලිසියට බෑ කුණුහරුප කියලා කනෙන් ඇදගෙන යන්න. මොකද වරද කරුවෙක් එහෙම නෙමෙයි නේ.

මිනිස්සු 65,000 විතර ඉවත් කරන වැඩට සහය දෙන්න හදිසි සේවා නිලධාරීන් 1,000 විතර සහයට ඇවිල්ලා තියනවා. කිසි කෙනෙකුට අනතුරක් නැතුව කොහොම හරි ඉරිදා හවස් ජාමේ වෙනකොට වැඩේ සාර්ථකයි. බොමිබය නිශ්ක්‍රිය කරලා, දෙවන ලෝක යුද්ධ දවස්වල ටොන් මිලියන 1.5 විතර පුපුරන ද්‍රව්‍ය  තොගයක් ජර්මනියටපහර දුන් ගුවන් යානා වලින් අතහැරලා තියනවා,
(අපේ ඔය බෝතල් පත්තර  හරි කම්බි එකතුකරන පොර කට හරි ඒ වගේ යකඩ ගොඩක් හම්බවුණානම් ඒක සැනින්ම ලක්ශපතියෙක්)

ලේඛණ වලට අනුව ජර්මනියට දාපු බොම්බ වලින් සීයට 15 විතර පිපිරිලා නෑ. (අපේ බෝතල්, පත්තර මහත්තයාට තෙරුවන් සරනයි.) ඒවගේ පිපිරෙන්න මැලිකමක් දක්වපු බොමිබයක් තමයි මේ ඉරිදා හම්බවුනේ. හැම අවුරුද්දේම ටොන් 2000 විතර යුද්දෙ වැලඳුණු දේවල් ජර්මනියේ ගොඩ ගන්නවා කියලා සහදනුවෙලා තිබුනා. (1,500,000 / 2000 = 750) හප්පේ අවුරුදු 750 යනවා, එකියන්නේ 2600 ගනන්වල තමයි ගොඩඅරන් ඉවර වෙන්නේ. 

අපේ ලංකාවේත් යුද්ධය අවසන් උනාම කාලයක් තිස්සේ බට්ටෝ හෙව්වේ මතකද? තවමත් සමහර ප්‍රදේශවල වැලලිලා තියෙන්න පුලුවන්.

සිද්දිය වේචිච ප්‍රදේශයේ වැදගත් කමකුත් කියන්න තියනවා…..

මේ සිද්ධිය වෙචච කොට්ටාසයේ තමයි ෆ්‍රැන්ක්ෆර්ට් නුවර මූල්‍ය දිස්ත්‍රික්කය පිහිටලා තියේන්නේ එකේ මහ බැංකුවක් තියනවා, ඒ මහ බැංකුවේ රුපියල් ට්‍රිලියන 10 වඩා වටින රත්තරන් ගබඩා කරලා තියෙනවාලු. හදිසියේවත් නිශ්ක්‍රීය කරගන්න බැරුව පිපිරුමක් සිදු වූයේ නම් අද ලොක් රත්තරන් වෙළඳපොලේ රත්තරං වල මිලේ වෙනසක් වෙන්න තිබ්බා, (හැම රටකම හොරු ඉන්නවානේ) බැරිද දන්නේ නෑ අපි ඇවිල්ලා බොම්බ අයින් කරන්න උදවි කරොත් අපිට රත්තරන් ටිකක් දෙන්න, එතකොට ලංකාවේ අයවැයේ පුරප්පාඩුව මකා ගන්න තිබ්බා.


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න