ඔන්න වතුර සමග මිශ්‍ර කළාම විස්කි රහ වැඩිලු

විද්‍යාත්මක පරික්ෂණයක් මගින් ඔප්පු වෙලා තියනවා විස්කි වලට වතුර ටිකක් කලවං කලාම රහ වැඩියි කියලා. විද්‍යාඥයෝ විස්කි සහ වතුර අංශු එකිනෙක හා සම්බන්ධවන ආකාරය නිරීක්ශණය කරලා තමයි මේ නිගමනයට ඇවිල්ලා තියෙන්නේ.

 විස්කි කියන්නේ වැඩි විශේෂ දෙයක් නෙවෙයි. බඩ ඉරිගු සහ ජලය එක්තරා පිළිවෙතක් අනුව සැකසු දියරයක්, ලංකාවේ පොල් ආශ්‍රිතව නිශ්පාදනය වෙනවා, අපේ රට ළග තියන වී ගොවිතැනින් සාරවත්ම රටවල් වන වියට්නාමය තායිලන්තය වැනි රටවල විස්කි හදන්නේ හාල් වලින්.

මේ පරීක්ශනය සදහා භාවිතා කරනලද විස්කි අවුරුදු තුනක් පමන පැරණි පරිමාව 40% වන බෝතල් ගත කල සහ පරිමාව 55% - 65% අතර බැරල් බැසචු දවේ.

නමුත් විද්‍යාත්මකව විස්කි වල ටිකක් සංකීර්ණ සංයෝග කිහිපයකින් යුතු වෙනවා. මේ පරික්ෂණයේදී නිරීක්ෂණයට ලක්වෙලා තියෙන්නේ ගුආයිකොල් (guaiacol) කියන සංයෝගය. ගුආයිකොල් තමයි විස්කිවල රස ජනනය කරන්නේ. ගුආයිකොල් නිතරම වාගේ විස්කි වීදුරුවේ උඩින්ම තියෙන්නේ, (හිතා ගන්නකෝ අර කිරි හට්ටියේ මිදුනු කිරි උඩ තියනවා වගේ. හැබැයි ගන වෙලා නෑ. දියරයක් හැටියට.) එක නිසා තමයි එය රස සමග බලපෑම තියෙන්නේ.

හැබැයි සැර වැඩි විස්කි 59% වඩා පරිමාව වැඩි එවයි, එතනෝල් ඉහලට ඇවිත් තියනවා. මම අහල තියන විදිහට නම් එතනොල් කියන දේ සැරයි. නමුත් මේ සි.එන්.එන් ලිපියේ එහෙම දෙයක් වාර්තා වෙලා තිබුනේ නෑ. සැර වැඩි විස්කි බොනවනම් පොඩ්ඩක් ඒකාරනය හොයලා බලන්න

 විස්කි පානය කිරීමේදී. මිශ්‍ර කිරීමේ ආකාරය එක් එක් පුද්ගලයා අනුව වෙනස්වීම සාමාන්‍ය දෙයක්. නමුත් වඩා ප්‍රචලිත ක්‍රම දෙක්ක තියනවා, එවා තමයි නීට් ක්‍රමය (අමිශ්‍රිතව) හෝ අයිස් සමග (ඔන් ද රොක්ස්) නමුත් සමහර විස්කි විශේෂඥයෝ කියන්නේ කිසිම වෙනසක් නොකර නිෂ්පාදනය කර ඇති ආකාරයට භාවිතා කිරීම මගින් නිවැරදි රස ලබාගත හැකි බවයි.


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න