කියවීමේ අවශ්‍යතාවය

සාමාන්‍යයෙන් අද කාලේ කියවීමට හැකියාවක් තිබීම දක්ෂතාවයක් හැටියට වඩා අවශ්‍යතාවයක් හැටියට තමයි අර්ථ දක්වන්න වෙන්නේ. මොකද සාක්ෂරතාවය නැත්නම් පණිවුඩයක් (සන්නිවේදනය) වත් යවා ගන්න බෑ, පත්තරයක් කියවන්න බෑ, ළිඳේ ඉන්න ගෙම්බන් තත්වයට පත්වෙනවා.

මෙ ලිපියේ සදහන් ෆ්ලෝරන්ස් වයස අවුරුදු 60 වූ ආච්චි කෙනෙක්, ඇය ජීවත් වන්නේ කෙන්යාවේ. ඈ හැට අවුරුදු වියේ තමයි අකුරු කියවීම ඉගෙන ගන්නේ. ඇය කියවන්න උනන්දුවක් දක්වන පටන් ගත්තේ ඇගේ මිණිබිරිය ඉස්කෝලෙ ඉදන් ගෙදර ගෙනා පොත් ටික දැකලා. ඇගේ මිණිබිරිය පාසලේ ගුරුවරු ගමේ ඉන්න වැඩිමහල් අයගේ සාක්ෂරතාව හි ඇති දුර්වලකම හදුනාගෙන ඒ අයගේ සාක්ෂරතාවය දියුණු කරන්න වැඩිමහල් අධ්‍යාපන පන්ති පටන් අරගෙන.

ඉතින් මෙ පන්ති වලට ගමේ ගොඩක් වයසක උදවිය සහභාගි වෙනවා. මොකද ඇයගේ පරම්පරාවට අයිති කිසිවකුට කියවීමේ හැකියාවක් තිබිලා නෑ. ඇය පවසන අන්දමට ඇය පොඩි කාලේ ඇගේ දෙමාපියන්ට අධ්‍යාපනය ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් හැටියට දැකලා නැහැ, ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉක්මනට එයාව කසාද බන්දලා දීලා දෑවැද්ද අරගෙන ඒ අයගේ ගොවිපලේ වැඩකටයුතු කරගෙන යන්න විතරයි.

දැන් අක්ෂර කියවීමට හැකියාවක් තියන ඈ, කතා පොත් කියවනවා, ආගමික පොත් කියවනවා, ඇයට අත්සන් කරන්න පුලුවන්, බෙහෙත් වට්ටෝරුව කියවීමට පුලුවන්, පුවත්පත් කියවන්නන් පුලුවන්. ඇය කියන විදිහට ඇයට දැන් ලෝකය ගැන හොද දැනුමක් තියනවා.

ඔබ හිතනවාද ශ්‍රි ලංකාවෙත් මෙලෙස සාක්ෂර තාවයක් නැති අය සිටිනවා කියලා. හැකිනම් අදහස් දක්වන්න.

ඇය ඉගෙන ගන්න පන්තියේ වැඩිමහල් ඇය නොවේ, එහි වයස අවුරුදු 80 පමණ වන මහලු සීයා කෙනෙකු ත් ඉන්නවා, ඒ සීයට හරියට ඇස් පෙනෙන්නේත් නැතිලු, නමුත් අධ්‍යාපනයේ වැදගත් කම ගමේ අනිත් අයටත් පැහැදිලි කරලා දෙන්න තමයි පන්තියට සහභාගි වන්නේ කියලා ඒ සීයා කියලා තියනවා.


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න