රොහින්යා මිනිසුන් කවුද? කොහෙද? මොනවද කරන්නේ.

මෙම ලිපිය සකස්කරන ලද්දේ අන්තර්ජාලය මගින් ගත් තොරතුර අනුවයි. එම තොරතුරු ලබාගත් වෙබ් අඩවි සියල්ලම මෙම ලිපිය අවසානයේ ඔබගේ දැන ගැනීම සදහා සදහන් කර ඇති. ඇතැම් ස්තානවල මාගේ පෟදේගලික මතයක් ඉදිරිපත් කොට ඇත. මාගේ පෟෙද්ගලික මතය පිටුව ප්‍රකාශකයන්ගේ මතය නොවේ.

රොහින්යා මිනිස්සුන් ඇරකනීස් ඉන්දියානුවන් කියාද හදුන්වනවා. ඔවුන් ප්‍රාන්තයක් නොමැති ඉන්දු-ආර්ය ගනයට වැටෙන පුද්ගලයන්. අපි ඉන්දු-ආර්ය ගැන ඉගෙන ගෙන තියනවනේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය  ගැන ඉගෙන ගන්න කොට. එතකොට එම ශිෂ්ඨාචාරයේ සදහන් වෙච්ච ජන පිරිස මතින් පැවත ගෙන අය. අපි වගේම තමයි. නේ? අපි පැවත ගෙන එන්නෙත් ආර්යන් ගෙන් නේ ද?

ඔවුන් මියන්මාර් රටේ නැත්නම් බුරුමයේ (වෙනස වෙන දවසක ලිපියකින්) රකීන් නැමති ප්‍රාන්තයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. මෙම ප්‍රාන්තය දකුණු දෙසින් බෙන්ගාලි බොක්ක හා බස්නාහිර දෙසින් බංගලිදේශයේ චිතගොං පලාතට පිහිටා තිබෙනවා. (අනිකුත් පැති මියන්මාර් රටට)

රොහින්යා මිනිසුන්ට මුලින්ම ගැටලුවක් මතු වන්නේ 1982 මියන්මාර් (ඒ දවස්වල බුරුමය) රජය අනුමත කරන ලද පුරවැසි නීතිය අනුව රොහන්යාවරු නිත්‍යානුකූල ජාතියකට අයත් වුනේ නෑ. එසේ නිත්‍යානුකූලව හදුනාගත් මියන්මාර් ජාතීන් 135 සිටිනවා. එම ජාති 135ට අයත් ජාතීන් කිහිපයක් නම් වශයෙන් කිවහොත් බාමාර්, චින්, කාචින්, කායින්, කායා, මොන්, රාක්හිනේ, ශාන්. අනේ මන්දා මොකට මෙහෙම නම් දාගන්න වාද කියලා එකම රටේ ඉන්න මිනිස්සු. මෙහෙම ආණ්ඩුවම ජාතින් නිති පොත්වල ලියලා එවා නිත්‍යානුකූලව හදුනාගත් නාම පද කර ගත්තම ඉතින් ජාතිවාදය අන්ත වාදයක් හැටියට පෙනෙන්නේ නැතුව ඇති. මටනම් හිනා.

හැබැයි ඉතිහාසය සොයාගෙන ගියාම ඒ රොහින්යාවරු එම පළාතේ 8වන සියවසේ ඉදන් ජීවත් වෙච්ච බව සොයාගෙන තියනවා. 1799(77) බ්‍රිතාන්‍ය ඉස්ට් ඉන්ඩියා සමාගමේ ලේඛනයක මෙම රොහින්යා නාමය රුඉන්ගා යනුවෙන් සටහන් වෙලා තියනවා ලු ඉතින් මේ 1982 පුරවැසි නීතිය නිසා රොහින්යාවරුන්ට ගමන් බලපත්‍රයක් ගන්නවත්, ආණ්ඩුවේ පාසලක අධ්‍යාපනය ලබන්න වත්, ආණ්ඩුවේ රස්සාවක් කරන්නවත් බැරි ලු. (මට මතකයක් තියනවා තවත් කොහෙද රටක ආණ්ඩුවක් මෙ වගේම දෙයක් කරලා, ලොකු යුද්ධයක් ගිහින් මිනිස්සු ලක්ෂ ගාණක් මැරිල තමයි නතර උනේ) බුරුම හමුදාව කිහිප වතාවක්ම ඒ අය ජිවත් වෙච්ච ප්‍රදේශ ආක්‍රමණය කරලත් තියනවා.

2016 හටගත් අර්බුදයට ප්‍රතම රොහින්යානුවන් මිලියනයක්(1)(22) පමණ වාසය කල බවට සදහන් වෙනවා. රොහින්යානුවන්ගේ වැඩි පිරිසක් අදහන ආගම ඉස්ලාම්. ඒකට හේතුව මේ පලාත් ප්‍රධාන නගරයක් වන අරාකාන් මුහුදු වෙළද මාර්ගයේ එක් නැවතුම් පොලක්, ඉතින් ආරාභි වෙළෙදුන් සමග පැමිණෙන ආගමික දූතයන් මෙම නගරයේ තම ආගම් ප්‍රචාර කටයුතු කරලා තියනවා. (දැන් බලන්න ලංකාවෙත් වැලිගම පැත්තෙ එහෙම මුහුදු බඩ තීරයට ආසන්නව, ඉස්ලාම් ආගම අදහන මිනිසුන් ජීවත් වෙනව, සමහර විට එම මුහුදු ප්‍රදේශය වැලිගම ආශ්‍රිතව යමි නැවී තොටුපොළක් තිබෙන්න පුලුවන්.) තවත් සුලු පිරිසක් හින්දු(23) භක්තිකයන් වෙනවා. රොහින්යානුවන් ලොකයේ වැඩිම වශයෙන් හිංසා වට ලක්වූ සුලු ජාතියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා තියනවා. (හිතා ගන්න කෝ දැන් ලංකාවේ කට්ටිය ආරාබි රටවලට ගිහින් හිංසාවට ලක්වන්නේ, කර කියාගන්න දෙයක් නැති වෙන්නේ, එවගේ මොකද අරාබි රටේ අපි සුලු ජාතියක්. අරාබියේ පොලිසිය ගන්නේ අපේ පැත්ත නෙමෙයි හරිනේ?)

රොහින්යාවරු ඔවුන් බස්නාහිර මියන්මාරයේ දිගුකාලීන පදිංචිකරුවන් ලෙසත්, ඔවුන් අධිරාජ්‍ය සමයේ සහ ඊට පෙර සිට පැවත ගෙන එන අයගෙන් සමන්විත බවත් ප්‍රකාශකර සිටිනවා. එහෙත් මියන්මාර් රට කියා සිටින්නේ ඔවුන් බංගලිදේශයේ සිට අනවසරයෙන් මියන්මාරයට පැමිණි පිරිසක් ලෙසයි. රොහින්යාවරුන් මුහුණපා සිටින තත්වය 1948 දී දකුණු අප්‍රිකාවේ වර්ග භේදය හා සමාන ස්වරූපයක් ගන්නා බව ඇතැමුන් කියා සිටිනවා. ඇපාරතීඩ් (Apartheid) යනුවෙන් හදුන්වනු එම ක්‍රමය විවස්තාගත කරන ලද ප්‍රවිචාරණය ක්‍රමයක්.

1940 පකිස්තාන වැඩ පිළිවෙල අවස්තාවේ රොහින්යාවරු බෙදුම් වාදයක් ආරම්භ කරලා තියනවා නැගෙනහිර පකිස්තානය සමග එක්වීමට. නමුත් මොහමඩ් අලි ජින්නා විසින් එම ඉල්ලීම ඉවත් කරලා. රොහින්යාවරු දෙවන ලෝක යුද්ධ සමයේ එම පළාතෙන් බංගලිදේශ වෙත පලා ගොස් නැවත යුද්ධයට අනතුරුව එම ප්‍රදේශයට පැමිණි බව සමහර ලේඛන වල ලියවී තියනවා. සමහර ලේඛන දෙවන ලොක යුධ අවසානයේ බංගලිදේශයේ සිට තවත් පිරිසක් එහි පැමිණ බවත් සදහන්. මෙන්න මෙතන තමයි කතාව ටිකක් පරස්පර විරොදී අදහස් ඇතුව තියෙන්නේ.

1948 නිදහස ලැබුවට පස්සේ 1962 හමුදා බලයට යටත් වෙන කාලසීමාව තුල රොහින්යාවරු කිහිප දෙනෙක් කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවත් තෙරි පත්වෙලා තියනවා. 1990 වසරේ ඡන්දයේ දී රොහින්යා ඡන්ද අපේක්ෂකයන් 4 දෙනකු ආසන දිනාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. මේ ඡන්දයේදී තමයි අන් සන්සු කි අගමැති ධූරය ලැබෙන්නෙත් ඒත් ඇයව නිවාස අඩස්සියේ තබා අගමැතිකම ලබා දුන්නේ නෑ. එවගේම රොහින්යා මන්ත්‍රි 4 දෙනා සිරගත කරලා. වත්මන් තත්වය දැන් කිසිම රොහින්යා මන්ත්‍රීධූරයක් නෑ රොහින්යාවරුන්ට ඡන්ද බලය කුත් නෑ.

2015 සිට සිදු කරනලද හමුදා මෙහෙයුම් නිසා රොහින්යාවරු 900,000 පමණ බංගලාදේශය පලා ගොස් තිබෙනවා.

2012 - 2013 වසර වගේ කාලේ රකහින් ප්‍රාන්තයේ ගමක් ගිණි තැබීමට අසුවුණා මිනිස්සු හත්දෙනෙකු මරුමුවට පත්වුනා, ඒ අයගෙන් පස්දෙනෙක් ඉස්ලාම් ආගම අදහන රොහින්යානුවන්. රකී න් පළාතේ බහුතරයක් අපේ රටේ බහුතරයක් විශ්වාස කරන ධර්මයම තමයි විශ්වාස කරන්නේ. මෙම ප්‍රදේශය දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රදේශයක් නිසා දෙශපාලන අතකොලු හැටියට නිතරම භාවිතා වෙනවලු ඉතින් ඇතැම් අවස්ථාවලදී මෙවැනි දෙශපාලන ප්‍රචාර නිසා මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සිලා තවත් අය මිනිමැරුම් වලට අහුවෙලා ලූ. බොහො දෙනෙක් කියනවා ලු එම මිනිමැරුම් වලට අදාල වැරදි කාරයෝ තාමත් සොයාගෙන නෑ කියලා. හැම දෙනෙක්ම කියන්නේ මිනීමරුවෝ බහුතර පක්ෂයේ අය කියලලු.

ඔන්න පොඩි හැදින්වීමක්.  දැන් ඉතින් අඩුම ගානේ රොහින්යාවරුන්ගේ ඉතිහාස කතාවත් දන්නවා. මිලගට යාලුවොඑක්ක රොහින්යාවරු ගන කතා කරන කොට හැමොම පුදුම කරන්න පුලුවන් ඔයා දැන් දැනගත්ත ඉතිහාස කරුණු ඉදිරිපත් කරාම.

 22 - https://www.washingtonpost.com/world/asia_pacific/18000-rohingya-flee-violence-in-myanmar-into-bangladesh/2017/08/30/11a1bea6-8d58-11e7-9c53-6a169beb0953_story.html
 23 - http://www.bbc.com/news/world-asia-41260767
 77 - https://en.wikipedia.org/wiki/Francis_Buchanan-Hamilton


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න