මොකද්ද මේ ඇප් එකේ අක්ෂර හුටපටේ?


ඇයි මේ අක්ෂර ගැටලුව?

ඇත්තටම සිංහල භාෂාව තාක්ෂණයට ඉතාම ලාබාලයි, එක නිසා අපේ රටේ අයට සිංහල අක්ෂර භාවිතා කරලා යතුරු ලියන කරන්න කියලා දෙන්න කෙනෙක් වත් නෑ, ඊට අමතරව පළපුරුදු නැතිකම නිසා යුනිකේත අක්ෂර නිර්මාණය කරන කොටත් යම් යම් අඩුපාඩු සිදුවෙලා තියනවා.

මේ සියලු හේතු නිසා අැත්තටම සිංහල භාෂාවට අන්තර්ජාලය ඇතුලු අනිකුත් තාක්ෂණ මෙවලම් වලින් ලැබිය යුතු ස්තාතය ලැබිලා නෑ.

ඉතින් එක නේ අපි පිටුව පටන් ගන්නත් හේතුව වුනේ.

 htc වැනි අන්ඩ්‍රාෙයිඩ් දුරකථනවල සිංහල අක්ෂර ස්ථාපනය කරලා එන්නේ නෑ නිෂ්පාදකයන්ගේ. ජංගම දුරකතනවලට පරිගණකවලට වගේ අලුත් අක්ෂර භාවිතා කරන්නාට ස්ථාපනය කරගන්නත් අමාරුයි.

root කරනවා කියලා මෘදුකාංග වෙනස් කරලා අක්ෂර ස්ථාපනය කරන්න පුලුවන් හැබැයි ටිකක් අනතුරුදායක තත්වයක් ඇතිවෙනවා මොකද virus එහෙම ලේසියෙන් අැවිල්ලා ලොකු විනාශයක් කරන්න පුලුවන්.

ඉතින් අපි කලේ එහෙම root කරන්න ඔන නැති වෙන්න අපේ වැඩසටහන සමග "වරුන" කියන අක්ෂරය අන්තර්ගත කලා. හැබැයි අපි අතින් පොඩි අඩුපාඩුවක් වෙලා තත්ව පරික්ෂණය කරණකොට, ඉතින් ඒක නිසා අක්ෂර නොතිබුණ අයට ලිපිය පෙනිලා නෑ,

අපිට මේක දැනගන්න ලැබුනේ බ්‍රහස්පතින්දා උදාර විලත්ගමුව කියලා මහත්තයෙක් තමයි අපිට ඇවිල්ලා කිව්වේ. ඉතින් ඒ මහත්තයාට ගොඩක් ස්තුති.පණිවුඩය ගෙනත් දුන්නාට. ඉතින් ඔන්න ඔක තමයි අක්ෂර වල ගැටලුව වුනේ.

එගමන්
අපි ලිපිය සමග තියන රූපය නිවැරදිව පෙනෙන ආකාරයට සැකසු වෙමු. මේ කාර්යයේ යෙදී සිටි නිසා අද දින ලිපි ලිවීමට හැකියාවක් තිබුනේ නෑ, හෙට සිට ලිපි මගින් තවත් බොහෝදෙනා සමග මුණ ගැසීමට හැකිවෙයි කියලා හිතනවා.

ඔබට සුභ රාත්‍රියක්

ඔන්න බලන්න ඔනනමි විඩියෝ එකකුත් තියනවා ලොකුසර් ගේ කන්නලව්වක් එක්ක

https://youtu.be/zc3tyIYb4x8


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න