සිහිනයකින් පහරදීමේ අරුත

සිහිනයෙන් පහරදීම හෝ පහර දීමකට ලක්වීම ජිවිතයේ යම් යම් දේවල් පාලනය කිරීමට හේතුවක් වන බැව් ලේඛිකාවකද, කථිකයෙක් ද, ගවේශිකාවකද, සිහින අධ්‍යයන පිළිබද ජාත්‍යන්තර සංගමයේ සාමාජිකාවක වන එමි කැම්පියන් (Amy Campion) විසින් Wellbeing Community බ්ලොග් අඩවියට ලිපියක් සපයයි.
 
අපි සිහිනයෙන් මෙම ගැටුම් ඇතිකරගැනිම සැබෑ ජීවිතයේ සාමකාමී මාවතකට මග බවයි පර්යේෂණ මගින් හෙලිකරන්නේ. සිහිනවලදී ගැටුම් ඇතිකරගන්නන් ගෙන් මෙවන් ප්‍රශ්න නැගිය හැක.
 
·         මගේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කොහේදි ද?
·         වෙන කෙනෙක්ගෙන් හරි මගෙන්ම මට අනතුරක් විය හැක්කේ කොහේදි ද?
·         වෙනස් කළ යුතු පැරණි පුරුදු චර්යාවන්
 
සමහර විට මෙම ඔබ නින්දේදී ඇතිකරගන්නා මෙම මානසික ගැටුම් ඇතැම් විට තමන්ගේ මනස තුල කකියන සැකයන්ගේ ස්වභාවය, අනියත බිය පිළිබද පිළිබිඹුවක් විය හැක. ඇත්තටම ඒවා සිහිනයන්ගෙන් හෝ තුරන් කර දමන්නේ නම් ඉතා හොදයි. මතක තබාගන්න, ඔබ සිහිනයෙන් දකින්නේ සැබෑ මිනිසුන් නොවන වග.
පහර දුන් ආයුධයක් ගැන හිතන්න, හිතන්න, මේවා සංකේතවත් කරන්නේ කුමක්ද?  ඔබ සිහිනයෙන් කඩුවක් වැනි යමක් දුටුවේයැයි සිතන්න, එය ඔබ කුඩා ළමයෙක් ලෙස විස්තර කරනවා නම් එය සමහර විට තියුණු තියුණු කඩුවක් හෝ පරණ විලාසිතාවක් පිළිබද විස්තර කෙරෙනවා සුරංගනා කථාවක වගේ. මේ දේවල් ඔබේ ජීවිතයට ඔබේ හැසිරිම්වලට අදාල වන්නේ කොහොම ද? ඔබේ හිස තුල ගැබ්වෙලා පවතින විවේචනාත්මක කඩහඩක්, තියුණු වාග්ප්‍රලාපයන්, ඔබ දරුවකු අවධියේ ලත් වැරදි හැසිරීම් පිළිබද අත්දැකීම් වේ.
 
විශාල ටැංකියකින් විනිවිද පෙනෙන ස්ථානයක්, දුරින් ඇති විශාල ගින්නක් කුමක් ගම්‍ය වේ ද? මෙය දුරස්ථ පියෙක් හෝ ඔබේ ආයතන ප්‍රධානියා පිළිබද සංකල්පයක් විද්‍යාමාන වේ. ඔවුන් ඔබට සහාය නොදක්වන  මුත් ඔබව විවේචනය කරයි. එය ඔබට වේදනාකාරි දෙයක් ලෙස ඔවුන්ට නොහැගේ. මේ වේදනා අතර ඔබ පීඩනයක සිටින අතර, ඔබේ පියා, ආයතන ප්‍රධානියා පිළිබද ඔබ දක්වන ප්‍රතිචාරය එම සිහින තුලින් ගම්‍ය වේ.
ඔබට වේදනාකාරි වන දේවල් බැහැර කිරිම සදහා ඔබට රිද්දන්නන් ගැන, ඔවුන්ගේ හැසිරිම් රටා ගැන, ඔබට වූ වාග් ප්‍රහාරයන් ඒවා ලිපියක ලියන්න, ඔබේ හිසින් මේවා අත්හැරීමට මෙය කදිම ක්‍රමයකි.ඉන්පසු  ඒ ලියූ දේවල් ඔබ පුළුස්සා දමන්න, නැතිනම් වැසිකිලි වලට දමන්න. ඔබට රිද්දන්නන්ගේ හැසිරිම් ක්‍රියාකලාපයන් යල්පැන ගිය දේවල් යැයි සිතා ඔවුන්ට සමාව දෙන්න, ඔවුන්ව අත්හරින්න. මේ තුලින් ඔබේ අභ්‍යන්තරයේ හටගන්නා විවේචනයන්  නැතිකිරිමට හැකිවේ.
තවත් කරුණක් නම් සිහින සටන් තුලින් තමන්ගේ ශරිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි විය හැකිය. දකින සිහින අනුව ඒවාට අනුකූලව ශක්තිය වැයකරයි. ඔබ දෛනික ජීවිතයේ  ආහාර ගැනීම /ව්‍යායාම කිරිම/ නින්ද පිළිබදව මෙනෙහි කරන්න, ශරීරයේ යම් වෙනසක් සිදුවේ නම් එය ඔබේ මනසට දන්වයි. ඔබට දෛනික ජීවිතයේ යම් වෙනසක් සිදුවී ඇති බව හැගේ නම් වෛද්‍ය වරයෙකු හමුවී නිසි ප්‍රතිකාර සදහා යොමුවන්න.
 
-HR-


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න