ස්ටෙරොයිඩි භාවිතය නිසා වදවීයාමේ තරජනයකට භාජනය වූ ඇමරිකන් කිබුලා

හැමෝම කිඹුලෝ ගැන දන්නවානේ? අඩම ගානේ දෙහිවල වත් දැකලා ඇතිනේ, අහලත් ඇතිනේ අර කවියක් තියනවා මාතර ගගේ කිඹුලිගේ පැටියා කියලා.

ඉතින් ඊයේ සිරස්තල වලින් වඩා කැමැත්තක් ලැබිලා කිඹුලන් අශ්‍රිතව  කොස්ටරිකාව රටෙ සිට වාර්තාවු තොරතුරක්, ඒ තමයි එම රටේ කිබලන්ට යම් ආකාරයක විපර්යාසයක් සිදවෙන බව පිළිබදව.

කිඹුලෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය දැනගන්න කිබුලව අල්ලන්න ඔන, ඇගපුරාම වගේ මඩ ගොඩක් ගාගන්නනැවතුව නමි කොහොමවත් කරන්න බෑ. වලිගය අන්තිම කෙරවල තමයි කිඹුලාගේ ලිංගේන්ද්‍රය පිහිටලා තියෙන්නේ.

ඇමරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පිරිසක් කිබල්ලු ගැන සමීක්ෂණයක් කරන්න කොස්ටරිකාවට ගිහින්, ටිකක් අසාමාන්‍ය දෙයක් නිරීක්ෂණය කරලා තියනවා. හැබැයි කිඹුලො දුසිමක් පරික්ෂණය කරලා එහෙම නෙමෙයි, කිඹුලො 500 පරික්ෂණය කලාට පස්සේ තමයි ඒ විශේෂත්වය ගැන අවධානය යොමු වෙලා තියේන්නේ.

 ස්ත්‍රී පුරුෂ අනුපාතය විශාල වෙනසක් ඇතිබව තමයි ඒ අසාමාන්‍ය නිරීක්ෂණය.  පුරුෂ කිඹුලන් 80% පමණත් ස්ත්‍රී කිඹුලන් 20% පමණත් සිටිම මේ කාරණය, තවද එම කිඹුලාගේ සෛල වල ක්‍රෘතිම ස්ටිරොයිඩ් වර්ගයක් දක්නට ලැබුණු බව පැවසෙනවා.

මේ කෘතිම ස්ටිරොයිඩ් වර්ගය සාමාන්‍ය භාවිතයේදී පුරුෂ ශක්තිය අවමවූ වන්ට සහ පියවරු පිලිකා ඇති කාන්තාවන්ට නිර්දේශ කරන බෙහෙතක්. අයෝමය පුරුෂයනුත් මෙ ඔසුව අයුතු ලෙස භාවිතා කරන අවස්තා එමටයි ඇග හදාගන්න වෙලාවට.

හැබැයි ගැටලුව එම රසායන ද්‍රව්‍ය (කෘතිම ස්ටිරොයිඩ් වර්ගය) කොස්ටරිකාව හද්දා පිටිසර කිඹුල් විලකට ආවේ කොහොමද කියන එක?

ලඟපාත තිලාපියන් හදන ෆාම් එකක් තියෙනවාලු, එක පාලනය කරන කට්ටිය තිලාපියන් ලොකුවෙලා එන්න මේ ස්ටිරොයිඩ් වර්ගය භාවිතා කරනවා කියලා දැනගන්න ලැබිලා තියනවා.

- විද්‍යාව හදාරන නංගිලා මල්ලිලා මේ ලිපිය කියවනවා නම් ඒ ස්ටිරොයිඩ් එකට කියන විද්‍යාත්මක නාමය තමයි 17α-methyltestosterone (MT),

මොනවද මේ අනුපාතය වෙනස්වීම් කියලා එක පාරසරික විද්‍යාඥයෙක් දක්වපු අදහස් අතර

- කිඹුලන් ගේ පැවත්ම හීනව වදවි යාමේ තත්වයක් ඇතිවිය හැකියි.
- මේ පරික්ෂණයට භාජනය වූ ඇමරිකානු කිඹුලා දැනටමත් වදවීම යන සතුන්ගේ වර්ගීකරණයේ අවධානම් කියන තත්වයේ ඉන්න සත්වයෙක්, මේ පරීක්ෂණය සිදුකරලා තියෙන්නේ කොස්ටරිකාව ඇමරිකන් කිඹුලන් වැඩිපුරම වාසය කරන ප්‍රදේශයේ
- කෘතිම ස්ටිරොයිඩ් සමග ඇතිවන රාසයනික වෙනස් වීම නිසා කිඹුලාගේ බුද්ධිය වැඩිවීමක් ද සිදුවිය හැකියි ඒක නිසා සමහරවිට මිනිසුන් සමග ඇතිවන ගැටුම් වැඩි වෙන්නත් පුලුවන්. (හ්ම් එකනම් හරි අමුතු සීන් එකක් නේ, මිනිස්සුන්ගේ මාංශපේෂි වැඩිවන්නේ කිඹුලාගේ මොලේ වැඩිකරන්න පුලුවන්)
- එය අනිකුත් ජලාශ්‍රිත සත්වයන්ගේ දිවි පැවැත්මට බාදා ගෙන එන්න පුලුවන් (මාලු, කුරුල්ලෝ. කැස්බෑවෝ) කොහොමත් අලුත් යම් අදහස් ඉදිරිපත් කරන කොට එකට එකග වෙන්නෙ නැති පිරිසක් ඉන්නවා වගේ, විද්‍යාඥයෝ පිරිසක් මෙ අදහසට එකග වෙන්නේ නැතිලු, ඉතින් එම අදහස සනාත කරන්න තව වැඩිපුර පරීක්ෂණ කරගෙන යාමට නියමිතයි.


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න