සංසර්ගය ගැන දරුවන් සමග කතාකරන්න කියලා දිරිගන්වන මවක්

මෙම ලිපියේ පලකරන ලද අදහස් උපුටා ගත්තේ සී.එන්.එන් වෙබ් අඩවියේ පළවු ලිපියක් ආශ්‍රිතවයි, එම ලිපිය අවිටාල් නැමති මවකගේ අත්දැකීමි මත ගොඩනගා ඇත,

 අවිටාල්ගේ පුතාට වයස අවුරුදු 3 විතර කාලේ ඈ අර්තව චක්‍ර සමයේ භාවිතා කරන විශේෂ ආධාරකක් පැලද ගනිමින් සිටියා. එම අසාමාන්‍ය සිදුවීම දුටු ඇගේ පුතා බියවීම කලබලයකට පත්වෙලා.

ඈ ඒ මොහොතේම ඔහුගේ වයසට තේරුම් ගතහැකි වචන මාලාවකින් කාන්තාවකගේ ආර්ත වක්‍රය ඔහුට අවබෝධ කරදී තිබෙනවා.  එදා පටන් ඈ ඉතා විවෘතව සංසර්ගය පිලිබඳව තම දරුවාට පැහැදිලි කරදී තිබෙනවා.

ඈ පවසන්නේ එම පැහැදිලි කිරීම් එක දිනක එක කතාබහකට සීමා නොවී නිතර නිතර ඇතිවන සුලු සාකච්ඡාවක් ලෙස සිදුවූ භවයි.  ඇයට මෙම පියවර ගැනීමට තිරනය කරලා තියේන්නේ 2002 වර්ශයේ ජේශ්ඨ පාසලක ලිංගික අධ්‍යපනය පන්තියක සහභාගිවු දරුවන්ගේ ලිංගිකත්වය පිළිබදව තිබූ අවබෝධය ඉතාම දුර්වල මට්ටමක තිබූ බැව ඇයට පෙනී ගිය නිසායි.

උදාහරණයක් හැටියට බොහෝදෙනා දැන සිටියේ තම සහකාරයා සමග එකට ස්නානය කිරීම මගින් ගැබිනියක් වන බවය. ඇය පවසන්නේ තම දරුවන්ට ලිංගිකත්වය හා ආශ්‍රිත ප්‍රශ්න නොබියව දෙමව්පියන්ගේ ඇසීමට හැකිවන ආකාරයට පසුබිමක් ඇති කලයුතු බවයි.

 ඇයගේ තර්කය නම්, ඔබ දෙමාපියන් හැටියට ලිංගිකත්වය ගැන කතාකිරීමට පැකිලී එක් දිනක ඔබ දරුවා ලිංගික හැසිරීම හා අශ්‍රිත රොගයක් හෝ ගැබි ගැනීමක් සමග නිවසට පැමිණිය හොත් ඔබට එවිට කරන්නේ කුමක්ද යන්නයි.

 දෙමව්පියන් දරුවන් සමග ලිංගිකත්වය ගැන කතාකිරීමේ ඵලදායිතාව සමීක්ශණයකට මගින් ගනනය කරලා තියනවා. එකේ සදහන් පරිදි වයස අවුරුදු 12 - 15 අතර දරුවන් 52% තම දෙමව්පියන්ගේ උපදෙස් තමන් තීරන ගැනීමේදී පාදක වෙනවා කියලා.

හැබැයි වයස 16-19 වෙනකොට මේ ප්‍රතිශතය 32% බැහැලා දෙමව්පියන් පොඩි පැකිලීමක් තියනවා තමාගේ සංසර්ගය පිළිබද දැනුම තම දරුවාට අවවාද දීමට ප්‍රමාණවත් නෑ කියලා. ට

ඇය පහත සදහන් උපදෙස් යොමුකරනවා මෙම සංවාදය පහසු කරගන්න

1. තාක්ෂණය ලොකයේ සංසර්ගය ගැන කතා කිරීම
  - අන්තර්ජාලය සුරක්ෂිත ලෙස හැසිරීම. වැඩිහිටියන්ට (18+) විශේෂිතවූ අඩවි සදහා යොමුවිය නොහැකි ආකාරයේ මෘදුකාංග දෙපාර්ශවයේම දැනුම ඇතුව ස්ථාපනය කරගැනීම

2. ගුවන්විදුලිය හෝ රූපවාහිනියේ හෝ සිනමාවේ දසුනක් ආශ්‍රිතව
3. නිතරම එම සාකච්ඡාවට පුහුණුවන්නට
4. නිතරම විවෘතව අදහස් හුවමාරුකර ගන්න


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න