3 වෙනි සියවසට අයත් බ්‍රහ්මීය ගනිත පොත

1881 වසරේ කාෂ්මීර් ප්‍රදේශයේ ගම්වැසියකුට බර්ච් නමින් හදුන් වන (සිත ප්‍රදේශවල ආවේනික) ගසක පොතු මත ලියා ඇති පොතක් හමුවුණා. එය විද්‍යාඥයන්ගේ අතට ලැබිලා දැන් අවුරුදු සීයකටත් වැඩියි. හැබැයි මෑතකදි තමයි එකේ කාල සීමාව හරියටම ගණනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ රෙඩියෝ කාබන් තාක්ෂණය භාවිතා කරලා. එ අනුව එම පොත 3 වෙනි හෝ 4 වෙනි සියවසට අයත් කියලා තමයි කියන්නේ.

මේ පොත ඇත්තටම අපේ ලංකාවේ පුස්කොල පොත් වගේ තමයි. වෙනස පුස්කොල පොතේ කියන්නේ තල් ගහේ කොළ. ඒ පොත කවුරුත් හදුන් වන්නේ බක්ශාලි අත් පිටපත (manuscript) කියලා.

 ඉතින් මේ ගනිත පොතේ පිටු 70 තියනවා. ඒ පොත ලියලා තියෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර වර්ගයක් වූ ශාරද (සාරද) කියන අක්ෂර භාවිතා කරලා. සංස්කෘත භාෂාව ලියන් නත් භාවිතා කරලා තියෙන්නේ මේ ශාරද අක්ෂර තමයි. ශාරද අක්ෂර සිංහල භාෂාවේ අක්ෂර වල මූලධර්මය යටත් අක්ෂර ක්‍රමයක්. (එම මූලධර්මය අබුගිඩා (Abugida) නම් වර්ගීකරණයට අයත්)

එම පොතේ කෘත ඔහුව හදුන්වා දීලා තියෙන්නේ "චාජකගේ පුත්" කියලා, එය "වාසිතාගේ පුත් හසික" වෙනුවෙන් කියලත් ලියලා තියනවා.

මේ පොතේ තියන ලොකුම විශේෂත්වය තමයි බින්දුව එහෙම නැතිනම් ශූන්‍ය කියන සංකල්පය භාවිතා වීම. ඉතිහාසඥයන් කියන විදිහට ඉන්දියානු සංස්කෘතියේ බින්දුව ගැන සදහන් ප්‍රතම නිදසුන මෙය බවයි. අපේ සිංහල ඉලක්කම් වලත් බින්දුව තිබුනේ නෑ. එතකොට ගනිත කියන වචනය අපිට සංස්කෘත භාෂාව අභාෂයෙන් ආවට ඒ සමග තිබිය යුතු සමහර සංකල්ප ඇවිත් නෑ වගේ. බ්‍රහ්මීන් ගුරුමුෂ්ඨිය තියාගෙනද කොහෙද.

ඒ දවස්වල නැවතීමේ ලකුණ වගේ තිතක් තමයි ශුන්‍ය පෙන්නුම් කරලා තියෙන්නේ. හත්වෙනි සියවස වෙනකොට මේ පොතේ දකින්ට ලැබුන තිත "ශූන්‍ය බින්දුව" නමින් සංස්කෘත භාෂාව හදුන්වා දීලා තියෙනවාලු.

පහත තියෙන්නෙ අනිකුත් ඉතිහාස ශිෂ්ටාචාර වල බින්දුව සංකල්පය සදහන් වන කාල සීමා

ඊජිප්තුව - ක්‍රි.පු 1770 ඊජිප්තු ගිණුම් කරණය ලියවිලි වල ශූන්‍ය භාවිතා කර තිබෙනවා
බැබිලෝනියන් - අගයක් නැති ශූන්‍ය පෙන්නුම් කරදීමක් දකින්න නෑ.
මෙසෝ-ඇමරිකාව - ක්‍රි.පු 36 දින ගනන් කිරීමේ ක්‍රමයක භාවිතා කර තිබේ
ග්‍රීසිය
- ශූන්‍ය සංකල්පයක් දැකිය හැක්කේ ක්‍රි.ව 130 පෝතෙලමිගේ ගණිත
චීනය - ක්‍රිපූ 4 වන සියවස


No comments:

Post a Comment

මේ ලිපිය පිලිබද ඔබගේ අදහස් ලියන්න, සංවාදයකට එන්න