කොල පාට ශ්‍රි ලංකාවක් සිහිවටක් නොවේ වගේ

කොල පාට කිවිවම සමහරුන්ට දෙශපාලන පක්ෂ මතකයට එනවා ඇති හැබැයි මේ නකාවේ කොලපාටින් සංකේතවත් වන්නේ පරිසර හිතකාමීවගේ අදහසක්, හරිතවාදි / හරිතගාමී කියලත් කියන්න පුලුවන් මම හිතන්නේ. ජේ.බී දිසානායක මහත්තයාගේ පොත්ටික තවම කියවලා ඉවර නෑ

ඉතින් සැප්තැම්බර 1 වැනිදා සිට බලපැවැත්වෙන පොලිතින් තහනම හා විකල්ප විසඳුම් ගැන අප පසුගිය ලිපියකින් කතා කළා ඔබට මතක ඇති. මෙපමණ කලක් කුණු කඳු හා ඒවාට ව්සඳුම් ගැන කතා කර මාස කිපයක් තුළ ඒවා අමතක කර දැමීම අපේ පුරුද්දක් බවට පත්වී තිබුණා. අපේ රට අතීතයේ බොහෝ අවස්ථාවලදී කුණු ප්‍රශ්නය විසඳුයේ එක් ස්ථානයකින් තවත් ස්ථානයකය්ට කුණු මාරු කිරීමෙන්. මෑතකදි සිදු වූ මීතොටමුල්ල කුනු කන්ද නාය යෑමේ සිදුවීම මීට ආසන්නතම උදාහරණයකි.

 මෙම කුණු ප්‍රශ්නයට තවත් විසඳුමක් ලෙස්ට දිරා පත් වන කාබනික අපද්‍රව්‍ය ඇසුරින් පොහොර නිපදවීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයන් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ද අරඹා ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මින් පෙර ප්‍රකාශයක් කර තිබුණා.

දැන් එම කර්තව්‍යය මල්ඵල ගන්වමින් ඉඩම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් වත්තල කෙරවල පිටියේදී විද්‍යානුකූල කොම්පෝස්ට් අංගනයක් ඉදි කර ඇත. මෙම කොම්පෝස්ට් අංගනයේදි දිනකට කසල ටොන් 500ක් පමණ කාබනික පොහොර බවට පත් කෙරේ. ඒවා "මිහිජය පොහොර" නමින් වෙලඳපොළට යැවේ.

මෙහිදි කසල ප්‍රභවයන් වර්ගීකරණය කිරීම, ගෘහයෙන් ඇරඹිම වැදගත්ය. කසල ප්‍රතිචක්‍රීකරණයට මහජනතාව, රජය හා ව්‍යාපාරිකයිගේ ද සහාය එකසේ අවශ්‍යයි. ‘එකොලයිසර’ ක්‍රමය හා ‘හරිත උත්සව හා තක්සේරු කිරීමේ මාර්ගෝපදේශනය’සාර්ථක විසඳුම් සහිත ක්‍රමවේදයන් 2කි.

පොලිතීන් , ප්‍රතිචක්‍රීකරණය විදුලි බලය නිපදවීමට යොදාගැනීමේ හැකියව කෙරෙහි ද රජයේ අවධානය යොමු කර ඇත. ලොව බොහෝ රටවල මෙම ක්‍රමවේදය සර්ථකව ක්‍රියාවට නංවා ඇත

විදුලි උපකරණ , ජංගම දුරකතන වැනි නිපයුම් කරන නිෂ්පාදකයින් , පාරිභෝගිකයා ඒවා අබලන්ව ඉවත කල විට නැවත කර්මාන්තශලාවලම ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි යොමු විය යුතුයි.

ගෘහස්ථවද ඔබට ඇති ඉඩකඩ ප්‍රමාණය අනුව කොම්පෝස්ට් බඳුන් කසල ප්‍රතිචක්‍රීකරණයට යොදා ගහ හැකියි.

කසල කඳු ගොඩ ගසමින් තවත් විපතකට අත වනනවාට වඩා කසල 'සම්පතක්' කර ගැනීමෙන් ඔබටත් රටටත් ලැබෙන වාසී අපමණයි!
අයි සිරිවර්ධන


ආයේ සීගිරියේ යන්න බය වෙන එපා. ළඟදීම ආරක්ෂිත බඹර කලාපයක් වෙනම බලාගන්නත් පුලුවන් වෙයි.


  සීගිරිය යනු සිව් වන ශතවර්ෂයට අයත් වූ අපේ ජාතික උරුමයකි. එපමණක් නොව එය යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙසට ද නම් කර ඇත. සීගිරිය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණේ. පසුගිය කාලය පුරාවටම සීගිරිය නැරඹීමට ගිය දෙස් විදෙස් සංචාරකයින්ට බඹර ප්‍රහාර එල්ලවූ පුවත් ඇසීමට ලැබුණා. කාලයක් පුරාවට මෙයට නිසි විසඳුමක් නොලැබී තිබුණු අතර එනිසා සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේද අඩුවක් දක්නට ලැබුණා. නමුත් තවදුරටත් ඔබ සීගිරිය නැරඹීමට යාමට බිය විය යුතු නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල හා පරිසර අමාත්‍යාංශය එක්ව ඒ සඳහා කිසියම් විකල්පයක් සොයා අත්හදා බලා තිබෙනවා.

දැන් එහි බඹර ප්‍රහාර වළක්වන ආවරණයක් ඉදි කර ඇත. අලුතින් එහි සිංහ පාදය අසල යකඩ බට යොදා ඒ මත කොහු ලණු වලින් සාදන ලද පැදුරක් යොදා ඇත. මේ සඳහා පරිසර අමාත්‍යාංශයේද යෝජනා සැළකිල්ලට ගෙන බඹරුන් හා සංචාරකයින් යන දෙපාර්ශවයටම කිසිදු හානියක් නොවන ලෙසට එම භූමියේ බඹර කලාපයක් හා සංචාරක කලාපයක් පිහිටු වීම ක්‍රියාත්මක කෙරෙමින් ඇත. ඒ අනුව ලණු පැදුරු දිගේ බොකලවැල් සිටුවා එම කලාප දෙක වෙන් කිරීමට නියමිතයි.
මෙම අත්හදා බැලීම සර්ථකවුවහොත් සීගිරියේ සංචාරකයින්ට ආරක්ෂිතව ලැගුම් ගැනීමේ හැකියවද ලැබෙනු ඇත. 

අයි. සිරිවර්ධන


ගුවන තරණය කළ ප්‍රථමයා යුරී ගගාරින් නොවෙයි.

චීනයේ වෑන් හූ ලු. එහෙනම් අහස් යානය රයිට් සහෝදරයින්ට පළමුව අපේ රාවණ රජු සොයා ගත්තේ නැද්ද?
  අප පාසැල් සමයේ සිට ඉගෙන ගත්තේ උඩු ගුවණ තරණය කළ ප්‍රථම මිනිසා යූරි ගගාරින් ලෙසටයි, ඒ 1961 දීය. ඔහු රුසියානුවෙකි. එමෙන්ම සඳ මතට පා තැබු මුල්ම මිනිසා ලෙසට පිළිගනු ලැබුවේ නිල් ආම්ස්ට්රෝීන්ය ඔහු ඇමරිකානුවෙකි. නමුත් මේ මතයන් දෙකටම අභියෝගයක් වන තර්කයක් දැන් ඉදිරිපත්වී ඇත්තේ චීනයෙනි. ඔවුන්ගේ පුරාවෘත්තියකට අනුව 16 වන සියවසේදී පමණ වැන් හූ නම් චීන ජාතිකයකු විසින් රොකට්ටුවකට තරමක් සමාන යානයක් සාදා ගුවන්ගත වී ඇත. ඒ සඳහා ඔහු වේවැල් පුටුවක්, සාදා එය විශාල උණ බම්බු 47 කට අමුනා, එම උණ බට ඇතුළට වෙඩි බෙහෙත් දමා අපූරු යානයක් සාදා ඇති බවට සාක්ෂි ඇත. පණගැනිවීමේදී ඒ සන්දහා ඔහු ආධාරක 47ක් ද යොදාගෙන තිබුනි. 
මෙම යන්ත්‍රය විශාල දුමක් හා ගිගුරුම් ශබ්දයක් ද සහිතව ගුවනට ගොස් ඇති අතර මගදි පුපුරා ගොස් ඇත. ඉන්පසු වැන් හූ ගැන කිසිම හෝඩුවාවක් දැනගැනිමට නොලැබී ඇත. එය සිහිකිරීම උදෙසා හ ඔහුට තබන ගෞරවයක් ලෙසට පසුව සඳ මත ඇති ආවාටයක් වැන් හූ නමින් නම් කරන ලදී. ඔහු උඩුගුවනේදී යානය පිපිරීමෙන් මිය යන්නට ඇති බවටද තවත් මතයක් ඇත. ඔහුට හිමි උපරිම ගෞරවය පුද කිරීමට චිනයේ යියොනැන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයේද වෑන් හූගේ ප්‍රතිමාවක් ඉදිකර ඇත. 

ලංකාවේ පුරාවෘත්තින්ට  අනුවද ක්‍රි: පූ  2517-  2554 ක්‍රි: පූ අතර කාලයේදි රජ කළ රාවණ රජු විසින් සාදා භාවිතා කළා යැයි සළකන "දඬු මොණර යන්ත්‍රය " නොහොත් පුෂ්පික විමානය ද ලොව පැරණිම උඩු ගුවණට යැවූ  අහස් යානය ලෙස්ට ද කලින් තර්කයක් පැන නැගුණි. මේ සම්බන්ධයෙන් වු ඇතැම් සාක්ෂින් ගැන වරක් නාසා ආයතනයේද අවධානය යොමුව තිබූ බව සඳහන්ය. ඒ අනුව බලන කළ "අහස් යානයක් රයිට් සහෝදරයින්ට පළමුව ලංකාවේ රජ කළ රාවණ රජු විසින් සොයාගෙන ඇත" යන යන තර්කය මතු නොවන්නේද? මේ පිළිබඳව පාඨක ඔබේ අදහස් වලටද අප ඉඩක් ලබාදෙන්නෙමු.


අයි සිරිවර්ධන


අයි. සිරිවර්ධන 


ඔන්න ඇමරිකාවේ සවුක්‍ය අමාත්‍යංශය පෙති අනුමත කරලා

අහලා ඇතිනේ ඔය ෆුල්මූන් පාටිවල ගහන පෙති ගැන??

එක්ස්ටසි කියලා නේ කියන්නේ, ඉතින් ගොඩක් රටවල එය තහනම් (යුරෝපයේ නම් වැඩි අවුලක් නෑ) ඇමරිකාවෙත් එහෙම තමයි, හැබැයි දැන් අලුත්ම වාර්තාවක් එනවා ඇමරිකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය එක්ස්ටසි නිත්‍යානුකුල ඔසුවක් විදිහට අනුමත කරන්න යනවා කියලා

වැඩිපුර කියන්න කලින් පොඩි පසුබිමක් දුන්නොත් හොදයි කියලා හිතුනා මොකද ලංකාවේ සමාජයේ මත්ද්‍රව්‍ය සියල්ලක් කුඩු කියලා විතරනේ දන්නේ.

ඔන්න කතාව

1912 merick කියන ඖෂධ සමාගම මනෝචිකිත්සාව සම්බන්ධයෙන් තමයි මෙ එක්ස්ටසි පලමුවතාවට නිෂ්පාදනය කලේ, එවුන් එයට පේටනට් බල පත්‍රයකු ලබාගත්තා
කොහොම හරි 1970 වෙනකොට ඇමරිකාවේ තිබ්බ මල් ව්‍යාපාරයත් එක්ක මේ අවුසදය සංගිත උත්සව සහ නොයෙකුත් විනෝදාත්මක ක්‍රියා වලට භාවිතා වන්න පටන් ගත්තා, එකාලේ තමයි ඇමරිකාවේ එය නිතිවිරෝධී වුනේ

මේකෙන් මොකද්ද වෙන්නේ,?

ලොකුවට කියන්නේ නැතුව සරලව කිව්වොත් එමගින් එක්තරා අකාරයක හැගීම් සහ සිතුවිලි පාලනයක් සිදුවෙනවා, සෙරටොනන්, ඩොපමීන් සහ නෙරොෆෙනෙෆරන් (ඇඩ්රිනලින් හා සම්බන්ද) මෙවා නියුරෝන්වල පණිවුඩ ගෙනයන සඥ්ඤාපද්දතියට, අපිට සතුටක් දැනෙන කොට අපේ ශරීරයේ ඩොපමින් සංඥාා ස්නායු මගින් ගමන් ගන්නවා එය අපි අත්වනවා සතුට හැටියට.
ඔක තමා සරලවම කියන්න පුලුවන් ඔයට වාඩා පුලුල්ව දැනගැනීමට අවශ්‍යනම් තව ලිපියකින් කියන්න පුලුවන් දොස්තර මහත්තයෙකුත් එකතු කරගෙන

දැන් වර්තමානය

ඉතින් එක්සටසිවල තියන මේ මනස සිතුවිලි සහ හැගීම් සමග ඇතිකල හැකි ප්‍රති ක්‍රියාව හරියට අලුත ඉපදුන බබෙක් වගේ එකියන්නේ වැඩිහිටි කෙනෙක් එය පානය කරොත් ඔහුගේ මනස ලදරුවෙක් හා සමානයි, එක නිසා වෛද්‍යවරු සොයාගෙන තියනවා යුද්දයේදී මානසික රෝග හැදිච්ච අය, මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච අයට මෙ පෙති දීලා ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා. මොකද අර ලදර මනසට ගියාම මානසික මට්ටම අවශ්‍ය අකාරයට සංස්කරණය කරලා නැවත වැඩිහිටි බව(ego establishment) ලබා ගන්න පුලුවන්

ඔන්න වැඩේ

කාලයක් සියදහස් ගානක් මිනිස්සු අල්ලලා හිරේදාපු කාරණාව අද සියදාස් ගානකට ප්‍රතිකාරක ක්‍රමයක් වෙලා.

ඒකනිසා නිතරම විමසිල්ලෙන් ඉන්න ඔන. සැම දෙයක්ම අනුන් කියනවට වඩා තමන්ම සෝදිසි මාදිසි කරලා නිගමනයට එනවනම් ජීවිතය මීටවඩා අර්තවත් කරගන්න හැකියාවක් එන්න පුලුවන්

රසායන විද්‍යාව ගැන උනන්දුවක් තියන කෙනෙක් නම් මෙන්න රසායනික සංයුතිය C11H15NO2 (මෙතිලෙනඩෙයිඔකයිමෙතෙම්ෆිටමීන්) එය අක්මාව මගින් තමයි ජීර්ණය සිද්ද වෙන්නේ

අයි. සිරිවර්ධන


සැප්තැම්බර් 1 සිට පොලිතින් තහනම්. විකල්ප ගැන ඔබ දැනුවත්ද?

 
2017 සැප්තැම්බර් 1 වැනිදා සිට ශ්‍රී ලංකාව තුල පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මේ කරණාව ගැන පරිසරවේදින් හා මහජනතාවගෙන් විවිධ පැසසුම් ලැබි ඇතත් පොලිතින් හා දිරාපත් නොවන අනෙකුත් අපද්‍රව්‍ය වෙනුවට යොදා ගත හැකි විකල්ප මොනවද? යන්න වැඩි දෙනෙකුට ඇති ගැටලුවකි. සැබවින්ම වත්මන් රජය විසින් ගනු ලැබූ මේ තීරණය ඉතා ප්‍රශංසනීයයි. දිනපතා එකතුවන කසල ටොන් අතර වැඩිවශයෙන් දක්නට ලැබුණේ පොලිතීන්ය. කර්මාන්තශලාවල ලාභදායි ඇසුරුමක් ලෙසට යොදා ගත් අතර පාරිභෝගිකයින්ද භාවිතයේ පහසුව නිසා පොලිතින් වෙතට නැඹුරුව සිටියහ.

 අන් රටවල් හ සැසඳීමේදී ඒවායේ තහනම් කර ඇති ඝන පොලිතීන් ද අප රට තුල මෙපමණ කලක් භාවිත විය. අපේ රටේ සේවා නියුක්තිකයින් ගණන මිලියන 2ක් පමණ වේ. ඔවුන් කාර්යාල වලට දිවා ආහාරය ගෙනයනු ලැබුවේ 'ලන්ච් ෂීට්' උපයෝගී කරගෙනයි. එනිසා දැන් ඔවුන්ටද විකල්ප සොයාගැනීමට සිදුවී ඇත. කෙසෙල් කොළය, නෙළුම් කොළය , හණ නිපයුම් හා ගොඩපර පත්‍ර ආවරණ ආදිය මීට හොඳ විකල්ප සපයයි. එම විකල්ප පරිසර හිතකාමී වන අතරම ආහාරවල රසයද එලෙසින්ම ආරක්ෂා කිරීමට සමත් වේ

 මීට අමතරව හෝටල් හා අපනශාලා වල පාවිච්චි කරන පොලිතීන් ආවරණ හා රිජිෆෝම් කෑමම පෙට්ටි වෙනුවට ප්‍රතිචක්රීකරණය කළ හැකි හෝ නැවත භවිතා කල හැකි ඇලුමිනියම් ෆොයිල් පෙට්ටි විකල්පයකි. මෙවැනි විකල්ප චීනය වැනි රටවල පරිසරහිතකාමී විකල්පයන් ලෙසට බහුලව භාවිතා කෙරෙයි.

 රජය විසින් ගත් මෙම තීරණය හා සමගාමීව දැනට කසල කඳුවල මෙට්‍රික් ටොන් ගණනින් ඉතිරිවී ඇති දිරාපත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය යම් ආකාරයකින් ප්‍රතිචක්‍රීකරණ කිරීමකටද යොමු කිරීම ද අත්‍යවශ්‍ය කාරණාවකි. මේ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර ඇති අතර, පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ කොට විදුලි බල උත්පාදනය වැනි කටයුත්තකට යොදාගගැනීමේ හැකියාවන් ගැනද සළකා බලමින්සිටින බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අයි. සිරිවර්ධන


3G, 4G කාලේ ඉවරයි. දැන් 5G තාක්ෂණය ලංකාවට පැමිණෙයි.

පසුගිය අගෝස්තු 23 දින ඩයලොග් ඇක්ස්සියෙටා සමගමේ මූලිකත්වය ඇතුව එරික්සන් හා හුවාවි සමාගම් වල තාක්ෂණික දායකත්වයෙන් ද යුතුව 5G තාක්ෂණය ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදි අත්හදා බලා තිබෙනවා. 5G යනු රැහැන් රහිත 5වන පරම්පාරාවේ ජංගම ජාල සම්බන්ධතාවයකි. ඒ අනුව තත්පරයට ගිගා බයිට් 35 වේගය ඉක්මවමින් මෙම සුපිරි තාක්ෂණය දකුණු ආසියාවෙන් පළමුවරට හඳුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවෙනි.

ඉදිරියේදී ස්වයංක්‍රීයකරණය හා ඩිජිටල් ව්‍යාපාරික අරමුණු රැසකට ද මෙම අලුත් 5G තක්ෂණය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන්ම රෝබෝ තාක්ෂණ යොදාගන්නා උපකරණ, ස්වයං පාලන වාහන, ක්‍රීඩා හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් තුළ ඉදිරියේදී මෙම තාක්ෂණය භවිතයන් අපට වැඩිපුර දැකගත හැකි වනු ඇත.

තවද ශ්‍රී ලංකාවෙ සිටින නව තාක්ෂණය උපයෝගි කර අත්හදාබැලීම් වල නියැලෙන නව නිපයුම් කරුවන්හටද එය සුබ ආරංචියක් වනු නො අනුමානයි. මෙය ශ්‍රී ලංකාව දකුනු ආසියා කලාපයේ විදුලි ස්ංදේශන සේවා කේන්ද්‍රස්ථානයක් කිරීමට දරන උත්සාහයන් තවදුරටත් තහවුරු කිරීමක් ලෙසටද හැදින්විය හැකියි.


අයි. සිරිවර්ධන


අනාගතයේදී අවමංගල්‍ය වලදී බෞද්ධාගමික වතාවන් සිදු කිරීමට හා හා බෙර වාදන සැපයිමට රොබෝවරු පැමිණෙයි !!


ජපානය යනු නවීන තාක්ෂණික දැනුම අතින් ලෝකයේ ඉහළ පෙලෙහි සිටිනා රටකි. ජපානය තුළ නිෂ්පාදන ව්‍යාපාරික හා නිවෙස් වල ද විවිධාකාර කටයුතු වලට රොබෝ තාක්ෂණය බහුලව යොදා ගන්නා ආකාරයන් ද අපට දැකගත හැකියි. අද අප ඔබට ඉදිරිපත් කරන මේ රොබෝ නම් යොදා ගනු ලබන්නේ නිෂ්පාදන හෝ ව්‍යාපාරික කටයුතු වලට නම් නොවෙයි. ඔබ කිසිදිනෙක නොසිතූ විශේෂ කටයුත්තක් සඳහායි. මෙම රොබෝට අවමංගල්‍ය වලදී ආගමික වතාවත් ඉටු කිරීමට හැකි යයි කිවහොත් සමහරවිට ඔබ පුදුම වෙයි. මෑතකදී ජපානය බෞද්ධයන් වන අපටද ප්‍රයෝජනවත් විය හැකි නවීන තාක්ෂණය කැටි කරගත් රොබෝවරයෙක් හඳුන්වා දී ඇත. ඇත. ඇත්තටම මෙම රොබෝ අනාගතයේදී ඔබට බෞද්ධගමිකව සිදුකරන අවමංගල්‍ය කටයුතු වලදී සේවයේ යොදවා ගැනිමට හැකිවෙවි. එහිදි බෞද්ධ සූත්‍ර සජ්ජායනයන් පමණක් නොවෙයි, බෙර වාදනයන්ද සපයා ගැනීම මෙම රොබෝ මඟින්ම සිදුකරගත හැකියි.

 නුදුරු අනාගතයේදී ජපානය වැනි දියුණු රටවල බෞද්ධාගමානුකූලව සිදුකරන අවමංගල්‍ය කටයුතු වලදී මෙම රොබෝ අපට දැක ගැනිමට හැකිවනු ඇත.

අයි. සිරිවර්ධන


ඉන්දියාවෙ වීදි බල්ලන් නිල්පාට වෙලාලු. ජල දුෂණයත් සමඟ ලංකවටත් ළඟඩීම මේ ටික වෙයි වගේ.

 පසුගිය කාලය තුලදි ඉන්දියාවේ කුඩා නගරවල වීදි සුනඛයින්ගේ සිරුරු වල පැහැය නිල් පාටට හැරීමක් ගැන වාර්තා වුණා. එය සිදුවී ඇත්තේ ඔවුන්ගේ සිරුරු තුළ සිදු වූ ජාන විපර්යාසයක් නිසා නම් නොවෙයි, මිනිසා විසින්ම දුරදිග නොබලා සිදුකරන වැරදි ක්‍රියාකාරකම් නිසායි. ඇත්තටම මෙම සුනඛයින්ට මේ වගේ ඉරණමක් අත්ව තිබුණේ එරට කුඩා නගර අසන්නයේ ජලාශ ආශ්‍රිතව සිදුවන ජාල දුෂණය නිසයි. මේ තත්වය වැඩිපුරම දක්නට ලැබෙනුයේ කසාදි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලයි.

එම ගඟ ආසන්නව කර්මාන්තශාලා 100ක් පමණ පිහිටා ඇත. ඒවායින් රසායනික අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම් නිතර සිදු වේ. සෙරුලීන් නම් නිල් පැහැ රසායනික වර්ණකයින් මේ ආකාරයට එම ගඟට මුදාහැරීම නිසා එම ගඟෙගි ස්නානය කරන හා ජලය පානය කිරීමට පැමිණෙන සතුන්ගේ ශරීරය නිල්පාට වීමක් දක්නට ලැබේ. එම ප්‍රදේශයෙහි ගැවසෙන බල්ලන් නිල්පැහැ විමට හේතුව ද එයයි. මෙම රසායනිකයන් දෙවරක් පිරිසිඳු ජලයෙන් සේදු විට ඉවත් වේ. නමුත් ඒවා සුනඛයින්ගේ සම හරහා සිරුර අභ්‍යන්තරයට අවශෝෂණය වීමෙන් ඔවුන් විවිධ රෝග වලට ගොඳුරු වීමේ අවදානමක් පැන නැගේ. තවද මෙම තත්වය නිසා ජලාශවල වෙසෙන මත්ස්‍යයින් ඇතුලු අනෙකුත් ජිවින් ශාක වර්ග වලට හා ජෛව සමතුලිතතාවයටද බාධවක් ඇතිවේ.

කෙසේ වෙත්තත් එරට පරිසර සංරක්ෂකයින් මීට විරුද්ධව නැගී සිටි නිසා එම ජලදූෂණය නවතා දැමීම කෙරෙහි පලාතේ මහරාෂ්ට්‍රා පරිසර දුෂණ පාලන මණ්ඩලය MPCBහි අවධානය යොමු වී ඇත.

 ශ්‍රී ලංකාවේද ජලදූෂණය සුලභව දැකිය හැකි ගැටලුවකි. පසුගිය සතියේදි මහවැලි ගඟෙහි අශූචි මිශ්රවූ බවට ද පුවතක් පැතිරුණා. කොලඹ දිස්ත්‍රික්කයේ 80%කටත් වැඩි පිරිසකට ජලය ලබාදෙනුයේ කැලණි ගඟ හරහායි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සත්ව විද්‍යා අංශයෙහි මහාචාර්ය එම්. එම් පද්මලාල් මහතා දැනට අවුරුදු 4ක් තුලදි සිදුකළ කැලණි ගඟ ආශ්රිත ජලය පරික්ෂණ වලදී ද සනාථවූ කරුණක් නම් එම ගඟෙහි ජලයෙහි මිනිස් මළ ද්‍රව්‍ය , රසායනික හා බැර ලෝහ අධිකව අඩංගුවී ඇති බවයි.

එම ජලයෙහි සාමන්‍යයෙන් පැවතිය යුතු ජෛව ඔක්සිජන් ඉල්ලීම BOD හා රසායනික ඉල්ලීම COD අගයත් නියමිත මට්ටම ඉක්මවා ඇත. මෙම ගැටලුව කෙරෙහි බලධාරීන්ගේ අවධානය ඉක්මණින් යොමු නොවුණහොත් නුදුරු අනාගතයෙදී පානයට හෝ වගා කටයුත්තකටවත් එම ජලය භාවිතා කිරීම නුසුදුසු වෙයි. එපමණක් නොවෙයි එවැනි ජලය නැවත පිරිසිදු කිරීමටත් විශාල ධනස්කන්ධයක් වියදම්වනු ඇත.

අයි. සිරිවර්ධන


අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයට හෙනහුරා ලබලාද? අපේ හල්ක්

"අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයට හෙනහුරා ලබලාද? මිස්ටර් ඒෂියා (හල්ක්) කායවර්ධන ශූරයා වූ පුෂ්පරාජ්ට ලංකාවෙන් ජීවිතාන්තය දක්වා තරඟ තහනමක්."

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අත්ව ඇත්තේ අවාසනාවන්ත ඉරණම්ය. ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම අනෙකුත් ක්‍රිඩා සඳහාත් ක්‍රීඩකයින් හා ක්‍රීඩා බලධාරීන් නැතිනම් දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් ද නිතර අසන්නට ලැබේ. මෑතකදී අප රටට කිර්තියක් ලබාදුන් ධාවන ශූරීනි සුසන්තිකා ජයසිංහද තමාට දැන් ලංකාවෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිලි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියාය.
පසුගියදා දකුණු කොරියාවේ පැවති 51 වැනි මිස්ටර් ඒෂියා කායවර්ධන තරඟාවලියේදී ද අප රටට කීර්තියක් ගෙන එමින් එහි සමස්ත ශූරතාව දිනාගත් ලුෂන් පුෂ්පරාජ්ට ද අත්ව ඇති ඉරණම ඛේදජනකයි. එය ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මඟින් දියත් කළ තරඟයක් නොවන නිසා එම ජයග්‍රහණය ජාත්‍යන්තර වශයෙන් පිළි නොගන්නා බවද කායවර්ධන හා ශරීර යෝග්‍යතා සංගමයෙහි සභාපති ඇතුළු නිළධාරීන් ප්‍රකාශයක් කර ඇත. මිට අමතරව එම බලධාරීන්ට ජනමාධ්‍ය ඔස්සේ විවේචනයන් එල්ල කළ වරදට ඔහු ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ද ලක් කර ඇත. අපේ රටේ දක්ෂ ක්‍රීඩකයින්ට මවු රටින්ම මෙවැනි වෙනස්කම් සිදුවීම ඉතා අවාසනවන්ත තත්වයකි ඒ හේතුවෙන් කළකිරුණු එවැනි ක්‍රීඩකයින්ට රට හැර ගොස් වෙනත් රටවල් නියෝජනය කර ක්‍රීඩා කිරීමට ද බොහෝවිට සිදුවේ. අපේ රට දක්ෂයින්ට මෙසේ සළකද්දී, අනෙකුත් රටවල් තම රටේ දක්ෂයින්ට දිරි දෙමින් හා අවශ්‍ය පහසුකම් සපයා දීමෙන් නිසි ගෞරවය හා අගය කිරීමක් ඔවුන්ට ලබාදීමක්ද සිදුකරති.

ස්වාභාවික සම්පත් මානව සම්පත් හැරුනුවිට ත්‍රිඩකයකයක්ද රටක සම්පතකි. මන්ද ඔවුන්හට ජාත්‍යන්තරය සහ අපරට අතර ඇති සබදතාවැඩිකරලීමට හැකි නිසාය. හුදෙක් ක්‍රිඩාවට පමණක්නොව එ් හා ආස්‍රිත වාණිජ පද්දති සමගද එය එකතුවේ, මෙම අවාසනාවන්ත සිදුවීම අපටද බලවත් ශෝකයකි, දේෂපාලන විවේචනයෙන් තොරව පුවත් ගෙනඑම අපගේ ප්‍රතිපත්තියක් බැවින් මෙම ආරංචිය අදට මෙතැනින් අවසන් කරමි. 

දඩ ගාස්තු ගෙවා හෝ මෙම ගැටලුව නිරාකරණය කොට අපේ හල්ක නැවත ක්‍රිඩා කිරීමට ලැබේවා

අයි. සිරිවර්ධන


අපි චීනාට වඩා 10 ගුනයක් හෙමින් වැඩ ඇයි

අපේ රටේ සිදුවීමක් නෙමෙයි නිසා මතක නැතුව ඇති කාටවත්, 2011 චීනයේ දරුණු දුම්රිය අනතුරක් සිද්ද වුනා, එම අනතුර නිසා පුද්ගලයන් 40 ජීවිතක්ෂයට පත්වුනා, ඊට පස්සේ කරපු පොලිස් පරික්ෂා වලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබුන අක්‍රමිකතා රාශියක් සොයාගන්න ලැබුණා, නිලධාරින් දෙදෙනකුට මරණ දණ්ඩනය පවා නියම කරලා,

ඉතින් මේ සිද්ධියට පස්සේ චීන දුම්රිය දෙපාර්තමේන්තුව මේ බුලට් ට්‍රේන් එකේ වේගය පැයට කිලෝමීටර් 300 සීමා කරලා තුබුණේ දැන් ඔන්න ලබන සතියේ ඉදන් එම වේගය පැයට කිලෝමීටර් 350 දක්වා වැඩි කරන්න යනවලු,

පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ කෝච්චියක් ලංකාවේ තිබ්බ නම් කතරගම 5 පූජාවට ඉන්න ගෙදරින් තුනට තුනහමාරක විතර ගියාම හොදටම ඇති. ඊට පස්සේ පූජාවත් කරලා උදේට කාලා අායේ 9 වෙනකොට කොටුවට ඇවිල්ලා වැඩට යන්නත් පුලුවන්.

බලන්න රටක දියුණුව සහ ඵලදායතාව ප්‍රවාහන සේවාවන් කොච්චර බලපානවද කියලා ඔන් ඉතින් කතාව කියලා ඉවර කරමු කෝ,

බීජිං හිටං ෂැංහයි වලට දුර 3,296 කිලෝ මීටර්, කොහොමද පැය දහයක් විතර වගේ නේ, අපි පැය දහයක් කෝච්චියේ හර බස් එකේ හරි ගියාම කිලෝමීටර් 350-400 විතර තමයි ශ්‍රි ලංකාවේ ගමන් කරන්නේ, එතකොට අප චීනට වඩා 10 ගුණයක් හෙමින් තමයි වැඩ කරලා පුරුදු අප්පච්චි යේ එකයි අර එහේ කට්ටිය ගෙනල්ලා අපේ වැඩ බල වන්නේ නේ

ඉතින් හිතල බලන්න කිලෝමීටර් 3000 ගමනක් යනකොට පැයට කි.මී 50 වෙනස කොහොම බලපානවද කියලා මේ වේගය වැඩිකිරීම හේතුවෙන් ලබන සතියේ ඉදන් එහාට මෙහාට යන අයට දවසට වැඩිපුර පැයක් එකතු වෙනවා

සාමාන්‍යා දැනීමට අවශ්‍යනම් මෙන්න

චීනයේ රේල්පාරවල් ඔක්කොගෙම දිග කිමී 19,960
චීනයේ මලු භුමි ප්‍රමාණය වර්ග කිමී මිලියන 9,597,000
අනුපාතය 480 = (9597000/19960)

ශ්‍රි ලංකාවේ රේල්පාරවල් ඔක්කොගෙම දිග කිමී 1,508
ශ්‍රි ලංකාවේ මලු භුමි ප්‍රමාණය වර්ග කිම 65610
අනුපාතය 43 = (65610/1508)

හරි පුදුමයි නේ අර 10 ගුණය මෙතනත් පෙන්නුම්කරනවා,

එක තමයි සත්‍ය ඔන්න ඉතන් කතාව ඉවරයි,

නිගමනය චනා ශ්‍රි ලංකිකයාට වඩ 10 ගුණයක් කඩිසරය, එයට එම රටේ ඇති යටතල පහසුකම් හේතුවන්නාසේ පෙනේ, එවාගේම නොයෙකුත් අධිරාජ්‍යවාදීන් විසින් චීනයෙන් සොරාකැ ධනය මෙම ඵලදායිතාව නිසා ඔවුන් එක්රුස්කර හමාරය.

අයි. සිරිවර්ධන


අන්තර්ජාලයේ රයිනෝ අං වෙන්දේසිය කිලෝවක් රුපියල් මිලියන 100 යි.


මෙම සුපිරි අන්තර්ජාල වෙන්දේසිය අගෝස්තු 23 වැනි දින, වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙනි. වෙන්දෙසිය සංවිධානය කර ඇත්තේ ජෝන් හ්යුම් නම් ව්‍යාපාරිකයකු විසොනි. රයිනෝ අං ලෝකයේ සෑම ප්‍රදේශයකම සුලභ නොවේ. එනිසාම ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන්ද ඉහළ මිලක් පවතී. නමුත් පරිසර හිතවාදීන් මීට විරෝධයක් ප්‍රකාශ කර සිටිති. සමහර අවස්ථාවන්හිදී ජීවිතයට හිමිවන ලස්සන දෙවල් අභාග්‍යය ලබා දෙමින් අප විනාශය කරා යැවේ. දැන් රයිනෝ සත්වයාට සිදුවී ඇත්තේත් එවැනි දෙයකි.
    වෙළඳපොළෙහිදී රයිනෝ අං කිලෝවක් ඩොලර් දශ ලක්ෂ ගණනකට අලෙවි වෙයි, රයිනෝ අං විකිණීම සම්බන්ධයෙන් පරිසර සංරක්ශකයින්ගේ විරෝධතාව එල්ලවී ඇත්තත් ජෝන් පවසන්නේ මෙම වෙන්දේසිය නිසා දඩයක්කරුවන් නිසා මරණයට පත්වන රයිනෝ සත්ව ප්‍රමාණය ද වැඩිය. නමුත් මෙම ව්‍යාපාරිකයා පවසනුයේ තමන් රයිනෝ අං ගැලවීමේදී සත්වයට කිසිම හිංසාවක් නොකර එය සිදු කරන බවයි. තම ගොවිපලෙහි රයිනෝ 1500ක් පමණ සිටින බව ද සඳහන් කරන ඔහු දඩයක්කරුවන් මෙන් ඔවුන් මරණයට පත් නොකර එන්නතක් මඟින් සිහිමුර්ජා කිරීමෙන් පමණක් අං ගැලවීම සිදුකරන බවද පවසති.
   ලෝකයෙන් වඳවී යන සත්වයෙකු ලෙසට නම් කර අති රයිනෝ සතුන්ගේ අං විකිණීම සම්බන්ධයෙන් ජත්‍යන්තර වශයෙනුත් විවිධ සීමාවන් පවතියි. සාමාන්‍යයෙන් දඩයම් බලපත්‍රයක් මිලට ගැනීමට ඩොලර් 350,000ක් පමණ ගෙවීමට සිදු වේ.
නමුත් මේ පුවතත් සමඟ දැනට ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති රයිනෝ අං වෙලඳපොලවලට යළිත් නව පණක් ලැබෙනු ඇති බව ද විචාරකයින් ප්‍රකාශ කර ඇත.

අයි. සිරිවර්ධන


ශ්‍රී ලංකාවේ අවස්ථා දෙකකදී පමණක් ගබ්සාව නීතිගත කෙරෙන නව ක්‍රමවේදයක් ගෙන ඒමට සැරසෙයි.

ලෝකයේ රටවල් බොහෝමයක් ගබ්සාව නිතිගත කර ඇත. නමුත් ලංකා රජය මේ සම්බන්ධයෙන් නීතියෙන් අවසර ලබාදී නොතිබුණු අතර එය සමාජයීය වශයෙන් ද වීව්ධ කතිකාවත් වාදයන් බිහිවි වීමටත් හේතු විය.

ඒ අනුව සාධාරණ හේතුන් දෙකක් සඳහා පමණක් ඉදිරියේදී ගබ්සා සිදුකිරීමට නීතියෙන්  අවසරය ලබාදෙමින් සම්පාදනය කළ නීති කෙටුම්පත කැබිනට් මණ්ඩලයෙහි හා පාර්ලිමෙන්තුවෙහි අනුමත කරගැනිමට නියමිතයි.
මෙය මෙරට ප්‍රජනන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක ප්‍රතිපලයකි.

ඒ අනුව ලිංගික අතවරයකට මුහුණදී ගැබ්ගැනිමකදි හෝ මාරාන්තික උපත් ආබාධ සහිත දරුවකු ගබ්සා කිරීමට නීතියෙන් අවසරය ලබා දීමක් සිදුවනු ඇත.

මේ සඳහා තවදුරටත් නිසි ක්‍රමවේදයක් ද කෙටුම්පතට ඇතුලත් කර ඇත. ඒ අනුව අතවරයකින් පසුවද ගබ්සාකර ගැනීම සඳහ නීතිමය අවසරය ද අවශ්‍ය වනු ඇත. ඒ අනුව ඉහත අවස්ථාවලදී විශේෂඥ වෛදවරු දෙදෙනෙකුගේ නිර්දේශයන් සහිතව රජයේ රෝහල්වල දී පමණක් ගැබිණි බව අවසන් කළ හැකි බවත් එහි සඳහන් වේ.

අයි. සිරිවර්ධන


ඇෆ්ඝනිස්තානයේ යුවතියන්ගේ කන්‍යාභවය පිරික්සීම නතර කෙරෙයිද?

ඉන්දියාව, ශ්‍රී ලංකාව , පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය වැනි රටවල තවමත් සමජය තුළ යුවතියගේ කන්‍යාභාවය පිරික්සීමේ චාරිත්‍ර සම්ප්‍රදායන් යම් ආකාරයකට පවතියි. ඒ ගැන විවිධාකාරයේ මතවාදයන්ද නිර්මාණය වී පවතී. යුවතියන්ගේ කකන්‍යාභාවය පිරික්සීමේ වැඩපිලිවෙල දරුණුම ආකාරයකට සිදුකරන රටක් ලෙසට ඇෆ්ඝනිස්තනය නම් කළ හැකියි.

නමුත් ඇෆ්ඝනිස්තාන ස්වාධින මනව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ මෙය අසාධාරණ පුරුද්දක් බවයි. එමඟින් කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය තත්වයටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, එනිසා මෙම ක්‍රියාව ලිංගික අපචාරයකට සමාන වරදක් විය හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එරට කාබුල් ඇතුලු ප්‍රධාන නගර රැසක පිරිමින් සමඟ සිටියදි හසුවී පොලිසිය විසින් රැඳවුම් භාරයට ගනු ලබන කාන්තාවන් මෙන්ම පිරිමින් සමඟ රහසින් පළා ගෙස් සිටියදි පොළිසියට හසු කරගත් කාන්තාවන් මෙලෙසින් කන්‍යාභාවය පිරික්සුම් පරීක්ෂණයකට භාජනය කෙරෙණු ඇත. කෙසේ හෝ මෙම ක්‍රියාව නිසා කාන්තාවන් මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත්වීමක් බොහෝ විට සිදුවන අතර එම රටවල සමාජයීය වශයෙන්ද එය කැළලක් ලෙසට හැඳින්විම නිසා එම කාන්තාවන් තවදුරටත් සමාජය හමුවේ අසරණ වන බවත් ඇෆ්ඝන් මානව කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙයි.

එනිසා මෙම අසාධාරණ වැඩපිළිවෙල නතර කරන ලෙසටත් ඔවුන් එරට රජයෙන් ඉල්ලීමක් කර ඇත.

අයි. සිරිවර්ධන


ඊයේ 21 වැනිදා ඇමරිකාවට දහවල රැයක් විය. පූර්ණ සූර්යග්‍රහණය ට්‍රම්ප් නැරඹුවේ මෙහෙමයි.

ඊයේ 21 වැනිදා සවස 1: 16 පමණ වනවිට ඇමරිකාවේ මුලු අහසම අඳුරු විය. සූර්යා ලෝකය ක්‍රමයෙන් අඩු වී ගොස් දහවලද රැයක ස්වරූපයට පත්විය.

පූර්ණ සූර්යග්‍රහණය ඔරිගන් වෙරළ තීරයට අපූරුවට දැකගත හැකිවිය. සමහර විට මේ ආකාරයට පූර්ණ සූර්යග්‍රණයක් අපට දැකගැනීමට සිදුවන්නේ ජීවිතයේ එක් වතාවක් පමණක් විය හැකියි. එදින ලබාගත දුර්ලභ ඡයාරූප කිපයක් අන්තර්ජලයට එක්කර තිබුණි.

ඒ අනුව ඇමරිකාවේ ඒ ඒ ප්‍රදේශයන්ට දැකගත හැකිවූ සූර්යග්‍රහණයෙහි අවස්ථාවන් කිපයක් පහත දැක් වේ.මේ අතර එම දුර්ලහ සූරයග්‍රහණය නැරඹූ විශේෂ අමුත්තෙක් ද සිටියා. ඔහු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මෙම ලෝක බලවතා ධවල මන්දිරයේදී සිය ආර්යාව ද සමඟ සූර්යග්‍රහණය නරඹා ඇත්තේ දෑස් ආවරණ කණ්ණාඩියක් හෝ නොපළඳාය.

මේ අතර නාසා අයතනය විසින්ද G-III අභ්‍යාවකාශ යානය හා දියුණු තාක්ෂණික දුරේක්ෂයන් ඇසුරෙන් මෙම පූර්ණ සූර්යග්‍රහණයෙහි සුපැහැදිලි දර්ශනයන් ලබාගෙන තිබුණි. එම සමීප ඡායරූප වල සූර්යාගේ ආලෝකයෙහි ඇතිවූ වෙනස්කම හා හිරුගේ ආලෝකය ගිලගැනිමට හේතුවූ, අඳුරු වූ චන්ද්‍රයා විසින් සුර්යයා වසා ගැනීමේ දර්ශනය පැහැදිලිව පෙන්වීය. මේ අතර ඇමරිකානු ජනතාව විවිධ ප්‍රදේශයන්ට දර්ශනය වූ සූර්යග්‍රහණයයන් නරඹමින් විනෝද විය. එය හොඳින්ම දර්ශනය වී ඇත්තේ ඔරිගන් වෙරළබඩ ප්‍රදේශයටයි.

කෙසේවෙතත් මේ තරම් අඳුරු සෙවනැල්ලක් සහිතව දිස් වූ වෙනත් සූර්යග්‍රහණයන් අල්පය.

1918න් පසු මේ තරමටම අඳුරක් ඇති කළ පූර්ණ සූර්යග්‍රහණයක් ඇති නොවූ තරම්ය. නැවතත් පුර්ණ සූර්යග්‍රහණයක් ඇමරිකාවට 2024දීය. නමුත් මුලු ඇමරිකාවටම දැකගැනීමට හැකි ලෙසට මෙවැනි සූර්යග්‍රහනයක් යළි ඇතිවිය හැකි වන්නේ 2045දීය.

අයි. සිරිවර්ධන


මේ අලුත්ම රුධිර එන්නත් ක්‍රමයෙන් වයසට යාමේදී හා රෝගී වීමේ ගැටලු අවම වෙනවලු.

අප ජිවිතේ සැඳෑ සමයට අවතීර්ණවීමත් සමඟ දියවැඩියාව හෝ හෘදරෝග වැළඳී ශරිරය දුර්වලවීමේ ගැටලු වැඩිපුර ඇතිවිය හැකියි. දැන් එයට යම් විසඳුමක් ලබාදිය හැකි අපූරු ක්‍රමවේදයක් සැන් ෆ්රැන්සිස්කෝහි ජෙසී කාර්මසින් විසින් ප්‍රථමවරට අත්හදා බලා තිබෙනවා. ඔහු පවසන අන්දමට මෙය එක්තරා ලෙසකට කණපිට ගැසූ ප්ලාස්ටික් සැත්කමකි.

මෙහිදී නිරෝගී නව යෞවනයින්ගෙන් ලබාගත් රුදිර සාම්පලනයන් වියපත් හෝ දුර්වලවූ රෝගීන්ට පාරවිලයනය කරමින් රුධිර සාම්පල ප්ලාස්මා ලීටර 2.5ක් එන්නත් හරහා ලබාදෙයි. එහිදි රුධිරයෙහි දියරමය කොටස ඉතිරිකරමින් අනෙකුත් සෛල ඉවත් කිරීමක් සිදු වේ. ඇම්බ්රෝසියාහි මේ සම්බන්ධයෙන් වූ සායන ප්‍රතිකාර පරික්ෂණයක් සඳහා 60 හැවිදිරි වියේ පසු වූ පුද්ගලයින් 100ක් පමණ සහභගිවී තිබුණි.

මෙහි ප්‍රතිපලය මඟින් වයසට ගියත් ඔබට නිරෝගී ශාරීරික හා මානසික වශයෙන් යම් නිරෝගී බවක් ලබගැනීමට ඉවහල් වනු ඇත. විශේෂයෙන්ම ඉන් මොළයෙහි හා හදවතෙහි ක්‍රියාකාරිත්වය යම් වර්ධනය වීමක් සිදු කරන බව පැවසේ. එනිසා වියපත් පුද්ගලයින්ගේ මතක ශක්තියද වැඩි කෙරෙණු ඇත.

එහි ප්‍රතිපලය හැමදාටම නොපැවතුණත් ඉන් ඔබට යම් කාලයක් දක්වා නිරෝගීව සිටීමේ භාග්‍යය හිමිවිය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේවැනි ප්‍රතිකාරයේදී නව යෞවනයෙකුගෙන් රුධිරය සපයාගැනීමකදී සාමාන්‍යයෙන් රු ලක්ෂ 12ක් තරම් විශාල මුදලක් ද වැය වේ.

මෙතෙක් සිදු කර ඇත්තේ ප්‍රතිකාරයෙහි යම් අත්හදා බැලීමක් පමණි. එය යම්තාක් දුරට සාර්ථක වීය.

කොහොම නමුත් එය 100%ක් ම සර්ථක ප්‍රතිකාරයක් ලෙසට ඔප්පුකරගැනීමට නම් තවදුරටත් සාක්ෂී අත්හදාබැලීම් අවශ්‍ය බවත් පරික්ෂකයින් පෙනවා දි ඇත.

අයි. සිරිවර්ධන


ලංකාවටත් ඉන්දියාවෙ ලෙඩේ බෝ වෙලාද? ලාංකික ක්‍රිකට් ලෝලින් කලබල ඊයේ කරලා.


ඊයේ දින 2017-08-20 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදි පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක් දින තරඟයේදී පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්වූ ලාංකික ප්‍රේක්ෂකයින් මදක් කලබලකාරී ලෙසට හැසිරී ඇත. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින්ම තරඟයට පහරදි ලබාගනු ලැබුවේ ලකුණු 216ක් පමණි. එයට පිලිතුරු ලෙසට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 220ක් ලබා ගනිමින් විශිෂ්ට පිති හරඹයක යෙදෙමින් ජයග්‍රහණය ලබා ගත්තේය.. මෙම තරඟයට නායකතවය ලබා දී තිබුණේ උපුල් තරංගයි.

එහිදී ලාංකීය ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමට එරෙහිව විරෝධතා දැක්වීම නිසා ඔවුන් විසිරි යනතුරු ශ්‍රි ලාංකීය කණ්ඩායමට පිටිය තුළ විනාඩි 30ක් පමණ රැඳී සිටීමටත් සිදුවී ඇත. එහිදී අවශ්‍ය වුවහොත් පිරිස පාලනය කිරීමට කැරලි මර්දන පොලීසිය ද සූදානම් කර තිබූ බව ද වාර්තා වේ.

මෙවැනි සිද්ධීන් මීට ඉහතදී ඉන්දියාව වැනි රටවලින් සුලභව වාර්තා වුවත් ශ්‍රී ලංකාවෙන් වාර්ථා වී තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීමටහ් සමඟම ලාංකීය ප්‍රේක්ෂකයින්ද දැන් කෝපයට පත්ව ක්‍රිකට් තරඟ වලදි විරෝධතා දැක්වීමට පටන් ගෙන ඇති බවක් පෙනෙයි

එපමණක් නොවෙයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේදී අත්ව අති ඉරණම ගැන මාධ්‍ය ඔස්සේද විවිධ විවේචන එල්ල වෙමින් පවතී.

අයි. සිරිවර්ධන


නුදූරු අනාගතයේදීම මාර්ග තදබදය අවම කරන පියාසර කලහැකි රථවාහන

තාක්ෂණය අද වනවිට කෙතරම් දියුණු වී ඇතිදැයි කිවහොත් නුදුරේදීම මාර්ග වලට ඉහලින් පියාසර කරන පුද්ගලික මෝටර් රථ අපට දැක ගැනීමට හැකි වනු ඇත. මේ ඉගිලෙන කාර් නිසා ඉදිරියේදී උඩු ගුවනේත් මාර්ග තදබදයක් ඇතිවෙයිද? අනතුරු වැඩිවෙයිද? කියලා සමහරු ඉන්නේ දෙගිඩියාවෙන්.

පෝල් ඩිලොරියන් (Paul Delorean) යනු ගුවන් ගමන් කරන අපූරු වාහන නිපදවිමේ හැබැම දක්ෂයෙකි. ඔහු ඩිලොරේන් 'එරොස්පේස්' සමාගමෙහි සේවය කර සුප්‍රකට ඩිලොරේන් පවුලේම නෑදෑයෙකි. ඔහු මීළඟට නිපදවිමට යන්නේ F1 රේස් කාර් වැනිම තවත් හරිම අපූරු නිර්මාණයකි. එය උඩුගුවනෙහි පියාසර කරන කාර් රථයකි. මෙය පොදු ප්‍රවාහන සේවයක් නොවෙයි, ඔබේ පුද්ගලික පරිහරණය සඳහාම වූ ගුවන් කාරයකි.

එය DeLorean DR-7 ලෙසට නම් කර ඇති අතර මගී අසුන් 2ක් සහිත කුඩා රථයකි. රථය පියාසර කිරීමට දෙපසින් තටු දෙකක් ද ඇත. එය තිරස් දිශනතියකට ගොඩබෑම සිදු වේ. මේ වනවිට ඔහු එහි ආකෘතියක් නිපදවා ඇත.ආකෘතියේ දිග අඩි 30ක් හා පළල 18.5කි. තවද ඔහු ස්වයංපාලක බැටරියෙන් දුවන යානයක් ද නිපදවීමට සැරසෙමින් සිටියි. ලබන වසර අවසාන වනවිට එම සිහිනයත් යතාර්ථයක් කරගන්නා බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඒ අතරම මේ ගුවන් කාර් රථය පියසර කිරීමේදී එන්ජිමෙහි දෝෂයකින් හෝ මාර්ගයකදි අනතුරකට ලක්වීමක් නැතිනම් කඩා වැටීමක් වැනි අනතුරක් සිදු වුවහොත් එවැනි අවස්ථවක දී යෙදිය යුතු පිළියම් ද ප්‍රායෝගිකව සලකා බැලිම වැදගත් වේ.

අයි. සිරිවර්ධන


දවල්ට කෙටි නින්දක් ලබාගැනීමෙන් සේවකයින්ගේ ඵලදායිතාව වැඩි වෙනවලු.

සාමාන්‍යයෙන් අප වැඩි වේලාවක් නින්දට වැටෙනුයේ රාත්‍රී කාලයේදීය. වර්තමානයේ අප වෙසෙන කාර්ය බහුල සමාජය හා ජීවන රටාව තුල බොහෝ දෙනෙකුට රාත්‍රියේදි වුවද නිදා ගැනීමට ලැබෙනුයේ පැය 5ක් වැනි අඩු කාලයක් බව විද්වතුන් පවසති. මේ අතරතුර කාලයේදි ද රැකියා ස්ථාන වල විඩාවට පත්වන අපට කෙටි නිදිමතක් ඇතිවීම ස්වාභාවිකයි.

සාමාන්‍යයෙන් දිවා ආහාරයෙන් පසු සවස 3 ආසන්න කලයේදි ඔබට නිදිමත වැඩිපුර දැනීමට හැකියි. එහිදී ඇත්තටම විනාඩි 20ක් හෝ 30ක් වැනි කාලයකදී ඔබ ලබාගන්නා කෙටි නින්ද හේතුවෙන් ඔබේ කායික හා මානසික නිරෝගීකම, ඵලදායිතාව, මොළයෙහි ක්‍රියාකාරිත්වය හා මතක ශක්තිය වැඩිවීමෙන් සැළකිය යුතු අන්දමේ සුබවාදි බලපෑමක් ඇති කරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා. නමුත් ඔබ මෙහිදි විනාඩි 30කට වැඩි නින්දක් ලබග්තහොත් ඒ හේතුවෙන් ඔබේ රාත්‍රී නින්දටද බාධා ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි. එනිසා එයින් නම් ඔබට කිසිදු සෙතක් ඇති නොවනු ඇත.

ඇත්තටම ඔබ කරන රැකියාව ගූගල් හෝ උබර් වැනි තාක්ෂණය හා සමග වැඩකටයුතු කරන ආයතන නම් මෙ සේ නිදාගැනීමට අවශ්‍ය පහසුකම් ඔබ ආයතනයේ දැනටමත් පිහිටුවා සිටීම පුදුම වන්නට කාරණයක් වන්නේ නෑ. ඒ වාගේම ශ්‍රි ලංකාවට ආවේනිකව රාජ්‍ය අංශයේද මෙවැනි පහසුකම් රජයේ සේවකයින්ට ලබාදී ඇති බව අපට අසන්නට ලැබුනා.

ඒවගේම නෝර්වේ ස්පාඥ්ඥ වැනි රටවල දවල් කැමට පැය කිහිපයකට වඩා වෙන්කර තිබෙන්නේත් මෙවගේ කාරණා හේතුකොටගෙන තමයි

ඉතින් ඔන්න අද හවස තුනට විතර පොඩි නැප් එකක් දාලා බලන්න. හැබියි ලොක්කා ශේප් නම් වැතරයි. අවුල් දාගෙන් පිටුවටත් කොක්කක් දාන්න එපා යාලු..

අයි. සිරිවර්ධන


අපේ රියදුරන්ට රු 25000 රථවාහන දඩය අවුල් නැහැලු. හැබැයි 10,000 දඩය අවුල්.

පසුගියදා රජය විසින් මාර්ග නීති කඩ කරනු ලබන රියදුරන් වෙනුවෙන් නව දඩ මුදල් යෝජනාවලියක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුණි. එයට එවැනි පනතක් ගෙන ඒමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරු ශීඝ්‍රයෙන් වැඩි වී යමින් තිබීමයි. 2016 දි පමණ රිය අනතුරු වලින් මරණයට පත්වූ සංඛ්‍යාව 3003ක් විය.

රු 25000 දඩය නිර්දේශකර ඇත්තේ පහත වැරදි සඳහා පමණි.

1. රියදුරු බලපත්‍රයක් නොමැතිව හෝ වලංගු රියදුරු බලපත්‍රයක් රහිතව රිය ධාවනය කිරීම.

2. මත් පැන් හෝ මත් ද්‍රව්‍ය ලබාගැනිමෙන් පසුව රිය පැදවීම.

3. දුම්රිය මාර්ග අසලදී නොසැළකිලිමත් ලෙසට රිය පැදවීම.

4. රක්ෂණාවරණයක් නොමැතිව හෝ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය පැදවීම.

ඉහත දඩ සංශෝධනය ගැන රියදුරන් විරෝධය දක්වා නොමැති නමුත් එයට අමතරව වැඩිකර ඇති අනෙකුත් දඩයන් ඉතා අසාධාරණ බව ඔවුන් පවසති. එම දඩ නිසි ක්‍රමවේදයක් යටතේ සංශෝධනය විය යුතු බව ඔවුන්ගේ මතයයි. දැනට එම දඩ සම්බන්ධයෙන් ඕනැම රථවාහන පොලිස් නිලධාරියෙකුට රිසි ආකාරයකට දඩයක් ලිවීමට හැකියාවක්ද පවතී.

ඒවා කීපයක් පහත දක්වේ.

•  අධික වේගයෙන් රිය පැදවීමේදී අවම දඩය, රු 3,000 සිට 15,000 දක්වා වේගය අනුව වැඩි වේ.
•  වම් පසින් ඉස්සර කිරීමමකදී දඩය අවමය රු 2000 දක්වා වැඩි කිරීම.
•  අනෙක් තැනැත්තන් කෙරෙහි නොසැළකිලිමත්ව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රු 10,000 කි. 
•  අපරීක්ෂාකාරීව හෝ අන්තරාදායක අන්දමකින් වාහනයක් ධාවනය කළහොත් අවම දඩය රු 10,000 කි.


දඩ පැනවිමෙන් පමණක් අප රට තුල රිය අනතුරු වැළැක්විය නොහැකිය. ඒ සඳහා අපේ මහා මාර්ගවල ඇති දුර්වලතා අවම කරගනිමින්, මාර්ග පිළිසකර කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවිය යුතුව තිබේ.  මර්ග පුවරු, සංඥා, රාත්‍රීයේ මාර්ගවල විදුලි ආලෝකයන් නිසි ලෙසට පැවතිමත් අත්‍යවශ්‍යයි.
අයි. සිරිවර්ධන


ලෝකයම කුතුහලයෙන් යුතුව බලා සිටි අයි ෆෝන් 8 අලුත් අංගයන් කීපයක් සමඟ සැප්තැම්බරයේදී එළි දකියි.

 
මේ වසර වනවිට අයි ෆෝන් දුරකතනය හඳුන්වාදී වසර 10ක් ගතවි හමාරයි. එයට සමගාමිව සිය 10 වැනි සංවත්සරය වෙනුවෙන් ඔවුන් වෙනස්ම අලුත් මාදිලියක අයි ෆෝන් -8 දුරකතනය ලබන සැප්තැම්බරයේදී හඳුන්වාදීමට නියමියයි. ලෝකයම මේ අලුත්ම ආකාරයේ අයි ෆෝන් එක ගැන කුතුහලයකින් කතා කරමින් සිටිති. මෙහි වීදුරු පැනල දෙක අතර මළ නොබැඳෙන රන් පැහැයට හුරු ලෝහ රාමුවකින්ද සමන්විත වේ.
 
අඟල් 5.8ක පුලුල් OLED තිරයකින් ද එය සමන්විතයි. මීට අමතරව එහි ටච් අයි ඩී සංවේදකයක්, LED ෆ්ලෑශ් හා මයික්‍රොෆෝනයක් ඇත. ඒ හැමටම වඩා මෙම අලුත් ජංගම දුරකතනයෙහි ඇති සුවිශේෂත්වය නම් සිරස් අතට නොව තිරස් අතට දිශානත තිරය ක්‍රියා කිරීමයි. ඒ හා ද්විත්ව කැමරා, ඉදිරිපස කැමරාව හා සම්බන්ධ කර ගැනීමද සිදු කල හැකියි.
 
මේ අතර ඇපල් සමාගමෙහි සම නිෂ්පාදක ෆොක්ස්කෝන් සමාගම විසින් මීට බොහෝදුරට සමාන පහසුකම් අංග සහිත දුරකතනයක වීඩියෝ 2ක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. කොහොමවුනත් එය ඇපල් අයි ෆෝන් 8 උපාංගයමද? යන මේ වනවිට හරියටම තහවුරු වී නැහැ. ඇපල් සමාගම සැප්තැම්බර් වන තුරු අලුතින් හඳුන්වදීමට යන අයි ෆෝන් වල වීඩියෝව රහසක් ලෙසට තබාගැනිමට වෑයම් කරමින් ඇති බවකුත් පෙනි යයි.
 
අයි. සිරිවර්ධන


අවුරුදු ලක්ෂ හයකට සැරයක් පිපිරෙන කන්ද, දැන් පිපිරෙන කාලය ලංවෙලා කොහොමද නවත්තන්නේ?



ඇමරිකා එක්සත් ජනපදයේ වයෝමින් ප්‍රාන්තයේ යෙලෝ ස්ටෝන් (කහ ගල) නැමැති සුරක්ෂිත ජාතික වනාන්තරයක් වෙත්. එය වර්ග කිලෝමීටර් නව දහසක් (9000 km2) පමණ පැතිරී ඇත. ශ්‍රි ලංකාවේ ත්‍රිකුණාමලයේ දක්නට ලැබෙන උණුදිය උල්පත් වැන්නක් මෙම වන සංරක්ෂණයේදී ද දැකිය හැකිය. එම වනාන්තරය අභ්‍යන්තරයේ භුමිය අති විශාල ලෝ දිය ඝන වූ භූමි තලාවලින් සමන් විතය. මන්ද ලොව පවතින විශාලතම ගිණි කන්දක් එම වනාන්තරය හා ආශ්‍රිතව ප්‍රදේශයේ පිහිටීම හේතුවෙනි.

නාසා ආයතනය මෙවැනි ගිනිකඳු හදුන් වන්නේ සුපර් නෝවා ගිණි කදු හැටියටයි. සිංහල බසින් අර්ථ දැක් වුවහොත් අධිබලැති ගිනිකඳු යැයි කිව හැකිය . මෙවැනි අධිබලැති ගිනිකඳු 20 පමණ ලොවපුරා පිහිටා ඇතිබව නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසයි. මෙම අධිබලැති ගිනිකඳු වසර 100,000 පමණ වරක් විශාල පිපිරීමක් ඇතිකරන බව ඔවුන් පවසා ඇත. එනමුත් මෙම වයෝමින් ප්‍රාන්තයේ දක්නට ලැබෙන ගිනිකන්ද වසර 600,000 වරක් පුපුරා යන අතර, දැන් එම කදු වැටිය පසුගිය වරට පුපුරා වසර හය ලක්ෂයක් සම්පූර්ණව ඇත.

මෙවැනි විශාල ගිනිකන්දක් පිපිරුවන අවස්තාවකදී ඇතිවන විශාලතම බලපැම වන්නේ ක්ෂණිකව හටගන්නා දේෂගුනික වෙනස්වීමය, එවැනි වෙනස් වීමකදී ආහාර නිෂ්පාදන කටයුතු අඩපනවීමට බොහො ඉඩ කඩ ඇත. පිපිරීමත් සමග අහසට විසිවියන අඵු නිසා සූර්යාලෝකය හීනවී ග්‍රීස්ම සෘතුවක් ආරම්භවන්නේය.
2012 වසරේ දී එක්සත් ජාතීන්ගේ සන්විදානය විසින් කරනලද සමීක්ෂණයකදී ලෝකයේ ගබඩා කොට ඇති ආහාර ප්‍රමාණය දින 74 පමණක් සීමාවන බව ගනනය කොට ඇත. එවිට එම පිපිරීම හේතුවෙන් හටගත් ග්‍රිස්මය දින 74 ඉක්මවා පැවතුනහොත් ආහාර හිගයක් ඇතිවි, මනුෂ්‍යයාගේ පැවැත්මට සෘජුව බලපෑමක් ඇති කරයි.

විද්‍යාඥයන් පවසන අන්දමට ගිනිකන්ද පිපිරීමකින් වලක්වාගත හැක්කේ එය කෙසේ හෝ ආකාරයකට සිසිල් කිරීමක් ඔස්සේය. මන්ද පිපිරීම ඇතිවන්නේ එකී කන්දේ සිට පිටවන තාපය හා අවට ඇති නොයෙකුත් වායු සහ භූමි ද්‍රවය යම් ආකාරයක උච්ච අවස්ථාවකට පැමිණි විටය. එම නිසා එම උච්ච අවස්ථාවට පැමිණිම වැළැක්විය හැක්කේ තාපය පිටවන ස්ථාන සිසිල් කිරීමට යෙදීමෙනි. නාසා ආයතනය පවසන අන්දමට දැනට එමගින් නිකුත්වන තාපය සීයට 35 කින් අවම කිරීමකට ලක්වූවහොත් එම කන්ද නැවත පුපුරායාමේ ප්‍රවණතාවය ශූන්‍ය වන්නේය.

කන්ද ආශ්‍රිතව පිහිටි උල්පත් ජලය භාවිතා කොට සිසිල් කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුන් පවසයි. නමුත් විද්‍යාඥයන්ගේ අරමුණ පොලව මට්ටමේ සිට කිලෝ මීටර් 10 පමණ ඇතුලට පොලව විද, කුහර කොට අධි පීඩනයකින් ජල නලයක් කුහරය තුලින් යොමුකිරීමයි. එවිට එම අධිපීඩනයකින් විදින වතුර නැවතත් 350 සෙල්සියස් පමණ උෂ්ණත්වයකින් යුතු හුමාලයක් ලෙස කුහරයෙන් ඔබ්බට එනු ඇත බවට ගණනය කොට ඇත. එවිට මෙම ප්‍රතික්‍රියාව තාප ශක්තිය උපයෝගීකොටගෙන විදුලිය නිෂ්පාදනය කරීමට කදිම අවස්ථාවකි, එසේ විදුලිය නිපදවා නැවත ද්‍රවාකාරයට හැරුනු එම ජලය නැවතත් කුහරය තුලින් අධිපීඩනයක් මත කන්දතුලට යොමුකල හැකිව්නේය.

කෙසේ වෙතත් මෙම ගැටලුව පිලිබද කඩිනම් පිලියමක් යොමුකිරීමට ඔවුන්ට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු  


සැප්තැම්බර් 1 වැනිදා සිට ජංගම ගාස්තු 10% පහළට. වාහන මිල අදසිට අඩුවක්

සැප්තැම්බර් පලමුවෙනිදා සිට අත්තර්ජාල පහසුකම් සහදා ටලිකොම් ආයතුන විසින් අයකරගන්නා ලද 10% බද්ද ඉවත් කිරනු ලබයි. එම හේතුවෙන් පෙර හෝ පසු ගෙවීම් කර අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා ඔබට, තම මුදලට වැඩිපුර අගයක් සැප්තැම්බර් 1 වනදා සිට ලබාගත හැකිය.

තවද කුඩා ට්‍රක්රතවල තීරුබදු ලක්ෂ 3 කින් අවම කිරීමක් අද, අගෝසුතු 18 2017 වනදා සිට ක්‍රියාත්මක වෙයි. තවද 150 cc වලට අඩු යතුරුපැදිවල තීරුබදු සීයට 90%  කින් අවම කරීමටකට ලක්කොට ඇත.

මෙම ප්‍රකාෂ මුදල් අමාත්‍යා මංගල සමරවීර මහතා විසින් ඉයේ පැවති මාධ්‍ය හමුවකදී හෙලිදරව් කරන ලදී.

අයි. සිරිවර්ධන


සිංගප්පුරු රජය බ්‍රිතාන්‍යයන් තිදෙනෙකුට කස පහර සහ සිරදඩුවම් නියම කරයි.

පසුගිය අගහරුවාදා සිංගප්පූරු රජය විසින් මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනාට දඩුවම් නියම කරන ලදී. එම බ්‍රිතාන්‍යය ජාතිකයන් වියට්නාම් සම්භව ගතය. (වියට්නාම් ජාතිකයන්ගෙන් පැවත ගෙන එන).


ඔවුන් මෙම දඩුවමට ලක්වූ හේතුව වන්නේ පසුගිය සැප්තැම්බර් මස කාන්තාවක් දූෂණය කරීමට පෙළුණු අපරාධය මතයි. එම දූෂණයට ලක්වූ කාන්තාව මෙම පුරුෂයන් තිදෙනා හා සමග සාදයකට සහභාගීවී රාත්‍රිය ගතකිරීමට නවාතැන් පලකට ගොස් ඇත. 



එහිදී ඈ නින්දට ගිය අනතුරුව මෙම පුරුෂයන් තිදෙනා විසින් ඈ නිර්වස්ත්‍ර කොට දූෂණය කිරීමට තැත්කළ බව නඩු වාර්තාවේ සදහන්ව ඇත. 



“මේ පුරුෂයින් ලිංගික චේතනා මත මෙම කාන්තාව මෙලෙස දූෂණය කොට ඇතිබවත්, එම අවස්ථාවේදී ඇයගේ සෞඛ්‍යය හෝ අයගේ ශරීරය පිලිබදව කිසිසේත් සුභදායක ආකල්පයක් ඔවුන් පෙන්වාදී නැති බවත්” නඩුකරයා විසින් තීන්දු කොට ඇත.



කස පහරට අටකට අමතරව මෙම තරුණයන් අවුරුදු 6 කට සිරභාරයට ලක්වී ඇත.

ඩිජිටල් තාක්ෂණයේ නවතම ව්‍යාප්තිය සපත්තු කුට්ටම වෙතයි


තවදුරටහ් සපත්තු පටි ගැට ගැසීම වදයක් නොවෙනු ඇත. නයික් යනු ක්‍රීඩා උපකරණ, ඇඳුම් අයිත්තම් හා සපත්තු ආදියට ලොව පුරා ජනප්‍රිය සන්නාමයක් දිනාගත් සමාගමකි.  ඉදිරි මාස කීපය තුළඔවුන් තම නිෂ්පාදනවල අලුත්ම විප්ලවීය නිෂ්පාදනයක්  හඳුන්වාදීමට  සැරසෙන බවක් පෙනී යයි.

   එය හයිපර් ඇඩප්ට් 0.1 ස්නීකර්ස් මෘදු අඩි සපත්තු කූට්ටමකි. මෙය සාමාන්‍යය සපත්තු කූට්ටමක් නම් නොවෙයි. ඇත්තටම තාක්ෂණික පහසුකම් වලින් යුතු සුපිරිම සපත්තු කූට්ටමකි.  ඔබ මෙය මිලදි ගතහොත් තවත් සපත්තුවෙහි පටි ගැටගැසීමට මහන්සිවිය යුතු නැහැ. එහි ලේස් පටි ආයාසයකින් තොරව ස්වයංක්‍රීයව සවිවීම විශේෂත්වයකි. පහසුකම් සැපයෙනුයේ බැටරියක් සමඟ සම්බන්ධවූ කේබලයක් සංවේදකයක් හා රැහැන් පද්ධතියක ආධාරයෙනි.

   යම්කිසි අවස්ථාවක පාරිබෝගික භාන්ඩයක යාන්ත්‍රික කොටසක් සම්බන්ධවීමේදී එම යාන්ත්‍රික කොටස් පාරිභොගිකයාට හානි නොවනබව සහතික කිරීම අත්‍යාවශ්ය වන්නේය. එබැවින් ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙම හදුන්වාදීම පමාවීමට ඉඩකඩ තිබෙනු ඇත.ශ්‍රි ලංකාවේ මෙවැනි ස්වාධින සහතිකවල බලපෑමක් ඇති නොවන නිසා ඇතැම්විට ශ්‍රි ලංකාවේ නයිකි ඒජන්තවරු මගින් එම සපත්තුයුවල පමාවීමකින් තොරව ලබාගත හැකිවිය හැක. මෙම අලුත් සපත්තු කූට්ටම පහසුකම් රැසකින් සමන්විත නිසා එහි මිල වැඩිවිය හැකියි. ලංකාවෙ මුදලින් නම් එය
ආසන්න වශයෙන් රු ලක්ෂයක් පමණ වන බව අපගේ ඇස්තමේන්තුවයි.

2017 සප්තැම්බර් හා ඔක්තෝබර් මාසයේදී එය ජපානය, චීනය, උතුරු ඇමරීකාව, ඉතාලිය හා ප්‍රංශය යන රටවල වෙළඳපොළවල් වලට නිකුත් කිරීමට නියමිතයි.

එනමුත් ගංවතුර වැනි පාරිසරික ආපදා අවස්ථාවන්හී මෙම සපත්තු යුවලේ යාන්ත්‍රික උපාංග වතුරසමග කොමපණ හොදකින් ක්‍රියාකරනවා ඇත්දැයි සදහන් වී නොතිබුනි. එම නිසා ඔබ එම සපත්තු යුවල මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේනම් එම කාරනාව පිලිබදව විමසිලි මත්වන්න.

අයි. සිරිවර්ධන


කට හඩ මගින් ක්‍රියාත්මක වන ගූගල් හඩ යතුරු පුවරුවට සිංහල භාෂාව ඇතුලත් වේ,

ඔන්න ලාංකිකයන් හැටියට අපිට ආඩම්බර වෙන්න දෙයක් තමයි මෙ කියන්න යන්නේ. ගූගල් සමාගම සිංහල භාෂාවට ඔවුන්ගේ මෘදුකාංග තුලින් පිලිබිඹු කිරීමට පටන් අරගෙන වගේ. ගූගල් පරිවර්තක මෙවලම් දැන් සිංහල වචන ශබ්ද නගා හඩ ගත කරන්න පුලුවන්.

ඒ වාගේම ශබ්දය මගින් ක්‍රියා කරන ගූගල් වොයිස් (google voice) නැමති ශබ්ද පුවරුවට දැන් සිංහල හදුනා ගන්න පුලුවන්. මම කරනලද උත්සාහය කදී සියට 60 පමණ වචන හදුනා ගැනී මෙ හැකියාවක් එය පෙන්නුම් කලා. ගූගල් ශබ්ද පුවරුව සාමාන්‍ය යතුරු පුවරුව පිලිබිඹු කරනා ඔ නෑම අවස්ථාවක මයික්‍රපෝනය සංකේතය තද කිරීමෙන් ආරම්භ කරගත හැකිය,

සිංහල භාවිතයට ප්‍රථම සිංහල බස ප්‍රාථමික භාෂාව හැටියට ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන බව පෙනී යයි. ඉන් අනතුරුව යතුරු කැවීම වෙනුවට තිරයේ දිස්වූ මයික්‍රෆෝනයක සංකේතය තද කොට තමාට පැවසීමට අවශ්‍ය වචන ශබ්ද නගා පිට කිරීමෙන් එය එම වචන අක්ෂර ආකාරයෙන් ඔබගේ තිරයේ දිස් කිරීමට යෙදෙයි.

මෙම සේවාව මගින් සියයට සීයක් ප්‍රතිපල ලබාගත නොහැකි වුවද වාහනයක් ධාවනය කරනා වෙලාවක තම දෑත් සුක්කානම තුල රදවා ගත හැකි කදිම මෙවලමකි. දැනට මෙම සේවාව හරහා භාෂා 30කට පමණ සේවා පහසුකම් ලබාගැනීමට හැකියාව ඇත. ගූගල් සමාගම තම මෙවලම් යතුරු ලියන කරන වේගය මෙන් 3ගුණයක් වැඩී ඇතැයි ප්‍රකාශ කරනවා, එනමුත් අපි දුටු ප්‍රතිපල එවැනි වේගයක් නිවැරදි වචන සමග ලබාගත හැකි බවක් පෙන්නුම් නොකරයි.

ඔබට සිංහල භාෂාවෙන් ජංගම දුරකතනයේ පණිවුඩ යැවීමට ඇල්මක් දක්වන්නේ නම් පිටුවේ අපි ඔබට Swiftkey නැමැති නොමිලේ ලබා ගත හැකි යතුරු පුවරුව නිර්දේශ කරන්නෙමු

අයි. සිරිවර්ධන


ලෝකයේ ආයු අපේක්ෂාව වැඩි රටවල් 5

මේ රටවල්වල එම රටට ආවේනික වූ කරුනු මත තමයි මේ ආයු අපේක්ෂාව වැඩිවී තිබෙන්නේ. ලෝකයේ සාමන්‍ය වශයෙන් ආයු අපේක්ෂාව අවුරුදු 71 පමණ වනවා. නමුත් මේ ලිපියේ සදහන් රටවල සාමාන්‍ය ආයු අපේක්ෂාව ඊට වඩා ඉහල බව දක්නට ලැබෙනවා.

මේ ලිපියට සාදක වන්නේ වසර 2017 ලොකයේ තෘප්තිමත් භාවය (World Happiness Report) ගැන පලකල වාර්තාවේ මුල් ස්ථාන උරුම කොටගත් රටවල් කිහිපයක කල සමීක්ෂණයකින් උපුටා ගත් තොරතුරුය.

ජපානය - සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 83

ජපානය කලක්සිටම දීර්ගායු අතරින් පලවන ස්ථානය හිමිකරගත් රටක්. ඔකිනාවා යනුවෙන් හදුන්වන ජපානයේ දකුනු දෙසින් යුතු දූපත් වල වයස අවුරුදු 100 ඉක්මවූවන් 400 ටත් වඩා සිටන බවට වාර්තා වනවා.
මෙම අයු අපේක්ෂාව තිබීමට වැඩි වශයෙන් උදව් වෙන්නේ ඔවුන්ගේ ආහාර වර්ගයි. ඔවුන් වැඩි වශයෙන් ආහාරයට ගන්නේ ටෝෆු සහ බතල. ජපානයට පැමිණෙන විදේශිකයකුට මෙම ආකාරය අත්දැකීමක් විදීමට හැකිවන්නේ ජපන් භාෂාව ප්‍රගුන කොට ගතහොත් පමණි. නැතහොත් පාරම්පරික ආහාරපාන ලභාගැනිමට එවැන්නෙකුට අපහසු වනු ඇත.

ස්පාඤ්ඥය - සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 82.8 ජපානයට වඩා දෂම දෙකක් අඩුයි.

ස්පාඥ්ඥන්ගේ ආහාර පාන සහ හැසිරීම් රටා මෙම ජයග්‍රහණයට හේතු සාදක වෙනවා. ඔලිව් ආශ්‍රිතව සකසා ගත් තෙල්, එලවළු සහ වයින් වලින් සමන්විත ඔවුන්ගේ දෛනික ආහාරවේල අනුභව කිරීමට ඔවුන් පැය 3 ක් පමණ ගන්නවා. මන්ද ඔවුන් රාජකාරි ඉටු කරන්නේ කාල සීමා දෙකක් ඇතුලත නිසායි. උදැසන 9 සිට සවස 2 දක්වා, මීලගට සවස 5 සිට රාත්‍රි 9 දක්වාත්ය, එවිට කැම පැයක් නොව කැම තුන් පැයක් හැටියට අර්ථ දැක්වීම කල හැකිය. ඊට අමතරව ඔවුන් පුද්ගලික රථවාහන භාවිතයට වඩා පොදු ප්‍රවාහන සේවා හෝ පාපැදි භාවිතයට ඇලුම් දක්වනවා, පොදු ප්‍රවාහන සේවා භාවිතය නිසා ඇවිදීම වැනි ව්‍යායාම දෛනික ජීවිතයේ අංගයක් හැටියම ඉෂ්ඨ වනවා.

සිංගප්පූරුව - සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 83.1

සිංගප්පූරුවේ ආයු අපේක්ෂාව වැඩිවීමට හේතුව වශයෙන් සදහන් වන්නේ එම රටේ ඇති නිවාරණ ප්‍රතිකාර ක්‍රමයයි. ආරෝග්‍යශාලා වලට පමනක් සීමා නොවුනු මෙම නිවාරණ ක්‍රම සුලුග්‍රාමික ප්‍රරදේශ ආශ්‍රිතව ඉදි කොට ඇති ක්‍රිඩා සහ ව්‍යායාම ආදාරකද හේතු වනවා. සිංගප්පුරුවේ ලදරු මරණ සහ උපතේ දී ඇතිවන මරණ සංඛ්‍යව ශූන්‍යය බැව පැවසුව හොත් කිසිවකු එම කරුණ ප්‍රශ්න නොකරති. මන්ද එය එබැවින්ම දුර්ලභ සිදුවිමක් වන නිසාය. තවද සිංගප්පූරු රජය විසින් මද්‍යසාර සහ සිගරැට් වලට පනවා ඇති අධික බදුද මෙම සුභදායක සෞක්‍යට බලපාන ඇතැයි සමහරු විශ්වාස කරති.

ස්විස්ටර්ලන්තය - සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 81

ස්විස්ටර්ලන්තයේ පිරිමි ලෝකයේ වෙනත් රටකට වඩා වැඩි ආයු අපේක්ෂාවක් ඇති පුරුෂයන් වන්නේය. යුරෝපය අශ්‍රිතව ඇති ධනවත් රටක් හැටියට නම්කළ හැකි ස්විස්ටර්ලන්තයේ සෞක්‍ය සේවා නවීනතම අංගෝපාංග වලින් සමන්විතය. ස්විස්ටර්ලන්ත වාසීහු කේජු සහ කිරි වැඩිපුරම භාවිතා කිරීමට ඇලුම් කරති.

දකුණු කොරියාව - සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 90

දකුණු කොරියාව ආයු අපේක්ෂාවෙන් ලෝකයේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නේය. කොරියානුවන්ගේ ආයු අපේක්ෂාව වසර 90 ලෙස වාර්තා වන්නේය. දකුනු කොරියානුවන් ගේ රුදිර පීඩනය බටහිර වාසීන් හා සසඳනවිට සැලකිය යුතු ප්‍රමාණයකින් අවමය. ඔවුන් බොහෝවිට අනුභව කරන්නේ පල්වීමට තිබු ආහාර බව එම වාර්ථාවේ සදහන් වන අතර බුද්ධාගම හා ආශ්‍රිත ජීවන ක්‍රමය මෙම වෙනසට සාදක වන බව දකුනු කොරියානුවන් විස්වාස කරති.

අයි. සිරිවර්ධන


පෘථිවියෙහි සිතියමක් වැරදීමෙන් පිටත අභ්‍යාවකාශයට යයි. අනාගතයේදී පිටසක්වලයින් පෘථිවිය ග්‍රහණය කරයිද?

සමහර විට අප නොසිතූ අවස්ථාවලදීද උගතුන් පණ්ඩිතයින් අමන තීරණ ගනු ලබන අවස්ථා ඇත. ඇත්තටම මේ පුවත මහා විද්‍යාඥයකු අතින් සිදුවූ මහා වරදක් ගැනයි. මිනිසකු අතින් අභ්‍යාවකාශයට යවනු ලැබූ පෘථිවියෙහි දත්ත ඇතුලත් වටිනා සිතියම් 4ක් නිසා අනාගතයේදී පිටසක්වලයින් අප පෘථිවිය ආක්‍රමණය කිරීමේ අවදානමක් මතුවී ඇත. එසේ වුවහොත් සිදුවිය හැක්කේ මහා විනාශයකි. එයින් පිටසක්වලයින්ට පෘථිවිය අත්පත් කරගැනීමේ හැකියාවක්ද තිබීමට වැඩි ඉඩකඩක් ඇත.  යම් හෙයකින් එය එසේ වුවහොත් ලෝකයෙහි විනාශය සිදු විය හැක්කේ විද්වතෙකු අතින් වූ වරදක් නිසා යයිද අපට සිතීමට සිදුවනු ඇත.

ෆ්රෑන්ක් ඩ්රෑක් යනු ලොව සිටින අතිදක්ෂ, කීර්තිමත් ඇමරිකානු තාරකා විද්‍යාඥයකි එමෙන්ම පිටසක්වල ජීවීන් ගැන අධ්‍යයන කරනා සුප්‍රසිද්ධ විද්‍යාඥයකි. ඔහු නාසා ආයතනය සමඟ එක්වී මෙම සිතියම් රූ සටහන් සකසා අත්තේ පෘථිවියෙන් එපිට අභ්‍යාවකාශය වෙත යවන රොබෝ තාක්ෂණික අභ්‍යාවකාශ යානා කීපයක් වූ පියොනියර් 10, 11 හා වොයේජර් 1 හා වොයේජර් 2 වෙත යැවීම සඳහාය. ඒ අනුව එම යානාවල ඇතුලත්කර තිබු සිතියම් සටහනෙහි පැහදිලිව අනෙකුත් ග්‍රහ ලෝක අතරෙහි පෘථිවියෙහි පිහිටීම හා එහි පසෙක සිටින ස්ත්‍රී පුරුෂ මිනිස් ජීවීන් දෙදෙනෙකුගේ චිත්‍ර රූපක සටහන් විය. ඒ අතර වොයේජර් යානාවක පෘථිවියෙහි ඡායාරූප, හා ස්වභාවික ශබ්ද ආදියද අන්තර්ගත වී තිබුණි. එය දකින අසන ඕනෑම ජීවියෙකු අප පෘථිවිය වෙත ආකර්ෂණය වනු නොඅනුමානයි. මේ වනවිට මෙවැනි සිතියම් 4ම පිටත අභ්‍යාවකාශය වෙත පිට වී අවසන්ය. යම් හෙයකින් එය පිටසක්වල ජීවී කොටසක් වෙත ගියහොත් ඔවුන්ට පෘථිවියෙහි පිහිටීම් හා රහස් තවදුරටත් සොයාගැනීමට ඇති ඉඩ කඩ පහසු කෙරෙනු ඇත. තත්පර ගණනක් ඇතුලත දුරදිග නොබලා ගනු ලැබූ එම දුර්වල තීරණයෙහි අවසන් ප්‍රතිපලය භයානක එකක් වීමට හැකි බව ඔහුට තේරි ඇත්තේ දැන්ය. මේ සම්න්බන්ධයෙන් පඨක ඔබගේ අදහස් ද අප වෙත යොමු කිරිමට අප ඉඩකඩ සලසා දෙන්නෙමු.

අයි. සිරිවර්ධන


පුරාවිද්‍යාඥයෝ විසින් ඊජිප්තුවේ සොහොන් 3 ක් සොයාගෙන

වසර 2000 වඩා පැරණි සොහොන් කොත් 3ක් කයිරෝ නුවරින් දකුණු ප්‍රදේශයක පුරාවිද්‍යාඥයෝ විසින් සොයාගත් බවට බී.බී.සී ආයතනය වාර්තා කරනවා.

අල් කමීන් අල් සාහාරවායි යන මෙම ප්‍රදේශය මින්යා පලාතට අයිති ප්‍රදේශයක් වනවා. මෙම සොහොන් කොන් වල නොයෙක් ආකාරයේ කැටයම් දක්නට ලැබෙනවා.

දැකිය හැකි ලක්ෂණ අනුව එම ප්‍රදේශය අතීතයේ දිගුකාලයක් සුසාන භූමියක් හැටියට භාවිතා කරන ලද බව පෙන්නුම් කරනවා.

සමහර සොහොන් මිනිසා විසින් කැනීම් කොට නිර්මාණය කරනලද ගුහාවල් ඇතුලත දක්නට ලැබේ. වැඩිහිටි පිරිමි ස්ත්‍රී සහ දරුවන්ගේ සොහොන් කොත් එකම ස්ථානයේ දැකීමට ලැබීම විශේෂ කාරණාවක් හැටියට සැලකේ.

 ඊජිප්තුව පාලනය කරනලද 27 වන රජ පරපුර කාලයේ මෙම ප්‍රදේශය සුසාන කටයුතු වලට භාවිතා කර ඇති බවට ගගණය කොට තිබෙනවා.

ඒකියන්නෙ ක්‍රිස්තු පූර්ව 5වන සියවසේ වගේ, මෙම ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 2015 වසරේ, එම කැනීම් බාර නිලධාරීන් පවසන අන්දමට කැණීම කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යන බවද, තවත් සැඟවූ අතීත තොරතුරු සොයා ගැනීමට ඔවුන් බලා පොරොත්තු වෙති..

අයි. සිරිවර්ධන


ගොඩ වෙදකම් කිරීමෙන් පිළිකා රෝගය අසාධ්‍යවීමේ ප්‍රවණතාවය දෙගුණයකින් වැඩි වෙලා. විද්වතුන් අනතුරු අඟවති



මෙම ලිපියේ අඩංගු මතය පිටුව ප්‍රේක්ෂකයන්ගෙ මතයක් නොවන බවත් එකී මතය එම විශ්වවිද්‍යාලයේ පර්යේෂණය සිදුකල විද්‍යාඥයන්ගේ වන්නේය

ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙහි විද්වතුන් පිරිසක් මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබුණේ පිළිකාව වැඩි වශයෙන් සුව අතට හැරෙණුයේ සම්මත වෛද්‍ය ප්‍රතිකාර වලින් බවයි. ඒ අනුව හෙළි වූ තවත් වැදගත් කරුණක් නම් අවුරුදු 5කින් පසු රෝගීන් 78.3%ක් විකිරණ චිකිත්සාව හා රසායන චිකිත්සාව එනම් සම්මත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වී ජීවත්වීමට වාසනාව ලබා ඇති බවයි, නමුත් විකල්ප ප්‍රතිකාර සඳහා යොමු වු රෝගීන් ප්‍රතිශතය ඒ හා සැසඳීමේදි 54.7% ක් පමණක් බවද වාර්තා විය.

  පිළිකාව සඳහා කරන විකල්ප ප්‍රතිකාර ක්‍රම අතර කශේරු සන්ධි රෝග චිකිත්සා, හෝමියෝපති, කටු චිකිත්සාව හා විවිධ පාන වර්ග භාවිත කෙරේ. නමුත් එම ප්‍රතිකාර ලබාදෙන වෙදදුරුන්ට නිසි ලෙසට මිනිස් සිරුර ගැන වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැති වීම මෙයට බලපෑ එක් සාධකයකි.
මෙම අධ්‍යයනයන් තුළින් හෙලි වූ තවත් වැදගත් කරුණක් නම් විකල්ප ප්‍රතිකාර ලබාගන්නා පිළිකා රෝගීන් සාමාන්යයෙන් අවුරුදු 5කට පමණ පසු මරණයට පත්වීමේ ප්‍රවණතාවය 2 ගුණයකින් පමණ වැඩි බවයි.

විකල්ප ප්‍රතිකාර ලබාගත් පියයුරු පිළිකා රෝගින් ප්‍රතිශතයද සාපේක්ෂව 5 ගුණයකින් පමණ ඉහළයි.
මේ අතර සමත වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නොවී විකල්ප ප්‍රතිකාර වෙත යොමු වේන අන්ත්‍ර පිළිකා රෝගීන් ද මරණයට පත්විමේ ඉඩකඩ සාපේක්ෂව 4 ගුණයකින් පමණ වැඩි බවත් එම අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත.
එම නිසා ඉහත හෙළිදරවු වූ කරුණු ගැන වෛද්‍යවරයින්ගේ හා රෝගීන් යන දෙපාර්ශවයේම අවධානය යොමුවිය යුතු බවද ඔවුන් අවධාරණය කර ඇත.


අයි. සිරිවර්ධන 


අයි ෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනවල නිතර බැටරිය බැසීම අවම කල හැකි සූක්ෂම උපක්‍රම

නවීන ජංගම දුරකතන හා උපාංග බොහෝමයක නිතර බැටරිය ඉක්මණින් බැසයමක් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදෙනකු මැසිවිලි නඟනවා. එයට ඔබ ජංගමය භවිතා කරන කාල සීමාව, එහි ක්‍රියාකාරකම් හේතු සාධක විය හැකියි.

කොහොම වුනත් දැන් මෙම කාරණාව ගැන ජංගම දුරකතන නිෂ්පාදකයින්ගේ අවධානය යොමුවී ඇති බවක් ද පෙනී යයි. බොහෝවිට මීලග මාසයේදී ඇපල් සමගම හදුන්වා දීමට බලාපොරොත්තුවන නවතම අයි ෆෝන් එකේ මේ සඳහා විකල්පයක් වන ආකාරයේ බැටරියක් පැමිණිය හැකි බව වැඩි දෙනෙකුගේ මතයකි. ඕනෑම ජංගම දුරකතනයක බැටරියේ ආරෝපණය වැඩිදුරටත් රඳවා ගැනිමට ඔබට යොදා ගත හැකි සූක්ෂම උපක්‍රම කීපයක් තිබේ.

සැබවින්ම ඒ ගැන දැනුවත් වීම ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි.

* දැනුම් දීමේ අංගය සීමා කරන්න. ඔබ භාවිතා කරන ඇප් වල එවැනි දැනුම්දීමේ අංගයන් නෝටිෆිකේෂන් බොහෝවිට අනවශ්‍ය විය හැකියි. එනිසා ඒවා ක්‍රියාවිරහිත කරන්න.

* ඔබට අනවශ්‍ය අවස්ථාවලදී සමාජ ජාල ඇප් ආදිය ජංගම දුරකතන පසුතලය තුල ක්‍රියාත්මක වීම නවතා දමන්න.

* GPS තාක්ෂණය පහසුකම ක්‍රියා විරහිතව තබන්න.

* ඔබේ ජංගම දුරකථනයෙහි ආලෝක තත්වය අඩු කර තබන්න.

* අනවශ්‍ය ඇප් ඉවත් කරගන්න. බහුතරයක් දෙනා විව්ධ ඇප් නොමිලයේ දෙන නිසා ඒවා තමාට අත්‍යවශ්‍ය නොවුවත් ජංගම දුරකථනයෙහි ස්ථාපනය කර තබා ගනිති. එය ඔබෙ බැටරියේ ආරෝපණය බැස යාමට ප්‍රධාන හේතුවක් ලෙසටද බලපායි.

* ගූගල් ඇසිස්ටන්ට් හෝ සිරී වැනි පහසුකම් විසන්ධි කරන්න.

* ජංගම දුරකථනයෙහි වයිබ්‍රේටර් ශබ්ද උපයෝගී කරගැනීම හැකිතාක් අවම කර තබන්න.

* සම්බන්ධතා කිපයක් එකවර එක වර ක්රියාත්මක කර නොතබන්න. උදහරණයක් ලෙසට ඔබ වයි ෆයි බාවිතා කරන විට ජංගම දුරකථනයෙහි දත්ත හා බ්ලු ටූත් ආදී අනවශ්‍ය සම්බන්ධතා ක්‍රියා විරහිත කර තබන්න. නැතහොත් එයද ජංගම දුරකථනයෙහි බැටරිය බැසයාමට අමතර හේතුවක් වනු ඇත.

* ගුවන් මාධ්‍යය භාවිතා කිරීම හෝ දත්ත සේවාව අනවශ්‍ය විට විසන්ධි කර තබන්න වැඩි දෙනෙකු සිතනුයේ මෙය ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා කල යුතු බවකි. නමුත් ඔබට දුරකතනයෙන් වැදගත් පණිවිඩයක් නැතිනම් සම්බන්ධතාවයක් , වයි ෆයි සබඳතාව අනවශ්‍ය අවස්ථා ද තිබිය හැකියි. එවැනි විටකදී මෙම එයාර් ප්ලේන් ප්‍රාකාරය ක්‍රියාත්මක කර තැබීමෙන් බැටරියෙහි ආරෝපණය ඉතිරිකරගත හැකියි.

අයි සිරිවර්ධන

අයි. සිරිවර්ධන


ළඟදීම වට්ස් ඇප් වැඩසටහනේ ඡයාරූප සංස්කරණයට අලුත් අංගයක් එක් වෙයි.

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන හාවිතා කරන ඔබට මෙය සතුටුදායක ආරංචියක් වෙයි. ළඟදීම වට්ස් ඇප් වලට එකතු වන මේ ෆොටෝ ෆිල්ටර් අංගයෙන් ඔබේ ඡායරූප යැවීමට පෙර අවශ්‍ය පරිදි සංස්කරණ කීපයක් සිදු කර ගැනිමට හැකි වනු අැත. ෆේස් බුක් මෙන්ම අනෙකුත් සමජ ජාල සමඟ සංසන්දනය කරනා විට වැඩි දෙනෙකු ඡායාරූප යැවීමට පෙළඹෙනුයේ වට්ස් ඇප් හරහාය. එයට හේතු වන්නේ වට්ස් ඇප් හරහා පින්තූර යැවීම ඉතා සරල වීමයි.

නමුත් වට්ස් ඇප් භාවිතය හරහා ජංගම දුරකතනයේ බැටරිය ඉක්මනින් නිරෝපණ ("නිරෝපණය" අත්හදා බලන වචනයකි, අදහස ආරෝපණයේ විරුද්ධ අර්ථයල මෙම උපසර්ගය නිවැරදී නොවන්නේ නම් දන්වන්න) සිදු වන බවට පාරිභෝගිකයන් මැසිවිලි නගති. නමුත් නව ඇන්ඩ්‍රාෙයිඩ් දාවක පද්දතිය බැටරිය පිරිමැසීමට (අමතර ඇප් භාවිතා කරීමෙන් තොරව) අවශ්‍ය අංග ඇතුලත් කර ඇත.

ඡායාරුප සංස්කරන ඇප් වලින් ඇප් බෙදාහැරීමේ නාලිකාව පිරී ඇත, එමගින් අදහස් වන්නේ ඡායාරුප සංසකරණය හැමගේම සිත්ගත් අංගයක් වීමය. එම නිසා වට්ස් ඇප් සමාගම (එකියන්නේ මුහුණු පොත් සමාගමම තමයි, පහු ගිය අවුරුද්දේ මාරක් මහත්යා සහ පිරිස වට්ස් ඇප් සමාගම මිලදී ගත්තා රුපියල් බිලියන 150කට) එම අංගය ඇතුලත් කරන්න හිතන්න ඇති. සමහරවිට මුහුණු පොත් ඇප් එකට එම අංගය එකතු කිරීමට ප්‍රථම එම තාක්ෂණය අතහදා බැලීමක් වශයෙන් වෙන්න පුලුවන්.

ඉතින් මේ ආකාරයට වෙලදපොලේ දක්නට ලැබෙන කතා ඇප් කහිපයකම කතා බහට අමතරව ඇති අංග වැඩිදියුණුවීමක් දැකිය හැකියි. ජංගම සේවා ජාලා සහ අන්තර්ජාල සේවාවල දත්ත ධාරිතාව වැඩිවනවාත් සමග වැඩසටහන් නිෂ්පාදනය කරන්නන්ද එම අමතර දත්ත ධාරිතාව උපයොගීකරගනිමින් නව අංගෝපාංග තම පාරිභොගිකයාට යොමු කරීමට යෙදෙනවා.
 
අයි. සිරිවර්ධන


ළඟදීම ලුණු මිශ්‍රිත ජලය (මිනිස් දහඩිය හා කඳුලු වැනි ශරිරද්‍රව) මගින් ක්‍රියාකරන අත් ඔරලෝසුවක්


මේ දිනවල ලෝකය පුරාම නොයෙකුත් තාලයේ බැටරි වර්ග අත්හදාබලන වගක් තමයි පෙනෙනට ඇත්තේ.දැන් කිහිප දිනකට කලින් අපි කතා කලා කෙල මගින් පණගැන්විය හැකි බැටරියක් ගැන. දැන් අද කියන්න හදන්නේ දහඩිය සහ කදුලු ගැන. අපේ පැරනි කියමනකුත් තියනවානේ ඔය දහඩිය සහ කදුලු ආශ්‍රිතව.. හැබැයි විද්‍යඥයෝ මෙම ශරීරද්‍රව වලින් පමණක් සීමා කලහොත් හොදයි. මලමුත්‍රා වලින් මීතේන් වායුවක් හදලා එකෙන් ඔරලෝසු පනගන්වනවා කිවේවොත් මම නම් එක ගැන ලියන්නේ නෑ හොදේ.

මේ අතර චීනයේ විද්‍යාඥයන් පිරිසක් තවත් අමුතුම ආකාරයේ බැටරි වර්ග 2ක් අත් හදා බලා තිබෙනවා. ඒ අත් ඔරලෝසු හා වෙනත් වෛද්‍ය උපාංග ආදියට පරිහරණය කරන රෝපණ කරන බැටරි වර්ග 2 කි. අත් ඔරලෝසු ආදියට දැනට භාවිතා කරන බැටරිය විව්ධ පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගුයි. නැමුණු හෝ ඇඹරුණු විටකදී එහි ඇති රසායනික කාන්දු වීමක් වුවත් සිදු විය හැකියි.

එනිසා එවැනි බැටරියක් භාවිතයෙන් මිනිස් සිරුරටත් , පරිසරයටත් හානියක් විය හැකියි. මෙම ගැටලුවට විකල්ප විසඳුමක් ලෙසට විද්‍යාඥන් සෝඩියම් පදනම් කරගගත් එනම් සෝඩියම් සල්ෆේට් (Na2SO4) භාවිතයෙන් ක්‍රියා කරන බැටරියක්, අත්ඔරලෝසු පටියක් ආකාරයට නිපදවලා තියනවා.

දැනට පවතින බැටරියේ මෙන් මිනිස් සිරුරට අහිතකර බැර ලෝහ හෝ මළ බැඳීම, දිරායාමට ඇති හැකියාවන් එයින් අවම කෙරෙයි. මෙම නව නිෂ්පාදන බැටරිය 100 වරක් නැමූවද බැටරියට හානියක් සිදුවන්නේ නැත. ඇත්තටම මෙම බැටරිය සෝඩියම් රසායනිකයෙන් ක්‍රියාකරනවානම් නුදුරු අනාගතයේදීම අපට ලුණු මෙන්ම මිනිස් දහඩිය හා කඳුලු වලින් දුවන බැටරියක් වුවද දැක ගැනීමට හැකි වෙයි.

ඒ විතරක් නොවෙයි මෙ අලුත් නැනෝ ටියුබ් බැටරිය සොයාගැනීමත් සමඟ කෙඳි හැඩයේ ඉලෙක්ට්රෝාඩයන් හරහා මිනිස් සිරුරට ප්‍රතිකාරවලදී ඔක්සිජන් ලබාදීමටත් යෙදවිය හැකි බවද ඔවුන් පවසති. රෝගීන්ගේ ඖෂධ එන්නත කළ නොහැකි ප්‍රදේශ සඳහා එය යොදාගැනීමට හැකිවනු ඇත. ඔක්සිජන්හරණය හරහා පී.එච්(pH) අගයෙහි වෙනස්වීමත් සමඟම ඉන් පිලිකා සෛල හා ව්‍යාධිජනක බැක්ටීරියාවන් නැසිමක් ද සිදුවේ.

දැනට සාර්ථක මෙම පරික්ෂණයෙහි කටයුතු, තවදුරටත් ගෙනයමින් තිබෙන නිසා එහි අවසන් සතුටුදායක් ප්‍රතිපලය දැකිමට තවත් කෙටි කාලයක් බලා සිටින්නට සිදු වේ.
 
අයි. සිරිවර්ධන


ලබන පාසැල් වාරයේ සිට රජයෙන් උසස් පෙළ සිසුන්හට ටැබ් පරිගණක තෑගි.


වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම ලබාදුන් පොරොන්දු අතර උසස් පෙල සිසුන් හට ටැබ් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ලබන පාසැල් වාරයේ සිට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් හට ටැබ් යන්ත්‍ර ලබාදීමක් හා සෑම සිසුවෙකුටම රු 200,000ක රක්‍ෂණාවරණයක් ලබාදිම ආරම්භ කෙරේ.

මෙම ටැබ් යන්ත්‍රය හරහා සිසුන්ට අවශ්‍ය විෂය කරුණු පමණක් ලබා ගැනීමට ඉඩ සළසා ඇති අතර එහි ඩොන්ගල් හරහා අන්තර්ජාලය පිවිසීමට නොහැකි නමුත් වයි ෆයි හරහා අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට බාධාවක් නැත. නමුත් එහිදීද ඔවුන්ට භවිතා කළ හැකි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කර ඇති වෙබ් අඩවි පමණි. එනිසා අනවශ්‍ය වෙබ් අඩවි වලට යාමට කිසිදු ඉඩ කඩක් නොලැබේ. මෙම කාර්යය සාක්ෂාත් කර ගැනීම උදෙසා වැඩිදුරටත් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ හා ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයෙහි ද උපදෙස් ලබගනිමින් සිටියි. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙහි නිල වෙබ් අඩවියද නවීකරණයට ලක් කර සිසුන්ට අධ්‍යාපන පාඩම් අදිය ලබාගැනීමට පහසු ක්‍රමයකට නැවත සංස්කරණය කිරීමක් ද සිදු වීමට නියමිතයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සියලූම පාසල් වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකි පරිදි වයි ෆයි කලාපය ද පුලුල් කිරීමක් සිදු වන් ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ට සපයන පොත් පත් නැවත භාරදීමට අවශ්‍ය වුවද මෙම ටැබ් යන්ත්‍රය නැවත භාරදීමක් සිදු කිරීම අනවශ්‍ය වීමද විශේෂ කාරණයකි.
අයි. සිරිවර්ධන


උතුරු ඉන්දියාවේ රෝහලක ලදරුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට

ඔක්සිජන් ලදුපත නොගෙවීම නිසා දරුවන් හැට දෙනෙකු ජීවිතක්ෂයට උතුරු ඉන්දියාවේ පොදු රෝහලක ඔක්සිජන් වායු සේවාවේ ලදුපත් නොගෙවීම හේතුකොටගෙන ඇතිවූ ඔක්සිජන් හිඟය නිසා ඔක්සිජන් අවශ්‍යව තිබූ ලදරු හැට දෙනෙකු මරුමුවට පත්වි ඇත.

උත්තර ප්‍රාන්තයේ රාජ්‍ය නිලදාරීන් පවසා සිටින්නේ දරුවන් මියයාමට හේතුව ඔක්සිජන් හිඟය නොවන බවයි. එම දරුවන්ගෙන් බොහෝ දෙනකු එන්සෙෆලයිටිස් රෝගය මත ප්‍රතිකාර ලබමින් සිටින්නන් විය.

මෙම මරණ සංඛ්‍යාව දවස් පහක කාලයක් තිස්සේ සිදුවී ඇත. මරණ තිහක් පසු ගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අතර සිදුවී ඇත.

සිද්දිය කෙසේවූවද රෝහල් නිලදාරීන් තම වරද පිලිගැනීමට සූදානම් නැත. "දැන් අපි කල් ඉක්මවූ ලදුපත් සියල්ල ගෙවා හමාරයි, ඔක්සිජන් ටැංකි අද සිට රෝහලට පැමිනේයි" රෝහල් නිලදාරීන් පැවසූහ.

මේ අතරම විරුද්ද පක්ෂයේ නායකයන් මෙම සිද්ධිය මගින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කරන බවටද චෝදනාවක් ලැබී ඇත.

මේ දරුවන් 60 දෙනාට නිවන්සුව ලැබේවා.


මාර්ක් මහත්තයා ඇත්තටම 2020 ඇමරිකානු ජනපති වෙයිද? ඕපාදූප වල ඇත්ත කතාව මෙන්න.

මේ දිනවල ලෝකය පුරාම අතිශයින් ජනප්‍රිය ප්‍රවෘත්තියක් වී ඇත්තේ මුහුණු පොතේ අයිතිකාර මාර්ක් සකර්බර්ග් ඇමරිකාවේ මි ළඟ ජනපති වෙයිද? යන මතයයයි.

ඇත්තටම එය විය හැකිද? එසේ වුවහොත් ඔහු ඇමරිකාවේ ලාබාලතම ජනපති වනු ඇත. තවමත් මෙය අනුමාන මතයකි. එය කරලියට පැමිණියේ පසුගිය ජනවාරියේදී මාර්ක් සකර්බර්ග් කළ ප්‍රකාශයකින් පසුයි. ඔහු මින් පෙර ගොස් නැති ඇමරිකාවේ ජනපද 30 හි සංචාරය කිරීමට තමා තුළ කැමැත්තක් ඇති බවත් එය එක්තරා ආකාරයක පුද්ගලික අභියෝගයක් වනු ඇති බවත් යනුවෙන් සන්දහන් කර ඇත.

මීට අමතරව ඔහු තවදුරටත් තමා අදේවවාදියකු නොවන බවට මෑතකදී ප්‍රකාශයක් කර ඇත. එපමණක් නොවෙයි ඔහු කෝටිපතියන් නොවන සාමාන්ය ඇ,අරිකානුවන් හමුවීමට සංචාරයන් යොදා ඇති බවට ඔහු විසින් ප්රසිද්ධකර ඇති ලිපි හා ඡායාරූප සාක්ෂි දරණු ඇත.මාර්ක් පමණක්ම නොවෙයි ඔහු සහ බිරිඳ පසුගිය කාලයේදී සිට කලු-සුදු භේදය අනුමත නොකරන බව අඟවමින් යම් ප්‍රකාශයන් සිදු කිරීම මෙම අනුමානයට තවත් හේතුවකි.

මෙම සාධක සියල්ලම ඇමරිකානු ජනාධිපතිවරණයකදී අතිශයින් වැදගත් කරුණු වේ .මේ වනවිට මාර්ක් හට මුහුණු පොතේ අනුගාමිකයින් මීලියන 94ක් සිටී. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණු පොතෙහි සිටින අනුගාමිකයින් ගණන මිලියන 23කි. ඔහු මුහුණු පොතේ පියා ලෙසට හැඳින්වුවත් ඔහු තරුණ පරම්පරාව සමඟ පෝස්ටු නිකුත් කිරීම් හා ඒවා බෙදහැරීම් වැඩිපුරම සිදු කරනුයේ ඉන්ස්ටර්ග්‍රෑම් හරහාය. නමුත් මාර්ක් සකර්බර්ග් පවසන්නේ තමාට මී ලඟ ඇමරිකානු ජනපතිවරණයට ඉල්ලීමට කිසිම අපේක්ෂාවක් නැති බවකි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමාට මහජනයා වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය නම් එය ලොව ඇති ජනප්‍රියම සමාජ ජාලය වූ මුහුණු පොත හරහා වුවද සිදු කළ හැකි බවයි. එසේ නම් පසුගිය කාලයේ සිට ඔහුගෙන් ජනතාව දුටු මේ වෙනස්කම් වල යටි පරමාර්ථ ය කුමක් විය හැකිද? මාධ්‍යවේදීන් ඉහත කාරණා ගැන ඉදිරිපත් කරන තර්කනයන් මුලුමනින්ම බැහැර කළ නොහැක. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් වලටද අප ඉඩක් ලබා දෙන්නෙමු.

අයි සිරිවර්ධන. 
 

අගෝස්තු 15 සිට බස් රථ සඳහා වෙනම අලුත් මංතීරු දැනගෙන යන්න, නැත්නම් දඩය රු 25,000

අගෝස්තු 15 සිට බස් රථ සඳහා වෙනම මංතීරු ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරු ඉදිරියේදී කියාත්මක කිරිමට සැලසුම් යොදා ඇති බව අමාත්‍ය පාඨලී චම්පික මහතා සඳහන් කළේය. මෙහි ප්‍රථම අදියරය බස්නාහිර පලාතින් ආරම්භ වේ.
අලුත් පොදු ප්‍රවාහන සේවා මංතිරුවට දැනට මගී ප්‍රවාහන බස් රථ වලට අමතරව පාසල් බස් , පාසල් වෑන් රථ හා කාර්යාල බස් රථද ඇතුලත් කර තිබේ. සතියේ දිනවල උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක වේ. 

මෙහි ප්‍රථම අදියරය අගෝස්තු 15 මොරටුව කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වා හා සැවෝයි චිත්‍රපට ශාලාවේ සිට බම්බලපිටිය මංසන්ධියේ දක්වාත් ක්‍රියාත්මක කෙරේ. පසුව එහි දෙවන අදියරයේදී අගෝස්තු 22 කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් හන්දිය දක්වාද ක්‍රියාත්මක කෙරෙනු ඇත. 

ඉන් පසු අගෝස්තු 29 සිට දියත උයනේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන් හෝල් සිට තුන්මුල්ල හන්දිය දක්වාත් ක්‍රියාත්මක වේ. සැප්තැම්බර 5 සිට මරදාන ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුව, කොම්පඤ්ඤවීදිය දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත. සැප්තැම්බර් 12 සිට කොම්පඤ්ඤ වීදියේ සිට පිටකොටුව දක්වා ද එය ක්රියාත්මකයි. නැවත නොවැම්බර් 30 බොරැල්ල සිට මරදාන දක්වා ද එය ක්‍රියාත්මකව කිරීමට සැලසුම් කර ඇත. 


අයි සිරිවර්ධන. 
 

ලංදේසීන් රටවල් 15 කට කුනු බිත්තර යවයි.

(සත්‍ය ප්‍රවෘතියක් හාස්‍යමය ආකාරයට ඉදිරිපත් කිරීමක්)

යුරොපයේ රටවල් 15 ක් ස්විස්ටර් ලන්තය සහ හොන්කොන් යන රටවලට නෙදර්ලන්තය යවන ලද බිත්තරවල ක්‍රෘමිනාෂක අඩංගුයි නිසා එය කුනුවු ගනයට වැටී ඇත.

යුරෝපා සමුලුව මමෙ කුනු බිත්තර යැවීම ගැන 26 දා සාකච්චා කිරීමට බලා පොරොත්තු වේ. කුඩා ලමුන් මෙන් එක එකාට වරද නොපටවා වැඩිහිටියන් ලෙස කටයුතු කරන මෙන් කැම ආරක්ෂා කමුටුවේ ප්‍රධාන නිලදාරියා අද ප්‍රකාෂයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙම බිත්තර කුණු වීමට හේතුව මැක්කන්ට භාවිතා කරන ක්‍රෘමිනාෂකයක් (යුරෝපා රටවල දැනට තහනම් කර ඇති අමදුව්‍යයක්) භාවිතා කිරීමයි.  මෙම ක්‍රෘමිනාෂකය නිසා ආහාර අනුබව කරන්නන්ගේ අක්මාවට බලපෑම් ඇති විය හැකි බව වෛද්‍ය විසේසඥයෝ පවසති.  වැඩිපුර භාවිතයෙන් වකුගඩු සහ තයිරොයිඩ් ග්‍රන්තියටද බලපෑමට ඉඩ ඇත.

එංගලන්තයේ තොරතුරු සොයන්නන්ගේ ආරංචිමත එම රටට කුනුබිත්තර ලක්ෂ හතක් ආනයනය කොට ඇත. ඔවුන් මුලිනි ගනණය කර තිබුනේ බිත්තර 21,000 පමණි.

මේ හේතුකොටගනෙ මෙම රටවල පිරිස් තම ආහාරයෙන් බිත්තර මදකට ඉවත්කොට ගැටලුව නිරාකනය වනතේක් බිත්තර රහිත ආහාර අනුභවයේ යෙදෙයි.


පිලිකා රෝගීන්ට සුභදායක ආරංචියක්

පිලිකා රෝගය හේතු කොටගෙන කීමෝ චිකිත්සාව ලබමින් සිටිනා රෝගීන්ට මෙම ආරංචිය ඉතාමත් වැදගත් වනවා.

පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම ඖෂධ වර්ගය, ශරීරයට ඇති විස ඉතාමත් අල්ප බව වාර්තා වනවා.

මෙම සොයාගැනීම අනුව කෘතිම ප්‍රතික්‍රියාවක් මගින් වර්ධන සෛලවල පිලිකා වර්ධනයවීම වලක්වන්න පුළුවන්. එම වර්ධන සෛල ඇටමිදුළු සහ ස්නායු පද්ධතිය හා ආශ්‍රිත සෛල වනවා. කීමෝ චිකිත්සාව කවුරුත් දන්නා විදිහට රෝගියාට ඉතාම අහිතකරදයී.

එමගින් හොද සෞඛ්‍ය තත්වයේ තිබෙන සෛල පවා තුවාල කරයි, එවගේ හිසකෙස් ගැලවී යාමත් සිදුවනවා. නමුත් වත්මන් කාලයේ කීමෝ චිකිත්සාව පමණයි තවමත් රෝගීන්ට තිබෙන එකම විකල්පය. ග්ලිඔබ්ලැස්ටෝමා යනුවෙන් හදුන්වන ඉතා භායානක පිළිකාවට මෙම නව ක්‍රමවේදය මගින් ප්‍රතිකාර කිරීමට හැකියාව තිබේ.