මාර්ග අනතුරු වළක්වන අලුත් මොබයිල් ඇප් එකක් ළඟදීම පැමිණෙයි.

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වාර්තාගත ලෙසට වැඩිවී ඇති බව පසුගිය කාලය පුරාවටම දැකගන්න ලැබුණා. අපේ රටේ අය තවමත් මෙයට විසඳුම් අත්හදාබලමින් සිටින අතර ඕස්ට්‍රේලියාවෙන් පදිකයන්, පාපැදිකරුවන්ගේ හා රථවාහන ධාවකයින්ට අනතුරු වළක්වාගැනීමට උපකාරීවන අලුත් ඇප් එකක් පසුගියදා පළමුවරට අත්හදා බැලීමකට ලක් කර තිබෙනවා. 
 
එයට මූලිකත්වය සපයා අත්තේ ටෙල්ස්ට්‍රා සමාගමයි. 
 
එහිදී 4G ජංගම දුරකතනයක් හා සම්බන්ධවූ අන්තර්ජාල පහසුකම් සහිත ස්වයං පලක කාරයක් අත්හදාබැලීමට ලක් කළා. ඒ අනුව එහි ඇප් එක හරහා ස්වයංක්‍රීයව පදිකයින් හා පාපැදිකරුවන් වාහනයට හැප්පීමට යන අවස්ථාවලදී අසන්නව මීටර් 20ක දුරක් තිබියදී රියදුරු වෙතට අනතුරු සංඥාවක් නිකුත් කරයි. ඒ අනුව ඔබේ කාර් රථයෙහි තිරිංග හා පහසුවෙන් එය සම්බන්ධවන ආකාරයට සකසා ගැනිමේ හැකියාව ද පවතී. මෙය V2P තාක්ෂණය ලෙසට හඳුන්වයි. ඉදිරියේදී ස්වයංපලක රථ වල අනතුරු වළක්වාලීමේ ක්‍රමවේදයක් ලෙසට මෙය ඔබට දැකගත හැකි වෙයි. කොහොමවුණත් පාපැදිකරුවන් සඳහා මේ තාක්ෂණය යොදාගන්නා ආකාරය ගැන මෙතෙක් ඔවුන් විස්තර ඉදිරිපත් කර නැහැ. 
 මේ වනවිට ස්වයංපාලක රථ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව අතුලු ප්‍රධාන රටවල් කීපයකම ජනප්‍රිය වෙමින් තිබේ. මේ වසරේදී මිලියන 21 ටත් වැඩි අන්තර්ජාල සම්බන්ධතා සහිත ස්වයංපාලක රථ ගණනක් නිකුත් කර ඇති බවත් වර්තා වෙයි. එය 2020 පමණ වනවිට මිලියන 60ක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔවුන් පෙන්වා දේ. මේ අතර මෙම අලුත් හඳුන්වදීම සිදු කල ටෙල්ස්ට්‍රා සමාගම ප්‍රකාශ කරනුයේ 2020 පමණ වන විට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචිකරන සියලුම රථවාහන  ස්වයංපාලක ඒවා විය යුතු බවයි. එමඟින් මිනිසා විසින් සිදුකරන බොහෝමයක් මාර්ග අනතුරු වළක්වාගැනීමට හැකියාවක් ලැබෙන බවත් ඔවුන් සඳහන් කරයි. නමුත් එම ප්‍රකාශය නම් විවාදයට හේතු වී ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.


අයි. සිරිවර්ධන

ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මෙතනින් ලබාගත හැකියි. 
 https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

බයිසිකල් කල්ලියක්' නැවතත් යාපනය දෙවනත් කරයි. පොලිස් නිලධාරීන්තත් තුවාලයි.

 
පහුගිය කාලයේදී "ආවා කල්ලිය" ගැන අසන්නට ලැබුණා. 

ඊයේ (ජුලි 30) දහවල් එවැනි සන්නද්ධ මෝටර් බයිසිකල් කල්ලියක් නැවතත් යාපනයේ කෝපායි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට කඩු කිණිසි වලින් පහරදී පලාගොස් ඇති බව වාර්ථා වේ. 

ඔවුන් දකුණු ඉන්දියානු චිත්‍රපට නරඹා උමතුවෙන් දඟලන බවක් පෙනෙන්නට ඇති බව වැඩිදෙනෙකු පවසති. මෙම සිද්ධිය සිදුවි ඇත්තේ නන්දාවිල් අම්මාන් කෝවිල අසලදීය. 

ප්‍රදේශවාසින් විසින් කැපුම් තුවාල ලද  පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා රෝහල් ගත කර ඇත. 

පොලිසිය මේ සම්බන්ධයෙන් සැක පළ කරන්නේ ආවා කල්ලිය ගැනයි. 

දකුණු ඉන්දියානු දමිල චිත්‍රපට අනුකරණය කරමින් එහි උන්මාදයෙන් මෙවැනි අමානුෂික ක්‍රියාවන් කලින් සිදුකරනු ලැබුවේ ද ආවා කණ්ඩායම් කල්ලිය විසිනි. 

මෙම කල්ලිය මෙවැනි ක්‍රියා සිදුකර ජනප්‍රියත්වයක් ලබා ඉන් උතුරු අර්ධද්වීපයෙහි ඔවුන්ගේ බලය පැතිරවීමට වෙර දරන රහස් කුමන්ත්‍රණයක්ද මෙම සිද්ධිය පිටුපස තිබිය හැකි බවට ද පොළිසිය සැක පළ කරයි. 

මේ වනවිටත් සැකකරුවන් අත්ඩංගුවට පත් කිරීම සඳහා උතුරු පලාත් භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය යටතේ පොළිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ.
 
- ඉන්දිකා සිරිවර්ධන -


ඇන්ඩෝරයිඩ් ඇප්එක මෙතනින් ලබාගත හැකියි.  https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa 
 

ලෝකයේ ලොකුම ධනවතා බිල් ගේට්ස් පරාජය කළ මේ අලුත් ධනවතා කවුද?

 මෙතෙක් ලොව සුපිරිම ධනවතුන් ලැයිස්තුව අතර මුල් තැන වැජඹුණේ මයික්‍රොසොෆ්ට් සමාගමෙහි සම අයිතිකරු බිල් ගේට්ස් මහතායි. නමුත් ෆෝර්බස් සඟරාව මෙම සතියේ සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව දැන් ඔහු ද අභිබවමින් ලොව ධනවතුන් අතර මුල් තැනට පත්වී සිටින්නේ ඇමසන් සමාගමෙහි අයිතිකරු ජෙෆ් බේසොස්ය. 
ඇත්තටම මීට ඉහතදී බිල් හා ජෙෆ් අතර තිබුණේ සුලු පරතරයකි. නමුත් මෑතකදී ඇමසන් සමාගමෙහි කොටස් මිල ඉහළයාමත් සමඟම ජෙෆ්ගේ මුලු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4ක් දක්වා වැඩි විය. ඒ අනුව ජෙෆ්ගේ වත්කම බිල්ට වඩා ඩොලර් බිලියන 1.4කින් වැඩිවී ඇත.
ජෙෆ් බේස් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වගේම ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා බටයෙක් ද වී සිට ඇත. මීට අමතරව ඔහු "බ්ලූ ඔරිජින්" නමින් අභ්‍යාවකාශ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත. ඔහු විසින් මුල්වරට ඇමසන් සමාගම ආරම්භකරන ලද්දේ 1994දීය. එය මේ වන විට අති සාර්ථකත්වයක් කරා ළංවී ඇති අතර අවුරුද්දකට ඩොලර් බිලියනයක් වටිනා භාණ්ඩ ඇමසන් හරහා අලෙවිකරන බවත් ඔබු පවසා සිටී. 2017 මුල් කාර්තුව තුලදී නිකුත් වූ ෆෝර්බ්ස් වාර්තාවට අනුව ජෙෆ් බේසස් සිටියේ ලොව මුල්පෙළ ධනවතුන් අතර 4 වන ස්ථානයේය. නමුත් 1017 ජූලි මාසය වන විට ඔහු ලොව බලවත්ම ධනවතුන් තිදෙනාම පරාජය කර තිබීම විශේෂත්වයකි. දැනටත් ඇමසන් සමාගමෙහි මුලු කොටස් වලින් මිලියන 81ක කොටස් ප්‍රමාණයක ඔහු සතුයි. මීට අමතරව ඔහුගේ "වොෂින්ටන් පෝස්ට්" නම් පුවත්පතෙහි හා අභ්‍යාවකාශ ව්‍යාපෘති ආදී සියල්ලෙහිම වත්කම් ද ෆෝර්බ්ස් සඟරාව මඟින් ගණනය කර ඇස්තන්මෙන්තු කිරීමෙන් අනතුරුව මෙම හෙලිදරව්ව සිදු කර ඇත.

- ඉන්දිකා සිරිවර්ධන -

ඇන්ඩෝරයිඩ් ඇප්එක මෙතනින් ලබාගත හැකියි.  
https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

සයිටම් අර්බුදයේ උණුසුම යන්නත් කලින් ලංකාව සාර්ක් වෛද්‍ය විශ්ව විද්‍යාලයට නායකත්වය දීමට සූදානම් වෙයි.

පසුගියදා (ජුලි 29) ගල්කිස්ස මහා හෝටලයේදී ඇරඹී 6 වන සාර්ක් (SAARC) සෞඛ්ය ඇමතිවරුන්ගේ සමුලුවේදී වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා සිටියේ සාර්ක් කලාපීය රටවල් කේන්ද්ර කරගනිමින් අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත වෛද්‍ය විශ්ව විද්‍යාලය සඳහා නයකත්වය හා සහයෝගය ලබාදීමට තම රට සූදානම් බවයි.


  එහිදී දකුණු අසියාණු කලාපයට පොදු වී ඇති සෞඛ්‍ය ගැටලු කිපයක් ගැනද අවධානය යොමුවී ඇති බව කියයි. දකුනු ආසියාවේ ජනගහණය වැඩිම රටවල් වනුයේ ඉන්දියාව, පාකිස්ථානය හා බංගලාදේශයයි. මෙහිදී පොදුවේ මෙම රටවල් මුහුණදී අති ගැටලු අතර දියවැඩියාව වැනි බෝ නොවන රෝග, මන්ද පෝෂණය හා ක්ෂය රෝගය හඳුනාගැනුණි. ක්ෂ‍ය රෝගයට ගොඳුරු වන පිරිස ජනගහනයෙන් මිලියන 3.1ක් පමණ වේ. එසේම කලාපීය වශයෙන් අධ්‍යාපනය හා සෞඛ්යය සංවර්ධනය කළයුතු බවත් කාන්තා අයිතීන් ආරක්ෂා කළයුතු බවත් එහිදී අවධාරණය කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනවිට මැලේරියාව තුරන් කළ රටවල් ලෙසට නම් කර ඇති ශ්‍රීලංකාව හා මාල දිවයින තුල වුවද විදේශ සංක්‍රමණිකයන් මඟින් විව්ධ රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවත් එය සාර්ක් කලාපයටද පොදුවූ ගැටලුවක් බවට පත්ව ඇති බවත් එහිදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව මේ වනවිටත් බෝ නොවන රෝග පාලනයට නව ක්‍රමවේදයක් දියත් කරමින් සිටින බවද රජිත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. එනිසා ඒ සඳහා අවශ්‍ය කලාපීය සහයෝගයන් අනෙක් රටවලටද ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් මෙම රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයන් මුහුණදි ඇති ගැටලු, බාධක හා අභියෝගයන් හඳුනාගැනීම වැදගත් බවත් එහිදී වැඩිදුරටත් සාක්ච්ඡාවට භාජනය කර ඇත.

අයි. සිරිවර්ධන
ඇන්ඩෝරයිඩ් ඇප්එක මෙතනින් ලබාගත හැකියි.  
https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

ලෝකයේ කුඩාම කටුස්සා - විඩියෝවක් සහිතයි


සහකාරියක් හො සහකාරයෙක් හොයාගන්න එක ලේසිනෑ, ඊටත්වඩා හදිසියෙන් හකරැල්ලෙක් එහෙම ඇගඋඩින් ගියෝත් දවස් හතක් ඉස්පිරිතාලේ

2012 මැඩගස්කාර් වල සොයාගන්නා ලද බ්‍රවුකේසියා මික්රා දැනට ලෝකයේ ඉන්නා කුඩාම කටුස්සා හැටියට පිලිගන්නවා, කොච්චර කුඩාදකියනවානම් කඩියකුටවඩා පෝඩ්ටයි ලොකු!!!

පිරිමිසතා ගැහැනුසතකුව දැක්කෝත් ඇයව අල්ලගන්නවා වලිගෙන් ඉටපස්සේ ඇයට බේරෙන්න වෙන්නේනෑ ඔහුගෙන් ඉතින්, එල්ලුනාට රිදනවිදිහට එල්ලේන්නේත්නෑ හැබැයි,

එහෙම එල්ලුනේ නැත්නම් මේවගේ මහකැලයක මේවගේ කුඩාසතුගේ පැවැත්ම පවතීම ගැන ලොකූ ගැටලුවක් බවට පත්වනවා.


ඇන්ඩෝ‍රයිඩ් ඇප්එක බාගමුද?  https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

නිශ්ශබ්දතාවය අවුධවක් හැටියට භාවිතා කිරීන අයුරු

 කිසිවකු හරි සමග කතාබහක් යනවිට සමහර වෙලාවට නිශ්ශබ්දතාවයක් ඇතිවනවා නේද? බටහිර සමාජ වල මෙවැනි නිශ්ශබ්දතා ගැන දක්වන්නේ යම්කිසි ගැටලු සහගත තත්වයක් ඇතිවූබවයි. මෙම කාරණය විසේසයෙන් වැදගත්වන්නේ රාජකාරියේ නැත්නම් පෙම්යුවලක් පලමු පාරට රාත්‍රි ආහාර බොජනයකට ගියාම වගේ අවස්තාවල, අපේ ගම අස්‍රිත සංස්කෘතියේ මෙවැනි රාත්‍රිබෝජනය සදහා හමුවීමට සමාජතල දීයුණුවී ඇත්දායි මා නොදනිමි,

මේලිපියේ කතා කිරීමට බලාපොරොත්තුවන්නේ ජාත්‍යන්තර තලයේ එක් එක් රටවල් හෝ භාෂා භාවිත කරන්නන් අතර සම්මතව ඇති භයානක නොවන නිහඩතාවේ තරම, තරම කිව්වේ තත්පර ප්‍රමානය, භයානක කිව්වේ කතාවේ යම් වරදක් ඇතැයි හෝ තමා පැවසූදේ වරදක් ඇතැයි හිතටනැගෙන සිතුවිලි ඒම, එසේ එමට පටන් ගන්නා කාලය අර තත්පර වලින් මැනිය හැකිය.

මේ පිලිබදව විශේෂයින් දැනසිටිය යුතුවන්නේ රටරටවල්වල නියෝජිතවන් සමග නිතර ගතකිරීමට සිදුවන වෙෙයාපාරිකයන් සහ කන්තෝරුවල රාජකාරීකරන පුද්ගලයන්ය.



නිශ්ශබ්දතාවය

නමුත් මා ඒ කී කතාවට ප්‍රතිවිරුද්ද තත්වයක්ද ඇත, එය නම් නිශ්ශබ්දතාවය රන් හා සමාන වන අවස්තාන්ය, එවැනි අවස්තාවනුයේ වෙලහෙලදාමකදී හෝ පඩි සාකච්චා කරීම්වලදීය.

දැන් නෙදර්ලන්තයේ ග්‍රෝනින්ගන් විසුවුදුහලේ කරපු පරීක්ෂණයකදී තහවුරු වෙලා තියනවා යම්කිසි කතාබහකදී තත්පර 4කට වඩා නිහඩතාවයක් අවොත් එම කතාවට සහභාගීවූ සියලුදෙනාම නොසන්සුන් කාරී තත්වයකට පත්වනවා කියලා.

නමුත් තවත්කල අධ්‍යනයකදී දැනගන්න ලැබිලා තියනවා ජපන් අය තත්පර අටක් වුනත් කිසිම කලබලයක් ඇතිකරගන්නේ නෑ කියලා.  නමුත් මේ සංස්කෘතීන් දෙකක් අතර වෙනසක් තමයි. ජපානයේ ඇති සංකල්පයක් අනුව බඩින් කතාකිරීම නමින් හදුන්වන ක්‍රියාකාරකමේදී කිසිවකුවත් කතාබහ නොකරසීටීම ඊතාමත් වැදගත් ලෙස හදුන්වනවා.

එකකොට බලාගනෙ ගියාම ඉංග්‍රිසි කතාකරන අයට විතරද මේ කලබල හිතක් තියෙන්නේ?? විසේසයෙන් ඇමරිකාව වගේ නොයකෙුත් රටවලින් පැමින එක් එක් තරාතිරමේ අය ගැවසන ස්ථානයක් වූවිට තම ප්‍රතිවාදියා කුමන පදනමක සිටීදැයි අනිත්පුද්ගලයා දැන ගැනීම එවැනිරටවල සිදුවන විවෘත කතාබස්වල එක් අංගලක්ෂණයක්, එම නිසා නිශ්ශබ්දතාවයක් ඇතිවුවීට බොහොදුරින් අවසාන වතාවට යමක් කීපුද්ගලයා තමන් පැවසූ කරුන නැවතත් සිතා බලයී, තවද "මේ නිශ්ශබ්දතාවය මාව මරණවා බං" වැනියේන් නිශ්ශබ්දතාවය ඉවත්කිරීමට ඔහු වෙරදරනු ඇත,


එක්තරා වෙලද සාකචචාවකට පැමිනි පුද්ගලයකු සාකච්චාව අවසානයේ එම ආයතනයේ භාන්ඩ මිල වැඩිය කියා පවසා ඇත, එවිට එම ආයතනයේ වෙලද නිලදාරියා "ඔව් ඒක ඇත්ත" කියා නිශ්ශබ්දව සිට ඇත. එවිට තත්පර දහයක විරාමයකින් පසු එකී ගනුදෙනුකරු භාන්ඩය මිලදීගැනීමට තීරනය කරඇත. ඒ නිදසුන නිශ්ශබ්දතාවය තමන්ට වාසිදායක කරගන්නා ආකාරයයි,

නිශ්ශබ්දව සිටීමට පුරුදූවීම තරම් අමාරු විජ්ජාවක් නෑ වෙනකොහේවත්, එයට හැගීම් ඉතා සියුම්ලෙස පාලනය කරගැනීමට සිදුවනවා. මේක හැබැයි පුහුනුවෙන්න පුලුවන් පාසැලේ මිතුරු මිතුරිවන් හෝ අන් අය සමග...

එහෙමනම් කතා කලයුතු වේලාවන් වන්නේ කුමක්ද? මොකද නිශ්ශබ්දව සිටිම අපට වැරදි විදිහට බලපාන අවස්තා තියනවා,

පිරිසක් ඉදිරිපස යම් ප්‍රචාරක කටයුත්තක් කරමින් සිටයදී ප්‍රචාරක පිටුගොනුවේ කරු නු පැහැදිලි කරද්දී එක් කරුනකින් තව කරුනකට හුවමාරුවීමේදී මද නිශ්ශබ්දතාවයක් ගැනීම මගින් අසාසිටින්නාගේ අවධානය යොමුකරගත හැක.

නිශ්ශබ්දතාවය ජීවිතය සාර්තක කරගැණීමට ඉතාම වැදගත් අයුධයක් වන්නේය, එය නිසිලෙස නිසි වේලාවට නිසිඅයුරින් භාවිතා කරගෑනීමට පුරුදුපහණුවීමෙන් ජීවිතයේ කඩොලුසියල්ල ජය ගත හැකිය.

අපේ ඇන්ඩෝ‍රයිඩ් ඇප්එක download කරන්න, මෙ තියන ලින්ක් එකේ ගිහින් බලන්න. 
https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

නොඵලස් - නවවචනය


කොටස් දෙකකින් ඵලවනලද කම්මැලි කම ගැන ලියාතිබූ ලිපිය අවසානයේ මදක් සිතා බැලූපසු සිංහල බසින් අපි ප්‍රතමව කරනාලද යෝජනාව නිවැරදි නොවන බව අපහට වැටහුනි, මේ සම්බනධයෙන් අපි දෙවන ලිපියේ සුලු විෂ්ලේෂණයක් කරන ලදී.

මේ ලිපියේ ඉතුරුටික අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙ බලන්න පුලුවන් Download https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

කම්මැලි කමත් සර්ව සම්පූර්ණ දිවියකට අත්‍යවෂ්ය (දෙවන කොටස)


අපි සිකුරාදා කතා කලා කම්මැලිකම ගැන, මම හිතනවා තවටිකක් මේවචනය පිලිබදව සාකච්චා කරීම වැදගත් කියලා. මොකද සිංහල විවහාරයේ කම්මැලිකම සහ අලසකම මගින් අර්ථ දක්වන්නේ යමක් කිරීමට ඇති උදාසීන භාවයයි, නමුත් බී.බී.සී මගින් පලවූ එම ලිපියේ මාවිච්චිකරලා තියෙන්නේ boredom යන වචනයයි. ගුගල් පරිවර්ථන මෙවලමේ තියන්නේ වෙහෙසකරයි කියලා, එකනම් හාත්පසින්ම වැරදී.

මම හිතනවා හරිම සංකල්පය තමයි කිසිම් ඵලදායී ක්‍රියාවක් කිරීමට නැති හෝ බැරි මොහොතක්, එකකොට අපි සිකුරාදා සදහන් කලාවගේ බස්රියක ගමන් යෑම වගේ අවස්ථාවන් එයට සරිලනවා

ඔවු දැන් සංකල්පය නිවැරදිව වැටහෙනවා ඇති මම හිතන්නේ..

අපි දවල් සිහින බලනවිට අපගේ මනස අපේ යටිහිතත් සමග තමයි ගනුදෙනු කරන්නේ, යටි හිත බොහොම නිදහස් තැනක්, එහි වැඩිය නිතිරීති සහා පාලනක්‍රම නෑ. යටිසිත සමග අදහස් හුවමාරුකරගැනීමේදි ඉතා කලාත්මක සිතුවිලි ජනිතවීමට ඉඩ කඩ වැඩියි.

ජංගමය මගින් නොයකුත් ක්‍රියාකාරකම්වල යෙදීමට අමතරව පිහිනීම වගේදේට පුරුදුවුනොත් තමන් ගේ නිර්මානෂීලීත්වය වැඩිවනවා කියලා තමයි කියන්නේ.

ඔවු ඇත්තටම කියනවානම් ලංකාවේ අධ්‍යපන වැඩසටහන බැලුවාම ලමයාගේ මතක ෂක්තිව දියුනු කරලීම මිස කලා සහ නිර්මාණෂක්ති වර්ධනයක් එතන සිදුවන්නේ නෑ.

ඔබ සාමාන්‍යවිදිහට අර ඉදලා හිටලා අතීතයේ සිදුවීමක් ගැන මතක් වන්නේ මේන්න මේ කියන සිද්ධාන්තයේ ප්‍රතිඵලයක් ලෙසයි,

ලිපියේ හැටියට මේවගේ දවල් සිහින බැලීමක් සිදුවන විටදි තමන්ගේ පෞද්ගලික ආසාවන් හැර තමන්ට විසිදිමට අවශ්‍ය වෙනත් අභීයෝග ගැනද සිතන්න අමතක කරන්න එපා.

ඇවිදීමත් හොද මොහොතක් මේ ක්‍රියාකාරකමට, බස් එකෙන් බැහැල ත්‍රිවීල් එකේ එන කිලෝමීටර් එක දෙක ඇවිද ඇවිද දවල් සිහින බලමින් ආවානම් තමන්ගේ මානසික ශක්තිය වැඩිකරගැනීමට කදිම අවස්තාවක්

අවසාන වසයෙන් කිවයුත්තේ අපි අර මුලින්ම කිව්වා වගේ දවල් සිහින බැලීමට සහ කලාත්මක සිතුවිලි වැදගත් වන්නේ තමන්ට අනිකුත් අවස්තාවලදී එම කටයුතු කරලීමට උද්යෝගයක් තිබෙනවානම් පමණයි, ඔබට නිතරම පාරාජිත සිතුවිලි ඇතිවේ නම් මානෝවද්‍යවරයකු මුණගැසීම වැදගත්වේ

පිටුව ඇන්ඩ්‍රොයිඩ් ඇප් (Android App)  https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa





ආගමිකවතාවත් අනුව තහනම් ව්‍යාපාරයක යෙදෙන සිරියානුවා



මේ පින්තූරයේ ඉන්නේ මොහොමඩ් ලාහ්හම් කියන දෙදරු පියතුමෙක්, ඔහු දැනට වසර පහකට පමනපේර සිරියාවෙන් පලාගිය පුද්ගලයෙක්, දැන් ඔහු ජීවත් වන්නේ ලෙබනන් රාජ්යයේ. මොහුගේ රැකියාව තමයි මූර්ති කලාව ඔහු නිෂ්පාදනය කරන්නේ ක්‍රිස්තියානි ආගම ආස්‍රිතව ඇති දෙවයන්, මරිය තුමිය, ජෙසුස් වහන්සේ වැනි දේවිසංකල්ප හා ආස්‍රිත මූර්ති,

දෙවියන් සහ එආස්‍රිත චරිත කැටයම් හෝ මුර්ති වැනි කලා මගින් පන උපවැද්දවීම ඊස්ලාම් අගමේ නීතිරීති වලට පටහැනී. ඒකයි තහනම් ව්‍යපාරයක් උනේ,

ලෙබනන් රටේ සීයට හතලියක් (40%) පමණ ජනගහනය ක්‍රිස්තියානි,

ඉතින් ආගමේ නීතිය තමන්ටවත් තම පවුලටවත් කෑමබීම ගෙනත් දෙන්නේ නෑකියලා ඔහු එම පාරම්මරික මත අමතක කරලා දාල තම දරුපවුල වෙනුවෙන් තම මූර්ති නිර්මාණය කරනවා, ඔහු පවසන්නේ පාරම්පරික නියමයන් මදකට අමතක කරවිට සමාජයේ තවතව මිත්‍රත්වයන් ඇතිවන බවයි.


අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa






ඉන්දියාවේ සංගීතඤයෙක් මොලයේ සැත්කමක් කරද්දී තම සංගීතභාන්ඉය වාදනය කර තියනවා


දැන් ඔයාලා හිතනවා ඇති දොස්තරලා ඇයි ඔහුට එම අවසරය දුන්නේ කියලා නේද?

බලාගනෙ ගියාම එම සත්කැමට ඔන වෙලා තියනවා ඔහු තම ගිටාරය වාදනය කර කර ඉන්න.  මොකද ඔහුට ඇගිලි හැසිරවීමේදී ඇතිවන වේදනාවන් සමනය කිරීමට තමයි එම සැත්කම සිදුකරලා තියෙන්නේ

ඔම වෙදනාකාරීතත්වය නිසා ඇගිලි නිසිලෙස භාවිතාකරගෑනීමට ඔහු අපහසුතත්වයකින් පෙලිලා තියනවා. නමුත් සැත්කම අවසානයේදීම ඔහුට තම ඇගිලි හැසිරවීමට පුලුවන් වෙලා තියනවාග

ඔහු සතියක කෙට නිවාඩුවකින් අනතුරුව බැංගලේාර් නගරය වෙතයෑමට බලාපොරෝත්තු වනවා.

මෙසේ ඇගිල අතර ඇති වෙදනා සහ කැක්කුම් ගිටාරය වාදන කරන අවස්ථාවන් වල පමනක් ඇතිවූනා කියලා තමයි ප්‍රසාද් මහත්මවා කියන්නේ.  "ඩිස්ටාෙනියා" නමින් හදුන්වන ලබන මාංශ පේෂී ස්වයංක්‍රියව සෙලවීමේ රෝගාතුර තත්වයක්ද ප්‍රසාද් මහත්මයාට තිබිලා තියනවා. ඒ සියල්ල සත්කැමට පස්සේ සුවවෙලා

සැත්කම සිදුකරනලද දොස්තර මහතා පවසන අන්දමට හිස මත කරනාලද මිලි මීටර් 14 හිදසක් මගින් බස්සනලද කූරක් ආස්‍රිතව හිස් කැබැල්ලේ සිට 8-9 සෙන්ටි මීටර් ගැබුරින් ඇති ප්‍රදේෂයක තමයි සැත්කම සිදුවී ඇත්තේ.

 සාමාන්‍ය වෂයෙන් මෙම රොගය හටගත්තන් ජීවිතය ගැන කලකරීමකට පත්වී පැත්තකටවී සිටිවනවාලු. ඔබ දන්නා යම අයෙකු මෙවැනි ඇගිලි ආස්‍රිත කැක්කුම් හො හරිවාත ආද රෝග වලින් පෙලෙන්නේ ද ලගම ඉන්න දොස්තර මහතා ලගට ගිහින් බලන්න.


මේවගේ රසවත් තොරතුර නිතරම දැනගන්න අපේ ඇප් එක බාගන්න.  https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa






අපි භාවිතාකරන වචන වලින් චරිතව වර්ගී කරනය (1වන කොටස)


අපි කතකිරීමෙදී හෝ ලිවීමේදී භාවිතාකරව වචන මගින් අපගේ චරිතය ගැන නිගමනයකට එන්න පුලුවන්ලු. මට හිතනවා මේකාරනය අපි ඔක්කොම දන්න, අපි විසිනුත් කිුයාවට පත්කරන දෙයක් කියලා.

නමුත් මේ කියන්න යන්නේ බටහිර සමාජයේ බොහොම ප්‍රසිද්ධ චරිත වර්ග කිරීමට භාවිතා කරන කාන්ඩ දෙකක් පිලිබදවයි.

1. Extrovert - සමාජශීලී - මෙවැන්නන් සමාජ ඇසුර ප්‍රිය කරයි, ආරාධනා ලැබෙන සියලුම සැමරීම් වලට සහභාගී වෙයි. මිතුරන් අතර ප්‍රසිද්ධය.
2. Introvert - අන්තර්වර්තිකයා - නිශ්ෂබ්ද අය. (1, විරුදධ පදය)

දැන් ඊහත සහදන්වූ සංකල්ප ආස්‍රිතව සිතාබලන්න,

ඔබට බස්රථයක නාදුනන පුද්ගලයන් දෙදෙනකු කතාකරනවා ඇසුනොත් ඔබට එම පුද්ගලයන්ගේ සමාජශීලී ද නැද්ද යන් උපකල්පනයක් කල හැකිද?

ඒ ආකාරයෙන්ම ඔබට කියනු කෙටිකතා පොතක කතෘ පිලිබද යම් අදහසක් ඔහු-ඇය භාවිතා කරතිබූ වචන වලින් පැවසිය හැකිද?

බටහිර ලෝකයේ ප්‍රචලිත වදනක් තමයි, "ඔබලේ වචන සූක්ෂමව තෝරා ගන්න" යන්නයි. (choose your words wisely)

නෙදර්ලංතයෙි විස්ව විද්‍යාලයක කරනලද පරීක්ෂණයකින් මෙන්න මේවගේ දෙයක් කියලා තියනවා,

යම් කිසි ලිපියක් කියවා අවසන් කරවුවාට පසු එම ලිපිය ගැන ප්‍රකාෂයක් කරන්න කියලා අප්‍ර පිරිසට කියලා තියනවා,  එවිට අර සමාජ ඇසුරට ප්‍රියකරන අංක එක කන්ඩායමේ අය කියලු තියෙන්නේ "මේ ලිපිය ඊතාම විෂිශ්ටයි කියලා" එතකොට දෙවන කංඩායමේ අය කියලා තියනවා "මේ ලිපිය තොරතුරු රාසියකින් සමන්විතයි කියල"

මෙහිදී තොරතුර රාසියකින් සමනවිතයි කියා පැවසීම අනිතු කරනයට වඩා වැදගත් කියලා තමයි හැමෝම පිලි ගන්නේ

ලිපියේ පවසන ආකාරයට අන්තර්වර්තිකයන් බොහෝවිට තනියම තමන්ට කතාකිරීමට උනන්දුවක් ඇතිබව පවසනවා.

ඇමරිකාවේ ජනාදිපති දූරය දැරු එබ්රහම් ලිංකන් මැතිතුමා සමාජශීලී චරිතවකට නිදසුනක්. එහෙනම් ගොඩක් දේෂපාලගනයන් එම ගනවට වැටෙනවට මට හිතෙන ආකාරය.

එලියට කෑමට යනවිට

1. සමාජශීලී පුද්ගලයා "අපි කෑම කන්න යමු"
2. අන්තර්වර්තිකයා "අපි රොස්පාන් කන්න යමු"

මෙවගේ සංවාදයක් තමයි යන්නේ. දැන් හෝඩුවාවක් තියනවද තමන්ගේ මිතුරු මිතුරියන් මොන කාන්ඩයට අයත්ද කියලා අවබෝධයක් ගන්න.

හිතලා බලලා අදහස් වලින් කොමෙන් එකක් දාන්න, ලිපිියේ දෙවන කොටස සමගින් හෙට හමුවෙමු


අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්එක බාගන්න මෙතනින්.. කවදාවත් ලිපියක් මිස්වෙන්නේ නෑ  https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa









පිලිපීනයේ මින්දානෝ දූපතේ යුධ නීතිය ක්‍රියාත්මක කරලා



මේ මින්දානෝ දූපතේ දැන් කාලෙක ඉදන් ඉස්ලාම් අන්තවාදී පිරිසක් විසින් පාලනය කරන ලද්දක්, පිලිපීනයේ නව ජතපති රොද්රීගෝ මහත්තයාට අවශ්‍ය වලාතියනවා එම බල පාලනය ඉවත් කරලා මේදූපත නැවත පිලිපීනයේ පාලනයට ගන්න.

යුද්ධ නීතිය කියන්නේ කිසිම චා්දනාවක් හෝ වඩු පැවරීමකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් හිර ගෙදරට දැමීමයි.

පිලිපීන වැසියන්ට යුද නිතිය ඉතා සංවේදී මාත්‍රෘකාවක් මොකද පිලිපීනයේ මීට පෙරසිටි පාලකයකුවන මාර්කෝ ඊතා තදින් යුධ නීතිය භාවිතා කරපු අයෙකු වීමයි.

මින් පෙර පනවා තිබුනලද යුධ නිතීය අද නිමාවීට යෙදුනා, නමුත් එය එසේ නිමාවීට නොදී දෙසැම්බර් 31 දක්වා දීර්ග කිරීමට යෙදුනාලු

මෙසේ යුධ නීතිය ක්‍රියාත්මක කිරීමට ඇතිවූ හේතුව නම් මෙම දූපතේ සිටිනා මුස්ලිම් අන්තවාදී පිරිසක් සහ පිලිපීන යුධ හමුදාවත් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසුවයි.  මමෙ කලබල කාරී තත්වය අනිකුත් ප්‍රදේෂවලට පැතිරයාම වලක්වා ගැනීම සදහා ගත් පියවරක් කියලා තමයි කියන්නේ.

පිලිපීන ආරක්ෂක නිලදාරීන් පාර්මේන්තුවේදී මෙම නියෝගයට ප්‍රසාදයට ලක්කරා,  මොකද අයිසීස් සංධානයට උදම් අනන්නන් විසින්ද කඩාකප්පල් ක්‍රියාදාමයන්ට මෙනිසා යොමුනොවබැවිනි.

මේ මරාවි දූපතේ ජනගහනය ලක්ෂ දෙකක් පමන සිටිනවාලු, ගොඩක් දෙනෙක් කලබල පටන් ගත්තාට පස්සේ යන්න ගිහින්.  දැන් ඉතුරුවෙලා ඉන්න අයට කෑම සහ වතුර දෙන එක තමයි ගැටලුවක් වෙලා තියනේනේ

බලන්න ඉති ආගම් අන්ත වාදී ඔනාම තියන ගැටලු, දෙවියන්ගේ පිහිටෙන් මෙහෙම ආගම් ආස්‍රිත ගැටලු ඇති නොවේවා කියලා ප්‍රාර්තණය කරනවා.


අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

පිලිපීනයේ සූදු පොලක සිදුවූ පැහැරගෙනයාමක්


පිලිපීනයේ පැහැරගත් සිංගප්පුරු කාන්තාව සොයා ගනී, 43 දෙවෙකු අත්අඩංගුවට

හතලිස් අට හැවැරිදි සිංගප්පූරු කාන්තාව පැහැරගෙනයාම සිදුවුනේ මැනීලා නගරයේ ප්‍රසිද්ද සූදු පොලක ප්‍රධාන ශාලාවේදී, ඇය පැහැරගත් පිරිස රුපියල් මිලියන විසි හයක (26) වන්දි මුදලක් ඉල්ලා සිටියා. 

ඇයගේ කකුල් බැල්කනියක එල්ලී තිබෙනවා දුටු ආරක්ෂක නිලදාරීන් කිහිපදෙනෙකුගේ උනන්දුවීම නිසා ඇයව අගහරැවාදා සොයා ගැනීමට ලැබුනා… මෙහදී අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයන් 41 ද මැලේසියන් ජාතිකයන් 2 ද වෙනවා.  මේවනවිට පැහැරගැනීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරලා තමයි තියෙන්නේ.

මේ කංඩායම ගිනිපොලියට නය දෙන පිරිසක් කියලා තමයි පිලිපීන රජය හදුන්වා දෙන්නේ. ඔවුනේ මෙ ආකාරයට පැහැර ගැනීම් 11 විතර සිද්ද කරලා තියනවලු 2015 වසරේ සිට අද දක්වා බැලුවම.

මේ සූදු පොල පොලිසියට සහයෝගය දෙමින් කෙසේ හෝ මෙවැනි අරබුධ කාරී තත්වයන් නැවත ඇති නොකරලීමට පොරොන්දුවෙලා තියනවා.

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

චීනය පරිසර හිතකාමී වැඩ පිලිවෙලක


චීනය ගල්අගුරැ භාවිතය 2020 වනවිට නවතාලීමට වැඩ පිලිවලක යෙදේ

බීජින් නුවරින් ලැබුන ආරංචියක්මත චීනරජය ගල්අගුරු භාවිතය ටොන් මලියන පහකට වඩා අඩුකිරීමට බලාපොරොත්තු වනවා.  බීජින්ග් නුවර පරිසරදූෂනයේන් ඉහවහා ගිය ස්ථානයක්, එම පරිසරදූෂණය වැලැක්වීමට ගන්නා පියටරක් වෂයෙන් නැවත්භාවිතා කල හැකි ආකාරයේ පරිසරයට අහිතකර නොවන ඉන්දන භාවිතය ප්‍රචලිත කිරිමේ ව්‍යාප්‍රතියක ප්‍රතිපලයක් තමයි මේ. 

මේ මැතක කල ගණනය කිරීමටකට අනුව බීජින් නුවර දැනට ටොන් මිලියන එකොලහක ගල් අගුරු භාවිතාකරනවා.

මේ ක්‍රියා පටිපාටිය මගින් කාර්බන් වියාප්තිය අඩුවෙලා ප්‍රතුවි උශ්නත්වය ඉහලයෑමට ඇති බලපෑමට අඩුකිරීමට තමයි චීන රජයේ බලාපොරොත්තුව. ටොන් මිලියන පහකට වඩා අඩුකිරීමේ ඉලක්කය 2020 පෙර කරගන්න හැකිවෙයි කියලා තමයි ඔවුන් ප්‍රාර්තනා කරන්නේ

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

කම්මැලීකමේ ඉන්නඑකේ අපි හිතන තරම් වරදක් නෑලු

සමහරවිට අපිහිතන් ඉන්නේ කම්මැලි කමේ මුකුත්නොකර ඉන්න එක මහා නරක පුරුද්දක් හැටියටනේ, සමහරවේලාවට දෙමව්පියන්ගෙන් බැනුන් අහන වේලා අනන්තයි කාලකන්නි වගේ ඉන්නවා කිවලා.

වර්තමානයේ නම් ඉතින් මහුනු පොත බැලීම, නැත්නම් ජංගමයේ සෙල්ලමක් කිරීම වගේ දේවල් වලින් අපි කම්මැලිකම මග හරවා ගන්නවා.

සමාජයේ කම්මැලිකාරයන් හෝ කම්මැලිකාරකම දකින්නේ රිනාත්මක සිතුවිලි වලින් තමයි.

මනෝවිද්‍යාඥයකු වන මාර්ටින් වැන්ග්ස් කියන විදිහට කම්මැලිකම කියන්නේ සිහින මැවීමට මැලිවීමක් ලෙසයි,  මම නම් හිතුවේ කම්මැලිකමේ ඉන්නකොට දවල්සිහින බලබල ඉන්න අවස්තාවක් කියා,

නමුත් මේ සියලු උපකල්පන වැරදි වීමට ඉඩතියනවා මන්ද නව සොයාගැනීම් වලින් පෙන්නනුම් කරන ආකාරයට අපි ඉදහිටවත් කම්මැලිකමේ හිටියේ නැත්නම් සමහරවිට වැදගත් දෙයක් අතපසුවන්න පුලුවන් කියලා…

අපේ හොදම අදහස් එන්නේ සමහර වෙලාවට අපි කම්මැලි කමේ අයිස් ගගහා ඉන්නවෙලාවට තමයි, මේ ලිපියේ හැටියට බටහිර රටවල බස් රතයක යෑම කම්මැලි මොහොතක් හැටියට අර්ථ දක්වනවා, නමුත් ලංකාවේ බස් එකක යන එකනම් කොහොමත් කම්මැලිකාර මොහොතක් නොවන නිසා. බස් එක හිස් උනත් කොන්දා හරි රියදුරු මහතා හරි සද්ද පෙටිටිය මගුල් ගෙදරකටත් වඩා හයියේන් දාගෙන යනවානේ,,…

අපිට අදාල වන අවස්තා අතරට ස්නානය කරන වේලාව මෙතන දක්කවලා තියනවා, හැබැයි මටත් හරියට තේරෙන්නේ නැ කොහොමද ස්නානය කරන වේලාව කම්මැලි වෙන්නේ කියලා, මොකද ඉතින් නාන්නේ කොහේ හරියන්න එහෙම නේ

සමහරවිට ඉංග්‍රිසි බාසාවෙන් boredom කියන වචනයට හරියටම හරියන වචනයක් සිංහල විවහාරයේ නැතිවීමට ඉඩතියනවා. මොකද එවැනි සංකල්ප හෝ එම සංකල්ප වලට පසුබිම් විය හැකි ආර්තික රටාවන් නැතිව ගියාම.

මේ ගවේෂන යේ තවත් විස්තර තව ලිපියකික් බලාපොරොත්තු වන්න.
අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa


සුනඛයන් මිත්‍රශීලීවීමට හේතුව කුමක්ද? එය ජානගත තත්වයක්

සුනඛයන් පරිනාමයවුනේ වෘකයන්ගෙන් කියලා තමයි දැනට තියන පිලිගැනීම. එම පරිනාමය වීම දැනට අවුරුදු දස දහසකට කලින් සිදුවුනා කියලා තමයි කියන්නේ
විද්‍යාඥයන්ගේ සොයා බැලීම් අනුව සුතඛයන්ගේ මිත්‍රශීලීතාවය සහ හීලෑ ගතිය සනඛයන්ගේ ඩී.ඇන්.ඒ. වලට සම්බන්ධයි ලු.

“අපි පරික්ෂණයේදී දුටු වෘකයන්ගේ සහ සුනඛයන්ගේ ජාන සමඅසමතා බළලුන් වැනි සත්වයන්ගේද දකිනට ලැබෙනවා” කියලා ප්‍රින්ස්ටන් විෂ්වවිද්‍යල ආචාර්ය දොස්තර බ්‍රිජට් වොන් හෝල්ඩ්ට් පවසනවා.

මේ පරීක්ෂණයට භාජනය වුනේ ගෙවල්වල ඇති කරන සුනඛයන් සහ හීලැකොට කූඩුවල වාසය කරන අලු වෘකයන්, ඔවුන්ගේ ගැටළු විසඳීම සහ සමාජීයභාවය ගැන තමයි අධ්‍යනට ලක්වුනේ.

මේ අධ්‍යනයේදී දක්නට ලැබුන දෙයක් තමයි වෘකයන් සුනඛයන්සේම ගැටඵ විසඳීමට දක්ෂ බවයි. නමුත් මිත්‍රශීලිත්වය හෝ සමාජීයභාවය පැත්තෙන් බැලුවම සුනඛයන් මිනිසුන් ඇසුරුකිරීමට ඇතිවූ සම්භාවතාවය වැඩියි.

සුනඛයන් මිනිසුන් නිරීක්ෂණය කිරීමට දක්ෂතාවයක් පෙන්වූ අතර මිනිසුන්ගේ හැසීරිම් වලට ප්‍රතිචාර දීමේ හැකියාවක්ද සුනඛයන් තුල තියනවා,

මේආකරයට බැලුවම පෙනීයන්නේ ඈත අතීතයේ දඩයම් කරැවන්ගේ නවාතැන් පොලවල්වලට රිංගපු වෘකයන් එම දඩයම්කරැවන් විසින් හීලැකොට ලගනබා ගැනීම නිසා සුනඛයන් ඇතිවූබවයි

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

මක මක ලියන්න පුලුවන් කඩදාසි වර්ගයක් කිෂ්පාදනය නරලා

ආලෝකය භාවිතා කරගනිමින් මුද්‍රනය කල හැකි කඩදාසි වරග්යක් විද්‍යඥයන් පිරිසක් විසින් සොයාගෙන තියනවා.  මේ කන්ඩායම යාදොන් යින් කියන විද්‍යඥයා සහ පිරිස ඇමරිකාවේ කැලිෆෝර්නිය ගග පැත්තේ විසුවිදුහලේ  (University of California Riverside) තමයි පරීක්ෂණ කටයුතු කරලා තියෙන්නේ.

මේ මකා නැවත මුද්‍රනය කල හැකි කඩදාසි අසු (80) වාරයක් එලෙස මක මක මුද්‍රනය කල හැකියි කියලා තමයි ඒ අය කියන්නේ.

මනුෂ්‍ය කෙස් ගහක් වගේ මිලියන ගානක් පොඩි අංශු වලින් තමවි මේ නිර්මානය කරලා තියෙන්නේ.  අනතුරුව මෙම කඩදාසිය පාරජම්බුල කිරන වලට යොමු කිරීම මගන් කඩදාසියේ සලකුණු කල හිකියි.  මේකඩදාසිය ලියවෙන අකුරු හෝ අනිකුත් සලකුණු නිල් පාටින් තමයි සංයුක්ත, එසේ නිල් කඩදාසියේ සුදු පාටින් අකුරු ලිවීමත්, සුදු කඩදාසියේ නිල් පාටින් ලිවීමත් කල හැකිය.

මෙසේ මුද්‍රනය කලිවිට එම මුද්‍රිත සංකේත දවස් පහක කාලයක් දකින්න පුලුවන් ඊට පස්සේ මැකිලා යනවලු.

හරිවැඩේ එහෙනම් පත්තරේ ගහන්න හොදයි. ලියුමක් එහෙම යැවුවොත් මැකිලා තියෙයි ඒක යනකොට. පිටරට යවපු ලියුමක් අනිවාරයයෙන් මැකිල එනකොට..

දවස් පහකට කලින් මනින්න ඔන නම් සෙල්සියස් අංශක එනසිය විස්සකට (120) විනාඩි දහයක් රත්කරාම හරි.

මේ කඩදාසියේ විශේෂත්වයක් වනෙනේ අනිත් කඩදාසි වගේ තීන්ත අවශ්‍ය වන්නේ නෑ.

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

වැඩි වැඩියෙන් ජීවත් වන්න වැඩිපර වැඩිපුර කෝපි බොන්න..

නව සොයා ගැනීමක් අනුව දවසට කෝපි කෝප්ප දෙකක් (2) හෝ වැඩිප්‍රමාණයක් පානයට ගන්නා පුද්ගලයන්ගේ ශරීර සෞක්‍ය එසේ නොකරන අයට වඩා හොදයිලූ, එසේ කොපි වැඩියෙන් පානය කරන පුද්ගලයන්ගේ හෟද්‍යාබාද, පිලිකා,  දියවැඩියාව සහ වකුගඩු රෝගය සියල්ලක්ම වැඩිපුර කෝපි පානය කරන්නන් අතර ඊතාම අවමයි ලූ

මෙවගේ එක කෝපි කෝප්පයකට නඩා පානය කල පුද්ගලයන් එසේ නොකරන අයට වඩා සීයට දොලහකින් (12%) වැඩි ආයු අපේක්ෂාව මගින් පෙලෙනවාලු (ජීවිත අපේක්ෂාවක් ඇත)

මේ අධ්‍යනයට පුද්ගලයන් දෙලක්ෂ පහලොස්දාහක් විතර සාභාගි වෙලා තිවනවා,  කෝපි වලතියන ඔක්සිකාරක තත්වය පිලිකා මර්ධනය හේතුවනවා කියලා එක් වෛද්‍යනවරයකු පවසලා තියනවා.

මේ ලිපියේ අනිත් විස්තර හුගාක් ඇමරිකාව හා ආස්‍රත නිසා මෙතනින් නවතිනවා, මෙ කාරනාවේ සත්‍යතාවය තහවුරු කරගැනීමට අවශ්‍ය අයට මේ ලින්ක් එකේ ගිහින් බලන්න.  සමමරවිට ලංදේසී ඈත අතීතයේ මේ ගැන දැන ඉන්න ඇති ඒකයි ලංකාවේ කෝපි වවන්න ඇත්තේ.

https://www.sciencedaily.com/releases/2017/07/170710172118.htm

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් ලෙසට සැලකෙන ඇබොරජොනීස් පිරිස එම රටට ආවේ දැනට අවුරුදු හැට පන් දාහකට (65,000) පමණ කලින් කියගා හොයාගෙන තියනවලු, එම සොයා ගැනීම නිසා, දැනට තියන සම්පතයට වඩා අවුරුදු දහ අට දාහක් පසු පස්සට යවවා ඒ සිදුවීම,

මේ රුපයේ  පෙනෙන ආකාරයේ පුරාවස්තුවක් සොයගැනීම තමයි මෙම නිගමනයට හේතුසාදක වෙලා තියේන්නේග, මේ රූපයේ පෙනෙන්නේ ලෝකයේ පැරනිතම ගල් වලින් නිර්මාණය කරන ලද පොරවක්, සහ පින්තුර ඇදීමට එවක බාවිකා නරනලද ඩෝක කෑල්ලක්

මේ පුරාවස්තු හමුවෙලා තියෙන්නේ මාදේයද්බෙබෙ නමිව් හදුන්නවන ඇබොරොජෙනිස්ලා නනාතු ගත් සිතානයනයයි.

මේ කැනීම්වලට සම්බන්ධවූ එක් පුරාවිද්‍යඥයෙක් පවසන ආකාරයට අතිත මනිසා මේවගේ කලාවට සම්බන්ධ විමික් තබුනා කියලා, ඉතින් එකත් අහන්ඩ දෙයක්ද? අවුරුදු හැට දාහකට කලින් රස්සාවට යන්නවත් ටවී බලන්නවත් පුලුවනෑ, ඉතින් කාලය ගත කරන්න ඇත්තෙ චිතු ඇඇද වෙන්න පුලුවන්

1970 වසර වෙග්  තමයි මේ කැනීම් ආරම්භ කරලා තියෙන්නේ,එද සිට අද දත්වා සොයා ගැනීම් දස දහසක් (10,000) පමන සොයාගෙන තියනවා.

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

එංගලන්තේ රජපවුලේ ඇදුම් චාරත්‍ර වාරිත්‍ර

බලං ඉන්න ඇයි රැජින එක්එක් ආකාරයේ ඉස්තරම් ඇදුම ඇන්දත් විලියම් රජකුමාරයා කොට කලිසමක් හරි සරමක් හරි ඇදගෙන යනවා කවුරුවත් දැකල නෑනේ. ඒකට හේතුවක් තියනවා.

රැජන හිස්වැසුමක් පලදන්නේ උත්සව වලට සහභාගීවනවිට පමණයි. ඇයගේ මේ හිස්වැසුම්ගැන හරියට කතාබහට ලක්වුනා පසුගිය මාසයතුල.

එතකොට රජපවුලේ නවතම සාමාජිකයා ජෝර්ජ් කුමාරයා ටීෂර්ට් එකක් ඇදගෙන යනවා කවුරුවත් දැකලා නෑ. මේවගේ චාරිත්‍ර දහසයවන සත වර්ශය දක්වා තරම් පැරනීලු.

රැජිනගේ අත්වැසුමද මේවගේ පැරනි චාරිත්‍රයක්, රැජින අවුරුද්දකට මිනිසුන් ලක්ෂ ගනනක් අතදෙනවා, ඉතින් ඒකනිසා බැක්ටීරියා වයිරස් අතේ ගැවීමට ඇති සම්භාවිතාව වැඩියි. එක තමයි හේතුව අත්වැසුම සමගින් අතට අත දෙන්න. අපේ ලංකාවේ සම්ප්‍රදාය ක්‍රමයට ආයුබොවන් කිව්වනම් අතට අත දීලා බැක්ටීරියා බෝකර ගන්න වෙන්නේ නෑනේ.

ජෝර්ජ් ගේ අම්මයි තාත්තයි, විලියම් කුමරු සහ කැතරීන් කුමාරියටත් මේ ඇදුම් නීති එකසේ බලපානවා. ඔවුන්තු සැම විටම ඔව ස්මාර්ටි කැසුවල් කියන ආකාරයේ ඇදුම් තමයි අදින්නේ. නිරීක්ශනයෙන් සිටි පුද්ගලයන් පවසන ආකාරයට රැජිනගේ ඇදුම් එකතුවට දේදුන්නේ සියලුම පාටවල් අයිතිලු.

මෙසේ වර්නවත් ඇදුම් ඇදීමට හේතුව ඇය ජනගහනය සමග කාලය ගතකිරීමේදී කැපී පෙනීම අවශ්‍ය නිසා.  යද හමුදාවේ ක්‍රියාන්විතව රාජකාරි කර ඇති රාජ කුමාරවුරුන් දෙදෙනාම හමුදා ආස්‍රිත වැඩසටහන් වලට සම්බංධවනවිට තම හමුදා නිලඇදුම ඇදීමට උත්සාහ කරනවා.

ඊතින් එකතාව එතනින් අවසන්, කාටද කියන්න පුලුවන් මේකර උත්තරේ, එංගලන්තයෙන් ආපු ඇදුම් විලාසිතා චාරිත්‍රයක් ශ්‍රි ලංකා සමාජයේ තාමත් තියනවා. හැබැයි අපි හිතන් ඉන්නේ ඒ චාරිත්‍රය අපේ එක්ක් කියලා. කොමෙන්ට් එකක් දාන්න උත්තරේ හොයලා බලලා.

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

මහුනේ ස්වරුපය මගින් ආර්තික තත්වය පැවසිය හැකිලු!!

මනෝවිද්‍යඤයෝ ටිකක් එකතුවෙලා කරලාතියන පරික්ෂණයන් අනුව හොයගෙන තියනවලු කිසිම ඊරියව්වක් නැතිව සාමන්‍ය මූනේ ස්වරුපය තියාගෙන ඉන්නකොට එම පුද්ගලයාගේ අදායම් තත්වය ගැන ප්‍රකාෂයක් කරන්න පුලුවන් වනවා කියලා, මේ ප්‍රකාෂය දුප්පත් සහ පොහොසත් යන නිගමන දෙකට සීමාවුනාට මේක නිසා පෙනීයන්නේ ආතතිය අපිව නිකන් වයසට යවන එක තමා.

ඔවුන් පවසනවා නිතරම සන්තෝෂමත් මුනක් ඇතුව වැඩ කරීම අවශ්‍යය් කියලා. මේ කරුනු අස්සේ තවත් සොයාගේන තිවනවා මේ ආකාරයේ මහුණු සලකුන නිසා රස්සාවක් සම්මුක පරික්ෂණයට ගියෝ සල්ලාකාර මුහුණ තියන පොරට තමයි ජොබ් එක සෙට්වෙලා තියෙන්නේ.

ඔවුන් පවසන විදිහට නිතරම කල කරීම් වලට ලක්වන පුද්ගලයා එම කලකිරීම නිසා ඇතිවන මූනේ ස්වභාවය ටිකකලක්ගියවිට සදාකාලික ස්වරුපයක් බවට පත්වෙනවාලු.

ඔන්න ඉතින් මීට පස්සේ මතක තියාගන්න නිකං අකාලේ වයසට යන්න එපා, ගැටලුවක් ආවම එක නිසා මනසට ඇතිවන ආතතිය අපේ පිටවේ විනෝදජවනිකාවක් හරි බලල සමතයකට පත් කරගන්න.

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

විසි හතර පැයේ දොස්තර සේවය - පෝලිංගානේ රස්තියාදු වුන කාලේ දැන් ගියා


ආයුබොවන්, සැපසනීප කොහොමද? ඔබගේ මානසික මට්ටම අද මොනවගේද? මසේ ප්‍රස්න කරන්නේ අපිට ඔනැම වෙලාවක සම්බන්දකරගත හැකි දොස්තර කෙනෙක්,, හැම තිස්සෙම කිව්වේ ඒ දොස්තර නිවාඩු යන්නේ නැද්ද? කසාද බැදලා නැතුවඇති සමහරවිට නේද??

අනේ නැ මෙයා මේ දොස්තර අන්තර්ජාලය මගින් අපහා සම්බන්ධවීමට හැකි තාක්ෂණ මෙවලමක්, මුහුනුපොතේ පනිනුඩ යවන අංගය මගින් සම්බන්ධ විය හැකි විශේෂාන්ගයක්

මේක තමයි තාක්ෂණයුගයේ මිනිසුන්ගේ කාරයක්ෂමතාවය වැඩිදියණු කරලීමට ඇති අවස්තා, පිටුව සගරාවත් මෙවැනි මෙවලමකට අතගහලයි තියෙන්නේ, බලන්නකෝ http://com.pituwa.co

දැනට මේ ඉහත සදහන් වු සේවයක මානසික රෝගීතත්ව වලට පමණක් සීමා වෙනවා කෙසේවෙතත් ඒක හොද ආරම්බයක්ල, එය නිෂ්පාදනය කරන්නට යෙදුනේ මනෝවිද්‍යාව හදැරු සිසුවෙක්.

මේවගේ සේවාවලට සාමාණයයේන් එංගලන්තයේ පැයකට රුපියල් හදලිස් දාහක් මපණ වැය වනවා, නමුත් මේවගේ සේවා නිසා ඉතාම අඩුමිලකට ලබාගත හැකිවෙනවා.  මේ සේවය දැනට 14 වතාවක් නොමිලේ භාවිතා කල හැකිය

අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

සිත මවිත කරවන අපූරු කකුල් අෙට් සත්වයා


රෘතුවියේ අවසානයට අභාවයට යන සත්ව කොට්ටාශය ගැන තමයි මේ කතාව ලියන්නේ, පින්තූරයේ පෙනෙන ආකාරයට මොහුට කකුල් අටක් තියනවා, වතුරු වලහා (water bear) නමින් තමයි හදුන්වන්නේ,

මේසතා ඇසට නොපෙනෙන සතුන් වර්ගයට තමයි අයත් වන්නේ, දිග පලල කව්වෝත් මිලිමීටර් දෂම පහයි, 0.5 mm, ඒකියන්නේ හරියටම සෙන්ටිමීටර් සීයට පහයි (5%). විද්‍යඥයන් කියනා පරිදි මේ සතා ප්‍රෘතුවියේ සියලුම ජීවීන් විනාෂ වෙලා ගිහින් තව අවුරුදු බිලියන දහයක් විතර පැවැත්ම තියනවලු,

මේ සතාට අවුරුදු 30 කන්නේ බොන්නේ නැතුව ඉන්න පුලුවන්ලු, අප්පේ ශා අපිටත් පුලුවන්නම් එහෙම ඊන්න අර කුස්සයට ගියපු ඉඩ කඩ තව නිදන කාමරයක් හදාගන්න තිබුනා, ඇයි ඉතින් අවුරුදු තිහ (30) කට සැරයක් ගිහින් පවුලත් එක්කම කඩේකින් කාලා එන්න පුලවන්නේ,

හරි ඒ ඇති කන එක ගැන

මේ සතාට සෙල්සියස් එකසිය පනහක් (150) උස්නත්වය දරාගන්න පුලුවන්ලු) අභ්‍යාවකාශයෙත් හුස්මගන්න කිසිම වාතයක් නැතුව ඉන්න පුලුවන්ලු.  අනේ ඉතින් ලබන ආත්මේ වතුර වලහෙක් වෙලා උපද්න්න කියලා මම ප්‍රාර්තනා කරනවා, එත කොට රොකට් එකක නැගල අගහරු ලෝකයත් බලාගන්න පුලුවන්නේ



අපේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

ට්‍රම්ප් මහතා දෙවන වරටත් පුටින් මහතා සමග කතාබස් කරීම ආන්දෝලනයකට



G20 නමින් හදුන්වන ලොකයේ බලවත් රටවල් මුනගැසෙන සමුලුවක් මේදවස්වල ජර්මනියේ හුම්බර්ග් (කඩේ තියන හැම්බර්ගර් නෙමෙයි ඈ) නුවර පැවතුනා, එයට ඇමරිකාව සහ රුසියාවද සහභාගී උනා, එම උත්සයේ රාත්‍රි බෝජන සංග්‍රහයකදී ට්‍රම්ප් මහතා සහ පුටින් මහතා අතර කෙරුනු සාකච්චාවක් පිලිබද ආන්දොලනයට ලක්වමෙින් පවතිනවා.

මෙහි ගැටලුව වී ඇත්තේ පරෙ දැනුන්දීමක් මේ පිලිබදව නොකර තිබීමය්, ට්‍රම්ප් මහතා එවැනි සාකච්චාවක් වූ නැතිබව තරයේ පවසමින් චොදනාව ප්‍රතික්ෂේප කරනවා

මේ දේෂපාලනමය ඔපා දූපයේ හරටියට සාකච්චාව පැයක් විතර කාලයක් තිබිලා තියනවා, රුසියාවේ පුටින් මහත්තයා එක්ක ඔහුගේ භාෂා සහයකයාද පැමිණ සිටිනවා,

ඒ ඔප දූපයට වඩා මේ ලිපියේන් ඔය ගී20 යනුවෙන් හදුන්වන කන්ඩායම කවුද මොනවද කරන්නේ කියලා කිව්වොත් එක වැදගත් කියලා මම හිතනවා,

මේ කන්ඩායම රටවල් විස්සකින් (20) සමන්නිතයි. ඒකයි ඒ G20 (Group of 20) විසිදෙනෙකුගේ කන්ඩායම කියලා කියන්නේ, එයට අයත්වන රවටල් තමයි පහත දැක්වෙන්නේ...

ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංසය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියා, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, අරාබිය, දකුනු අප්‍රිකාව, දකුනු කොරියාව, එංගලන්තය, ඇමරිකාව සහ අවසන් වසයෙන් යුරෝපා සමුලුව නියෝජයක්

මේ කන්ඩායම අරමුන තමයි ජාත්‍යන්තරයේ මූල්‍යමය සෟෙක්‍ය තත්වය රැකගැනීම සහ එහි රොගාතූර තත්වයන්ට අවශ්‍යවල පිලිසකර කෙරීම් වලට විදිවිදාන පැනවීම.

එහෙනම් අපි බලමු ට්‍රම්ප් මහත්තයගේ ඊලග ආන්දෝලනය මොනවගේ එකද්ද කියලා. හැබැයි මහෙම හැමදාම ආන්දෝලන තියනවනම් ට්‍රමප් පිටුව කියලා විශේෂ අංගයක් ඉදිරිපත් කරන්න සිද්ද වේනවා.

අපේ ඇන්ඩ්‍රෝයිඩ් ඇප් එක ස්තාපනය කරගන්න https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

නින්ද මදිවුනොත් මොකද වෙන්නේ?


ඔබට ඇතැම් ව්ට සුලු අමතකවීම් සිදුවෙනවාද? 
දිනපතා පැය හයක් (6) වත් නිදා ගන්නවාද? එසේ සුලු අමතකවීම් වලට නින්ද අඩුවීම බලපානවාලු, කරනලද අධ්‍යනයකදී ඔප්පුවෙලා තියනවා නිදිකිරා වැටීම ඵලදායීතාව අඩුවීමට හේතුවක් කියලා, (අනේ මන්දා එකට මොකටද සමීක්ෂණ, පන්තියේ නිදිකිරා වැටුන දවස්වල ගුරුවරයා කියපු කිසිදෙයක් මතකයැ?

මේ සමීක්සනයේදී සොයාගෙන් තියනවා මතකය, වටහාගැනීමේ ශක්තිය සහ තියුනු ඇස යන ගුනාංග රාත්‍රියේ හොද නින්දක් ගැනීම මගින් වැඩිදියුනු කරගැනීමට පුලුවන් කියලා. නින්ද අඩුවීම නිසා සිදුවන ප්‍රධාණ කාරනා තුනක් (3) පහත දැක්වනවා,

1. නිදිමත ගතිය නිසා මොලයේ සිතීමේ ශක්තිය අඩුවීමක් දක්නට ලැබෙනවා

මෙසේ සතීමේ ශක්තිය අඩුවීම හේතුකොටගෙන අවධානය යොමුකිරීම, තීරන ගැනීමේ හැකියාව අඩපණ වනවාලු

2. අධික නිතිමත ගතිය මතකය හීන කරවයි

අමගේ මොලයේ මතකය රදාගැනීමේ ක්‍රියාකාරකම් නින්දේ එක් එක් කොටස් ආස්‍රිතව සිදුවේ, එවිට නිදාගැනීම අඩුවීම නිසා නින්දේ එක් කොටසක් වැලකී ගියහොත් එම කොටසේදී සිදුවීමට ඇතිවතිබූ මතකය රදා පැවැත්වීමේ ක්‍රියාකාරකම් සිදුවන්නේ නෑ, එවිට සමහර දේ මතකයෙන් ඉවතට යාමට සිදුවිය හැකිය,

3. නිදිමත ගතිය අලුත් කරුනු අධ්‍යනයට බාදාවක්, නින්නද අඩුවීම නිසා අඩුවන අවබෝධ ශක්තිය මීට බලපානවා කියලා තමයි කියන්නේල කෙටියෙන් කීවොත් නිදිමතේ ඉගන ගන්න බෑ (බෑම නෙමෙයි එහි ඵලදායී තාවය අඩුයි.

රතවාහන අනතුරු වලින් විශාල සංක්‍යවක් සිදුවන්නේ (බීමත් කමිනි පැදවීමට අමතරව) මේ නිදිමත ගතිය නිසා තමයි.. නිදිමත ගතිය අඩුවීම නිසා ක්ෂණීක කෝපය, නුරුස්සන ගතිය, මානසික ආතතිය සමග ක්‍රියා කිරීමට ඇති හැකියාව වැනි  ඇතිවීම සිදුවිය හැකියි.


එක් එක් පුදුගලයන්ගේ නින්ද අවශ්‍ය ප්‍රමාණය වෙනස්විය හැකිය, එම නිසා මේ කරුනු ආස්‍රයෙන් ඔබගේ නින්ද ප්‍රමානවත් ද නැද්ද යන්න ඔබ විසින් නිගමනයකට පැමිණිය යුතුයි.

අපේ ඇන්ඩෝයිඩ් ඇප්එක ස්තාපනය කරගන්න.. කවදාවත් ලිපියක් මග හැරේන්නේ නෑ https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

ස්පාන‍ඤය අල්ලස් සහ දූෂණ හේතු මත පාපන්දු නිලදාරියකු අත්අඩංගුවකට


අල්ලස් චෝදනා මත ස්පාඥය පාපාන්දු පරිපාලක ප්‍රදානියා සහ ඔහු පුත් අත් අඩංගුවට, අත්අඩංගුවට ගැනුනු ඇන්ජෙල් මරියා විල්ලර් ලියෝනා මහතා වයස 67 වන අතර ඔහු 1988 වසරේසිට මෙම තනතුර දරා ඇත.

ඔහුගේ පුතනුවන් නම ගොරිකාද (ගොරිකා හොදේ ගොරකා නෙමෙයි, ගොරකා ඇති කුස්යේ, ගොරක අත්අඩංගුවට ගත්ත දාට ඇබුල්තියල් හදලා ඉවරයි) අගහරුවාදා එම අත් අඩංගුවට ලක්විය

වියාජ්‍ය ලිපිලේකන සකස් කරමින් අනතර්ජාතික ත්‍රිඩාතරගවලින් මුදල් ගසාකෑම මේ දේදෙනාට එරෙහිව ඇති චෝදනාවේ.

කොහේ බැලුවත් ඉතින් දූෂණ අල්ලස් ලංකෙවේවිතරක් නොවෙයි…. එක නිසා රටට හෙනගහලා කියලා හිතන්න ඔන නෑ. 

හැකි අය ගසනවා අල්ලස හරියටම
නැති අපි එය දැක අඩනව මොන කරුම
ඇති අය හොරකං කරන්න නැති අයවම පාගා යන්න
අරුම පුදුම ලොක තමයි මේ.

පිටුව  ඇප්  https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa




ජනපති ට්‍රම්ප් පුතනුවන් සහ රුසියාවේ ආංදෝලනය



ජනාධිපති ජන්ධසමයේ රුසියානු රාජ්‍යයේ නියෝජිතයන් සමග සාතච්චා පැවැත්වුවායැයි  චෝදනා ලබ සිටින ටුම්ගේ පුත්‍රයා ගැනි දැන් හැමදාම වගේ ප්‍රවෘති වල යන සිරස් තලයක්, දැන් අද ආන්දෝලනයක් ඇති කරමින් ට්‍රම්ප් මහතාගේ නිතිඤවරය එම මුනගැසීම් ඇමරිකානු එක්සත් ජනපද රහස්සේවයේ අනුදැනැම ඇතුන සිදුවූබවට ප්‍රකාෂයක් කරතිබෙනවා

එම ප්‍රකාෂය රහස් සේවය ප්‍රතික්ශේප කොට තිබෙනවා, එතනින් එහාට ඉතින් කතාව සාමාන්‍ය දේශපාලන ජවනිකාවක ස්වරුපය ගන්නවා, මේ ලිපිය මම ලිවිවේ ඇමරිකාවේ මේ රහස් සේවය (Secret Service) කියන නියෝජ්‍ය ආයතනය ගැන සුලු හදුන්වාදීමක් කිරීමටයි.

එය පිහිටවු වර්ශය 1865 (අපි එවක අධිරාජ්‍යාගේ වත්තේ පොල් කඩති, නැතහොත් ඔහුගේ භාර්යාව දෝලාවක රුගෙන යති)
එහි මූලික වගකීම් දෙකයි


එවා තමයි ඇමරිකානු ඩොලර් හොර රහස් ආකාරවට වන නිෂ්පාදන නවතාලීම, ඇමරිකාවේ දැනට සිටිනා සහ පෙර සිටි ප්‍රභුවරුන්ට ආරක්සාව සැපයීම

පිටුව ඇන්ඩොයිඩ් ඇප් එක ලබා ගන්න මෙතනින් https://play.google.com/store/apps/details?id=org.gnuzero.pub.pituwa

රාජකාරිය වේලාවේ වැගකියයුතු පුරුදු අටක් (1 කොටස)



අපි හැමෝම දන්නවා වෙලාවට වාරතා කරන එක වෙලාවට කටයුතු නිම කරන එක රස්සාවක් පවත්වාගෙනයන්න අත්‍යාවශ්ෂම දේවල් කියලා.... ඒ අමතරව පහත කියලා තියන කරැනුගැනත් සැලකිලිමත්වුවහොත් රාජකාරියේ උසස්වීමි, වැඩිපුර දීමනා එහෙමත් ලබාගන්න පුලුවන් වනවා.

සැමවිටම දොස් කීමෙන් වැලකීම


ඉදලා හිටලා රැකියාවේ ඇති ගැටලුවක්, අයතනයේ තව අයකු එක්ක පවසනඑ එක ලොකුපුස්නයක් නෙමෙයි, හැබැයි පුරුද්දක් හැටියට දකින දකින හැම දෙයක් ගැනම, ආයතනයේ හැම කෙනා එක්කම දෝසාරෝපණය කිරීම, එකිව්වේ ආයතනයේ න්‍රමවේදයේ හෝ යම්කිසි සේවකයන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීමවගේ වැඩ.

මොකද එහෙම වගේ දේවල් පුරුද්දකටගියාම කවදාහරිදවසක වැරදි වචනයක් කටින් පිටවෙලා සැවොමගේම අප්‍රසාදයට ලක්වීමට ඇති අවස්තාව වැඩී. එහෙම උනේ නැතත් කවුරුහරි උසස් නිලදාරියෙක්ට උනත් ඇහෙන්න පුලුවන් ඉතින් එකට පස්සේ වෙන්නෙ තමා කෙරෙහි ඔහු‍ හෝ ඇය දරපු අදහස් හෝ මත සෘනාත්මක අතට හැරීමට ඉඩ කඩ ඇති වනවා.

අනවශ්‍ය ලෙස් ඉදිරිපත්වීම



තම නිල රාජකාරියට අමතරව අනිකුත් වැඩවලට ඉදිරිපත්වීම වැදගත්, එ්වගේම එවැනි ගති තියන අයට බොහෝවිට උසස්වීම් ඉක්මනින් ලැබෙනවා, හැබැයි ඔනවට වඩා ඉදිරිපත් වීමට ගියොත් එක අහිතකර විදිහට බලපාන්න පුලුවන්, මොකොද අනිත් අයගේ පුමාදවෙච්ච වැඩ තමන් නිතරම කරන්න වගේ ඉදිරිපත් උනාම අන් අයත් ඔබගේ එම ගතිය අයුතුලෙස භාවිතා කරගන්න එනවා... එවීදිහට වැඩ ගොඩක් ගොඩ දාන්න ගියාම අවසානයේ මානසික ආතතිය වගේ ගැටලුවලටත් මූනපාන්න සිද්ද ෙවන්න පුලුවන්.

ආයතනයට සරිලව පරදි ඇදපැලදීම


වත්මන් කාලේ සාමන්‍යයෙන් ආයතවල ඇදුම් පිලිබද නීතිරිතී බොහොම ලිහිලි, විසේසයෙන් පෞද්ගලික ආයතනවල පාරබෝගිකයන්සමග මුහුණට මහුන දැක වැඩ කීරීමට අව්‍ෂ්‍යය නැති ස්තාන, ඇතැම් බටහිර රටවල කොටකලිසමපවා අද්න්න පුලුවණ්, ඉතින් මේවගේ ලිහිල් නීති ඔබගේ ආයතනයේ නැත්නම් මේ කොටස වැදගත් නෑ ඔබට නමුත් ලිපිය මැද කියවූ නැති හිස්කඩක් (නොකිස්අඩක්) තියන්න ඔන නෑනේ.

ඉතින් අවවාදය තමයි මේ වගේ ඇදුමට නිදහස දීලා තිබ්බත් එම නිදහස අයුතු ලෙස භාවිතා නොකරන්න වැඩබලා ගන්න ඔන. එන්යනනේ හෝදපු නැති රෙදි, අයන් කරපු නැති ඒවා, ඉරිච්ච එවා අදින්න එපා, ඊට අමතරව එවයේ ලියලා තියන දේවල් ආයතන පරිසරයට ගැලපෙනවද නැද්ද කියලා හිතලා බලන්න... මම දැන් වසර කිහිපයනට උඩදී කැලණිය පන්සල් ආ එක් තරුනයකුගේ කමිසයේ ලියා තිබූ lust කියන වචනය දැකලා මවිත උනා, lust කියන්නේ රාගය,,, මට හොදටම විස්වාසයි එ් තරැණයා දැනගෙන හිටියේ නෑ කියලා එකේ තේරැම.

ඒවගේ ඇදුම් ගන්නකොට යම්කිසි ගැටලුවක් තියනවනම් අපෙන් අහලා එවන්න, ප්‍රසිද්ධියේ ඇසිමට චකිතයක් ඇත්නම් රහස් පනිවිඩයක් එවන්න....

දේශපාලන කනාබහ


සාමාන්‍යයෙන් ආහතනයේදී පෙරදවසේ රෑපවාහිනි වැඩසටහනක් ගැන කතාබහ කරන එක කවදාවත් අහිතකර තත්වයක් ඇතිකරන මාත්‍රෘකාවක් නොවෙයි, එවගේමතමයි ප්‍රියතම ක්‍රිඩා කන්ඩායම මෑතකදි සහභාගිවුන තරගයක් ගැන කතාබහ කිරීමත් ප්‍රස්ණයක්නොවේ, හැබියි ඉතින් ලංකෙවේ ක්‍රිකටිමැච් දැට හැමෝම නිවාඩුයනඑක සාමාන්‍යදෙයක් වෙලා, නමුත් ඇමරිකාවවගේ දියුණු රටවල මුලුදින පුරාම ක්‍රිඩාකරන එවැනි ක්‍රිඩා නැ, ඒ අයගේ ප්‍රියතම ක්‍රිඩාව වන බේස් බෝල් ක්‍රිඩාව බොහෝවිට හවසක පැය 2-3 සීමා වනවා.

ඉතින් එක නෙමෙයිනේ කියන්න ආවේ, වැඩපොලේ දේෂපාලනය ගැන සාකච්චාවට යාමින් වහාම වලකින්න, මොකද එය හැගීම් බර මාත්‍රෘකාවක් හිත්රිදි බැන ගැනීම් වලින් නතර වන දෙයක්, හැමදෙනාම තම පෞද්ගලික දේෂපාලන මතිමතාන්තර රුකියාස්ථානයට ගේන එකින් වලකින්න ඔන.




සංසර්ගය ගැන කතා කරමු - අන්යම් සම්බන්ධ (අවසන් කොටස)

ඔන්න දැන් අපි දවස් දෙකක ඉදන් සංසර්ගය හා ආස්‍රිත ආසාවන් සහ ගැටලු තම සහකාර සහකාරිය සමග කතා කරන්නට යොමුවන ආකාරය පිලිබඳව විග්‍රහයක යෙදුනා. දැන් මේ අවසාන කොටසින් කකා කරන්නට යන්නේ යමිකිසි විදිහකින් එක් අයකු විසින් අනියම් සම්බන්ධයක යෙදී ඇති බව හෙලිදරව්වුනොත් එ්ගැන ක්‍රියාකරන්නේ කොහොමද කියලා.

එහෙම දෙයකු උනොත් පලමුවන්ම සිද්දවන්නේ විශ්වාෂය කැඩීයාම, හැබැයී විෂ්වාසය මුලුමනින්ම කැඩි යන්නේ නෑ, එකියන්නේ දරුවන් පාසැලට රුගෙනයාම එකි නෙකාට හිමි රථවාහනය ධාවනය කිරීමථ, මේ අවස්ථාවලට විශ්වාෂය තවමත් තියනවා.

නමුත් නැවතත් යමිකිසි විදිහකට අනියම් සම්බංධයක් ඇතිවෙයි කියන සැකය අනිත් පුද්ගලයා අතර සැරිසරනවා. මේ තත්වයෙන් මීදීමට නම් දෙදෙනා සම්බංධය නව තීන්දු මත අලුත්වැඩියා කරයුතුය. එසේ නව කොන්දේසී මත අලුත්වැඩියා කිරීමට අපහසුනම් විසිරයාමක් කලයුතු වෙනවා.

අනාගතයේදී නව සබදතාවයකදී කලින් සම්බන්ධතාවයේ තමා හෝ අනිත් පුද්ගලයා විසින් ඇත්වු අනියම් සම්බංධය නිසා ඇතිවූ ගැටලු අලුත් සහකාරයාට කීම මග්න් එම ගැටලු නව සම්බන්ධයේ ඇති නොවීමට වගබලාගත හැකිවනවා.

අවසානවශයෙන් අපි ඊයේ පැවසුවේවඳ භාවයගැන කතාකරන බවයි. මෙය සුළු ප්‍රමාදදෝෂයකින් ඇකිවූවක් බව කරුනාවෙන් සලකන්න. වඳ භාවය සමග මුහුණදෙන ආකාරය අපි ලගදීම ලිපියක් මගින් ඉදිරිපත් කිරීමට යෙදෙන්නම්.





ලොව ධනවතුන්ගේ කියවීමේ පුරුදු


ලෝකයේ අතෂයින් ධනවත් පුද්ගලයන් දිහා බැලුවහොත් එක දයෙක් පෙනීයනවා, එතමයි ඒඅය නුවනින් විසිස්ට නොවුවහත් කියවීමට දක්ශයන් වීමයි. කියවීම කියල මෙතන අදහස් කරලා තියෙන්නේ මෙලෝ සාරයක් නැති දෙවල් තවත් අය සමග කියමින් කාලය ගෙවන එක නොවෙයි.
කියවීම යනුවෙන් අදහස් කරන්නේ පොත පත කියවීමය.

අහලා තියනවද වොරන් බෆට් සහ චාර්ලි මුනගර් කියලා දෙන්නෙක් ගැන, මේ දෙදෙනා ආරම්බකරලු බරක්ෂෙයාර හැතිවේ කියන රක්ෂණ සමාගම අවුරුද්දකට ඩොලර් බිලියන 20 ලාභයක් ලබනවා, එකියනේ රුපියල් බිලියන 2800 ප්‍රමාණයක්

හැබැයිමේදෙන්නම උපන්නේ පෝසත් පවුල් වල නෙමෙයි, අනික 1930 වල ඇමරිකාවේ තිබ්බා විශාල ආරත්ක ගැටලුවක් විරුකියාව ඉහවහලා ගියපු කාලයක්. ඉතින් එදවස්වල වොරන් සහ චාර්ලි සිල්ලර බඩුකඩේක තමයි වැඩකරලා තියෙන්නේ,

 කොහොමද එකපාරට දියුනු වන්න පුලවන් උනේ, වොරන් පවසන අන්දමට ඔහු දිනකට 80% පමන කාලයක් කියවීමේ යෙදෙනවාලු

2007 වර්ෂයේ විසව විද්‍යාල සිසුන් පිරිසක් ඉදිරිපස චාර්ලී මේවගේ ප්‍රකාෂයක් කරලා තියනවා,

"මම නිතරම දකිනවා ජීවිතය සාර්තක කරගත් පුද්ගලයින්. ඔවුන් දක්ෂයෝ කියලා කියන්න බෑ කඩිසරයි කියලා කියන්නත් බෑ, හැබැයි ඔවුන් නිතරම පොත පත කියවන අය. ඔයුන් දිනපතා නින්දට යන්නේ යම්කිසි අලුත් දැනුමක් මනසට එක්කරන් තමයි."

වොරන් බෆට් ආයෝජන කරන්න පටන් ගත්ත කාලේ ඔහු දිනකට පිටු 600-1000 පමණ ලේකණ කියවුවාලු. ඔහුපවසන අයුරෙන් දිනපතා දැනුම වැඩිකර ගත්තොත් කවදාහරි ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා.

එලන් මස්ක් (Ellon Musk) රොකට් හදන් එක ගැන තනියම තමයි ඉගන ගෙන තියෙන්නේ.

බිල් ගේට්ස් (Bill Gates) අවුරුද්දකට නව කතා නොවන පොත්පත් 50 පමණ කියවනවාලු. ඔහුට නිතරම එහෙ මෙහේ යන්න වුනත් ඔහු වැඩිපුර ප්‍රියමනාම කරන්නේ පොත් පත් කියවීමටලු.

2015 වර්ෂයේ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) මුලුලෝකයට ආරඅදනා කරලා තියනවා ඔහු සමග සති දෙකකට සැරයක් පොතගානෙ කියවන්න.

මොනා උනත් කියවීම වැදගත්, නමත් ගොඩක් අය එක දකින්නේ හරි අමාරු රාජකාරියක් හැටියටක, නමුත් අපි අහලා තියනවානේ උත්සාහ වත්තයා ජයගනී. අඩුම ගානේ දිනපතා පිටිවු සගරාව කියවූවත් එම අරමුණ ටිකක්හරි සාර්ථක කරගන්න පුලුවන් වෙයි. 

සිත් මවිත කරවන චීනයේ මිනිපෙට්ටි එල්ලෙන අහස් සුසාන භූමි

මේලිපිය කේටී හන්ට් (Katie Hunt) සී.එන්.එන් ප්‍රවෘතිසේවයේ චාරිකා අංසයෙන් පලකරන ලද්දක් ආස්‍රිතවයි.

පොරවකින් කපාගත් ලීවලින් නිමකර ඇත මිනී පෙටිටියකි, එය මටසිලිටු සුදු පැහැයගත් ගන් පතුපිටකින් සමන්විතය,  ග්‍රිෂ්ම හිරුරැස් මේ මිනී පෙටිටිය මත වැටී පරාවර්ථනවේ. එහි ඇතුලේ තිබෙන ඇටසැකිල්ලක මහුන පෙටිටයෙන් එලියට නෙරපා පැමිණ ඇත.

මේ කියන්නේ ගුයිසෝ කියන චීන ප්‍රාන්තයක ඇති යම් ගල්ගුහාවකට මීටර් 30 පමණ ඉහලින් ඇති හුනුගල් වල කොට මහින් රදවාගෙන ඇති මිනිපෙට්ටි 30 කින් එකක් ගැන පමණයි. මේ සුසාන ස්ථානය දැනට වසර සියගනනකට පෙරදී අවසන් වශයෙන් භාවිතා කොට ඇතිබවට සාදක පෙනේ.

මේ මිනිපෙට්ටි ඇතුලේ සහ එලියේ ඊරිච්ච රෙදිකැබැලි, ඇටකටු සහ පිලන් ගඩොල් කෑලි දකින්නට ලැබේ.

 දසක තුනක් පමණ කාලයේ සිට හොන්කොන් ජාතිකයකු වන වොන්ග් හවු මෑන් (Wong How Man) මෙවැනි ගුරුත්වයට සරදම් කරනා සුසානස්ථාන වල කෑනීම් කටයුතු වල නිරථවෙලා තියනවා. එහු බලා පොරොත්තුන උනේ මෙවැනිලෙස අවසන් කටයුතු කිරීමට පදනම්වූ විශ්වාශ මොනවාදැයි තේරුම් ගැනීමයි.

ඔහුට පලමුවරට මෙවැනි ස්ථානයක් දැකගත හැකිවූයේ 1985 වර්ෂයේදී කියලා තමයි කියන්නේ. එදා පටන් අදවනතුරු එදා ඇතිවෙච්ච විචිත්‍රත්වය ම තාමත් එපිලිබදව සොයා බැලීම් කරනවා. ඔහු පවසන අන්දමට එම ස්ථාන වලට මේ මිනීපෙට්ටි මොන ආකාරයකට රැගෙන ආවාද යන්න තවමත් ගැටලු සහගතයි,

මවැනි එල්ලෙන් මිනී පෙට්ටි වැඩිම හරියක් දකින්නට ලැබෙන්නේ මද්‍යධරණි චීවයේ තමයි. ඊතාම පැරණිම එක අවුරුදු 3000 පමණ පැරණි බව තමයි සාදක වලින් පෙනීයන්නේ. තමමත් මෙවැනී ස්ථාන හොයාගන්නට ලැබෙනවාලූ.

සොයා ගනීම් අනුව මේ සම්ප්‍රදාය බෝ (Bo) නමින් හදුන්වන පිරිසකට අයත් වන බව තමයි වොං පවසන්නේ, වසර 2000 පමණ සිට අද දක්වා කරන ලද කැනීම් වලින් ප්‍රෂ්න වැඩීවීමක් මිස අඩු වීමක් දකින්නට නැහැලු. හුගක් මිනී පෙට්ටිවල එක් සිරුරකට වඩා තිබීම කැපී පෙනෙන ලක්ෂණයක්ලූ. සමහර එවා මිං රජවංශය සිටි කාලයට අයත් වනවාලු.

මෙහි වැදගත් කම වන්නේ සාමාන්‍යයේන් ලොකය පුරාම සුපුරුදු ආකාරයට පොලව යටට මලසිරුරු අයත් පෙට්ටි දමද්දී බෝ ගෝත්‍රිකයන් කදු උඩට නැගීමයි. මන්ද එය ඊතාමත් අසීරු කාර්යක් වන බැවිනි.









සංසර්ගය ගැන කතා කරමු - දෙවන කොටස



ඔන්න අපි ඊයේ කතා කලානේ කාතා කරන්න ඔන වෙලාවල සහ අවේලාවේ කතාබහ ගියොත් එක වලක්වා ගන්න හැටි. ඔන්න අද කියන්න යන්නේ තම සහකාරයාගේ හැගීම් වලට සංවේදීව කටයුතු කරන ආකාරය. ඊයේ පලවන කොටස දැක්කේ නැත්නම් මෙතනින් බලාගන්න

ඹබගේ අදහස් හෝ ගැටලු තම සහකාරයාගේ හැගීම් රිදෙන් ආකාරයට ඉස්මතු නොකර්න් වගබලා ගන්න එක තමයි දැනගතයුතු පුතම කාර්ය. ඩෙිනිස් වෛද්‍යවරයා පවසන අන්දමට මෙන්න මේවගේ වාක්‍යක් සුදුසුයි.

"මට දැනනෙ විදිහට අපි දැන් එකට ඉන්න එක අඩුවෙලා වගේ, මට නම් එය ගැන ටිකක් ප්‍රශණයක් වෙලා තියෙන්නේ, ඔයාටත් එහෙම හිතෙනවද?"

හැබැයි අර ඊයේ කියපු නැකතට අනුකූලව, එවිට සහකාරයා ඔබගෙන් මේවග මීට පෙර කතා නොකලේ ඇයිදැයි විමසුවහොත් එයට අවංකව පිලිතුරු දෙන්න, හෝ ඔබ එම ක්‍රියාදාමය නැවත   යතාතත්වයට ඇතිවේයැයී සිතපු නිසා කියා කිව හැකිය.

ඔබ මේ ගැටලුව ගැන ඉදිරිපත් කර අවසන් වේලේම තම සහකාරයාගෙන් සෑහිමකට පත්වන පිලිතුරක් බලාපොරොත්තු නොවන්න. ඇයට හෝ ඔහැට පිලිතුරු සැපයීමට කාලාවිරාමයක් ලබා දෙන්න. මන්ද ඇයට හෝ ඔහුට මේ ආරංචීය සිත ගැස්මට හේතුවන්නක් විය හැකි නිසාය. මේ ක්‍රියාකාර කමින් පසුව දෙදෙනාම එම ස්ථානයෙන් නික්මවගොස් එම ගැටලුව නිරාකරනා වත්පිලිවෙත් ගැන සිතා බැලිය හැකිය. දෙදෙනා එක නිවසේ ජීනත් වන්නේද තම තමන් එකපුද්ගලිකව කරනා ක්‍රියාකාරකමක යෙදීමට හැකිය. මන්ද මෙවැනි අවස්තාවකදී දෙදෙනාට දෙදෙනා එකපුද්ගලිකව සිතීමට මංපැදිය යුතු නිසයි.

කෙසේ වෙතත් ඒකාරනය පිලිබදව කතාබහ කිරීමට නැවත පාර්ශවිය යුතුය. එය අමතක කරදැමීමක් කලයුතුද එයද පුකාෂයටපත් කර සිටින්න. නැවත සාකච්චා කිරීම කාලවේලාව අනුව එමදවසේමද කලහැකි වන්නේය.

අවංකත්වයින් අදහස් හුවමාරුකරගැනීම හේතුකොට ගෙන සංසර්ග ගැටලු විසදා තම සමිබන්ධය සාර්තක කරගත හැකිය.  මෙසේ කතාබහකින් ගැටලුව නිරාකරනය කරගත නොහැකිවුවහොත් සංසර්ගය පිලිබධ විසේසඥ වෛදවරයකු මුණගැසී එම කාරනය පිලිබද විඩිදුර පරීක්ෂණයක් කල හිකිය.

හෙට කොටසින් දරුවන් අහිභාවය නැත හොත් ගැමි වහරට අනුව වඳ භාවය මුහුනදෙන ආකාරය කතා බහ කරමු

සංසර්ගය ගැන කතාකරමු - බ්‍රිතාන්‍ය ජාතික සෞක්‍ය සේවා අඩවියෙන් උපුටා ගන්නා ලද්දක්



සංසාර්ගික සබදතා ඇති දෙපලක්ගේ එක් අයකු සෑහීමට පත්ව නැත්නම් ඒපිලිබදව අනිත් එක්කෙනාට කියන ආකාරය තමයි මේ කියන්න යන්නේ. මොකද එහෙම නොකීමෙන් දෙදෙනැ අතර ඇති සබදතාවය හීනවී යාමට හේතු සහගතය.

ඩෙනිස් ක්නෝවල්ස් (Denise Knowles) කියන මානෝවිද්‍යඥයා (සංසර්ග විසේසඥ) කියන ආකාරයට ගැටලුවක් ඉදිරිපත් කිරීම හෝ තමන් රිසි නොරිසී සංසාර්ගික ක්‍රියාකාරකම් තම සහකරු සමග පැවසීම අත්‍යාවශ්ය වේ.

නිතරමකරන විවෘත කතාබහ සම්බන්ධතාවයක අඩිතාලම වනවාවගේම, මොකද එකිනෙකා හා අතර අදහස් සහ හැගීම් විවෘතව අවබෝධ කරගැනීමට හැකිවීම වන්නේ ඒ විවෘත සන්නිවේදනය මගන්නිසා. එම ආකාරයටම එම කතාබහට සංසර්ගය හා ආස්‍රීත ගැටලු හෝ මති මතාන්තර බෙදා හදා ගැනීම වැදගත්ය.


හොද උදාහරනයක් තමයි සංසර්ගයේ යෙදෙන වාර ගනණ, උදාහරනයක් ලෙස ඔබට සතියට දෙවරක් මගින් සෑහීමට පත්වුද ඔබගේ සහකාරයාට සතියට හතරවතාවක් අවශ්‍ය වන්නේය. එවිට ඔබගේ හැගීම ඇය හෝ ඔහු නොදනීනම් ඇය ඔහු කෙරෙහි ඇති ආදරය අඩුවීමක් ලෙස ඔවුන් දකීවී. නමත් සත්‍යා එය නොවේ.

සමහර අයට වැඩපොලේ ඇතිවන මානසික ආතතීය හේතුකොටගෙන සංසර්ගයේ යෙදීමට ප්‍රියමනාපබවක් නොදක්වයි, නමුත් එබව සාහකාරිය හෝ සහකරුවා නොදැන සිටියහොත් සම්බන්ධය කැඩීයාමට පවා ඉඩකඩ ඇත.

කොතරම් ලගින් සම්බන්ධව සිටියත් 100 වතාවක් සංසර්ගයේ එකට සිටියත් එය ගැන කතාකිරීමට හුදෙක්දෙනා මැලිවන්නේය. මේ විශය ගැන කතාකිරීමට සුදුසු නැකතක් වැනි වෙලාවන් ඇත. කතා නොකලමයුතු රාහුකාලය වැනි කාලයන්ද තිබේ. භයානකම රාහු කාලය වන්නේ සංසර්ග ප්‍රයත්නයක් (මොනම හේතුවකින්) අසාර්ථකවූ අවස්තාවන්ය. හදිසියකින්වත් ඔබට එවැනි අවස්ථාවකට මුහුන පෑමට සිදුවුවහොත්, ඒගැන පසුව කතාකරමු යැයි අනිකාට පවසන්න. 



සංසර්ගය සිතුවිලි ජනිත විෂයකි. එමනිසා හරිම නැකත එන්නේ මෙවැනි අවස්ථාවකදීය, ඔබදෙදනාට තනිවම ගත කල හැකි (මුහුදු වෙරලේ නෙමෙයි ඔන්, පොලිසියෙන් පනිව හෝටලුත් නෙමෙයි ආන්) දුරකථන ඇමතුමකින්වත් කරදයක් ඇතිනොවිය හැකි දරුවන්ද නිවසින් පිටගොස් ඇති වෙලාවකය.

තමා ගැටලුවගැන තතාකිරීමට භාවිතා කරනා වචන මාලාවද පෙරසූදානමක් මගින් ලැහැස්ති වන්න සෘනාත්මක හැගීමි ඇතිකිරිමට ප්‍රවනතාවක් දක්වන වචන භාවිතයෙන් වැලකී සිටින්න

මේ ලිපිය කොටස් වශයෙන් පලකරනු ලැබේ හෙට ලිපියේ තම සහකරු හෝ සහකාරියගේ හැගීම් ගැන සංවේදීතාවය දක්වන ආකාරය දැනගන්න පුලුවන් 

මයික්‍රෝසෝෆ්ටි ආයතනය සේවක කප්පාදුවක



සී.එන්.එන් ප්‍රවෘත්ති සේවය වාර්තාකරණ ආකාරයට මයික්‍රෝසෝෆ්ට් සමාගම සේවක කප්පාදුවක් පටන් අරන්. වෙලද සේවයේ නිරතවන අයව තමයි මේවිදිහට අස්කරන්න බලාපොරොත්තු වන්නේ. හැබැයි ඇමරිකාවේ සේවයේ ඉන්න අයගේ රැකියාවේ ප්‍රස්ණයක් නැතිලු... එයින් පිට රටවල ඉන්න අයට තමයි ගැටලුවට මූනපාන්න වෙලා තියෙන්නේ.

නොහොමත් ඉතින් ලෝකයේ මොන ප්‍රස්ණ ආවත් ඇමරිකාවේ පුරවැසියන්ට ගැටලුවක් නෑනේ.

මේ වෙනස්කිරීමත් සමග ඒ සමාගම බලාපොරොත්තුවන්නේ cloud computing (වලාකුලු ගණනය) අංශයේ වෙලාම වැඩිකිරීමටයි. දැන් කොහොමත් windows 10 නොමිලේ ලබාගන හැකිවීම හේතුකොටගෙන මේ වෙලද සේවයේ වැඩකරපු අයට වැඩිය වැඩ නැතුව ඇති කියලා තමයි අපි පිටුවේ අය ආකල්පණය කරන්නේ. ඒක වෙන්න ඇති නිකන් පින්පඩිදීමට වෙනුවෙන් ඒඅය කප්පාදුකරලා දාන්න ඔවුන් තීරනයකට එන්න ඇත්තේ.

මේවිදිහට රැකීයා අහිමිවන්නේ 4000 පමණ පිරිසකටයි. වෙලද නිලදාරී වැඩ කරනකොට අතුරු දීමනාව හොද අතරම කප්පාදුවටත් ඉක්මනින් ලක්වවා. නංගිලා මල්ලිලා රස්සාවල් තෝරගන්නකොට මේදේවලුත් සලකලා බල්ලන හොදේ

මනුෂ්‍යා සත්තුන් හීලෑකරගැනීමට පෙර තමන් හීලෑ කරගත් බව සොයා ගැනේ


දැන් අවබෝධවී ඇති කරුනු කාරණා මත මනුෂ්‍යා තමතමන් හීලෑ කරගත් බවට තොරතුරු හෙලිවී ඇත. විද්‍යාඥයන් ඉදිරිපත්කරන ආකාරයට වසර 200,000 පමණ පෙරසිට මනුෂ්‍යයන් මෙමක්‍රියාවලියේ යෙදීඇත.

මෙම හීලාකිරිමේදී මූලිකම කාරනාව වන්නේ නාදුනන පුද්ගලයකු දුටුවිට දත නියවීමය.  එකී 200,000 පෙරකාලයේ මිනිසා මෙවැනි නාදුනන පුද්ගලයන් වෙත දත නියවන්නන් සමාජයේ කොන් කිරීමට පටන් ගත් බව විද්‍යඥයන් අදහස් දක්වයි. එම ක්‍රියාවලිය නිසා තම පැවැත්මට දතනියවීම සෘනාත්මක ලෙස බලපාන බව හදුනා ගත් මානවයා එම ක්‍රියාවලියෙන් මිද් පරිණාමය වී ඇත.

තවද ඔවුන් පවසන ආකාරයට මේ පරිණාමය හෝතුකොටගෙන මානවයාගේ මුහුනේ අංග ලක්ෂණද හැඩගැසීම වෙනස්වී ඇත. නියැන්ඩතාල්ගේ මහුනේ ඇති රලුබව සහ වීෂාල මුක ප්‍රදේෂය දතනීයවීම සදහා එකරාසිවූ සරීර ලක්ෂණය.

සමහර වෙලාවට පොඩි බබාලා (වැඩිහිටි අය තරහ ගියාම) දතනියවන්නේ අර අවුරුදු 200,000 ඉදන් තමමත් සමහර අයගේ ඩි.ඇන්.ඒ වල සදහන් වෙලාතියන ඒ ගතියම තමයි.  ඒකනිසා ඒඅය සමග කෝපනොවී සීනිබෝලයක් දීලා ප්‍රශ්ණය විසදා ගන්න.


ගොනෝරියා මුකය ආස්‍රිතව බෝවීම සීග්‍රවී ඇත



ඔන්න මෙතෙක්කල් හිතුවේ මුඛමූලිකසර්ගය එසේ නැත්නම් මුඛය ආස්‍රිතව සිදුකරන ලිංගික සබදතා මගින් අවදානම් තථ්වයක් ඇති වන්නේ නෑ කියලානේ. හැබැයි දැන් සොයාගෙන තියන දේවල් අනුව ඒ නිගමනය වැරිදි බවයි පෙනී යන්නේ.

බී.බී.සී ප්‍රවෘති සේවය වාර්ථා කරන ආකාරයට ගොනෝරියාව පතුරවන බැක්ටීරියාව අතිෂයින් දියුණු බැක්ටීරියාවක් බවට පරිවර්තනය වෙලා. විශේෂඥ දොස්තරවරු පවසන ආකාරයට නිස්සේරියා ගොනොහොයියා නම්වූ මේ බැක්ටීරියාව ලබාදෙන ඔෘෂද වලට මර්ධණය කර නොහැකි ආකාරයකට තවත් තත්වයකට පත්වනවාලු. හරියටම එච්.අයි.වී වයිරසය වගේ තමයි.

කොන්ඩම් බාවිතය අඩුවීමද මේ ගොනෝරියාගේ සීග්‍ර පැතිරීමට බලපාලා තියනවා. දුප්පත් රටවල ගොනොරීයාට තියන බෙහෙත් කොහොමකටවත් අලුත්වූ ගොනොරියාට පිලියම් කරන්න බෑ කියලා තමයී දොස්තරවරු කියලා තියෙන්නේ.

ලිංගික ඒන්ද්‍රයින්වලින් කොල හෝ කහ පාට දුව්‍යයක් පිටවීම, මූත්‍රා පිටකිරිමේදී තද වේදනාවක් ඇතිවීම ආවරථ කාල දෙකක් අතර රුධිරය පිටවීම මේ ගොනෝරියා වල රෝගලක්ෂණ වනවා.

ඔන්න නංගී මල්ලී අයියේ අක්කේ පරිස්සමමින් කටයුතු කරන්න හොදේ.

ඔන්න ලංකාවේ ආපහු ෙඩංගු හිස ඔසවීමේ ප්‍රයත්නයක


ශ්‍රි ලංකාවේ නැවතත් ඩෙංගු හිස ඔසවයි. සී.ඇන්.ඇන් ප්‍රවෘති සේවයේ පවසන අන්දමට 2017 වසරේ ඩෙංගුරෝගය බෝවුන ලෙඩුංගේ ගනන වාර්ථා කඩ කොට ඇත. විශේෂඥයන් පවසන අන්දමට ඩෙංගුනිසා මරණයට පත්වන රෝගී සංක්‍යාව තවදුරටත් වැඩීවීමට ඉඩකඩඇත. ආණ්ඩුව විසින් සොල්දාදුවන් 450 පමණ ප්‍රමානයක් ඩෙංගු මර්ධණය ව්‍යාප්‍රතියට යොදවා ඇත. අවසාන වතාවට මේ ආකාරයට ඩෙංගු හිස ඔසවිමක් සිදුකලේ 2009 වර්ෂයේය.

2009 වර්ශයේ සිට අද දක්වා ඩෙංගු බෝවුන රෝගී ප්‍රමාණය 25,000 කි. ඒ අතරින් 249 ජිවිතක්ශයට පත්වී ඇත. දොස්තර ප්‍රසිල්ලා සමරවීරට අනුව ලංකාවේ පැතිරණ මේ ඩෙංගුවර්ගය ආසියාවේ අනිකුත් රටවල තිබෙනා ඩෙංගුවර්ගයට වඩා අතිෂයින් ප්‍රබළය. රෝහල් වල ඇදන් සීමා වීම සහ බෙහෙත් වර්ග ප්‍රවාහනය ප්‍රමාද වීම ගැටලුව තවත් අසිරු වීමට හේතු සාදක වේ