අයින්ස්ටයින් ටෙටේ හා රාහුල


 මේ ලිපිය චරිත් ගල්හේන මහතාගේ දායකත්වයෙන්

ඇල්බර්ට් අයින්ස්ටයින් තම දෙවන පුතු හැදින්වුයේ ටෙටේ යන ආදර නාමයෙන්. ටෙටේ සංගීතයට ප්‍රිය කල අතර තම පියාගේ වයලීන් වාදනයට සවන් දීමට මහත් කැමැත්තක් දැක්වූවා. එඩ්වර්ඩ් නැත්නම් ටෙටේ තම දෙමව්පියන්ගේ වෙන්වීමෙන් පස්සේ තම මවත් හා සහෝදරයා හාන්ස් එක්ක සූරිච් වලට යනවා. පලවන ලෝක යුද්ධයට ආරම්භ වීමට පෙර පමණ කාලයේ දී දිනක් අයින්ස්ටයින් තම පුතු බැලීමට පැමිණෙන බවට වූ පොරොන්දුව මත ටෙටේ තම පියා එන තෙක් ශිශිරයේ දැඩි සීතල දරා ගෙන පිල්කඩ ට වී බලා සිටිනවා. නමුත් ජර්මනියේ සිට සූරිච් බලා එන දුම්රියට යුද්ධය හේතුවෙන් සූරිච් දේශ සීමාව පසුකරන්නට අවසර ලැබෙන්නේ නෑ.
ඇල්බර්ට් තම පළමු බිරිදගෙන් වෙන්වුනත් ඔහුට දික්කසාදය ලැබෙන්නේ ඊට ගොඩක් කාලයකට පස්සේ. දික්කසාදයේ එක කොන්දේසියක් වෙන්නේ ඇල්බර්ට්ට තමන්ගේ දරැවන් දකින්නට බැහැයි කියන එක. කොහොම උනත් පළවන ලෝක යුද්දෙත් එක්ක ඇල්බර්ට්ට නාසි ජර්මනියෙන් එල්ල වෙච්ච තර්ජනත් එක්ක 1933 දි විතර ඔහුට ඇමෙරිකාවට යන්න වෙනවා. එදා පිල්කඩට වෙලා හිටිය ටෙටේ ට නැවත තමන්ගේ තාත්තාව දකින්න හම්බ වෙන්නෙ වත් ඔහුගේ වයලීන් වාදනය අහන්න හම්බ වෙන්නෙ වත් නෑ. ටෙටේ වරක් තමන්ගේ තාත්තට වෛර කරන බව ලියා යවනවා.
වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන ටෙටේ භින්නෝන්මාදයෙන් පීඩා විදින්නට පටන් ගන්නවා. ටෙටේ එක් අවස්ථාවක දී සිය දිවි නසා ගන්නට ද උත්සාහ කරනවා. රෝගී තත්වයත් එක්ක ම ඉන් අනතරැව ටෙටේ ට වරින් වර මානසික රෝහල් ගත ව ප්‍රතිකාර ලබන්නට සිදු වෙනවා. ටෙටේ මේ රෝගී තත්වයට පත් වීමත් සමග පියා සහ පුතා අතර ලිපි මගින් සංවාදය පටන් ගැනෙනවා. 1948 දී තම මවගේ සිදු වන මරණයත් සමග ටෙටේ තම ජීවිත කාලයෙන් වැඩි පුර කාලයක් ගත කරන්නේ මානසික රෝහලේ. 1965 දී තමන්ට වයස අවුරැදු 55 දී ටෙටේ හෘදයාභාදයකින් මිය යනවා.
තමන්ගේ කුලුදුල් දරැවා උපත ලබපු දිනේදි ම සිද්ධාර්ථ තමනුත් දරැවාත් අතහැර දමා ගිය හේතුව යසෝදරාට හිතා ගන්න වත් බැරි වෙන්න ඇති. ඉන් පස්සේ ගත වෙච්ච අවුරැදු 07 ක පමණ කාලය ඇය අවමාන ගැරහුම් එක්ක ජීවත් වෙච්ච කාලයක් වෙන්න ඇති. මේ හේතුව ම තම පියාගේ සෙවනැල්ල යට අභිමානයෙන් ගත කරන්නටත් රාජකීය පෞරැෂත්වයක් එක්ක වැඩෙන්නටත් තිබ්බ රාහුලගෙ අයිතිය උදුර ගන්න ඇති.
ලෝකයේ ශ්‍රේෂඨත්වයට පත්වෙච්ච මිනිසුන්ගෙන් ලෝකයට වෙච්ච සෙත වගේම ඔවුන්ගේ පරාර්ථකාමීත්වය ගැන කිසිදු තර්කයක් හෝ ගැටලුවක් නෑ. නමුත් ඒ චරිත පිටිපස්සේ ඉන්න අහිංසක දරැවෙකුට තමන්ගෙ පියකුගෙන් ලැබිය යුතු ආදරය, රැකවරණය නැති වීම මට හැමදාම ප්‍රශ්නයක් වෙච්ච දෙයක්. ඒ මිනිස්සු ඒ තීරණයට එළඹුනේ කොහොම මොන තත්වයක් යටතේ ද සහ ඊට පස්සේ ඒ තීරණයත් එක්ක ජීවත් වුනේ කොහොම ද කියන එක මට අදටත් ප්‍රශ්නාර්ථයක්. හැබැයි වෙන්වීම පිළිබද ඒ තීරණය ගත යුතුව තිබූ බවටත් කිසි ම ගැටලුවක් නෑ.


1983 ලෝක විනාශය නැවතූ වීරයා

රුසියානු ජාතික ස්ටැනිස්ලාව් පෙට්රොව් (stanislav petrov) රුසියානු හමුදාවේ ක්‍රියාන්විතයේ සිටි සොල්දාදුවෙකි, ඔහු පරමාණු ප්‍රහාර ගැන පෙර දැනුම්දීම් කරන මධ්‍යස්ථානයක තමයි සේවයේ යෙදී සිටියේ.

1983 සැප්තැම්බර් මස 26 වැනිදා උදෑසන පරිගණක පද්ධතිය ඇමරිකා දෙසින් රුසියාවට ප්‍රහාර කරණ ලද මිසයිල රැසක් ගැන අනතුරු අඟවන්න පටන් ගත්තා. ඔහුට ලැබී ඇති අණ පරිදි මෙම සිද්ධිය වහා ඉහල නිලධාරීන්ට පැවසිය යුතුව තිබුනා.

නමුත් එම අනතුරු ඇග වීම පරිගණක දෝශයක් යැයි තීරණය කොට ඔහු පරිගණක අංශයට පද්ධතියේ දෝශයක් ඇතිබවට පමණක් දැනුම් දීලා තියනවා. එම අනතුරු ඇඟවීමෙන් මිනිත්තු විසිතුනක් ඉක්ම පසුව කිසිදු ආරංචියක් නොමැති නිසා එම අනතුරු ඇඟවීම ගැන ඔහු ගත් තීරණය නිවැරදි බව ඔහුට හැගී ගොස් තිබෙනවා.

පසුව කල පරීක්ෂණය කදී සෝවියට් චන්ද්‍රිකා වලාකුළුවලින් පරාවර්තනය වන ආලෝකය අන්තර් මහාද්වීප මිසයිලයක ඇන්ජිම හැටියට වැරදි ලෙස හදුනාගෙන තියනවා කියලා සොයාගෙන තියනවා.

ඔහු ඇත්තටම පරිගණක පද්ධතිය විශ්වාස කොට අනතුරු ඇඟවීම වාර්තා කළානම් රුසියාව ඇමරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම කරීමට යෙදෙනවා. එවිට එම මිසයිල එල්ල කිරීම ගැන දැනගත් ඇමරිකාව එයට ප්‍රති ප්‍රහාර දෙනවා. එක තමයි පටන් ගැන්ම වෙන්නෙ.

එතකොට රටවල් දෙකේ මිත්‍රයෝ එකට හවුල් වෙනවා, ඉතින් 3 වෙනි ලෝක යුදධය හරි ලෝක විනාසය හරි වෙන්න තිබුණු අවස්ථාවක්. මොකද මේ දවස්වල තමයි ඇමරිකාව යි රුසියාව යි දෙන්නට දෙන්නා ලොකු නිහඩ යුද්ධයක යෙදිලා හිටියේ.

ඉතින් ලගදී ආරංචියක් ලැබිලා තියනවා මේ අවුරුද්දේ (2017) මැයි මාසේ 77 හැවිරිදි වියේ ඔහු මිය ගිහින් කියලා. ඉතින් ලෝක විනාශයක් වළක්වපු පුද්ගලයෙක් හැටියට ඔහු ඉතිහාස පොත්වල සදහන් වෙනවා.


3 වෙනි සියවසට අයත් බ්‍රහ්මීය ගනිත පොත

1881 වසරේ කාෂ්මීර් ප්‍රදේශයේ ගම්වැසියකුට බර්ච් නමින් හදුන් වන (සිත ප්‍රදේශවල ආවේනික) ගසක පොතු මත ලියා ඇති පොතක් හමුවුණා. එය විද්‍යාඥයන්ගේ අතට ලැබිලා දැන් අවුරුදු සීයකටත් වැඩියි. හැබැයි මෑතකදි තමයි එකේ කාල සීමාව හරියටම ගණනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ රෙඩියෝ කාබන් තාක්ෂණය භාවිතා කරලා. එ අනුව එම පොත 3 වෙනි හෝ 4 වෙනි සියවසට අයත් කියලා තමයි කියන්නේ.

මේ පොත ඇත්තටම අපේ ලංකාවේ පුස්කොල පොත් වගේ තමයි. වෙනස පුස්කොල පොතේ කියන්නේ තල් ගහේ කොළ. ඒ පොත කවුරුත් හදුන් වන්නේ බක්ශාලි අත් පිටපත (manuscript) කියලා.

 ඉතින් මේ ගනිත පොතේ පිටු 70 තියනවා. ඒ පොත ලියලා තියෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර වර්ගයක් වූ ශාරද (සාරද) කියන අක්ෂර භාවිතා කරලා. සංස්කෘත භාෂාව ලියන් නත් භාවිතා කරලා තියෙන්නේ මේ ශාරද අක්ෂර තමයි. ශාරද අක්ෂර සිංහල භාෂාවේ අක්ෂර වල මූලධර්මය යටත් අක්ෂර ක්‍රමයක්. (එම මූලධර්මය අබුගිඩා (Abugida) නම් වර්ගීකරණයට අයත්)

එම පොතේ කෘත ඔහුව හදුන්වා දීලා තියෙන්නේ "චාජකගේ පුත්" කියලා, එය "වාසිතාගේ පුත් හසික" වෙනුවෙන් කියලත් ලියලා තියනවා.

මේ පොතේ තියන ලොකුම විශේෂත්වය තමයි බින්දුව එහෙම නැතිනම් ශූන්‍ය කියන සංකල්පය භාවිතා වීම. ඉතිහාසඥයන් කියන විදිහට ඉන්දියානු සංස්කෘතියේ බින්දුව ගැන සදහන් ප්‍රතම නිදසුන මෙය බවයි. අපේ සිංහල ඉලක්කම් වලත් බින්දුව තිබුනේ නෑ. එතකොට ගනිත කියන වචනය අපිට සංස්කෘත භාෂාව අභාෂයෙන් ආවට ඒ සමග තිබිය යුතු සමහර සංකල්ප ඇවිත් නෑ වගේ. බ්‍රහ්මීන් ගුරුමුෂ්ඨිය තියාගෙනද කොහෙද.

ඒ දවස්වල නැවතීමේ ලකුණ වගේ තිතක් තමයි ශුන්‍ය පෙන්නුම් කරලා තියෙන්නේ. හත්වෙනි සියවස වෙනකොට මේ පොතේ දකින්ට ලැබුන තිත "ශූන්‍ය බින්දුව" නමින් සංස්කෘත භාෂාව හදුන්වා දීලා තියෙනවාලු.

පහත තියෙන්නෙ අනිකුත් ඉතිහාස ශිෂ්ටාචාර වල බින්දුව සංකල්පය සදහන් වන කාල සීමා

ඊජිප්තුව - ක්‍රි.පු 1770 ඊජිප්තු ගිණුම් කරණය ලියවිලි වල ශූන්‍ය භාවිතා කර තිබෙනවා
බැබිලෝනියන් - අගයක් නැති ශූන්‍ය පෙන්නුම් කරදීමක් දකින්න නෑ.
මෙසෝ-ඇමරිකාව - ක්‍රි.පු 36 දින ගනන් කිරීමේ ක්‍රමයක භාවිතා කර තිබේ
ග්‍රීසිය
- ශූන්‍ය සංකල්පයක් දැකිය හැක්කේ ක්‍රි.ව 130 පෝතෙලමිගේ ගණිත
චීනය - ක්‍රිපූ 4 වන සියවස


ටියුනීසාවට කියලා රටක් මීට කලින් අහාලා තියනවද?

අප්‍රිකානු මහද්වීපයේ උතුරු දෙසින් වගේ තියෙන්නෙ උතුරු අප්‍රිකා ප්‍රදේශයට තමයි අයිති. ඔවුන්ගේ බහුතර ධර්මය නිසා නිතරම මැද පෙරදිග රටවල් සමග තමයි සංසන්දනය වෙන්නේ.

ටියුනිසියාව මැද පෙරදිග රටවල් වලින් ප්‍රජාතන්ත්‍රවාදය හරියටම ක්‍රියාත්මකවන රටක් හැටියට ගනන් ගැනෙනවා. 2014 සංගණනයට අනුව ජනගහනය මිලියන 11. අතීතයේ රෝම රාජධානියට අයත්ව තිබුණු ප්‍රදේශයක් හැටියටත් සදහන් වෙනවා. ඔවුන් ප්‍රංශයේ යටත් විජිතයක් හැටියට පැවතියා, 1956 තමයි නිදහස ලබලා තියෙන්නේ. සමහර විට මේ කියන්න යන කතාවලට හේතු රෝම සහ ප්‍රංශ ආභාෂයෙන් ඔවුන්ගේ සමාජයට ඇතුලත් වූ සිතුවිලි නිසා වෙන්න පුලුවන්.

ඉතින් එම රටේ මෑතක් වෙනකන් විවාහ නිතීයෙන් විවාහ වන යුවලගේ අාගම අනුව බාදා ඇති කරලා තිබුනා. ඒ කියන්නේ යම් යම් අාගම් දෙකක් අතර විවාහ නිත්‍යානුකූල නෑ. නිති සංශෝධනයක් මගින් පසුගියදා ඒ කාලෝචිත නැති වර්ගවාදී වගන්තිය ඉවත් කරලා, දැන් විවාහයට ටියුනිසියානු වැසියන්ට තමන් ගේ පෞද්ගලික විශ්වාස භාදාවක් වෙන්නේ නෑ, අාදරය තමයි අවශ්‍ය ටියුනිසියාවේ සියට 99 පුරවැසියන් විශ්වාස කරන ධර්මය අරාබිකරයේ ප්‍රධානතම ධර්මය තමයි., ඉතින් එ ඉවත්කරන ලද වගන්තිය අනුව බහුතර ධර්මය විශ්වාස කරන්නේ නැති (ඇදහීම යනු විශ්වාසය නේද?) පිරිමියෙකුට එම ධර්මය විශ්වාස කරන කාන්තාවක් විවාහ කරගන්න බෑ, ඔන් නම් එම අාගම විස්වාස කරන්න ප්‍රතිඥා දිලා සහතිකයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.

(මම අහලා තියන විදිහට ලංකාවෙත් පාරම්පරිකව මෙ වගේ ගැටලුවක් තිබුනා, හැබැයි අද සමාජය මම දන්න විදිහට නම් එච්චර පටු විදිහට හිතන්නේ නෑ)

ටියුනිසියාව
අරාබි රටවල් අතර මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් දක්වන රටක් හැටියට කැපී පෙනෙනවා, විශේෂයෙන්ම කාන්තාවන් ගෙ අයිතීන් වෙනුවෙන් පෙනි සිටිමෙන් ඔවුන් ජාත්‍යන්තරයේ සිත් දිනාගෙන තියනවා. එ අතරම තවත් කල් පැනපු නීතියක් ඉවත් කරලා ඒ තමයි ස්ත්‍රියක් දූෂණය කරපු පුද්ගලයෙක් එම ස්ත්‍රිය විවාහ කරගැනීම මගින් වරද කරුවෙක් ලෙස දඩුවම් නොලැබීම.

ඉතින් අරාබි රටවල් අතරින් කාන්තා අයිතිය තහවුරු කරපු රටක් හැටියට ටියුනිසියාව ඉතිහාස පොත් වල සටහන් වෙනවා. ටියුනිසියාව බහු විවාහ 1956 වගේ අෑත අතිතයේ ඉදන් නිතීයෙන් ඉවත් කරලා තිබුන රටක්,

 එත් තවම ටියුනිසියානු කාන්තාවන්ට බූදලයකට හිමිකම් කියන්න බැරිලූ, තාත්තලා තාමත් පුතාට විතරලු බූදලය ලියලා දෙන්නේ, ඔවු ඉතින් එකට නිති පන වන්න බෑ. හැබැයි නිති වල ස්වරූපය අනුව පාරම්පරික අදහස් වෙනස්වීමක් ඇති වන්න පුලුවන් කියලා මම හිතනවා.


මැස්සෙක් අල්ලන්න පුලුවන්ද?

ඔයාලා පොඩි කාලේ දවසක මැස්සෙක් එහෙම අල්ලන්න උත්සාහ කරලා තියෙනවද? හරිම අමාරුයි නේ? අපේ අත හෙල්ලෙන්නත් කලින් මැස්සා පියාසර කරනවා. ඉතින් කොහොමද මැස්සාට එච්චරට ඉක්මන් වෙන්න පුලුවන්?

විද්‍යාත්මකව බැලුවම පිළිතුර ඉතා සරලය. කෙටියෙන් කිව්වොත් මැස්සාගේ ඉන්ද්‍රියන් විසින් මැස්සාගේ මනස තුල පෙන්නුම් කරන ලෝකය අපේ මනස තුලින් අපි දකින ලොකයට වඩා හෙමින් තමයි ගමන් කරන්නේ. හරියටම කිව්වොත් 4 ගුණයකට වගේ හෙමින්. වෙනත් විදිහකට පැහැදිලි කළොත් අපි බිත්තියේ තියන ඔරලෝසුවේ තත්පර කට්ට ගමන් කරනවා දකින වේගයට වඩා 4 ගුණයක් හෙමින් තමයි මැස්සා එක දකින්නේ.

නමුත් ගතවු කාලය තත්පර වලින් එක හා සමානයි.

කවුරුත් බොහොවිට දන්න සම්මත ක්‍රමයකට අනුව කියනවානම් රූපවාහිනියේ විකාශනය වෙන වැඩසටහනක තත්පරයට රූප රාමු 25 අඩංගුයි. (29 ඇතැම් රටවල NTSC මාධ්‍ය) සාමාන්‍යයෙන් මිනිස් අැස මගින් ධාරණය කරගන්න පුලුවන් රූපරාමු ප්‍රමාණය 30 - 60 අතර වෙනවා.
එතකොට රූපවාහිනියේ විකාශය වන වැඩ සටහනක එ ප්‍රමාණය ඉක්මවා රූපරාමු ඇතුලත් කිරීමෙන් කිසිදු ඵලයක් නෑ. මොකද මිනිස් ඇසකට එයින් ඔබ්බට තොරතුරක් ධාරණය කරගන්න බෑ. දැන් කොටින්ම කිව්වොත් ඔබ රූපවාහිනියක් දෙස බලා සිටින එහි තිරය තත්පරයට 60 වතාවක් එහි තිරය අදුරු වනවා. නමුත් අපේ ඇහැට ඒක පේන්නේ නෑ. හැබැයි සමහර වෙලාවට ඔබ දැකලා ඇති විඩියෝ කැමරාව කින් රූපවාහිනියක් රූගත කළොත් තිරය අදුරු වීමේ ක්‍රියාවලියේ සාක්ෂියක් දැක ගන්න පුළුවන්.

ඉතින් මැස්සෝ රූපරාමු කියක් දකිනවා කියලා හිතන්නේ? උත්තරය 250. ඒ සාමාන්‍ය ඔය අපේ ගෙවල්වල කෑමට එන මැස්සෝ. ඊටවඩා බලවත් මැස්සො ජාතීන් ඉන්නවා. ඒ කියන්නේ තත්පරයක් ඇතුලත මැස්සාගේ ඇසේ සිට මොලය වෙත රූපරාමු 250 ධාරණය වෙනවා.

අපිට හිතෙන්න පුලුවන් ඒක වේගවත් කියලා.  ඔවු ක්‍රියාවලිය වේගවත් නමුත් ක්‍රියාවලිය නිසා ඇතිකරන දර්ශනය සහ එහි ඇතිවන වෙනස් කම් වැඩි ප්‍රමාණයක් දකින්න පුලුවන් නිසා එය ධාරණය වන වේගය සෙමින්. තව ආකාරයකට කිව්වොත් ඔහුට තත්පරයක් ඇතුලත සිදුවන වෙනස්වීම් 250 දකින්න පුලුවන්.

එතකොට මැස්සෝ අපි බලන කාර්ටූන් එකක් එහෙම බැලුවොත් එහි චලනය වන රූප රාමු අතර ඇති හිදැස හොදට දර්ශනය වෙනවා. තවත් විදිහකට කිව්වොත් රුපවාහිනියේ ක්‍රිඩා වලදී නැවත පෙන්වීම් පෙන්වන slow motion වගේ තමයි මැස්සාට ලෝකය පේන්නෙ. හැබැයි කාලසීමාව තත්පරය එක සමානයි. එත කොට අපි මැස්සා අල්ලන්න හැරෙන හැටි ඉදන් මැස්සාට පේනවා. වස ලැජ්ජාව. බුද්ධිමත් සත්වයා උනාට ලෝකය හොදින් නිරීක්ෂණය කරන්න හැකියාවක් අපිට වඩා මැස්සාට තියනවා නේ?

විද්‍යාඥයෝ කියන්නේ සාමාන්‍යයෙන් කෘමි වැනි කුඩා සතුන්ට බොහෝදෙනකු මැස්සාට හා සමාන තරංග මාත්‍රයකින් ක්‍රියාකරන නේත්‍ර පද්ධතියක් තියනවා කියලා. ඒල්.ඊ.ඩී විදුලි පහන් තත්පරයට 400 වතාවක් නිවි නිවි පත්තුවෙනවා. කරපු සමහර පරික්ෂණ වලින් පෙනීගොස් ඇති ආකාරයට සමහර මැස්සන් (කිලර් ෆලයි කියන ජාතියට killer fly) තත්පරයට 400 වතාවක් ඇතිවන වෙනස්වීම හොදින් නිරීක්ෂණය කරන්න පුලුවන්.
( මට හිතෙන විදිහට මෙ මැස්සාට අර මේට්රික්ස් (Matrix) චිත්‍රපටියේ කියානෝ රීව්ස් මහත්තයා රගන නියෝ (Neo) චරිතය වගේ වෙන්න ඇති නේ. තුවක්කුව මගින් වෙඩි තිබ්බොත් එකත් හෙමින් හෙමින් එනවා පේනවා ද දන්නෙ නැ. පොඩ්ඩක් ඉන්න අපි බලමු සාමාන්‍ය පිස්තෝල උණ්ඩයක් ගමන් කරන වේගය, ආ.... බෑ හරියන්නෙ නෑ. මොකද පිස්තෝල උණ්ඩයක් තත්පරයට අඩි 1000 යනවා. මම හිතන්නේ පිස්තොලයකින් මැස්සෙකුට වෙඩි තියන්න පුලුවන්, තත්පරයකට උණ්ඩය අඩි 1000 ගමන් කරනවානම් දැන් ලෝකේ සුපිරිම මැස්සාට තත්පරයට රූප රාමු 400 පේනවනම්. එතකොට මැස්සට අඩි දෙකක් පිටි පස්සෙන් ඉදන් වෙඩි තිබ්බොත් එම උණ්ඩය මැස්සා කරා ලගා වෙනවා දකිනකොට වෙඩි වැදිලා ඉවරයි.

මම එච්චර ගණිතය දන්නේ නෑ. වැරදීමක් නම් කියන්න හොදේ. අනිත් එක මැස්සා ඉලක්ක කරන්න පුලුවන්ද කියලත් මම දන්නේ නෑ හොදේ මොකද මම අායුධ විශේශඥයෙක් නෙමෙයි, භාවිතා කරලා වත් නෑ. හැබැයි මැස්සොන්ට වෙඩි තියන්න ගිහින් පවු පුරෝ ගන්න එපා යාලුවේ. 

ඉතින් කතාව වෙන පැත්තකට ගියා, සමාවෙන්න. කුතුහලයක්.....

දැන් අර අපි කලින් කියපු වේගවත්ම දර්ශනය තියන මැස්සාගේ ඇස්වල තියන මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩිලු. එක නිසා කියලා කියනවා ඔහුගේ ඇස් පෙනීම මෙච්චර හොද. හැබයි ඒ ඇස් ක්‍රියා කරන්න විශාල ශක්තියක් වැය වෙනවලු. එක නිසා ඒ කිලර් ෆල්යි, මාර මැස්සෝ (මිනීමරු මැස්සෝ කියන්න බෑ නේ killer කියන එකට? හැබැයි ඒ අය මාංශ භක්ෂක) මස් කාලා තමයි ඒ අයගේ පෙනීම පවත්වන්නේ.

පරිනාමය අතින් බැලුවම මැස්සන් ගේ ඇස් සහ මනුෂ්‍ය ඇස් බොහෝදුරට වෙනස්. එම පරිනාමය අවුරුදු මිලියන 700 - 750 කලින් විතර වෙච්ච පරිණාමයකින් සිදුවනු බවයි විද්‍යඥයෝ හිතන්නේ. ඉතින් අද විවේක වෙලාවක මිදුලට බැහැලා වත්ත දිහා බලන ගමන් පුලුවන්නම් මැස්සාගේ දර්ශනය ගැන හිතලා බලන්න.


රොහින්යා මිනිසුන් කවුද? කොහෙද? මොනවද කරන්නේ.

මෙම ලිපිය සකස්කරන ලද්දේ අන්තර්ජාලය මගින් ගත් තොරතුර අනුවයි. එම තොරතුරු ලබාගත් වෙබ් අඩවි සියල්ලම මෙම ලිපිය අවසානයේ ඔබගේ දැන ගැනීම සදහා සදහන් කර ඇති. ඇතැම් ස්තානවල මාගේ පෟදේගලික මතයක් ඉදිරිපත් කොට ඇත. මාගේ පෟෙද්ගලික මතය පිටුව ප්‍රකාශකයන්ගේ මතය නොවේ.

රොහින්යා මිනිස්සුන් ඇරකනීස් ඉන්දියානුවන් කියාද හදුන්වනවා. ඔවුන් ප්‍රාන්තයක් නොමැති ඉන්දු-ආර්ය ගනයට වැටෙන පුද්ගලයන්. අපි ඉන්දු-ආර්ය ගැන ඉගෙන ගෙන තියනවනේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය  ගැන ඉගෙන ගන්න කොට. එතකොට එම ශිෂ්ඨාචාරයේ සදහන් වෙච්ච ජන පිරිස මතින් පැවත ගෙන අය. අපි වගේම තමයි. නේ? අපි පැවත ගෙන එන්නෙත් ආර්යන් ගෙන් නේ ද?

ඔවුන් මියන්මාර් රටේ නැත්නම් බුරුමයේ (වෙනස වෙන දවසක ලිපියකින්) රකීන් නැමති ප්‍රාන්තයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. මෙම ප්‍රාන්තය දකුණු දෙසින් බෙන්ගාලි බොක්ක හා බස්නාහිර දෙසින් බංගලිදේශයේ චිතගොං පලාතට පිහිටා තිබෙනවා. (අනිකුත් පැති මියන්මාර් රටට)

රොහින්යා මිනිසුන්ට මුලින්ම ගැටලුවක් මතු වන්නේ 1982 මියන්මාර් (ඒ දවස්වල බුරුමය) රජය අනුමත කරන ලද පුරවැසි නීතිය අනුව රොහන්යාවරු නිත්‍යානුකූල ජාතියකට අයත් වුනේ නෑ. එසේ නිත්‍යානුකූලව හදුනාගත් මියන්මාර් ජාතීන් 135 සිටිනවා. එම ජාති 135ට අයත් ජාතීන් කිහිපයක් නම් වශයෙන් කිවහොත් බාමාර්, චින්, කාචින්, කායින්, කායා, මොන්, රාක්හිනේ, ශාන්. අනේ මන්දා මොකට මෙහෙම නම් දාගන්න වාද කියලා එකම රටේ ඉන්න මිනිස්සු. මෙහෙම ආණ්ඩුවම ජාතින් නිති පොත්වල ලියලා එවා නිත්‍යානුකූලව හදුනාගත් නාම පද කර ගත්තම ඉතින් ජාතිවාදය අන්ත වාදයක් හැටියට පෙනෙන්නේ නැතුව ඇති. මටනම් හිනා.

හැබැයි ඉතිහාසය සොයාගෙන ගියාම ඒ රොහින්යාවරු එම පළාතේ 8වන සියවසේ ඉදන් ජීවත් වෙච්ච බව සොයාගෙන තියනවා. 1799(77) බ්‍රිතාන්‍ය ඉස්ට් ඉන්ඩියා සමාගමේ ලේඛනයක මෙම රොහින්යා නාමය රුඉන්ගා යනුවෙන් සටහන් වෙලා තියනවා ලු ඉතින් මේ 1982 පුරවැසි නීතිය නිසා රොහින්යාවරුන්ට ගමන් බලපත්‍රයක් ගන්නවත්, ආණ්ඩුවේ පාසලක අධ්‍යාපනය ලබන්න වත්, ආණ්ඩුවේ රස්සාවක් කරන්නවත් බැරි ලු. (මට මතකයක් තියනවා තවත් කොහෙද රටක ආණ්ඩුවක් මෙ වගේම දෙයක් කරලා, ලොකු යුද්ධයක් ගිහින් මිනිස්සු ලක්ෂ ගාණක් මැරිල තමයි නතර උනේ) බුරුම හමුදාව කිහිප වතාවක්ම ඒ අය ජිවත් වෙච්ච ප්‍රදේශ ආක්‍රමණය කරලත් තියනවා.

2016 හටගත් අර්බුදයට ප්‍රතම රොහින්යානුවන් මිලියනයක්(1)(22) පමණ වාසය කල බවට සදහන් වෙනවා. රොහින්යානුවන්ගේ වැඩි පිරිසක් අදහන ආගම ඉස්ලාම්. ඒකට හේතුව මේ පලාත් ප්‍රධාන නගරයක් වන අරාකාන් මුහුදු වෙළද මාර්ගයේ එක් නැවතුම් පොලක්, ඉතින් ආරාභි වෙළෙදුන් සමග පැමිණෙන ආගමික දූතයන් මෙම නගරයේ තම ආගම් ප්‍රචාර කටයුතු කරලා තියනවා. (දැන් බලන්න ලංකාවෙත් වැලිගම පැත්තෙ එහෙම මුහුදු බඩ තීරයට ආසන්නව, ඉස්ලාම් ආගම අදහන මිනිසුන් ජීවත් වෙනව, සමහර විට එම මුහුදු ප්‍රදේශය වැලිගම ආශ්‍රිතව යමි නැවී තොටුපොළක් තිබෙන්න පුලුවන්.) තවත් සුලු පිරිසක් හින්දු(23) භක්තිකයන් වෙනවා. රොහින්යානුවන් ලොකයේ වැඩිම වශයෙන් හිංසා වට ලක්වූ සුලු ජාතියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා තියනවා. (හිතා ගන්න කෝ දැන් ලංකාවේ කට්ටිය ආරාබි රටවලට ගිහින් හිංසාවට ලක්වන්නේ, කර කියාගන්න දෙයක් නැති වෙන්නේ, එවගේ මොකද අරාබි රටේ අපි සුලු ජාතියක්. අරාබියේ පොලිසිය ගන්නේ අපේ පැත්ත නෙමෙයි හරිනේ?)

රොහින්යාවරු ඔවුන් බස්නාහිර මියන්මාරයේ දිගුකාලීන පදිංචිකරුවන් ලෙසත්, ඔවුන් අධිරාජ්‍ය සමයේ සහ ඊට පෙර සිට පැවත ගෙන එන අයගෙන් සමන්විත බවත් ප්‍රකාශකර සිටිනවා. එහෙත් මියන්මාර් රට කියා සිටින්නේ ඔවුන් බංගලිදේශයේ සිට අනවසරයෙන් මියන්මාරයට පැමිණි පිරිසක් ලෙසයි. රොහින්යාවරුන් මුහුණපා සිටින තත්වය 1948 දී දකුණු අප්‍රිකාවේ වර්ග භේදය හා සමාන ස්වරූපයක් ගන්නා බව ඇතැමුන් කියා සිටිනවා. ඇපාරතීඩ් (Apartheid) යනුවෙන් හදුන්වනු එම ක්‍රමය විවස්තාගත කරන ලද ප්‍රවිචාරණය ක්‍රමයක්.

1940 පකිස්තාන වැඩ පිළිවෙල අවස්තාවේ රොහින්යාවරු බෙදුම් වාදයක් ආරම්භ කරලා තියනවා නැගෙනහිර පකිස්තානය සමග එක්වීමට. නමුත් මොහමඩ් අලි ජින්නා විසින් එම ඉල්ලීම ඉවත් කරලා. රොහින්යාවරු දෙවන ලෝක යුද්ධ සමයේ එම පළාතෙන් බංගලිදේශ වෙත පලා ගොස් නැවත යුද්ධයට අනතුරුව එම ප්‍රදේශයට පැමිණි බව සමහර ලේඛන වල ලියවී තියනවා. සමහර ලේඛන දෙවන ලොක යුධ අවසානයේ බංගලිදේශයේ සිට තවත් පිරිසක් එහි පැමිණ බවත් සදහන්. මෙන්න මෙතන තමයි කතාව ටිකක් පරස්පර විරොදී අදහස් ඇතුව තියෙන්නේ.

1948 නිදහස ලැබුවට පස්සේ 1962 හමුදා බලයට යටත් වෙන කාලසීමාව තුල රොහින්යාවරු කිහිප දෙනෙක් කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවත් තෙරි පත්වෙලා තියනවා. 1990 වසරේ ඡන්දයේ දී රොහින්යා ඡන්ද අපේක්ෂකයන් 4 දෙනකු ආසන දිනාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. මේ ඡන්දයේදී තමයි අන් සන්සු කි අගමැති ධූරය ලැබෙන්නෙත් ඒත් ඇයව නිවාස අඩස්සියේ තබා අගමැතිකම ලබා දුන්නේ නෑ. එවගේම රොහින්යා මන්ත්‍රි 4 දෙනා සිරගත කරලා. වත්මන් තත්වය දැන් කිසිම රොහින්යා මන්ත්‍රීධූරයක් නෑ රොහින්යාවරුන්ට ඡන්ද බලය කුත් නෑ.

2015 සිට සිදු කරනලද හමුදා මෙහෙයුම් නිසා රොහින්යාවරු 900,000 පමණ බංගලාදේශය පලා ගොස් තිබෙනවා.

2012 - 2013 වසර වගේ කාලේ රකහින් ප්‍රාන්තයේ ගමක් ගිණි තැබීමට අසුවුණා මිනිස්සු හත්දෙනෙකු මරුමුවට පත්වුනා, ඒ අයගෙන් පස්දෙනෙක් ඉස්ලාම් ආගම අදහන රොහින්යානුවන්. රකී න් පළාතේ බහුතරයක් අපේ රටේ බහුතරයක් විශ්වාස කරන ධර්මයම තමයි විශ්වාස කරන්නේ. මෙම ප්‍රදේශය දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රදේශයක් නිසා දෙශපාලන අතකොලු හැටියට නිතරම භාවිතා වෙනවලු ඉතින් ඇතැම් අවස්ථාවලදී මෙවැනි දෙශපාලන ප්‍රචාර නිසා මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සිලා තවත් අය මිනිමැරුම් වලට අහුවෙලා ලූ. බොහො දෙනෙක් කියනවා ලු එම මිනිමැරුම් වලට අදාල වැරදි කාරයෝ තාමත් සොයාගෙන නෑ කියලා. හැම දෙනෙක්ම කියන්නේ මිනීමරුවෝ බහුතර පක්ෂයේ අය කියලලු.

ඔන්න පොඩි හැදින්වීමක්.  දැන් ඉතින් අඩුම ගානේ රොහින්යාවරුන්ගේ ඉතිහාස කතාවත් දන්නවා. මිලගට යාලුවොඑක්ක රොහින්යාවරු ගන කතා කරන කොට හැමොම පුදුම කරන්න පුලුවන් ඔයා දැන් දැනගත්ත ඉතිහාස කරුණු ඉදිරිපත් කරාම.

 22 - https://www.washingtonpost.com/world/asia_pacific/18000-rohingya-flee-violence-in-myanmar-into-bangladesh/2017/08/30/11a1bea6-8d58-11e7-9c53-6a169beb0953_story.html
 23 - http://www.bbc.com/news/world-asia-41260767
 77 - https://en.wikipedia.org/wiki/Francis_Buchanan-Hamilton


ඉන්දියාව අපිට වඩා වේගවත්ව දුම්රිය ගමන් යෑමට සූදානමක්

ජපානය ඉන්දියාවට බුලට් නමින් හදුන් වන අධිවේගී දුම්රිය පද්ධතියක් ඉදිකිරීමට අධාර කරන්න පොරොන්දු වෙලා. ඒ පිළිබද මූලික සැලසුම් කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මෙම පද්ධතියේ පලමු අදියර අහමදාබාද් සිට මුම්බායි දක්වා වෙන කිලෝමීටර් 500 දුර ප්‍රමානයක් ආවරණය කිරීමට නියමිතයි. එම පලමු අදියර සදහා රුපියල් ට්‍රිලියන 2 පමණ මුදලක් වැයවෙන බව ගනන් බලා තිබෙනවා.

මෙම නව අධිවේගී දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක් ආසන 750 කින් සමන්විත වෙනවා. කිලෝමීටර් 500 පමණ වන ඒ දුර ප්‍රමාණය පැය 3ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකිවෙනවා. දැනට එම දුර ප්‍රමාණය සාමාන්‍ය දුම්රියක් පැය 8ක පමණ කාලයක් ගත කරනවා. ඒ කියන්නේ කාර්යක්ෂම තාවය සීයට 60% පමණ වැඩිවීමක්.

එම දුම්රිය මාර්ගයේ වැඩකටයුතු 2022 වසර වනවිට නිමකිරීමට නියමිතයි.

දැනට පවතින දුම්රිය පද්ධතිය දිනකට මගින් මිලියන 22 ප්‍රවාහන කරනවාලු. එ කියන්නෙ ලංකාවෙ සම්පූර්ණ ජනගහනය හා සමාන පිරිසක් ඉන්දියාවෙ දුම්රියවල දිනපතා ගමන් කරනවා. ඊට අමතරව දැන් තියන දුම්රිය පද්ධතියේ අඩුපාඩු රාශියක් නිසා දිනපතා දුම්රිය ප්‍රමාද වෙනවලු. එක නිසා ඇතැම් පුද්ගලයන් මෙම නව ඉදිකිරීමට විරුද්ධයි ලූ, ඒ අය කියන්නේ දැන් තියන දෙවල් පිළිසකර කරන්න ඔන කියලලු. නමුත් එම ක්‍රියාමාර්ග සදහා අනුමැතිය පල කරන අය කියලා තියනවා අධිවේගී දුම්රිය පද්ධතිය මගින් නගර වල වාහන තදබදය අවම වෙලා නව ව්‍යාපාර සදහා මග පාදන වා කියලා.

ඉතින් මේ දුම්රිය මාර්ගය මෝදි මහත්තයා 2014 ඡන්දේදී දීපු මැතිවරණ පොරොන්දුවක්, එක නිසා තමයි එතුමාගේ ගම අයිති ප්‍රාන්තයේ පලමුවන පියවර ආරම්භ කරන්නේ.

මෙ දුම්රිය මාර්ගය ගැන විශේෂ කාරණා

- මෙම කිලෝමීටර් 500 වන මාර්ගය නිසා දැනට පැය අටක් ගත වන ගමන පැය තුනකට සීමා වනවා- ආරම්භය සහ අවසාන දුම්රිය පොළවල් දෙක අතර දුම්රිය පොළවල් 12
- එම මාර්ගය කිලෝමීටර් 7ක මුහුද යටින් ගමන් ගන්නා උමගකින් සමන්විතයි
- එම දුම්රිය උපරිම වේගය පැයට කිලෝමීටර් 350

ඔන්න ඉතින් අපිටත් ලගදිම දවසක ඉන්දියාවට වත් ගිහින් අධිවේගී දුම්රිය යන්න පුලුවන්


මහුණ මගින් දොරගුලු විවර කිරීම ආරක්ෂාකාරී ද?


ඊයේ රෑ අපි ඇපල් අායතනය නිපදවූ නවතම දුරකතනය ආශ්‍රිත සිදුවීමක් සදහන් කලා.

එහි ආරක්ෂිත දොරගුලු විවර කිරීමට භාවිත කරන්නාගේ මුහුණ හදුනා ගැනිම මගින් කල හැකි තාක්ෂණයක් හදුන්වා දුන් බවත් අපි සදහන් කලා.

අද කියන්න යන්නෙ එවැනි තාක්ෂණයක් භාවිතා කිරීම ගැන හඩ නැගි අති යම් අදහස් ගැන.

මුලින්ම බොහෝ දෙනෙක් හට ගැටලුවක් වෙලා තියනවා මෙවැනි අගුල් ස්තාපනය කර ඇති දුරකතනයක ඇති තොරතුරු ආරක්ෂක නිලධාරියකු හෝ ද්වේශසහගත සිතුවිලිවලින් පැමිණි පුද්ගලයකුට පෙරට වඩා පහසුවෙන් අගුල් විවෘත කරන්න පුලුවන් කියලා. ඒ වගේම හයිජාබ් වස්ත්‍රයක් ඇද සිටින කාන්තාවක් මෙම තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද කියලත් සමහර දෙනෙක් අහලා තියනවා.

බොහෝදුරට කවුරුත් දන්න ක්‍රමවේදය තමයි ඡායාරූපයක් මගින් දොරගුලු ඇරීම, ඒ කියන්නේ දුරකතනයේ සටහන් වෙලා තියන පුද්ගලයාගේ සාමාන්‍ය ඉරියව් වලින් සමන්විත පින්තූරයක්.

මුහුණ හදුනා ගැනීමේ තාක්ෂණය සරලව කිව්වොත් එමගින් මහුන ආශ්‍රිත අංග ලක්ෂණ ප්‍රස්තාර ගත කිරීමක් තමයි කරන්නේ. එම ප්‍රස්තාරය මෙම ලිපියේ අලවා ඇති රූපය සමාන ප්‍රස්ථාරය ක්. එසේ ප්‍රස්තාර ගත කරන ලද ප්‍රස්තාර කිහිපයක් මතකයේ රදා ගන්නවා. ඉන් අනතුරුව මෙවලම් ක්‍රියාත්මක වෙන අවස්තාවේ ගන්නා රූපයේ ප්‍රස්තාරය මතකයේ රදවා ඇති ප්‍රස්තාර සමග සසදා බලනවා. ප්‍රස්තාරගත කරන්න පුලුවන් පාත ගනන වැඩි වෙන්න වැඩි වෙන්න එම මහණු හදුනාගැනීමේ තාක්ශණයට මහුනක් නිවැරදිව හදුනා ගැනීමට ඇති හැකියාව වැඩි වෙනවා.

රැවුලක් එහෙම වවන කෙනෙක් රැවුල ඇතු වයි නැතුව යි දෙකේම මූලාශ්‍ර මතකයට යොමු කරලා තියන්න වෙනවා. නැතිනම් එක්කෝ රැවුල තියන වෙලාවට හරි නැති වෙලාවට හරි විතරයි එම තාක්ෂණය මගින් අගුල් අරින්න පුලුවන්.

ඇපල් ආයතනය තවම මෙ තාක්ෂණයේ සීමා කිසිම දෙයක් නිකුත් කරලා නෑ. කොහොමත් අයිෆෝන් X දුරකථනය නොවැම්බර් මාසයේ තමයි වෙළද පොලට නිකුත් වෙන්නේ.


ඔන්න පාර වායුසමනය කරන්න යනවා කැලිෆෝර්නියාවේ

අපේ ලංකාවේ නම් පාරේ තාර දැම්මා ට පස්සේ ඉතින් පාර කලු පාටයිනේ. සමහර නිවැරදි ප්‍රමිතියට වැටිලා තිබ්බේ නැති උනා ම අවු ව සැර වෙලාවට තාර උනු වෙලා තියනවා දකින්නත් පුලුවන්.

කැලිෆෝනියා ප්‍රාන්තයේ එක්තරා නගරාධිපති කෙනෙක් එයාගේ නගරයේ පාරවල් සුදු පාට කරගෙන යනවලු, ඔහු පවසන්නේ වාහන තදබදය, පරිසර දූෂණය සහ පොලවේ ස්වාභාවික රස්නය තැන්පත් වීම වැනි හේතු නිසා ඉහල ගිහින් තියන උෂ්ණත්වය මෙ ආලේප කරන සුදු තීන්ත මගින් අඩු කරගන්න පුලුවන් ලු.

 පාරවල් සුදු පාට කරන්න භාවිතා කරන තීන්ත වර්ගය මින් පෙර ඇමරිකාවේ ඔත්තු සේවයට අයත් ගුවන්යානා වල ආලේප කරපු තීන්ත වර්ගයක්. එම තීන්ත ආලේප කළවිට ගුවන්යානය කින් පිටවන රස්නය එම තීන්ත උරා ගන්නවා. එතකොට අධෝරක්ත කිරණ මගින් ක්‍රියා කරන රේඩාර් යන්ත්‍ර වලට ගුවන් යානය පේන්නෙ නෑ.
ඉතින් මෙ තීන්ත තාර පාර උඩට ආලේප කළාම ආලේප කල ස්නානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක පමණ අඩුවීමක් දකින්න ලැබෙනවා ලු.

මරු නේ නිකන් පාරම වායුසමනය කලා වගේ ඇති. හා හා හා


අයිෆෝන් ප්‍රදර්ශණයේ වෙච්ච ජරමරේ

සමහරවිට ඔයාලා මේ වෙනකොට අහන්න ඇති ඊයේ පවත්වන ලද ඇපල් අයිෆෝන් X හදුන්වා දීමේ උත්සවයේදී පොඩි ප්‍රමාද දෝශයක් සිදුවූ බව. ඇහුවේ නැතිනම් ඔන්න අහගන්න කෝ,

 එම නව කාණ්ඩයේ අයි ෆෝන් දුරකතනයේ අලුතින් හදුන්වා දෙන ආරක්ෂක දොරගුලු විවෘත කරණ ක්‍රමය තමයි භාවිතා කරන්නාගේ මුහුණ හදුනා ගැනීම, (facial recognition) ඉතින් එම තාක්ෂණය භාවිතයෙන් අයි ෆෝන් X වර්ගයේ දුරකතනයක් දොරගුලු විවෘත කිරීම ප්‍රදර්ශනය කරන අවස්තාවේ එම ක්‍රියාදාමය බලාපොරොත්තු පරිදි නිවැරදිව ක්‍රියාත්මක වෙලා නෑ.

ඉතින් ඇපල් සමාගමට වස ලැජ්ජාව මොකද මුලු අන්තර්ජාලය පුරාම ඔය සිද්ධිය පැතිරිලා ගිහින්. ඇපල් සමාගම තමන් නිපදවන භාණ්ඩවල තත්වය විශිෂ්ඨ ලෙස පවත්වාගෙන යාමට විශාල මුදලක් වැය කරණවා, එහෙම කරන්නේ භාණ්ඩය නිෂ්පාදනය පමණක් නොවේ අලෙවිකරණය සදහා ත් පිරිවැය සකසන වා. මේ වගේ හදුන්වා දීමේ උත්සව අලෙවිකරණයේ එක්තරා කොටසක්

ඉතින් ඔන්න අද මාධ්‍යවේදී පිරිසකට පණිවුඩයක් ලැබිලා තියනවා ඇපල් ආයතනයේ නිලධරයෙක් ගෙන්, ඔහු ඊයේ සිදුවීමට හේතු දක්වා තියනවා, හේතුව තමයි ප්‍රදර්ශනයට එම දුරකතනය රැගෙන ආපු සේවකයාගේ අතේ දුරකතනය තිබියදී එය ආරක්ෂක දොරගුලු විවෘත කරන්න හදලා. ඉතින් එම සේවකයාගේ මහුණ එම දුරකතනය තුල ලියාපදිංචි කර නැති නිසා එම ක්‍රියාවලිය විකල්ප මාර්ගයට යොමුවෙලා, විකල්ප මාර්ගය තමයි රහස් අංකය එකතු කරලා ආරක්ෂක දොරගුලු විවෘත කරන එක.

කොහොම උනත් ඊයෙ එම සිදුවීම සිදුවූ අවස්තාවේ තත්පර දහයක් පමණ කාලයක් ඇතුලත දෙවන අයි ෆෝන් දුරකතනයක් ප්‍රදර්ශනය කරපු පුද්ගලයා අතට ලබාදීලා තියනවා. එක නිසා දේශනය දිගටම කරගෙන මහුණ හදුනා ගැනීමේ තාක්ෂණය ප්‍රදර්ශනය කරන්න පුලුවන් වෙලා.

සමහර විට ඔය ගොල්ලන්ට හිතුනෙ නැද්ද දන්නෙ නෑ අර සේවකයාගේ රස්සාවට මොනවා හරි උනා ද කියලා. එහෙම වෙන්නේ නෑ. එම සිදුවීම මගින් මීළගට පවත්වන වැඩසටහනේ ප්‍රදර්ශක උපකරණ ගෙනඑන ආකාරය මැනැවින් කලමණාකරන කිරීමට පියවර ගන්වා මිස, සේවකයාට දොස් පවරා කිසිදු ප්‍රතිලාභයක් ලබා ගන්නට හැකිවන්නේ නෑ.

මහුණ හදුනා ගැනීමේ තාක්ෂණය පිළිබදව විස්තර සහිත ලිපියක් පසුව බලාපොරොත්තු වන්න.


හීෙනන් බයවූ මීයන්

දන්නවද වැඩක්?
සමහර දවස්වල රැට නිදාගෙන ඉන්න කොට බය වෙලා අවදි වෙනවා නේද? ඉතින් ඒවගේ බය වෙන හීන මීයන්ට පෙන්වා කියලා විද්‍යාඥයෝ පිරිසක් සොයාගෙන තියනවා, ඔවුන් එම නිගමනයට අැවිල්ලා තියෙන්නේ මීයන්ගේ නින්ද පරීක්‍ෂණයට භාජනය කරලා.

ඒ පරීක්ෂණ අකෘතිය මෙන්න මේ වගේ,

මීයන් පොඩි පාර හොයාගෙන යන්න ඔන ප්‍රහේලිකාවක් අැතුලේ තියනවා, මේ ප්‍රහේලිකාව හරියට අපි පොඩි කාලේ ලමා පත්තර වල තිබ්බ පාර හොයා ගෙන යන්න ඔන ප්‍රෙහෙලිකා වගේම තමයි, හැබැයි පත්තර වල තියන එක ද්විමාන, මෙක ත්‍රිමාණ.

ඉතින් දැන් පාර හෙයා ගියපු සමහර මීයන්ට එම ප්‍රහේලිකාවෙ යම් යම් ස්තාන වලදි පොඩි හුලං පාරක් ගහලා, අර පරිගණකවල දුවිලි අරින්න තියන පොඩි අධිපිඩන වායු අසුරලා තියන කැන් වගේ එවායින්, ඉතින් ඊට පස්සේ මේ මියන් නිදාගෙන ඉන්නකොට විද්‍යාඥයන්ට පේන වලු මීයන්ගෙ මොලයේ හිපකැම්පි කියන ප්‍රදේශයේ අර එයාලා ගමන් කරපු ප්‍රහේළිකාවේ මතක සටහන් එකකට එකක් යා වෙලා තියනවා,

හැබැයි මේ විදිහට මතකය මොලයේ යා වෙලා තියන හැටි විද්‍යාලයෙන් මීට කලින් දැනගෙන ඉදලා තියනවා, ඒත් වෙනසකට තියෙන්නේ අර හුලං ගහපු හරිය ප්‍රදේශ මතකයට එනකොට මොලයේ හැගීම් ජනනය කරන ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයක් දැකගන්න ලැබිලා තියනවා.

එත් හරියටම කියන්න විදිහක් නෑ, එම වෙලාවෙ අත්තට හිනෙන් බය උනාද නැත්නම් හීනෙන් මදපවනත්  වැදුනද කියලා, විහිලුවට වගේ විද්‍යාඥයෝ කියලා තියනවා ඉතින් මීයගේනම තමයි අහන්න වෙන්නේ රැ හීනෙන් බයවුනා ද නැද් ද කියලා,

ඉතින් බොහෝ දුරට ඒ කාරනය අභිරහස් ලෙස තියෙයි ගොඩක් කල්.


කියවීමේ අවශ්‍යතාවය

සාමාන්‍යයෙන් අද කාලේ කියවීමට හැකියාවක් තිබීම දක්ෂතාවයක් හැටියට වඩා අවශ්‍යතාවයක් හැටියට තමයි අර්ථ දක්වන්න වෙන්නේ. මොකද සාක්ෂරතාවය නැත්නම් පණිවුඩයක් (සන්නිවේදනය) වත් යවා ගන්න බෑ, පත්තරයක් කියවන්න බෑ, ළිඳේ ඉන්න ගෙම්බන් තත්වයට පත්වෙනවා.

මෙ ලිපියේ සදහන් ෆ්ලෝරන්ස් වයස අවුරුදු 60 වූ ආච්චි කෙනෙක්, ඇය ජීවත් වන්නේ කෙන්යාවේ. ඈ හැට අවුරුදු වියේ තමයි අකුරු කියවීම ඉගෙන ගන්නේ. ඇය කියවන්න උනන්දුවක් දක්වන පටන් ගත්තේ ඇගේ මිණිබිරිය ඉස්කෝලෙ ඉදන් ගෙදර ගෙනා පොත් ටික දැකලා. ඇගේ මිණිබිරිය පාසලේ ගුරුවරු ගමේ ඉන්න වැඩිමහල් අයගේ සාක්ෂරතාව හි ඇති දුර්වලකම හදුනාගෙන ඒ අයගේ සාක්ෂරතාවය දියුණු කරන්න වැඩිමහල් අධ්‍යාපන පන්ති පටන් අරගෙන.

ඉතින් මෙ පන්ති වලට ගමේ ගොඩක් වයසක උදවිය සහභාගි වෙනවා. මොකද ඇයගේ පරම්පරාවට අයිති කිසිවකුට කියවීමේ හැකියාවක් තිබිලා නෑ. ඇය පවසන අන්දමට ඇය පොඩි කාලේ ඇගේ දෙමාපියන්ට අධ්‍යාපනය ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් හැටියට දැකලා නැහැ, ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉක්මනට එයාව කසාද බන්දලා දීලා දෑවැද්ද අරගෙන ඒ අයගේ ගොවිපලේ වැඩකටයුතු කරගෙන යන්න විතරයි.

දැන් අක්ෂර කියවීමට හැකියාවක් තියන ඈ, කතා පොත් කියවනවා, ආගමික පොත් කියවනවා, ඇයට අත්සන් කරන්න පුලුවන්, බෙහෙත් වට්ටෝරුව කියවීමට පුලුවන්, පුවත්පත් කියවන්නන් පුලුවන්. ඇය කියන විදිහට ඇයට දැන් ලෝකය ගැන හොද දැනුමක් තියනවා.

ඔබ හිතනවාද ශ්‍රි ලංකාවෙත් මෙලෙස සාක්ෂර තාවයක් නැති අය සිටිනවා කියලා. හැකිනම් අදහස් දක්වන්න.

ඇය ඉගෙන ගන්න පන්තියේ වැඩිමහල් ඇය නොවේ, එහි වයස අවුරුදු 80 පමණ වන මහලු සීයා කෙනෙකු ත් ඉන්නවා, ඒ සීයට හරියට ඇස් පෙනෙන්නේත් නැතිලු, නමුත් අධ්‍යාපනයේ වැදගත් කම ගමේ අනිත් අයටත් පැහැදිලි කරලා දෙන්න තමයි පන්තියට සහභාගි වන්නේ කියලා ඒ සීයා කියලා තියනවා.


පරිනාමයවූ එළවළු - කෘමිනාශක අව්‍ශ්‍ය නෑ

ශාක පරිනාමය වෙන බව මීට කලින් අහලා තියනවද?

අහලා තියෙනවානම් මෙ කතාව ඔබව මවිත කරන එකක් නෑ, මම නම් අහලා තිබුණෙ නෑ, මට හරි පුදුමයි ඉතින් හිතුවා ඔයාටත් මෙ කතාව කියන්න, දැන් සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න එළවළු බොහෝදුරට මිලදීගන්නේ පොලේ, නැත්නම් සුපර්මාර්කට් එකෙන්, එතෙන්ට එන්නෙ තොග වෙළෙදුන්ගෙන් හරි වගාකරන ගොවියගෙන්,

ඉතින් මෙ ගොවියා වගාකර බීජ සාමාන්‍යයෙන් රජය මගින් හෝ පෞද්ගලික සමාගමකින් ලබාගන්නවා, සමහර බීජ කෘතිම ලෙස ජාන වෙනස් කරලා තියනවා ඉක්මනින් පලදාව එන්න. ගෙඩි ලොකු වෙන්න, ඉතින් මේ විදිහට අපි ආහාරයට ගන්න ශාක වර්ග අපි ගෘහස්ත කරගෙන දැන් හුගක් කල්,

තව දෘශ්ඨිකෝණයකින් බැලුවොත් එම ක්‍රියා දාමය හරියට කාලයක් තිස්සෙ මිනිසා බල්ලන්. පූසන් වැනි සතුන් තම නිවාස වල ගෘහස්ත කලා සේම සමානයි, හදිසියේවත් ගෙදර ගෘහස්ථ සතෙකුට කැලැවක අතරමන් උනොත් ඒ සතාට කරකියා ගන්න දෙයක් නැතුව බය වෙන්න පුලුවන්, අපිටත් එහෙමනේ, අවුරුදු දස දහස් ගගණකට කලින් අපිත් කැලැවේ හිටියා නමුත් දැන් බෑනේ. ඒකට හේතුව එවැනි පරිසරයක ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රාථමික උපදෙස් දැන් ජාන වලින් අහකට ගිහින් (යම් ආකාරයක පරිනාමයකට භාජනය වෙලා),

අැයි මේ එළවළු ගැන කියන්න අවිත් දැන් සත්තු ගැන කියන්නෙ, හරි හරි පොඩි සමාන කමක් පැහැදිලි කලේ කියන්න යන සංකල්පය පහසුවෙන් අවබෝධ කරගන්න.

ඉතින් මේ වගෙ ගෘහස්ත පරිනාමය වූ සත්තු වගෙ තමයි එළවළු, එවා පරිසර වෙනස්වීම්, කෘමි උවදුරු කිසි දෙයකට මුහුණ දෙන හැටි ඉගෙන ගෙන නෑ, හැබැයි තවමත් කැලෑවේ වැවෙන එම එළවළු ජාතියම ස්වාභාවිකවම ජාන දියුණුවට පත්වෙලා තියනවා කියලා සොයා ගෙන තියනවා,

එම බෝග ස්වාභාවිකවම කෘමින්ට. නියඟයට ඔරොත්තු දෙන හැටි පුරුදු වෙලා. ලෝකයේ ස්ථාන තුනක මේ වගේ ස්වාභාවික වර්ධනය වෙච්ච එළවළු දැකගන්න පුළුවන්, ඒ තමයි ඉන්දියාව, චිනය සහ බ්‍රසීලය,

ඉතින් අපේ ලංකාවෙ ගොවීන්ටත් මේ වර්ධනය වෙච්ච එළවළු මගින් නිපදවනු ලබන බීජ ගන්න ක්‍රමයක් තියෙනවානම් කෘම් නාශක වලට යන වියදම අවම කරගෙන. වෙලද පොලේ ඉල්ලුමක් තියන රාසායන දුව්‍ය භාවිතා නොකරපු එළවළු (organic) බොහොම පහසුවෙන් වවාගෙන හොද ලාබයකුත් ලබා ගන්න පුලුවන්


උදේ පාන්දර වැඩට යන්න ගතවන කාලය වැඩදායක ක්‍රියාවකට යොමුකරන්න පුලුවන්ද?

මේ කතාව ලංකාවේ බස් වල පිරිලා ඉතිරිලා යන කට්ටියට කොතරම් වැදගත්ද කියන්නට අමාරුයි, හැබැයි ලිපිය මූලාශ්‍රය ඇමරිකාවේ සිදුවීමක් මගින් තමයි සකස් කලේ, ගොඩක් වෙලාවට දියුණු රටවල බස් සේවා ලංකාවේ තරම් පිරිලා ඉතිරිලා ගිහින් නෑ,  ඉතින් එක නිසා මේ කතාව කොතරම් ප්‍රායෝගික වෙයිද කියලා කියන්න බෑ, ඒත් මොන කරදර තිබුනත් ජයගන්න ඔන කියලා හැගීමක් තියන අයත් ඉන්නවා, ඉතින් ඒ අයට මේ කතාව හිතේ දිරිගැන්වීමකට උදව් දෙයි කියන චේතනාව මත තමයි ලියන්න හිතුවේ.

පිටර් ගේ ගෙදර තියෙන්නේ නිව්ජර්සි ප්‍රාන්තයේ ඔහු රැකියාව කලේ නිව්යෝරක් ප්‍රාන්තයේ, ඉතින් සාමාන්‍යේව් වැඩට යන්න පැයක් විතර යනවා. ඔහු බස්එකේ යන ගමන් තමන්ට යාබදව ඉදගෙන ඉන්න අයගෙන් ව්‍යාපාරයට අදාල ප්‍රශ්න විමර්ශනය කරනවා. ඔහුට අවශ්‍යවෙලා තිබුනේ රුකියා අයදුම් කරුවන්ගේ තොරතුරු ඇතුලු කරලා හදන සකැස්මවල් විවැරදි ආකාරයට පිලියෙල කරලා දෙන එක. මොකද ඒක නිවැරදිව පිලියෙල කරලා තියනවනම් රුකියා ලැබෙන්න තියන අවසිතාව වැඩියි.

ඉතින් බස් එකේ ඉන්න අයගෙන් ප්‍රශ්න අහලා තමන් ආරම්භ කරන්න යන ව්‍යාපාරයට කොච්චර වගේ ඉල්ලුමක් තිබෙයිද, මිනිස්සුන්ට එම විශය පිලිබදව තියන වෙන ගැටලු මොනවද කියලා එයාට හොයා ගන්න පුලුවන් වෙලා තියනවා. ඊට අමතරව තාක්ෂණ දැනුම කිසිවක් නොතිබුන ඔහු දවස් දෙකක කාලයක් ඇතුලත බස් එකේ යන එන ගමන් වෙබ් අඩවියක් හදන හැටි ඉගන ගෙන තියනවා.  දැන් ඔහු රේසුමේ ගෝ (RESUMEGO) කියලා ව්‍යාපාරයක අයිති කරුවෙක්.






මේ කතාව ගොඩක් දුරට වැදගත්වෙන්නේ තමන්ගෙ කියලා ව්‍යාපාරයත් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට. දැන් කරන රැකියාවෙන් ඉවත් නොවී තමන්ගේ අලුත් ව්‍යාපාරය සදහා වැඩකටයුතු ආරම්භ කල හැකි සුළු ක්‍රමවේදයක්. ඉතින් වැඩට එන ගමනුයි ගෙදර යන ගමනුයි, තමන්ගේ ආරම්භකර ගැනීමට බලාපොරොත්තුවන ව්‍යාපාරයට අවශ්‍ය මූලික ලිපි, වෙබ් අඩවියේ අක්‍රිති සහ තවත් අදාල තොරතුරු එකරාසි කරගන්න පුළුවන්.

සමහරවිට ලංකාවේ බස් එකේ ලැප්ටොප් එකක් භාවිතා කරන්න ඉඩ නැතුව ඇති, හැබැයි දුරු ඉදන් එන අයට අසුන් ගන්න පුලුවන් වන නිසා ලැප්ටොප් භාවිතය අසීරු නැතුව ඇති. ඒ වගේම දුර ඉදන් එන අය අසුන්ගන්න තියන අවස්තාව වැඩක් කරන්න තියන වෙලාවත් දෙකම වැඩි. 

කඩවත ඉදන් කොලබ යන කෙනෙක්ට එහෙම නෑ. තමන්ගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු නැති අයට උනත් අර්ථවත් තොරතුරු තමන්ගේ දුරකථනයේ කියවීමෙන් මාර්ග තදබදය නිසා අපතේ යන කාලයෙන් වැඩදායක යමක් කරගන්න පුළුවන්.


කොකේන් ඇබ්බැහිවීම් දැන් සුව කරන්න පුලුවන් තාක්ෂණයක්

ලංකාවේ මත්ද්‍රව්‍ය හැම එකක්ම කුඩ කියලා නම් කරනවා, භාවිතා කරන පුද්ගලයා කුඩු කාරයා කියලා නම් කරනවා. කුඩුකාරයාව සමාජය කොන් කරනවා. නමුත් සමහර රටවල ඇබිබැහියීම වගේ දේවල් ගැන ඊට වඩා පුලුල් අධ්‍යාපනයක් ලබා දෙනවා, තවත් සමහර රටවල් අබ්බෑහි වීම දකින්නෙ රොග තත්වයක් ලෙස, එසේ රොග තත්වයක් ලෙස දකින රටවල් රෝග සුවවීමට ප්‍රතිකාර ලබාදෙනවා, අැබ්බැහි වීමට නව ප්‍රතිකාර ක්‍රම සොයා ගන්න උත්සාහ කරනවා,

කතාව කොකේන් ගැන නිසා කොකේන් පිලිබදව හදුන්වාදීමක් කරන්න එපැයි. කොකේන් කියන්නේ ස්නායු පද්දතිය උත්තේජනය කරන ද්‍රව්‍යයක්. අර අපි ලගදී කියපු පෙති කතාව වගේ තමයි මේකත්, කොකේන් ලොව වටා තහනම් වුනේ 1961. ප්‍රතම වථාවට කොකේන් ශාඛයේ කොළ මගින් වෙන්කර ගනීම කලේ 1860. මලදි කොකේන් දත් කැක්කුමට භාවිතා කරපු ඔසුවක්, සිල්ලර කඩේ ඩිස්ප්‍රින් විකුනන්න තියනවා වගේ කොකේනුත් විකුනන්න තිබ්බා ඒ දවස්වල. දත් කැක්කුම සමනය වෙන්න හේතුව දත්වල ගෑවුනාම හිරිවැටීමක් සිදුවෙනවා. එතකොට දත් කැක්කුම දැනෙන්නේ නෑ, හැබැයි අැබ්බැහි වෙලා අැබ්බැහිකම නිසා අැතිවන සමාජ ගැටලු මත තහනමට පත්වුනා. ලෝකයේ කොකේන් වලට අැබ්බැහි වෙච්ච අය මිලියන 13 ඉන්නවා. එකෙන් මිලියන එකක්ම අැමෙරිකාවේ.

මේ කියන්න යන කතාවෙ පලමුවෙන්ම හදුන්වා දෙන්නේ රොබරට්, රොබරට් වෛද්‍යවරයෙක්, හැබැයි වෙෙද්‍ය විද්යාලය පිටවුණා අවදියේ ඉදන් තවමත්, අවුරුදු දහයක් පමණ කාලයක් ඔහු කොකේන් වලට අැබ්බැහවෙලා, ක්‍රැක් කොකේන් කියන ජාතියට, (මමත් මේ අද අැහුවමයි වෛද්‍යවරයෙක් ක්‍රැක් කොකේන් වලට අැබ්බැහි වෙලා තියෙනවා) , ඉතින් ඔහුට ක්‍රැක් නැතිවම බැහැලු, කිහිප වතාවක් සියදිවි හානි කරගන්නත් ගිහින්,. එයාගෙ නොනට දැන් බබෙකුත් හම්බවෙන්න, දැන් මොකද්ද කරන්නේ මාසෙකට රුපියල් ලක්ෂ හතරක් ක්‍රැක් මිලදි ගන්න යනවලු

එයාගේ තාත්තට දවසක් මනෝවෛද්‍යවරයෙක් හමුවෙලා කියලා තියනවා සාමාන්‍යයෙන් අදික කලකිරීම නැත්නම් ඩිපරේෂන් තත්වයට පත්වුනු අයට ප්‍රතිකාර කරන්න භාවිතා කරන ටි.එම්.එස් (TMS Transcranial magnetic stimulation) කියන ප්‍රතිකාර ක්‍රමය අැබ්බැහිකම නැති කරන්න පුළුවන් ද කියලා පරියේෂණ කරනවා කියලා. ඉතින් මේ රොබරට් එකට යොමු වෙලා ප්‍රතිකාර අරගෙන තත්වය නිරෝගී කරගෙන, මොකද්ද මේ ටි.එම්.එස් කියන්නේ, එක අපේ මොලයේ ඉදිරිපස නලල අාශ්‍රිතව ප්‍රදේශයේ ඉතා අඩු විද්යුත් කම්පනයක් අැති කරන ක්‍රමවේදයක්, එම නලල අාශ්‍රිතව ප්‍රදේශයේ තමයි අපේ සමහර අයට තියන කලබල කාරීත්වය, පාලනය වෙන්නේ, එම කලබල කාරී තැන කම්පනය කරාම අැබ්බැහි වීම් නැතිව යනවලු,

හැබැයි සමහර වෛද්‍යවරු මේ ප්‍රතිකාරය තවම පිලිගන්නේ නැතිලු, එම හේතුව නිසා තාම මේ ක්‍රමය මගින් ප්‍රතිකාර කරන්නේ පරිරක්ෂණයට විදිහට පමණයි ලු. ලැබිලා තියන දත්ත අනුව අැබ්බැහි වෙච්ච අයයි, සහ පාවිච්චි කරන අයයි දෙගොල්ලෝම මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සුභදායක ප්‍රතිපල අත්විදලා තියනවා. මෙක කියවන ඔබ හෝ ඔබ මිතුරෙකු යම් ගැටලුවකින් පෙලෙනවා නම් මේ ගැන වෛද්‍යවරයෙක් මගින් අහලා බලන එක අැගට ගුනයි. හැබැයි ලංකාවේ එම පහසුකම් තියනවාද කියලා අපි හරියටම දන්නේ නෑ.


වයිකිං යුධහමුදාපති කාන්තාවක් වගේ

ඔයාලා අහල තියනවද වයිකිංවරුන් ගැන? ඒ අය කි.ව 8 වන සහ 11 වන ශතවර්ෂවල බටහිර යුරෝපයේ ස්කැන්ඩිනේවියන් රටවල් ආශ්‍රිතව කොල්ලකෑම් සහ වෙලදාමත් කරපු කල්ලියක්. බොහෝවිට මුහුදින් ගමන් කරපු අය හැටියට හදුන්වන්නේ. අද කාලේ පයිරට් කියලා හදුන්වන්නේ මේ වගේ කට්ටිය. හැබැයි ලේඛන වල හැටියට වයිකිංවරුන් එක නැවකට සීමා වෙච්ච සුලු පිරිසක් නෙමෙයි. ඒ අයගේ සමාජ පද්දති, ආගම්, විශ්වාස, අධ්‍යාපණය යන සියලු අංගවලින් සමන් විත පැවෙමින් ගිය ශිෂ්ටාචාරයක්, අපේ ඉතිහාසය හැටියට ගත්තොත් කාලිංග මාග එලාර වගේ දුශ්ටයෝ, හැබැයි ඒ අය නගරයක් අල්ලාගෙන සිටියේ නෑ. නිතරම සංක්‍රමණය කරමින් හිටපු කට්ටියක්. කොහොම හරි හිතා ගහන්නකෝ යුරෝපය හොල්ලපු ගැන්සියක් කියලා.

ඉතින් දැනට අවුරුදු 100 විතර කලින් 1880 සොයා ගත්ත වයිකින් ඇටසැකිල්ලක් පරීක්ෂණය අවසානයේ නිගමනය ඇවිල්ලා තියනවා ඒ ඇට සැකිල්ල කාන්තාවකට අයිති කියලා. දැන් ඔයාලා සමහරවිට හිතයි ඔවු ඉතින් පවුල් පිටින් සංක්‍රමණය කරද්දි ගැහැනියක අැටකටු සොයා ගැනීමේ විශේෂත්වය මොකද්ද කියලා නේ?

විශේෂත්වය තමයි ඇය ගේ දේහය සමග කඩුවක්, පොරවක්, හෙල්ලය, ඊතල, පිහි, පලිහ, යුධ අශ්වයන් දෙදෙනකු හමුවෙලා තියනවා, මේ විදිහට ගෞරව යුතුව අවසන් කටයුතු කරන්න ඈ වයිකින් සංවිධානයේ ඉහල තනතුරක් දරන්න ඔන කියලා ඉතිහාසඥයෝ පවසනවා, මෙ වැනි ඉහල තනතුරක් දරපු වයිකිං කාන්තාවකගේ සොහොනක් දකින්ට ලැබුන පලවන අවස්ථාව මෙයයි.

එය සොයා ගෙන තියේන්නේ ස්වීඩනයේ බිර්කා නගරය අසල, ඇගේ සොහොන් කොතේ සදහන් වෙලා තිබුනේ Bj581 කියන අක්ෂර ටික පමණයි. කලින් සදහන් කල යුධ උපකරන වලට අමතරව යුධ මෙහෙයුම් සැලසුම් කිරීමට භාවිතා කරනලද උපකරණත් ඇයගේ සොහොනේ තිබිලා තියනවා. ඉතින් මේ අලුත් සොයා ගැනීම මත වයිකිං සමාජයේ ගැහැණියට, පිරිමියා හා සමාන තත්වයක් තිබ්බා කියල හිතා ගන්න පුලුවන්.


වදුරාගත් සෙල්ෆියේ අයිතිය මනුෂ්යාට - අධිකරණය තීන්දු කරයි.

අහලා තියනවද පෙටා? නැ නැ කොටුව නෙමෙයි. පෙටා (peta) කියලා ලොකයේ සංවිදානයක් තියනවා,

එකේ මුලු නම (people for ethical treatment of animals) සත්තුන්ට සදාචාරාත්මකව සලකන මිනිසුන්. ඒ අය ගිහින් ඔය ලිප්ස් ටික් හදන අය සත්තු භාවිතා කරගෙන පරීක්ෂණ කරණකොට, සත්තුවත්ත හරියට සත්තුන්ට සලකන්නෙ නැති උනාම උත්ඝෝෂණ කරලා සත්තුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිනවා.

ඉතින් දැන් අවුරුදු 6 විතර කලින් එක් ජායාරූප ශිල්පියෙකුගේ කැමරාව මගින් වදුරෙක් ගත්ත පින්තූරයක් මුලු අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුනා, ඊට පස්සේ මේ පෙටා කට්ටිය එම ඡායාරූපයේ අයිතිය මෙ වදාරා සතුවිය යුතුයි කියලා නඩුවක් දැම්මා.

දැන් මෙක කියවන සමහර අයට මෙ විහිලුවක් කියලා හිතෙන එක සාධාරනයි. ප්‍රශ්නය ලංකාව වගේ 3 වෙනි ලෝකයේ රටක ජීවත්වන අපිට මෙහෙම සත්තුන්ගේ අයිතිය තියා සමහර වෙලාවට වෙනත් මනුස්සයෙක්ට සලකන්නත් වෙලාවක් නෑ, මොකද ආර්ථික ගැටලු එහෙම නිසා.

හැබැයි 1 ලෝකයේ රටවල අයට එහෙම ආර්ථික ගැටලු නැති නිසා අන් අය ගැන හිතන්න සමාජ සේවයේ යෙදෙන්න කාල වේලාව තියනවා. ඉතින් ඔවහු පින්තූරයේ අයිතිය වදුරට ද, මනුස්සයාට ද කියලා මේ නඩුව දැන් අවුරුදු හයක් අහලාල අවසාන වශයනේ තීන්දුවක් දීලා තියනවා. විනිශ්චයකාරතුමා කියලා තියෙන්නේ දැනට තියන නිති පද්ධතිය අනුව හිමිකම් සහතිකයක් වඳුරෙකුනිකුත්කරන බැරි නිසා ඡායාරූපයේ අයිතිය ජායාරූප ශිල්පියාට පවරනවා කියලා.

ඉතින් පෙටා ගේ ඉල්ලීම පැරදුණා කොහොම උනත් ජායාරූප ශිල්පියා හිතවාදී මනුස්සයෙක් ඉතින් එයා කියලා තියනවා අනාගතේ ලැබෙන ආදායමෙන් සියට 25% මේ වදාරා හිටපු ආරක්ෂක වනාන්තරයේ වැඩකටයුතුවලට ආධාර කරනවා කියලා. මේ ගැන ශ්‍රි ලාංකික ඔබට හැගෙන හැගීම් මොනවද?


අදවැනි දවසක - සැප්තැම්බර් 12




ඇස්ප්‍රින් මගින් දත් දිරායාමට වැලැක්විය හැකි - විද්‍යාඥයන් පවසයි.

දත් දිරායනවා කියනකොට අපිට මතක් වෙන දේවල් තමයි ඉතින් රූපවාහිනියේ වෙලද දැන්වීම්. අම්මලා පොඩිකාලේ අපි සීනි කන කොට කියපු කතා. හැබැයි ඉතින් දත් පරිස්සම් කරගන්න බැරිවුණ නිසා දැන් ඉතින් දිරා ගිහින්. මගෙත් දත් ගොඩක් පුරවලා තියෙන්නෙ. සමහර තැන්වල පුරෝපු දත් දෙතුන් වතාවක් පුරවන්න වෙලා තියනවා.

ඔයාගෙ
හරි වෙන අදුරන කෙනෙක්ගේ හරි දත්වල ප්‍රශ්නයක් තියනවනම් දැන් අලුත් සොයාගැනීමක් නිසා විකල්ප මාර්ගයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලවන්. ඒ නව සොයාගැනීමට අනුව ඇස්ප්‍රින් භාවිතා කරලා දිරායන දත් අලුත්වැඩියා කරගන්න පුලුවන්.

දත් දිරායාමේ ප්‍රතික්‍රියාව නවතා දත පිලිසකර කිරීමට හැකියාවක් ඇස්පිරින්වල තියෙනවාලු.

හැබැයි ලංකාවේ ඇස්ප්‍රින් වැඩිය බොන්න එපා කියලා කටකතාවක් තියනවා නේද?

ඉතින් මේ පරික්ෂණය සිදුකලේ අයර්ලන්තය රටේ, එක නිසා ඒ සමීක්ෂණය සමග යොමුකර තියෙන සංගණන බ්‍රිතාන්‍ය හා ආශ්‍රිත වෙනවා. එහි වාර්තාවක් අනුව බ්‍රිතාන්‍ය රටේ අවුරුදු 15 වයස දරැවන්ගේ සීයට 72% දත් දිරා ගිහ්න් ගැටලු වලට මුහුන දී තියෙනවාලු.

 ඇස්ප්‍රින් අම්ලයක්. (අර මන් ඉස්සෙල්ලා කිව්ව ලංකාවේ ඇස්ප්‍රින් ගැන තියන මතේ මේ අම්ලතාවය නිසා ඇතිවෙච්ච සිද්දියක් හේතුවෙන් වෙන්න ඇති)

අම්ල (acetylsalicylic acid) ඇසිටිලසාලිසිලික් අම්ලය නමින් හදුන්වනවා, කවුරු හරි දැන් ඇස්ප්‍රින්වල ඇති ක්‍රියාකාරී රසායන ද්‍රව්‍ය මොකද්ද කියලා ඇහුවොත් උත්ත දෙන්න පුලුවන්. අනික විදේෂ රටක හෙම ගිහින් පාර්මසියක ඔලුව කැක්කුමට බේතක් හෙව්වොත් ඇස්ප්‍රින් තියන බේත හදුනා ගන්නත් පුලුවන්. ක්‍රියාකාරී රසායන දුව්‍ය ඇසිටිලසාලිසික් නම් එකෙ තියෙන්නේ ඇස්ප්‍රින්.
 අපි කවුරුත් ඇස්ප්‍රින් වේදනා නාශකයක් හැටියට හොදට දන්නවා, ඔලුව කැක්කුමක් එහෙම ආවම අහන්නේ ඇස්ප්‍රින් එකක් තියනවද කියලනේ. දත් දිරායාමට සාමාන්‍යයෙන් දත් මත රැඳෙන බැක්ටීරියා තට්ටුවක ඇති අම්ල ගතිය නිසා සිදුවන දෙයක්. දත්වලට අපේ ශරීරයේ අනිත් අවයව වගේ වර්ධන හැකියාවක් නෑ. තිබුනත් ඒ වර්ධන ක්‍රියාව ප්‍රමාණවත් නෑ දිරායන ක්‍රියාව මැඩ පවත්වන්න තරම්.

ඉතින් අද කාලේ දත් දිරා ගියාම කරන්නේ එක්කො පුරවනු එක්කෝ ගලවනවා. හැබැයි ලගදිම ඒ ස්වභාවය වෙනස් වෙයි.

ඒ මොකද කියනවා නම් මේ පරීක්ෂණය සදහා නිරීක්ෂණය කල දත්වල තියන වර්ධන සෛල සහ ඇස්ප්‍රින් එකතු වීමක් මගින් දත්වල වර්ධනයක් ඇතිකරන්න පුලුවන් නිසා. ඔයාලා අහල ඇතිනේ ස්ටෙම් සෙල් (stem) කියලා සෛල වර්ගයක්, මම මෙහි වර්ධන සෛල හැටියට හැඳින්වුවේ ඒ සෛල වර්ගයට අයත් දත්වල පිහිටා ඇති සෛල.

හැබැයි නිකන් ඇස්ප්‍රින් පෙත්තක් බිව්වට මේ ක්‍රියාදාමය සිදුවෙන්නේ නෑ, එයට ක්‍රමානුකුලව ඒ දිරායාමට පත්වුනු දත දිරායාමට අැතිවු ස්ථානයට ඇස්ප්‍රින් සැපයීමක් කරන්න ඔන. මේ වාක්‍ය ඉතා වැදගත් නැත්නම් දැන් දත් දිරා ගියපු හැමෝම අද රැ ඇස්ප්‍රින් බිලා හෙට උදේට අපි බොරුවක් කිව්වා කියයි

බොහෝදුරට දත් වලට මේ ඇස්ප්‍රින් සපයන්න පුලුවන් ආකාරයට කුඩා රැඳවුම් භාන්ඩයක් නිෂ්පාදනය වෙයි ලගදිම, ඒක දත් දොස්තර මහත්තයා ලගට ගිහින් දිරායන දතේ ෆිට් කරගන්න වෙයි මම හිතන්නේ.

ඊජිප්තුවේ සොයාගත් වසර 3000 පැරණි සොහොන් පිටිය

නයිල් ගග අසල සොයා ගත් වසර 3000 පමණ පැරණි සොහොන් භුමියක් පිලිබදව තමයි මේ කියන්න හදන්නේ, එය කයිරෝ නුවර සිට කිලෝමීටර් 700 පමණ දකුනු දෙසින් පිහිටා ඇති ස්ථානයක්. එය ඇමෙන්හැට් නම් ඊජිප්තුවේ රජ පවුලක රජ සහ ඔහුගේ බිරිඳට අයත්තිබූ බවට සැලකෙනවා.

ඇමෙන්හැට් කියන්නේ ඊජිප්තුවේ බලවත් රජ පවුලක්. සාමාන්‍යයෙන් ඇමෙන්හැට් කිරුළ පැලැදගත්තේ පුරුෂයකු වුවද මෙම ස්තානය ස්ත්‍රියක් භාරව තිබූ බවට සාක්ෂි තියනවා. එහි ඈ හා වැඩිමහල් දරුවන් දෙදෙනකු ජීවත් වීම බිලි බද සාක්ෂි එමටයි. මෙහි මළමිනී වලට අමතරව ඇමෙන්හැට් රජ පවුලට අයත් පුරාවස්තු දැකිය හැකි වෙනවා, බොහෝවිට ඒම පුරාවස්තු මැටියෙන් කරනලද මූර්ති නිර්මාන.

මෙහි වාසය කරනලද ස්වාමිස්ත්‍රිය වයස අවුරුදු 50 පමණ කාලයේදී සිරුරේ කටු සමග ඇතිවූ බැක්ටීරියා රෝගයකින් මියගිය බවට සාක්ෂි තියනවා. තවද ඇයගේ මල සිරුර අසල ඇගේ දරුවන් දෙදෙනාගේ මල සිරුරු දකින්න ලැබෙනවා.

ඊජිප්තු පුරාවිද්‍යා නිලදාරීන් පවසන අන්දමට මෙම සොයා ගැනීම තවත් සැගවී ඇති මෙවැනි සොහොන් සොයාගැනීමට උපකාරී වෙන බවයි. මන්ද මෙම සොයා ගැනීමට හේතුවෙලා තියෙන්නේත් අප්‍රේල් මස සොයා ගන්නා ලද තවත් සොහොන් භුමියක්. ඒ සොහොන් බූමිය අවුරුදු 3000 වඩා පැරණි භුමියක්.

මෙම තොරතුරු මාධ්‍යවේදීන්ට හෙලිකරණු ලැබුයේ පසු ගිය සෙනසුරාදා කයිරෝ නුවර තිබූ මාධ්‍ය හමුවකදී, එහිදි ඊජිප්තු පරාවිද්‍යඥයන් මේ තොරතුරු සැපයුවා.

මෙම ලිපිය ආශ්‍රිත චයාරුප ලගදිම බලාපොරොත්තු වන්න


ඔස්ට්‍රේලියව ලොකයේ 24 වැන සමලිංගික විවාහ නිතිගත කල රට වෙයිද?

ඔස්ට්‍රෙලියාව ලොකයේ සමලිංගික විවාහ නිතිගත කල 24 වැනි රටට හිමිකම් කීමට උත්සාහ කරයි
ඹන්න ඔස්ට්‍රේලියාවේ ඉන්න සමලිංගික යුවල වලට සුභ ආරංචියක්. එ මොකද කියනවානම් ඔස්ට්‍රේලියානු අගමැති තුමා සහ තවත් නායකයෝ සමලිංගික විවාහ නිත්‍යානුකූල කිරීමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට උත්සාහ කරනවා. ලංකාවේ අය ඉතින් කම්පාවෙන් ඉන්න එපා අපේ රට වගේ දියුණුවෙමින් පවතින රටවල දියුණු‍වෙන්න තියෙන්නේ කොහොමත් පාරවල් විතරක් නෙමෙයි නේ, රටක් දියුණු හැටියට නැගෙන්න බුද්ධිය ඇති පුද්ගලයන් රටක ඉන්න ඔන, ඉතින් එකනේ අපි පිටුව මගින් බුද්ධිමත් පුරවැසියෝ ඇතිකරන්න උත්සාහ ගන්නේ.
දැන් ඔස්ට්‍රේලියාවේ තැපැල් ඡන්දයක් පවත්වන්න තමයි යන්නේ මේ කාරණය ගැන විම සලා. එම තැපැල් ඡන්දය සැප්තැම්බර් මස 12 වැනිදා බෙදාහැරීමට නියමිතයි, එමගින් ලැබෙන ප්‍රතිපල නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු සැසිවාරයට සාකච්ඡාවකට ගැනීමට නියමිතයි. එමගින් ලැබෙන ප්‍රතිපල අනුව ඔස්ට්‍රේලියාවේ විවාහ පනත සංශෝධනය කිරීමට නියමිතයි.
ඇයි මේ සමලිංගික විවාහය වැදගත් කම,

ගොඩක් වෙලාවට පටු විදිහට හිතන ඇය සමලිංගික විවාහය කිව්වම සංසර්ගය ගැන තමයි හිතන්නේ මොකද ඒ අය ගොඩක් වෙලාවට තම සහකාරයා සමග විවාහ වෙන්න ඇත්තේ සංසර්ගය නිසා වෙන්න පුලුවන් අන් අය ගැන එහෙම හිතන්නේ.

නමුත් සමලිංගික යුවලකට විවාහය අවශ්‍ය වන්නේ තමන්ගේ රක්ෂණය නිත්‍යානුකුලව තම සහකාරයා පැවරීමට ඇති හැකියාව,, නිවසක් මිලදීගන්න බැංකු ණය ඉල්ලුම් පත්‍රයට දෙපාර්ශවයටම පෙනී සිටීමට හැකිවීම ආදායම් බදු ගෙවීමේදී විවාහක ප්‍රතිලාභ ලබා ගත හැකි වීම. 

ඉතින් මෙ තැපැල් ඡන්දයට අනතුරුව ඕස්ට්‍රෙිලියාවේ පාර්ලිමේන්තුව මගින් සමලිංගික විවාහ වලට අනුමැතිය දුන්නොත්, ඔස්ට්‍රේලියානු වන් ලෝකයේ සමලිංගික විවාහ නීතිගත කල 24 වන රට බවට පත්වෙනවා. කොහොමත් හැමදෙයක්ම සුභදායී ලෙස සිදු වෙයි කිවලා තමයි හැමෝම හිතන්නේ.

මොකද දැනට සතියකට විතර කලින් ඕස්ට්‍රේලියානු මහා අධිකරණයට ලැබුන පැමිණිලි දෙකක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කලා, ඒ පැමිණිලි යොමුකර තිබුනේ සමලිංගික විවාහය කරන්න බාලපොරොත්තු වෙන තැපැල් ඡන්දයට විරුද්ධව. ඉතින් මහ අධිකරණය එම කාරණය පිලිබදව සුභදායි ලෙස කටයුතු කරනවා කියන එක තමයි හිතන්න පුලුවන්


චිනය ඩිසල් සහ පෙට්‍රල් රතවාහන තහනමකට සැලසුම් කරයි.

ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළඳ පොළ වන චීනය, ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ වෑන් රථ නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීමට සැලසුම් කරයි.

චීනයේ කර්මාන්ත අැමති පවසා ඇත්තේ එම ක්‍රියාමාර්ගය ගැනීමට අවශ්‍ය මූලික පර්යේෂණ දැනටමත් ආරම්භ කර ඇතිබවය.

පසුගිය වසරේ චීනයේ මෝටර් රථ මිලියන 28 ක් නිෂ්පාදනය කර තිබෙනවා. එක ගෝලීය නිෂ්පාදනයෙන් 1/3 පමණ වනවා. 2040 වන විට ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම් කිරීමට සැලසුම් කර ඇති එක්සත් රාජධානිය හා ප්‍රන්සය යන රටවල් ලැහැස්ති වෙලා ඉන්නේ. එම පියවර ගැනීම හේතු වුනේ  පරිසර දූෂණය සහ කාබන් විමෝචනය අවම කිරීමයි.

වොල්වෝ
සමාගම (Volvo) දැන් අයිති චීනයට, ඒ සමාගම 2019 වර්ශයේ ප්‍රතම විදුලිබල ඇන්ජිම හදුන්වා දීමට බලාපොරොත්තු වනවා. ඔවුන් 2025 වසර වනවිට විදුලිය මගින් ක්‍රියාකරන කාර් මිලියන 1ක් අලවි කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. නිසාන්, ෆෝර්ඩ් සහ ගෙනරල් මෝටර්ස් ආයතන චිනයේ විදුලි කාර් නිෂ්පාදනය සැලසුම් කරලා ඉවරයි. චිනය ලෝකයේ ඛනිජතෙල් භාවිතා කරන්නන් අතින් දෙවන ස්නානය හිමිකර ගන්නවා, හැබැයි මේ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමෙන් අනතුරුව අනිවාර්යෙන් ඒ වාර්තාවට හිමිකම් කියන්න ලැබෙන්නේ නෑ.

 ඉතින් අපේ ලංකාවටත් මේවගේ විදුලිබලය මගින් ගමන් කරන කාර් ආනයනය කරන්න පුලුවන් උනොත් හැමෝටම පරිසරකාමීන් වෙලා, අතේ මුදල් ටිකත් පිරිමහ ගෙන, නැදැ්‍යෝ ටිකත් බලාගෙන එන්න පුලුවන්. ලංකාවේ රජයත් පාරිභෝගිකයන්ට එවැනි රත ආනයන කිරීමට බදු සහන පහසුකම් ඇති කිරීමට කටයුතු කලොත් අර ප්ලාස්ටික් ශොපින් බෑග් තහනම මගින් ආරම්භකර ඒ පරිසර හිමිකාරීත්වය තවදුරටත් තහවුරු වෙනවා.


කලු පැහැයේ මනෝවිද්‍යාව - අපි අන්ධකාරය බිය වන්නේ ඇයි.

කලු පැහැති ඇදුමින් සැරසුන පුද්ගලයකු දුටුවහොත් ඔහු යන්නේ අවමගුල් උත්සවයක් සදහා ද හෝ මගුල් උත්සවයක් ද යන්න සමහර විටක කියන්න බෑ. හැබැයි දැනට අවුරුදු 100 විතර පෙර එසේ දුටුවා නම් නියත වශයෙන් අවමගුල් උත්සවයක් කියලා කියන්න පුලුවන්.

 මොකද ඒ දවස්වල කලු පැහැය දුක, සංවේගය සමග පමණක් මුසුව තිබූ නිසා. අද කාලේ කලු පැහය ධනාත්මක අර්ථ දක්වන පැහැයක් බවටත් පත්වෙලා. නමුත් කලු පැහැය සමග සම්බන්ධ වෙනත් අර්ථ තවමත් කිසිලෙසකත් වෙනසක් නෑ, මම කිව්වේ හොල්මන් අවතාර වගේ දේවල්. සමහර අයට ඒ වචන කියනකොට ඇගේ හිරිගඩු පිපෙනව ඇති.

ඔවු
කොහොමත් බොහො සංස්කෘතීන්ගේ කලු පැහැය රාත්‍රි කාලය හා සම්බන්ධයි. අපි මෙවගේ අන්ධකාරයට බියක් දක්වන්නේ අපට නොපෙනෙන දේ පිලිබඳව අපේ සිතේ තියන බිය. හදිසියේවත් රැට පාලු ගෙදරක විදුලිබලය එහෙමත් නැතුව ඉන්න උනොත්? මට නම් දැන් ඇහෙනවා අර රැහැයි චරිස් චරිස් ගාන සද්දේ.

ඉතින් අපේ අන්ධකාරයට භිතිය අවුරුදු සිය දහස් ගනනක් ඉදන් එන පරිනාමයේ හේතුවක්, මොකද මුලින්ම කැලේ ජීවත් වෙච්ච කාලේ අන්ධකාරයේ හිරි හැර වෙන්න තිබ්බ සම්භාවිතාව වැඩියි. ඉතින් අඳුරට භිතිය අපේ ජානවල ඇතුලත් වෙලා තියන්නේ.

අඳුරට
ඇතිවන බය හරියට වේදනාවක් හා සමානයි, මොකද ඒ දෙකෙන්ම කරන්න අනතුරු ඇගැවීමක් මගින් අපිව සිදුවිය හැකි කරදරයක් සදහා සූදානම් ශරීරයක් ඇතිකරන එක.

ඉතින් අඳුරට භිය තියන එක සමාන්‍ය දෙයක් උනාට සමහර අයගේ මේ බිය අධික ලෙස පිහිටා තියනවා. කොතරම්ද කියනවානම් අනිත් කාර්යන්, පවුලේ අය. මිත්‍ර සබදතා වලටත් බාදා ගෙන එන විදිහට, මෙහෙම තත්වයක් තියෙනවානම් ඒ යම් ආකාරයක මානසික ගැටලුවක් පෙන්නුම් කිරීමක් කියලා සදහන් වෙනවා.

ඉතින් අන්දකාරයට තියන බය නැතිකරන්න අවශ්‍යනම් තියන එකම පියවර තමයි අදුරු වෙලාවක එලියට බැහැලා අන්දකාරයට මුහුණ දෙන එක


ඔබ රැකියාවට සදහා ඇදගෙන යන වස්ත්‍ර වල පැහැයේ වැදගත්කම

අපි මීට කලන් ලිපියක සදහන් කලා කවුරු මොනවා කිව්වත් මිනිසුන් එකිනෙකා ගැන යම් ආකල්ප වලට එලබීමට පෙනුම ස්වයංක්‍රිය ලෙස බලපාන ආකාරය. ඉතින් මේ අද කියන්න යන්නේ ඒ ස්වයංක්‍රිය මානසික ක්‍රියාදාමයට වර්ණය කොතරම් බලපෑමක් කරනවද කියන එකයි.

උදාහරණයක් වශයෙන් රතුපාට මගින් විශ්වාසනීයත්වය සහ නායකත්වය පිළිබිඹු කරණවා.
ඒවගේම නිල් පාට මගින් සමාදානය පිලිබිඹු වෙනවා.
කලු පැහැය විධායක බව සහ සංතෘප්තිය පෙන්නුම් කරනවා. කලු පැහැය තව වර්ණයක් සමග මුසුව ඇද ගැනීමට වැදගත්, එම වරණය වස්ත්‍රයක් මගින් පෙන්වාදී අවශ්‍ය නෑ.

පිරිමි පක්ෂයට වර්ණවත් ලේන්සුවක්, කාන්තා පක්ෂයට වර්ණවත් මල්ලක් යනාදී මැනවි.

දුබුරු පැහැය මගින් ද විශ්වසනීයත්වය පිලිබිඹු වෙනවා. යුරෝපීය සමාජ මනෝවිද්‍යාව සගරාව විසින් කරනලද සමීක්ෂණයකින් හෙලිවූ එක් කාරණයක් තමයි රතු පැහැය සහිත ඇදුම් භාවිතා කරන ලද පිරිස් අන් අයට වඩා භෞතික ලිංගික ආකර්ෂණයක් සහ කඩවසම් බවක් අත්විදලා තියනවා.

අපි ඇදගෙන සිටින ඇදුම අපේ මානසික තත්වයට සෘජුවම බලපානවා කියල තමයි දැන් මේ සමීක්ෂණ නිසා පිලිගැනීම. ඇදුම වගේම සපත්තු කුට්ටම නිසියාකාරව පොලිෂ් කරලා තියන එකත් වැදගත් කියලා කියනවා. සම්මුඛ පරීක්ෂණ කරන පරීක්ෂකවරුන් එයට පෙනීසිටින්නන් ගේ සපත්තුව, චරිතය මැනීමේ එක මිනුම් දණ්ඩක් කරගෙන හමාරයි.