ඔන්න දැන් අගහරු ලෝකෙත් එළවළු වවන්න පුලුවන් බව හොයාගෙන!!



ඔන්න දැන් අභ්යාවකාශයේත් එලවලුත් වගා කරන්න පුලුවන්ද කියලා පරීක්ෂණ කෙරෙනවා ….ඔයාලට මතක ඇතිනේ අපි කලින් කතා කළා …නාසා ආයතනය හා අනෙකුත් ජාත්යන්තර අභ්යවකාශ නියෝජිත ආයතන දැන් උත්සාහගනිමින් ඉන්නේ , අගහරු ලෝකේ දිගු කාලින්ව 2030 දී පමණ මිනිස් ජනපද පිහිටුවීමටයි…. Elon Musk හා නෙදර්ලන්ත සමාගම් මේ ගැන විශේෂයෙන් උනන්දු වෙමින් ඉන්නවා ….

ඉතින් ඒ ගැන නෙදර්ලන්ත Wageningen සරසවියේ කණ්ඩායම විසින් පරීක්ෂණ කරමින් …කියන විදියට හවායිහි ගිනි කන්දකින් අගහරු වෙත පස් ගලාගෙන ඇවිත් තියෙනවාලු , එය මෙහි ජලය හා මිශ්රවී පසේ සාන්ද්රනය මේ විදියට හැදිලා කියලයි විශ්වාසයකරන්නේ…ඉතින් දැන් රාබු, මෑ ,තක්කාලි වවන්න පුලුවන් බවට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්ලු,

ඒවායේ රස කොහොමද කියලත් දැනගන්න පරීක්ෂකයෝ ආසාවෙන් බලන් ඉන්නවලු …..මේ විදියට තක්කාලි රාබු ඇතුලු තවත් නිවිති, සලාද , ලීක්ස් වගේ එළවළු බෝග වර්ග 10ක් විතර එහේ වවන්න පුලුවන්ද? කියලා පරීක්ෂණ සිදුකරමින් ඉන්නවාලු ….අගහරු මත බෝග වැවීමේ සාර්ථකත්වය, හඳ මත බෝග වැවීමට වඩා අඩකින් පමණ සාර්ථක බවින් වැඩිලු

ඉන්දිකා

උපුටා ගැනීමකි mars-soil-capable-of-growing-vegetables%3F/a-VLHcZe9vSWKheKCGI2Zbrw%3Aa%3A48074732-9eb15d197e%2Fibtimes

ළගදීම රු 500කට හොඳ ජංගම දුරකතනයක් මිලට ගන්න අවස්ථාවක්!!



ඔන්න රු 500 කට අලුත්ම ජංගම දුරකතනයක් ගන්න හොද අවස්තාවක් ඉස්සරහට තියෙනවා. ……මේක හදන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙන් … මේ ජංගමයේ නම Freedom 251 , මේ නිපයුමට හිමිකම් කියන ඉන්දියානු Ringing Bells සමාගම ගොඩක් ප්රසිද්ධ එකක් නොවේ

නිෂ්පාදනය වෙලදපොලට ඉදිරිපත් කරනතුරු ඔවුන් වැඩි යමක් දැනට කියලා නැහැ …. සමාගම සැලසුම් කරලා තියෙන්නේ, හැම මාසෙකම නිශ්පාදන 200,000ක් අලෙවි කිරීමටයි …මේක අගල් 4 ක ප්රමාණයේ , සිම් 2කේ .ජංගමයක් . ඉතින් ඒ තරම් අඩු මිලකට පහසුකම් ගොඩක් ඇති මේ දුරකතනය විකුණද්දි සෑම ඒකකයකටම රු 280-300ක අලාභයක් සිදු වුනත් සමාගම එය නොසැලකා හැරලා , නිශ්පාදිතයන් නැව් ගත කිරීමෙන් පසු අලෙවිය වැඩි කර ගෙන අලාභය පියවගැනීමට හැකි බවටත් විශ්වාසයක් තබලා තියෙනවා. සමාගම කියන්නේ එහි පලමු මිලියන 2.5ක ඒකක ප්රමානය මේ අවුරුද්දේ ජුනි අග වෙද්දි බෙදාහරීන්න සූදානම් බවයි.

ඉන්දිකා

උපුටාගැනීමකි http://www.androidauthority.com/4-smartphone-supposedly-shipping-june-30-700174/

හබල් වලින් ගත්ත අලුත් පින්තුරයක්... තරු ගොඩයි



හබල් අභ්‍යාවකාශ දූරේක්ෂය මගින් තරකා මණ්ඩලය අසල ඇති දිදුලන තරු පොකුරක ඡායාරූප ලබාගෙනලු.......

මෙම හබල් අවකාශ දුරේක්ෂය මගින් තරකා මණ්ඩලයේ අසල ඇති අපට දැකීමට අසීරු දිදුලන තරු පොකුරක ඡායාරූප ලබා ගෙන තිබෙනවා.මෙම නව ඡායාරූපය ලබා ගෙන තිබෙන්නේ දිගු ඉතිහාසයක් සහිත හබල් දුරේක්ෂයකින් වන අතර මෙය මගින් වළාකුළුක් සමඟ ඇඳි ඇති දිදුලන තරු පොකුරේ විශ්මිත ඡායාරූපයක් මේ වන විට ලබාගෙන තිබෙනවා. මෙය ආලෝක වර්ෂ 135,000කට ඈතින් තරකා මණ්ඩලය ආශ්‍රීතව ඇති තාරකා වස්තුවකි.

මෙම තරු පොකුර එන්.ජි.සි 1854 යන නමින් හඳුන්වා ඇත.නොයෙක් වර්ගයේ තාරකා වලින් සැදුම් ලත් තරු පොකුරක් වන මෙය සැබැවින්ම මෙලෙස සමීප ඡායාරූපයකින් දක්නට ලැබීම භාග්‍යයක් මෙන්ම මෙම හබල් දුරේක්ෂය හරහා තවත් මෙවැනි දුලභ දසුන් දැකගැනීමේ හැකියාව ලැබෙනු නිසැකය.

සුපුනි කාරියවසම්
http://mashable.com/2016/06/25/hubble-telescope-star-cluster-photo/#dclFPvTL3ZqY

නිර්මාංශිකයෝ අමාරුවේ වැටෙයි ගස් වලටත් ආතතිය දැනෙන බව විද්යාත්මකව ඔප්පු වෙලා!!



ඔන්න Copenhagen විශ්ව විද්යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකට අනුව , දැඩි කාලගුණික තත්වයන්හිදී මිනිසාට වගේ ශාක වලටත් හැගීම්; ආතතිය දැනෙන බව සොයාගෙන …..ඒ අනුව දැඩි කාලගුණ තත්ව වලදී , ශාකවල ආතතිය පලදාව කෙරෙහි බලපානවලු .

ශීත කාලයකදී එහි පලදයිතාව පහල වැටෙන්නෙත් මේ නිසාලු ….ඒ ආතතිය පාරිසරික බලපෑම් වලදී ප්රතිචාර දැක්වනවාලු ……පරීක්ෂකයෝ මිනිසාගේත් නින්දට හා ඇහැරවීමට බලපාන , මෙලටොනින් හෝර්මෝනය බාර්ලි ශාකයේ පත්ර හා මුලට යොදා පසෙන් අවශෝෂනය වීමට හැරියලු …එය ශාකයේ abscisic අම්ල මට්ටම කෙරෙහි බලපෑමක් වුණාලු … හෝර්මෝන පාරිසරික බලපෑම් හා ආතතියට ප්රතිචාර දක්වන බව පෙනුනා. ශාක වල ආතතිය දරාගැනීම් හා මෙලටොනින් පාලනයේ බලපෑම ගැන සොයාගත් මේ අලුත් කරුණු, නියංකාල හා ශිත කාල වැනි දැඩි කාලගුණ ත්ත්ව වලදී , අපිට අස්වනු බෝග ලබා ගැනීම් වලදී අනාගතයේදී ප්රයෝජනවත් වෙයි !

ඉන්දිකා
උපුටා ගැනීමකි
https://munchies.vice.com/en_uk/articles/sorry-vegans-scientists-say-that-plants-can-feel-stress

මෑතකාලීනව සොයාගත් හමේ පිළිකා සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමය වර්තා තැබිය යුතු තරම් ඉක්මන් කාලයකින් සුවය ලබා දෙයි



සම තුල ඇති පිළිකා මර්ධනය කිරීම සඳහා නවතම පර්යේෂන සොයාගෙන ගෙන ඇති අළුත්ම බෙහෙත් ඔස්සේ ශරීරය තුල ඇති ප්‍රතිශක්ති කරණ පද්ධතිය ඔස්සේ තහවුරු කරගැනීම තවත් එක් වැදගත් කරුණකි.එපමනක් නොව මිනිසුන් පුදුමයට පත් වන තරමේ කුඩා කාලයකින් මෙහි ප්‍රතිඵප භුක්ති වීඳීමටහැකි නිසා මෙය ලන්ඩනයේ හා වේල්සයේ ජාතික සෞඛ්‍ය සංවිධානයද පුදුමයට පත් කල කරුණකි.මෙය සමේ පිළිකාවෙන් වේදනා විදින අහිංසක ජනතාවට ලැබුනු අහිංසක බලාපොරොත්තුවක සලකුණකි.මෙම බෙහෙත නොයෙක් පීඩාකාරි තත්වයන් උදෙසා ද උදව්වක් වන බවත් මෙය තුලින් ශරීර සෞඛ්‍යයටද ඇතිවන්නේ හිතකර බලපෑමක් බව නම් කිව යුතුමය.

සුපුනි කාරියවසම්
http://www.iflscience.com/health-and-medicine/groundbreaking-skin-cancer-treatment-given-approval-record-time/

ජි.පි.එස් තාක්ෂනය මුහුද් යටට ගෙන යැමේ උත්සාහයක නිරතවන රාජ්‍ය ආරක්ෂක ගවේෂකයෝ



ජි.පි.එස් තාකෂනය මගින් අපට අවශ්‍ය සෑම තැනකටම පහසුවෙන් ලඟා විය හැකිය යන කථාව සත්‍යයක්...නමුත් සත්‍ය වශයෙන්ම ස්ථිරව පැවති කරුණ නම් මුහුදු පත්ල සඳහා මෙම තාක්ෂනය කිසි විටක භාවිතා කල නොහැකිය යන්නය.මුහුදු පතුල තුල මෙම ජී.පි.එස් සබඳතාවය මගින් තොරතුරු සම්ප්‍රේෂනය කිරීමට අපහසුය.මෙම හේතුව නිසාම මිනිසුන් රහිත ද්‍රෝන සබ්මැරීන භාවිතා කිරීමට පටන් ගත්තා.

මේවා නිර්මානය කර ඇත්තේ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වීමට හැකි වන අයුරින්..මේ නිසාම දියුණු ආරක්ෂක ගවේෂන මධ්‍යස්ථානය මගින් මෙයට විසඳුමක් ලෙස මුහුද පතුල තුල ක්‍රියාත්මක විය හැකි ජි.පි.එස් පද්ධතියක් සොයා ගෙන යාමේ ක්‍රමයක අත්හදා බැලීමට කටයුතු කරන බව පැවසෙනවා.මෙම ක්‍රමය ඔවුන් හඳුන්වන්නේ පොසිඩෝන් යන නමින් එනම් නියමිත ස්ථාන ගත වීම යන අර්ථයක් මෙහි මතු වේ.මේ තුලින් ගැඹුරු මුහුදු පත්ලේ ඇති සබ්මැරීන වලට තමාගේ ස්ථාන ගත් විය යුතු ස්ථානය මතුපිටට නොපැමිණම ලබා ගැනීමේ හැකියාව පවති.මේ මගින් අනාගත්යේ නව තාක්ෂන මානයන් බිහි කිරීමට මෙය ඉවහල් වන බව නම් නිසැකය.

සුපුනි කාරියවසම්
http://www.fastcompany.com/3060116/defense-researchers-plan-to-bring-gps-where-its-never-gone-before-under-the-sea

කලු ආවට දැක ගන්න අලුත් ක්‍රමය



කළු ආවාට යනු අපට නොපෙනෙන දෙයක් නමුදු අළුත් ක්‍රම 3ක් මගින් මෙය දැකිය හැකි ක්‍රමයක් හොයාගෙන

අවකාශය තුල ඇති කළු ආවාට යනු අපේ පියවි ඇසට ග්‍රහනය කරගත නොහැකි දෙයකි.එයට හේතුව මෙහි ඇති අධික ගුරුත්වාකර්ශනයයි.මෙය තුලට අවකාශය තුල ඇති ඕනෑම වස්තුවක් මෙන්ම ආලෝකයද ඇද ගත හැකියි.මෙය තුලට ගිලගන්නා ඕනෑම ආකාශ වස්තුවක කිසිම සලකුණක් ඉතිරි නොකරයි. සැබැවින්ම මෙය මායාවක් යැයි ඔබට හිතෙනවා ඇති.නමුත් අළුත් සොයාගැනිමක් සිදුකල ස්ටෙපන් හෝකින්ග් පවසන්නේ මෙසේ ඇද ගන්නා වස්තූන් වල ඉතා සුළු ප්‍රමානයක් ඉතිරි වන බවයි.මතුපිට ඇති ආලෝක තරංග මෙය මඟ හැරීමට උත්සාහ කරයි.

එමෙන්ම එම තරංග තුල ඇති බලයෙන් මේ වන විට නැතිවන වස්තුව හඳුනා ගැනීමේ අවකාශයක් ඇතැයි සොයාගෙන ඇත.මේ කළු අවාටයන්හි නැතිවන වස්තු සදා සිරගත් නොවන ඒවා බවත් ඒවා අළුත් විශ්වයකට ඇතුළුවන බවත් හෝකින්ග් වැඩිදුරටත් පවසයි. එමෙන්ම කේටි බෝමන් ගේ ඇල්ගෝරිතමය හරහා ද මෙහි ඡායාරූප නැරඹිය හැක.එමෙන්ම මෙහි ඇති වස්තුන් ඇදගැනීමේ වේගය පිළිබඳ වද යේල් නම් සරසවියේ විද්යාඟයින්ට සොයා ගැනීමට හැකි වුනා..ඉතින් මෙහි අළුත් විස්තර බොහොමයක් අපට ඉක්මනින් හොයා ගැනීමට හැකි වේවි.

සුපුනි කාරියවසම්
http://time.com/4360402/black-holes-see-three-new-ways/

ඔන්න ඉවතලන පොලිතීන් මලු වලින් ඉන්ධන නිපදවන අලුත් ක්‍රමයක්



ඔන්න ඉවතලන පොලිතීන් මලු වලින් ඉන්ධන නිපදවන අලුත් ක්රමයක් සොයාගෙන !!

පොලිතීන් නිෂ්පාදනයන්, ලෙස කිරිපිටි පැකට්, ග්රොසරි මලු , යන්ත්ර කොටස් ආදිය කුණු ගොඩට දිනපතාම එකතුවෙනවා පොලොතීන් මලු ,ආවරණ ලෙස වඩා ලාබදායි හා පහසු නිසා බහුලව භාවිත කරනවා පරිසරයට අවුරුදු පතා එකතුවන මුලු පොලිතීන් ප්රමාණය මෙට්රික් ටොන් මිලියන 100 ක් විතර. මේවායින් සමහර නිෂ්පාදන ඉතා සෙමින් දිරායන නිසාත්, දිරා නොයන-පොලිතීන් නිසාත්,පරිසර දූෂණය වැඩියි ..

ඒවා මිදුල් වල, පාරේ ගොඩගැසීම් , මුහුදේ පාවෙමින් තියෙනවාත් ඔයාලා දැකලා ඇති ..ඔන්න මේ ගැටලුවට විසදුමක් , මෑතකදී පරීක්ෂකයො පිරිසක් අලුතින් සොයාගත්තාලු …..මේ විදියට බැහැර කෙරෙන පොලිතීන් මලු රසායනික ක්රියාවලියකට; ප්රතිචක්රිකරණයක් කර ඉන් දියරමය ඉන්ධන හා වටිනා තවත් රසායනිකයන් නිපදවිය හැකි බව ඔවුන් සොයාගෙනලු ……නමින්ම කියවෙන විදියට පොලිතීන් වල එතිලීන් අඩ්ංගුයි, ඒ වගේම එහි කාබන් අඩ්ංගුවීම නිසාත් ….

ඉන්ධන හා හයිඩ්රොකාබන් වැනි රසායනික නිපදවීමට ඉවහල් වේ …..මෙ නිශ්පාදන ක්රියාවලියේදී උත්ප්රේරක උදව් වෙනවා …….හැබැයි දැනට මේ උත්ප්රේරක මගින් පොලිතීන් සංඝටක කරන්නේ හරිම හෙමින්, එයට පිරි වැයත් වැඩියි , පොලිතීන් සංඝටක කිරීමේදී අපතේ යාම ;වියෝජනයත් ටිකක් වැඩියිලු …….මේ ගැටලු කීපයට විසදුම් සෙවීමටත් පරීක්ෂකයෝ තවදුරටත් ,වෙහෙසෙනවා...

ඇත්තටම මේ අලුත් සොයාගැනීම තව සාර්ථක කරගැනීම අවශ්‍යයි, පොලිතීන් මලු නිසා වන පරිසර ගැටලුව අවම කරන අතරේම ඉන්ධන ආදීය නිපදවීමටත් ලැබීම වාසිදායකයි.
ඉන්දිකා
උපුටා ගැනීමකි http://www.sciencemag.org/news/2016/06/catalysts-could-turn-trash-bags-fuel

අන්තර්ජාලය ස්පැම් තැපැල් යවපු ලොක්කා දැන් හිරේ



අන්තර්ජාලයට අනවශ්‍ය දෑ මුදා හරින රජු එනම් 'ස්පෑම් කින්ග්' ලෙස හැඳින්වු සැන්ෆර්ඩ් වොලස් වසර 2 1/2ට හිරේ..............

අවුරුදු 20 ක් තිස්සේම අන්තර්ජාලයේ ඇති සමාජ වෙබ් අඩවි ජාල වලට අනවශ්‍ය දෑ මුදා හරිමින් සමාජ පිළිලයක් වු මොහු මෙම ක්‍රියාවේ රජු එනම් 'ස්පැම් කින්ග්' ලෙස සලකයි. කෙසේ වුවද මේ වන විට මෙම පුද්ගලයා සැන්ෆර්ඩ් වොලස් නම් වන අතර මොහුව මාස 30ක එනම් වසර දෙකහමාරක කාලයක සිර දඬුවමකට යටත් කරනු ලැබුවා. එපමනක් නොව මේ සඳහා ඔහුට මුදලින් මිලියන 14කට වැඩි දඩයක්ද නියම කොට තිබෙනවා.

මෙය මොහුට නියමවෙලා තියෙන්නේ ෆේස්බුක් ගිණුම් හිමියන්ට කරදර කිරීම නිසා.මෙම තත්වයන් පාලනය කිරීමට වරක් විනිසුරුවරයෙක් මොහුට මානසික ප්‍රතිකාර මෙන්ම වැරදි නිවැරදි කරහැනීමට කාලයක්ද දී තිබෙනවා. ඒවා කිසිඳු දෙයක් සැලකිල්ලට නොගැනීම නිසා මේ තත්වයට පත්වීමට ඔහුට සිදු වුනා.ඉලෙක්ට්‍රොනික මේල් වංචාද මොහු විසින් සිදු කර ඇත."ඩේවිඩ් ෆෙඩ්‍රික්ස්" හා ලෝරා ෆ්‍රෙඩ්‍රික්ස් යන වෙනත් නාම වලින් පෙනි සිටිමින් 1500කට අධික අන්තර්ජාල බොරු වෙබ් අඩවි මගින් මිනිසුන්ට පීඩා සිදු කිරීමද මොහු අතින් සිදු විය.

මොහු මෙසේ සිදු කල පළමු අවස්ථාව මෙය නොවන අතර පෙර සිටම නොයෙක් වංචනික සමාගම් පිහිටුවා අන්තර්ජාල ගිණුම් හිමියන්ගේ ඉ-මේල් ගිණුම් වල තොරතුරු හා බලෙන් ඇතුල්වීම අනවශ්‍ය ඉ-මේල් පණිවිඩ මුදා හැරීම සිදු කල මොහු මේවායින් ඩොලර් බිලියනයට වඩා උපයා ඇත.මොහුට විරුද්ධව ඇති බරපතල චෝදනා වලට පිළිතුරු ලෙස ඔහුට මේ දඬුවම ලැබුනු බව නම් සැබෑය.

සුපුනි කාරියවසම්
http://www.nbcnews.com/tech/internet/spam-king-sanford-wallace-sentenced-2-years-facebook-scheme-n592651

ඉස්සරහට වෛද්ය රසායනාගාර ඕනම නැතිවෙයි,….ඩෙංගු උණත් ගෙදරදීම හදුනගන්න උපාංගය !!



ඔයාලට මතක ඇති අපි කලින් කතාකලා ….ඉදිරියේදී පැමිණිමට නියමිත , තමන්ටම පාවිච්චි කළ හැකි වෛද්ය උපාංග කීපයක්, ගර්භණීභාවය පරීක්ෂාවට ඇති බ්ලූටූත් ඇප් පරීක්ෂණය , ශුක්රාණු මණින උපාංගය….ඔන්න ඒ වගේම අනාගතයේදී , රසායනාගාර හෝ රෝහල් ගානේ රස්තියාදු නොවී , විනාඩි 15න් අපිටම රෝග විනිශ්චයට රුධිර පරීක්ෂාවන් කරගත හැකි අලුත් යෝජිත උපාංගයක් තමයි ,“FeverPhone”….ඒක හරියට ෆෝන් එකට පැමිණි ග්ලූකෝමීටරයක් වගෙයි

අපිට උණක් හෝ වෛරස් හෝ වෙනත් රෝගයන් හඳුනාගැනීමට මෙයින් රුධිර සාම්පල පරික්ෂාව ඉක්මනින් තනිවම කළ හැකියි, එයට විශේෂ දැනුමක් ඕනත් නැහැ, ඒ වගේම මෙය පහසුවෙන් රැගෙන යා හැකියි , ඒකේ ඇප් එක කුඩා පාන් පෙට්ටියක් තරමේ කොටසක් සමග ක්ර්යා කරයි , ස්වයංක්රීය යන්ත්රයෙන්, රුධිර සාම්පල ඇතුලට යවා දත්තයන් ස්මාර්ට් දුරකතනයට යවමින් , ප්රතිපල විග්රහයක් කෙරෙනවා …

ඩෙංගු , මැලේරියා, චිකුන්ගූන්යා, සිකා වගේ වෛරස් සඳහා පරීක්ෂණ කිරීමට සමහර රටවලට හරියට සම්පත් නැහැ ..ඒවට වැඩි වියදමකුත් යනවා , ඉතින් මේක සාර්ථක වුනොත් හැමෝටම හොදයි…Cornell සරසවියේ පරික්ෂකයන්ගේ මේ යෝජිත උපාංගය වැඩි දියුණු කිරීමට NIH -National Institutes of Health හි අවදානයත් යොමු වෙලා…ඔවුන් අවුරුදු 4ක් ඇතුලත මෙහි වැඩි දියුණු කටයුත්තට රු මිලියන 333.5ක ප්රදානය කිරීමටත් සූදානම්ලු…

 ඉන්දිකා
 උපුටා ගැනීමකි https://techcrunch.com/2016/06/21/nih-grants-2-3m-to-development-of-feverphone-a-portable-disease-di...

චීනයේ ලොව සුපිරිම වේගවත් පරිගනක වලට හිමිකම් කියමින්, ඇමරිකාව අභිබවා යයි !!



කලින් ලොව පළමු පෙලේ සුපිරිම පරිගනකයට හිමිකම් කිව්වේ, ඇමරිකාව... ඒ Oak Ridge ජාතික රසායනාගාරයේ හි වේගවත්ම පරිගනකයක් වුණු ‘ටයිටෑන් සුපිරි පරිගනකයයි’

ඒත් දැන් ඔන්න එය ලොව සුපිරිම පෙළේ පරිගනක අතර 3න් වැනි තැනට පසුබැහැලා …..එයට හේතුව චීනය විසින් ඔවුන් පරදා සුපිරි අලුත් පරිගනක 2ක් , ජර්මනියේ පැවති 2016- ජාත්යන්තර සුපිරි පරිගනක සමුළුවේදී හදුන්වා දීමයි….

ඉන් සුපිරිම වේගයකින් යුතු අලුත් මුල් පෙළට පැමිණි පරිගනකය , ‘Sunway TaihuLight’ වන අතර, එය දෙවන තැනට පත් වූ චීනයේම තවත් නිපයුමක් වූ ‘Tianhe-2’ ට වඩා 3න් ගුණයකින් වේගවත් ක්රිියාකාරිත්වයකින් යුතුයිලු …ඒ වගේම 2වැනි තැනට පත් වූ ඒ Tianhe-2 පරිගනකයේ වේගයත් ,සම්මත වර්ගයක ලැප්ටොප් යන්ත්රයක වේගය මෙන් ආසන්න ලෙස මිලියන 2 ක තරම්ගුණයකින් වැඩිලු ..

ඉතින් දැන් චීනය ලොව විශාලම සුපිරි පරිගනක ධාරිතාවක් පිහිටුවනලද රට විදියට , පළමුවරට ඇමරිකාව පසුකර මුල් තැනට ඇවිත් තියෙනවා .

 ඉන්දිකා
 උපුටා ගැනීමකි http://www.sciencemag.org/news/2016/06/china-overtakes-us-supercomputing-lead

සජීවිව පටිගත කල අපරාධ පිළිබඳ විඩීයෝ දර්ශන නවත්වන්න ෆේස්බුක් වෙහෙසෙයි.....


ජංගම සජීව විඩීයෝ තාක්ෂනය උපයෝගි කරගනිමින් ලොව තුල සිදුවන අපරාධ සමාජ වෙබ් අඩවි ජාලා වලට මුදා හරින නිසා සමාජ වෙබ් අඩවි ජාලා ඉතා අර්බුදකාරි තත්වයකට මුහුන පා සිටිනවා. මෙසේ මුහුන පාන ප්‍රධානම සමාජ වෙබ් අඩවි ජාලය වන්නේ ෆේස් බුක්ය.ඉකුත් සඳුදා දින පැරිසියේ සිදුවු දරුණු පිහි ඇනුම මෙයට හොඳම නිදසුනකි.මෙහි සඳහන් වන ආකාරයට ප්‍රංශ පොලිස් නිළධාරියෙකු සහ ඔහුගේ සහකාරිය ත්‍රස්තවාදියෙකු විසින් මරා දමන අතර එම ත්‍රස්තවාදියා එය සජීවිව පටිගත කොට ෆේස්බුක් අඩවියෙහි ව්‍යාප්ත කොට ඇත.

මෙම සිදුවීමෙන් පසු ෆේස්බුක් ආයතනය මගින් සිදු කල ප්‍රකාශයක සඳහන් වන්නේ ත්‍රස්තවාදින්ට සම්බන්ධ කිසිඳු විඩීයෝවක් හෝ ප්‍රචාරනයක් හෝ ඒ පිළිබඳ සඳහන් කිසිඳු විග්‍රහයකට ඉඩ නොදෙන බවත් පවසා ඇත. එවැනි දෙයකට සම්බන්ධ ඕනෑම වැකියක් හෝ විඩියෝවක් එවේලේම එයින් ඉවත් කිරීමට නොසිතන බවටත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.මෙවැනි දේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ඔවුන් ඒ සඳහාම සේවකයෙක් යොදවා ඇත්තේ මෙවැනි දේ ප්‍රචාරය වීමට පෙර එය වලක්වා ගැනීමටයි.

මෙවැනි ප්‍රචණ්ඩත්වයන් කෙරෙහි කිසිවිටක බුරුලක් නොපෙන්වීමට මේ වන විට සමාජ වෙබ් අඩවි ජාලා සැරසි ඇත.
සුපුනි කාරියවසම්
http://money.cnn.com/2016/06/14/technology/facebook-french-terrorist-live-stream/

අපි ප්‍රෘතුවියේ සාගර පතුලට වඩා අගහරු ගැන දන්නවාලු



ඇයි අපි අභ්‍යවකාශය තරම් මුහුද පිළිබඳ ගවේෂණය නොකරන්නේ...මේ පිළිබඳ හිතලා තියනවද.....?

තවමත් අපි මුහුඳු පත්ල පිළිබඳව සොයාගෙන ඇති සාර්ථක ගවේෂණ වල ප්‍රතිශතය ගත්තාම එය 5% ක ප්‍රමානයක් වගේ වෙන්නේ.....අපට අඟහරු ග්‍රහයා පිළිබඳ මතුපිට ඇති පෘෂ්ඨයන්ගේ රූප ගණන තරම්වත් ගවේෂණ මුහුදු පත්ල පිළිබඳ සිදු කල නැහැ.මෙම මුහුදු පත්ලේ භූ ලක්ෂන දර්ශන රූප රාමුද තිබෙන්නේ 5%ක් වීම අතිශයෙන්ම ප්‍රමානවත් නොවන අඟයකි. මක් නිසාද කිව්වොත් අප අවට ග්‍රහ ලෝක දර්ශන වලට වඩා අප පෘථිවිය තුල ඇති සාගරයේ භූ ලක්ෂන දර්ශන හා තොරතුරු අපට තදින්ම අවශ්‍ය හා බලපාන සාධකයක් වන නිසාවෙන්ය.

මේ වන විට මෙය සඳහා අනාගතයේදී ඩිජිටල් තාක්ෂනය උපයෝගි කරගනිමින් මුහුදු පත්ලේ සෑම බිම් අඟලක්ම සිතියම් ගත දර්ශන ලබා ගැනීමේ ක්‍රමයකට මුල පුරමින් සිටි.මෙය සාගර විද්‍යාඟයින් හා අන්තර්ජාතික භූගෝල මධ්‍යස්ථානය එකතුව රාජ්‍ය අංශද එකතු කරගනිමින් දියත් කරන වැඩසටහනකි. මෙයට හේතුව වන්නේ අභ්‍යවකාශ ගවේශණයටත් වඩා වැදගත්කමක් සාගර පත්ලට දිය යුතු බවය. මක් නිසාද යත් මිනිසුන් සිටින මිහිපිට ඇති වස්තු වලට වැඩි අවධානයක් දීම මිනිසුන්ගේ ආරක්ෂාව හා දැනුවත් භාවයට උවමනා කරන නිසාවෙන්ය. මෙතෙක් කාලයකට මේවාට වඩා මුල්‍යමය ප්‍රතිපාදන වෙන් වුයේ අහ්‍යවකාශ නිරික්ෂනයන් සඳහාය.ඒ නිසා අන්තර්ජාතික සාගර හා වායුගෝලීය සංවිධානයන්ට මෙම මුහුදු පත්ල ගවේෂණය කිරීමේ ඉඩ ප්‍රස්ථා ඇහිරි තිබුනා.

සමාන්‍ය රේඩියෝ තරංග හා සැටලයිට් මාධ්‍ය ඔස්සේ මෙම මුහුදු පත්ලේ සිතියම් රූප ලබාගත නොහැකි අතර මේ සඳහා සෝනා නම් තාක්ෂනය උපයෝගි කර යුතු බව විද්වත් මතයයි.ඒ තුලින් සාගර විද්‍යාඟයින්ට ගුණාත්මක ඡායාරූප ලබා ගත හැකි බව ද සනාථ වන කරුණකි.මේ තාක්ෂන මානයන් නිසා මෙතෙක් අත්හරිනු ලැබු සාගර ගවේෂණයට හොඳ කල දසාවක් පැමිනේ යයි අපෙක්ෂා කරමු......

සුපුනි කාරියවසම්
http://flip.it/_6GRp

ඔන්න දෙවැනි පාරට නාසා ආයතනය අභ්‍යවකාශ යානාවක් ඇතුලේ ගිනි ඇවිලිමේ පරික්ෂනයක්


දූලි සහිත විපතට පත් අවකාශය තුල ඇති අභ්‍යාවකාශය තුල මෙතෙක් නොදුටු ගිනි කෙළි වලින් ආලෝකවත් කීරීමට නාසා සැරසි ඇත. මෙහි ඇති අරමුණ නම් මේ තුලින් සිදුවන දෑ කුමක්ද යන්න විපරම් කිරිමයි. මෙවැනි තත්වයක් තුල ඇතිවන සැබෑ තත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිකම නම් යම් පුදුමයකට කරුණකි. මක් නිසා ද යත් මෙය කෙසේ වුවද අවධානම් ක්‍රියාවකි.සිග්නස් නැමැති මේ ඉවත ලු අභ්‍යවකාශ යානය අන්තර්ජාතික අවකාශයෙන් මුදවා

මෙය සිදු කිරීමද මෙහි ඇති තවත් කරුණකි.කැලි කසල වලින් පිරවු අභ්‍යවකාශ යානයේ ගින්නක් ඇති කර සිදුවන ප්‍රතිඵල නිරික්ෂනය කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇත.මෙම යානය අන්තර්ජාතික අවකාශයේ අඟහරුවාදා දින උදෑසන 9.30 ට මුදා හැරුනු අතර සවස 2.30ට මෙයට ගින්දර අවුළුවා ඇත.

මෙය හසුරුවන්නන්ද වෙනත් කක්ෂයක සිට මෙය හසුරුවන්නේ ආරක්ෂාවට අවශ්‍ය පරිදිය.නාසා විසින් මෙය සැතපුම් කොපමණ දුරක් ඈත්වු පසු මෙයට ගිනි ඇවිලීමට කටයුතු සිදු කලද යන්න කිව නැතත් ඔවුන් මෙය සිදුකර ඇත්තේ දුරස්ථ පාලක උපකරණ මගින්ය.මෙය විනාඩි 15-20ත් අටහ්‍ර කාලයක් ඇවිලේ යයි අනුමාන කරයි.මෙහි ඇති උෂ්ණත්වය , වායුන් සඳහා සංවේදක උපකරණ සවි කර ඇති නිසා ඒ පිළිබඳ දත්තද කැමරාවක් සවි කොට ඇති නිසා ඒ මගින් මෙහ් දර්ශන ද ගැනීමට මොවුන් කටයුතු කර ඇත.මෙහි තොරතුරු නිකුත් වීමට දින හෝ සති ගණනක් ගතවේ.කෙසේ වුවද මෙය විනාශ වීමට ප්‍රථම මෙම තොරතුරු පෘථිවියට ලැබෙනු ඇත.

සුපුනි කාරියවසම්
http://www.businessinsider.com/nasa-large-fire-cygnus-spacecraft-test-2016-6

CIA තම වදකාගාර පිලිබද තාෙරතුරු වාර්තා නිකුත් කරයි



ත්‍රස්තවාදින්ගේ හිංසාකාරි ක්‍රියා පිළිබඳ තමන් ක්‍රියා කළේ කොහොමද කියන එක ගැන හෙලි නොකල වර්තා රැසක් මධ්‍යම රහස් තොරතුරු කර්යාංශය හෙලි කරලා ඔන්න..........

ත්‍රස්තවාදීන් සිද්ධ කල 9/11 විනාශය ගැන ඔගොල්ලන්ට මතක ඇතිනේ.ඉතින් මෙතෙක් කාලයක් රහසක්ව තබාගෙන හිටපු ඒ මහා විපාකයට සැකපිට අත් අඩංගුවට ගත්තු සැකකරුවන්ට දඬුවම් දීම සඳහා භාවිතා කල හිංසාකාරි ක්‍රමෝපායන් හා ප්‍රශ්න පිළිබඳ ඇතුලත් වර්තා 50ක් පමණ මෙම සි.අයි.ඒ කාර්යාංශය මෑතකදී හෙලි කරා.මෙය මෙය සිදු කරන්න හේතු වෙලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් හඬ නැගු ඇමරිකානු සමාන්‍ය ජන සමාගම් වල ඉල්ලීමට දැක්වු ප්‍රතිචාරයක් විදියට.

මෙහි ත්‍රස්තවාදින්ගේ සියළු සාහසික ක්‍රියා පිළිබඳ සියුම් අනාවරණයකින් යුක්ත වන අතර ඔවුන් රඳවාගනු ලැනු සාහසිකයන්ට ලැබ දුන් දඬුවම් පිළිබඳ හා ක්‍රියා පිළිවෙත පිළිබඳ සවිස්තරාත්මකව තොරතුරු සපයා ඇත. ජනපති බැරැක් ඔබාමා මෙය නම් කරන්නේ "බලවත් හිංසාවේ" වර්තා ගොනුවක් ලෙසය.සි.අයි.ඒ මගින්මෙය "විහිදුණු ප්‍රශ්න වලට යෙදු උපක්‍රම" ලෙස හඳුන්වයි.මොවුන් කෘමින් මගින් සහ වෙනත් නොයෙකුත් ක්‍රමවේදයන් හරහා සිදු කර ශාරිරික වද වේදනා මෙන්ම මානසික වද වේදනා ගැනද විස්තර ඇතුලත්ය.කෙසේ වුවද ඒ මහා ව්‍යසානය පිළිබඳ මිනිසුන්ගේ මතකය අවධි කිරීමටද මෙම වර්තා ප්‍රයෝජනවත් වේවි.

සුපුනි කාරියවසම්
http://edition.cnn.com/2016/06/15/politics/cia-documents-torture/

රුසියානු රජයට වැඩකරන දත්ත හොරු එක්සත් රාජධානියේ ප්‍රජාතාන්ත්‍රික අන්තර්ජාතික සංවිධානයේ වැදගත් තොරතුරක් හොරා අරන්..



මෙම දත්ත හොරු එක්සත් රාජධානි රජයේ රජයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කාරක සභාවේ පරිඝනක ජාලයට ඇතුල්ව එහි ඇති දත්ත , ඉ-මේල්,චැට් ,අන්තර්ජාල සාකච්ඡා පිටපත් සොරා ගෙන තිබෙනවා.මෙසේ හොරා ගැනීමට හේතුව හා සොරා ගන්නා ලද්දේ ජනරජ ජනාධිපති අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ තියෙන ලිපි ගොනුයි.

.මෙය මොහුට විරුද්ධව දියත් කල වැඩසටහනක් සේ හැඟේ.ඉකුත් ගිම්හාන සෘතුවේ සිටම මෙම දත්ත සොරුන් මෙම ජාලය තුල සැඟව ඇතැයි සැලකෙන අතර කාරක සභාවට මේ පිළිබඳ නිසි අවබෝධයක් ලැබි තිබෙන්නේ ට්‍රම්ප් පිළිබඳ දත්ත සොරා ගැනීමත් සමඟය.මේ තුල ඇති දත්ත ඉතා සංවේදි දත්ත යැයි සිතිය හැකි අතර මේ සොරා ගැනීමෙන් ඔහුගේ දේශපාලනික ජීවිතයට හා ජනාධිපතිවරණයට බලපෑමක් එල්ල වෙතැයි එරට රජය සැක කරයි.මෙම දත්ත හොරුන් එක්සත් ජනරජ මූලික ජාලවලටද බලපෑම් එල්ල කරන එකම කණ්ඩායමක් බව මේ වන විට අනාවරණය කර ඇත.කෙසේ වුවත් මෙම කල්ලියේ අරමුණ රාජ්‍යයේ රාජ්‍ය රහසිගත කටයුතු වලට බලපෑම් එල්ල කිරීමට බව නම් පැහැදිලිව ඔප්පු වන කරුණක් .

සූපුනි කාරියවසම්
http://www.cnet.com/news/russian-government-hackers-stole-democratic-national-committees-opposition-research-on-trump/

මෙන්න, ළගදීම පැමිණීමට නියමිත තවත් අලුත් රොබෝ සුරතලෙක්!!



මේ ආරංචිය වාර්තාවෙන්නේ චීනයේ බීජිං වලින් ROOBO’ හි දෘඪාංගභාවිතයෙන් , අලුත් විදියකට හදපු “Domgy” කියන මේ රොබෝ සුරතලා විනෝද ජනකයි වැඩ පහසුකරන “පවුලේ හිතවතෙක්” විදියට හදුන්වා දීලා තියෙන්නේ ….

එයාගෙ මුහුණ ලොකුයි, ඒක තිරය touchscreen විදියට පාවිච්චි කෙරෙනවා …සජීවීකරනය වූ ඇස් වලින් තමයි මේ රොබෝ සුරතලාගේ ,ඇප් භාවිත හා අනෙත් පාලන අංග සම්බන්ධ වී ඇත්තේ.....මේක ජංගම් දුරකතනයෙන් වුනත් පාලනය කල හැකියි

මෙහි කෘත්රිම බුද්ධියක් සහිතව පවුලේ අයගේ මුහුණු හදුනා ගැනීමට හැකියාව තියෙනවා , ඒ වගේම පවුලට විනෝදයක් ලැබෙයි , 5K කැමරාවකුත් හිසේ තියෙන නිසා , ගෙදර වෙනසක් වුනොත් දැනගන්න ලැබෙයි ...ඉන් ගෙදර ආරක්ෂාවටත් හොදයි …….

මෙයාගෙ කටහඩ ගැහැනුද පිරිමිද? කියලා ඔයාට ඕන විදියට පාලනය කරන්නත් පුලුවන් ,…කුඩා ළමයෙකුට සිංදුවක් කතාවක් අහන්න , ඉගෙන වැඩට උදව් ගන්නත් පුලුවන් . තවම මේකේ මිලක් දිල නම් නැහැ. මිල ගොඩක් වැඩි වෙන එකක් නම් නැහැලු ….

මේ රොබෝව වරක් චාර්ජ් කර පැය 4 - 5ක් ක්රියාත්මකව තියෙන අතර එයටම ස්වයංක්‍රීයව ඒ කටයුත්ත කරගන්නත් පුලුවන්......පැයට කිලෝමීටර් 5ක ගමන් වේගයක් සහිතයි. මීට අමතර රොබෝගෙ ඇන්ඩ්රෝයිඩ් භාවිතය මගින් අමතරව ගේම්ස්,සින්දු හෝ ඉගෙනීමට නව පාඨමාලා , හඩ පටිගටගත පොත් ,ඇප් ආදිය වුණත් මිලට ගන්නත් පුලුවන් විදියට තවත් වැඩි දියුණු කිරීමක් ගැන වුනත් ,ඉස්සරහට දකින්න ලැබෙයි ….!

 ඉන්දිකා 
උපුටාගැනීමකි https://techcrunch.com/2016/06/16/meet-domgy-an-ai-pet-robot-from-beijing-startup-roobo/

ලෝකයම , ඉදිරියේදී පරිසර හිතකාමී බලශක්ති යුගයකට සූදානමක!!


ඉදිරියේදී පොසිල යුගය අභිබවා යමින් සූර්ය ශක්තිය හා සුළං භාවිතය වැනි පරිසර හිතකාමී බලශක්ති කරා ගෝලීය වශයෙන් ඇදී යාමේ ප්රවනතාවක් ගැන නවතම වාර්තාවකින් කියවුණා

මෑත කාලයේ ගෝලීය වශයෙන් උෂ්ණත්වය ඉහලයාම, පරිසර දූෂණය ආදී …ගැටලු වලට මේ ඉන්ධන දහනයෙන් පිටවන කාබන් නිසා ලොකු බලපෑමක් වුණා…ඒ නිසාම ලෝකයම දැන් ඒ කෙරෙහි අවධානයක් යොමු කරමින් ඉදිරියේදී ඒ විකල්ප බලශක්ති සඳහා වැඩි මුදලක් ආයෝජන කිරීමටත් සූදානම්ලු

2027 පමණ වනවිට පොසිල/ගල් අගුරු හො ගෑස් වලට වඩා ඉහත බලශක්ති ලාබදායිවිය හැකිලු ඒ වගේම සූර්ය පැනල වැනි බලශක්ති ඉදිරී කාලයේදී වෙලදපොලේ වර්ධනයක් පෙන්නුම් කරයි . 2040 දී පමණ , විදුලියෙන් ධාවන වන වාහන නිශ්පාදනය වැඩි වන අතර ලෝක කාර් වෙලළදපොලෙන් 25% පමණ විදුලියෙන් ධාවන වන නිෂ්පාදන වෙයිලු

තාක්ෂණික වශයෙන් දියුණු ඇමරිකාව,යුරෝපය , හා චීනයට නම් , මේ ඉලක්කයට යෑම අපිට තරම් අමාරු නැහැ…..ඒත් ලංකාව මේ අභියෝගයට හා අනාගත වැඩිවන විදුලි බලශක්ති ඉල්ලුමට සූදානම් වෙන්නේ කොහොමද ? සූර්ය තාපයෙන් හා සුළං සම්පත් වලින් නම් අපිට අඩුවක් නැහැ ….ඒවා යොදා ගැනීමට අවශ්ය තාක්ෂණය අපේ රටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කල යුතුයි …...

අපේ ගල් අගුරු තාප බලාගාරවලට තවත් යොමු වෙනවට වඩා ඉහත පරිසරහිතකාමී විකල්ප බලශක්ති කරා හැකිතාක් යොමු විය යුතුයි.. තක්ෂණයෙන් එතරම් පොහොසත් නැති ආසියාතික රටවලට….විශේෂයෙන්ම වැඩි ජන ගහනයක් ඇති ඉන්දියාවටත් , මෙය ලොකු අභියෝගයක් ලෙස බලපායි …..ඉතින් අපිත් දැන් සිටම එයට සූදානම් වීම ඉතා වැදගත්.

ඉන්දිකා

උපුටා ගැනීමකි
http://www.sciencealert.com/this-is-the-end-of-the-fossil-fuel-age-as-we-know-it-says-report

ඔබේ දරුවා ධනවත් සාර්ථක දරුවෙක් කරගැනීමට විද්‍යානුකූල ක්‍රම



ඔබේ දරුවා ධනවත් සාර්ථක දරුවෙක් කරගැනීම සඳහා විද්‍යානුකූලව තහවුරු වු එකම ප්‍රබල සාධනීය ක්‍රමය මෙන්න...

ඔබටත් වඩා ඔබේ දරුවන් පිළිබඳ ඔබ නිරන්තර අවධානයෙන් සිටිනවා විතරක් නෙමෙයි. ඔවුන්ගේ සාර්ථකත්වය කෙරෙහි සිඳු කල හැකි සෑම ක්‍රියාවක්ම සිදු කරන්නත් ඔබ කිසි විටක පසුබට වෙන්නේ නෑනේ...ඇත්තෙන්ම ධනවතුන් තම දරුවන්ගේ සාර්ථකත්වය උදෙසා හැකි සෑම දෙයක්ම සිදු කිරීමට දෙවරක් නොසිතන්නේ ඔවුන්ට ඒ සඳහා හැකියාව මෙන්ම ධනයද තිබෙන නිසාවෙන්ය.විද්‍යානුකූල සොයාගැනීම් වලට අනුව ධනවත් දෙමාපියන් තම දරුවන් ධනවත් හා සාර්ථක කරගැනීම සඳහා යොදාගන්නා ප්‍රබල සාධනීය ක්‍රමයක් වන්නේ සුදුසු අසල් වැසි පරිසරයක වාසය කිරීමයි.

ධනවතුන් සෑම විටම තම වාසස්ථානය ලෙස තෝරා ගන්නේ තමන් මෙන්ම ධනවත් පැලැන්තියේ පුද්ගලයින් වාසය කරන ප්‍රදේශයයි.දරුවෙකුට තමා වැඩෙන පරිසරය තමාගේ පෞරුෂ වර්ධනයට මනා පිටුවහලක් සපයයි.තමන්ගේ ආදායම් තත්වයද දරුවෙකු ඇති කිරීම සඳහා බලපායි. සමහරක් මිනිසුන් තම දරුවාව හොඳම පාසලකට යැවීමට සැරසෙන්නේ ද මේ හේතුව නිසාවෙන්ය.මේ කෙසේ වුවද මේ සියල්ලෙන් සඳහන් වන පරිදි දරුවා හැදෙන වැඩෙන පරිසරය දරුවාගේ සාර්ථකත්වයට මඟ පාදන අපූරු සාධකයක් බව නම් සමාජ විද්‍යාඟයින් මේ වන තහවුරු කරගෙන හමාරයි.

සුපුනි කාරියවසම්
http://www.businessinsider.com/what-to-do-if-you-want-your-kids-to-be-wealthy-and-successful-2016-6?amp

විද්‍යාත්මකව නාඳුනන අමුත්තන් සමඟ කථා බහ සිදු කල යුතු ආකාරය



නාඳුනන අමුත්තන් සමඟ කථා බහ සිදු කල යුතු ආකාරය විද්‍යාත්මකව සිදුකල හැකි ක්‍රම තුනක්....... ගැනයි මේ හෙලි කරන්න යන්නේ......

හැසිරීම් පිළිබඳ අධික්ෂනය කරන විද්‍යාඟයින් පවසන අන්දමට අපට නුහුරු අමුත්තන් අප සමඟ කථා කරන මුල් අවස්ථාවේ ඉඳලම කථා කරන්න කැමති අපි හිතනවට වඩා බොහොම සරල විදියටලු..ඕනෑම සාදයකදී, රැස්වීමකදි, ව්‍යාපාරික හමුවීමකදි සිදු කල යුත්තේ ඉතා කෙටි වගේම ස්වභාවික හා සරල කථා විලාසයක්.මේ කියන්න යන්නේ එහෙම කථා බහක් සිදු කරන්නේ කොහොමද කියලා..

1. ඔබේ සංවාදය සිනාවකින් ආරම්භ කරන්න.....
මෙය ඔබගේ සංවාදයට මුල පිරීමට කදිම උපක්‍රමයකි.පළමු හමුවීම තුල සිනා සීම ඔබට මෙන්ම ඔබ ඉදිරිපස සිටින අමුත්තාටද සහනයක් ගෙන දෙන්නකි. මේ තුලින් ඔබට නිවැරදි මෙන්ම ඉතා ගුණාත්මක අගයකින් යුත් සංවාදයකට මුලු පිරිය හැක.ඔබ තුල ඇති නොසන්සුන්තාවයද මෙය මගින් පහව යයි.ධනාත්මක සිතුවිලි වර්ධනයටද මෙය විශාල පිටුවහලකි.

2. දෙදෙනාම සමකැමැත්තක් දක්වන මාතෘකා වලට වැඩි අවධානයක් යොමු කරන්න.
මෙමගින් ඔයා වගේම සංවාදය සිදු කරන පුද්ගලයා අතරත් මෙම සංවාදය සිදු කරගෙන යාමට කැමැත්තක් ඇති කරන අතර එය පළමු හඳුනාගැනීමටද බෙහෙවින් ප්‍රයෝජනවත් වන ක්‍රමයකි. මෙවැනි සමකැමැත්තක් දක්වන මාතෘකා කථා කිරීම නිසා ඔබ තුල ඇති නොසන්සුන් ගතිය ක්‍රමයෙන් පහව යන අතර ස්වභාවික පැහැදිලි එමෙන්ම කුළුපඟ සංවාදයකටද එය ඉතා වැදගත් ක්‍රමයකි.

3. එම සංවාදයේ දී ඔබ දන්නා දේ මෙන්ම පැවසීම මෙන්ම ඔබ නොදන්නා දෑ පිළිබඳ තොරතුරු වීමසීම- මෙයද ඉතා අවශ්‍ය උපක්‍රමයකි. දැන් ඔබ හොඳ සංවාදයකට මුල පුරා ඇති නිසා එන් පසු ක්‍රමවත් සංවාදයක් නියැලීමට නම් ඔබ සංවාදයේ යෙදි සිටින විෂය පථයට ආදාළ ප්‍රධාන කරුණු ගෙන හැර දක්වමින් අනෙකාගේ ආකර්ශනයට ලක් විය හැක. ඔබ දන්නා දේ ඔහු සමඟද,ඔහු දන්නා දේ ඔබ සමඟ ද බෙදා ගැනීම තුල ගුණාත්මක අන්තර්සංවාදයක් තනා ගත හැකිය.

ඉතින් මෙවැනි ඉතා සරල කෙටි ක්‍රම උපයෝගි කරගත්තොත් ඔබට අමුත්තෙක් සමඟ හොඳ සංවාදයකට මුල පිරිය හැකිය.

සුපුනි කාරියවසම්
http://www.fastcompany.com/3060762/how-to-be-a-success-at-everything/three-scientifically-proven-steps-for-talking-with-strange

මුහුණු පොතේ අලුත් මැසෙන්ජර් -'කෙටි පණිවිඩ සේවාව' ගැන ඔයලා දැනුවත්ද ??.....



ඔයාල හැමෝම වගේ මුහුණු පොතේ මැසෙන්ජර් පාවිච්චි කරනවා ඇති . දැන් ඔන්න , මුහුණු පොතේ මැසෙන්ජර් වලින්ම කෙටි පණිවිඩත් යවන්නත් පුලුවන් වෙලා.

එය භාවිතා කිරීමට නම් ඇන්ඩ්රොයිඩ් දුරකතනවලින් Default SMS App හැටියට Facebook Messenger ක්‍රියාත්මක කරගන්න ඉන් අනතුරුව එන එස් එම් එස් පණිවිඩ Facebook Messenger මත දර්ෂණය වේවි

මැසෙන්ජර් වලට අනෙකුත් ඇප් වලින් එන පණිවිඩත් උඩින් තීරුවෙන් පෙන්වයි …හැබැයි අනෙකුත් ඒවායේ කෙටි පණිවිඩ යැවීමට නම් සම්මත- ගාස්තුම අය වෙයි .. මේ මුහුණු පොතෙන් අලුත් පණිවිඩ ක්රමයට , චැට් කරද්දි , වැයවන කෙටි පණිවිඩ ගාස්තු , සාපේක්ෂව ඉතා අඩුයි …ඒක නම් වාසියක් ! .....

මේ සේවා දැනට iPhone. වෙතින් නම් ලබා ගන්න බැහැ … මේ අලුත් කෙටිපණිවිඩ ක්‍රමයේදී ,මුහුණුපොතේ ස්ටිකර් , වීඩියෝ, හඬ ආදිය වුනත් කෙටි පණිවිඩ ලෙස යැවිය හැකියි . අලුතින් කෙටි පණිවිඩයක් යැවීමට අවශය නම් ,ඔයාගෙ මුහුණු පොතේ , යාලුවොන්ගෙ නම් ටික - දුරකතන අංක සමග ඔයාගෙ දුරකතන-ලිපින පොතන් පෙන්වයි , මේ පණිවිඩ ගබඩා වෙන්නේ , දුරකතනයේ පමණක් නිසා කලින්ට වඩා ආරක්ෂිතයි….
ඉන්දිකා 
උපුටා ගැනීමකි https://techcrunch.com/2016/06/14/facebook-messenger-texting/

දැන් පෘථිවියට චන්ද්රයන් දෙන්නයි!!!



ඔබ දැනගෙන සිටියද ?.....පෘථිවියට චන්ද්රයන් දෙදෙනකු සිටින බව ….???

 පරීක්ෂකයන් පිරිසක් විසින් මෑතකදී , හවායි දූපත් වලදී , කුඩා අලුත් චන්ද්‍රයෙක් සොයාගැනුනා…. එය පෘථිවි වටා අවිධිමත් ලෙස භ්රමනය වෙනවාලු , පෘථිවියෙ කක්ෂය හරහා ඉහළ පහළ ගමන් කරන භ්රමනය වන එම ග්රහකය ,මිනිසා හදපු එකක් නොවේ. එනිසා එය පෘථිවිය සතු තවත් දෙවැනි ‘කුඩා චන්ද්රයෙකු ” ලෙස විද්යාත්මකව හැදින්විය හැකියි. ……

මෙය අපේ පෘථිවියේ ප්‍රධාන චන්ද්රයාගෙන් ඈතට වන්නට පිහිටලා තියෙන්නේ , මේ ග්‍රහ වස්තුවත් , පෘතුවියත් අතර දුරේ වෙනස, අපේ ප්‍රධාන චන්ද්‍රයාත් පෘථිවියත් අතර දුරින් 38-100 ගුණයක් පමණලු..... නාසා ආයතනය කියන විදියට එය අඩි 120කටත් වඩා හරහට ලොකුයිලු. …..හැබැයි අඩි 300කට වඩා පළලින් අඩුයිලු .

කලින් අවුරුදු 100ක් විතර අපේ පෘථිවිය වටා භ්රමනය වෙලා තියෙන්නත් පුලුවන්ලු . ඉස්සරහටත් ඒ විදියටම , තවත් අවුරුදු 100 වට වාර ගණන් භ්රමනය වෙයිලු.

 ඉන්දිකා
 උපුටාගැනීමකි http://www.businessinsider.com/earth-has-two-moons-2016-6

‘විදුලියෙන් ධාවන වන අහස් යානාවක් නාසා අයතනය අත්හදා බලයි



ඉදිරියේදි ඉන්ධන වලින් බැහැර වු බලශක්ති සහිත ගුවන් යානා වලට යොමු වන සූදානමක් පෙනෙනවා …කලින් සූර්ය කෝෂ බලශක්ති Solar Impulse යානයක් ගැනත් අපි කතා කළා …පසුගියදා නාසා ආයතනයේ , ගෑස් වැනි ඉන්ධන භාවිතයෙන් ඈත්වු විදුලියෙන් ධාවන වන අලුත් අහස් යානා ගෙන ඒමේ සැලැස්මක් ගැනත් හෙළි කළා. ……

එය Maxwell නැතිනම් X-57 ලෙස නම් කරලා තියෙනවා ….මෙය වඩා වාසිදායකයිලු …. ප්රධාන ලෙසම ඉන්ධන භාවිතයෙන් ඈත් වීම නිසා පරිසර දූෂණය වැළැකීම, වැඩි වේගයකින් පැයට සැතපුම් 175 යුතු වීම, කලින්ට වඩා පිරිවැය අඩු වීම ආදිය වේ. මෙය විදුලි මෝටර් 14ක පද්ධතියකින් යුතුයි …

මේ අලුත් තාක්ෂණය ඉදිරියේදී විශාල වණිජ -ජෙට් යානා සඳහාත් යොදා ගනීවි . ඒත් සමග පරිසර හිතකාමී ගුවන් ගමන් වලට වැඩි ප්රවනතා ඇති අලුත් යුගයකට යොමු වනු ඇත . නාසා හි සැලැස්මට අනුව , තව අවුරුදු 4කින් මේ ව්යාපෘතිය ක්රියාවට නංවමින් , විදුලි අහස් යානා 5ක් , ගමන් අරඹමින්, වැඩි මගීන් හා වැඩි භාණ්ඩ ප්රමාණයක් , ගුවනින් රැගෙන යාම ඔවුන්ගේ අරමුණයි.

 ඉන්දිකා
 උපුටා ගැනීමකි http://edition.cnn.com/2016/06/18/aviation/nasa-electric-plane/

ආලෝක වර්ෂ බිලියන ගණනක ඈතක, විශ්වයේ ඔක්සිජන් ඇති බවට සාක්ෂි


තාරකා විද්යාඥයන් විසින් චිලි රටේ පිහිටි ALMA නමින් හදුන්වන අධි සංවේදී, රේඩියෝ දුරේක්ෂයක ඇන්ටෙනා හා පියන් 66ක් ද සම්බන්ධ පද්දතියක් මගින් විශ්වයේ ඔක්සිජන් ඇති බවට සාක්සි සොයා ඇත.

මේ ඔක්සිජන් අපට ආලෝක වර්ෂ බිලියන 13.1 තරම් ඈතක ඇති බව තිබූ බවට පැහැදිලි සලකුණු හදුනාගෙන තියෙනවා. …මේ ගැන මුලින්ම ඉගියක් ලැබුණේ 2015 ජුනි වලදී …රුපයේ කොලපාටින් පේනේන ඔක්සිජන්....ලාබාල යෝධ තරු කීපයක් විසින් අයනීකරණය කර ඇති බවත් පෙනුනා…එයින් දීප්තිමත් ආලෝකයක් පිටකෙරෙනවා …ඒ හෙලිදරවුව , විශ්වයේ මුල් ඉතිහාසයේ කලින් "ගුප්ත යයි" සැලකූ, කරුණු රැසක් ;විශ්වයේ නැවත අයනීකරණයක් ගැන තේරුම් ගැනීමට , අලුත් දොරගුලු විවෘත වෙයි…. තවදුරටත් විද්යාඥයන් ඇස්තමේන්තු කළේ , එයින් සොයාගත් ඔක්සිජන් වල සංයුතිය , සූර්යාගෙන් සොයාගත් ඔක්සිජන් සංයුතියට වඩා 10 ගුණයකින් විතර කුඩා බවයි … 

ඉන්දිකා 
උපුටාගැනීමකි http://3tags.org/article/most-distant-signs-of-oxygen-in-the-universe-detected

සතුටින් සිටීමට අවශ්‍ය ද? එය එසේ නම් සෑම දිනකම මෙම ක්‍රම 11 පිළිපදින්න....



ජීවිතයේ සතුට යනු අප සැමටම එක හා සමාන වටිනාකමකින් යුත් දෙයකි.ජීවිතයට සතුට අවශ්‍යමය.සතුටින් සිටින පුද්ගලයෙකුට ජීවිතයේ නොයෙක් දේවල් දිනා ගැනීමට ජව සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් ඉවහල් වේ.මේ පැවසීමට යන ක්‍රමෝපායන් 11 බෙල් බෙත් පෙපර් නම් හෙලෝ කේතයක් සහිත ඔබේ ජීවිතය විනිවිද දැකිය කෘතීම බුද්ධියක් වන් මෘදුකාංගයක නිර්මාතෘ වරයාය.මෙන්න ඒ ක්‍රම 11

1.වැඩිපුර සිනාසෙන්න - සිනාව අපේ සිත තුල සැහැල්ලුවක් ඇති කරයි.ධනාත්මක සිතුවිලි මත සිටින විට මෙසේ සිටීමට තවත් පහසුය.සිනාව මගින් අපට ඇති ආතතියද මඟ හරියි.

2.මිනිත්තු 7ක් ව්‍යායාම කරන්න - විශාදය වැනි මානසික ආබාධ වලින් තොර සරු දිවි පෙවෙතක් සඳහා ව්‍යායාම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි.ඔබේ මානසික ශක්තිය දියුණු කිරීමටද මෙය ඉවහල් වේ.

3.සුව නින්දක් ලබා ගන්න - සුව නින්ද මගි. ඔබේ ශරීරයට ප්‍රති ජීවයක් එකතු කල හැකිය. එය ඔබේ ශරීරය අළුත් වැඩියා කිරීමක් වැනිය. මෙමගින් ඔබේ සිරුර ප්‍රාණවත් කරයි. ඔබව නැවුම් කර සිතේ සතුට ඇති කරයි.

4.ඔබේ පවුලේ අය සහ යහළුවන් සමඟ වැඩි වේලාවක් ගත කරන්න - අපට පවුලක් සිටින විට එය අපට සතුටකි. අප යහළුවන් සමඟ සමාජ ආශ්‍රයට වැටෙන විට එයද අපට සතුටකි. හුදකලාවට සමාන්‍යයෙන් අප අකමැතිය.අපගේ පවුලේ අයගෙන් හා සමීප මිතුරන්ගේ ඇසුරට වැටෙන විට ඔවුන්ගෙන් ලැබෙන රැකවරණය හා සෙනෙහස තුල අපට එය සතුටකි.

5.හැකි සෑම විට ඒකාකාරි පරිසරයෙන් මිදි එයින් පිටත බැහැර වන්න - ඒකාකාරි පරිසරයෙන් මිදි ජීවිතයට විවේකයක් දීම අත්‍යාවශ්‍යමය ඒ තුල ඔබේ මනස තුල පීඩනය අවම කර ශරීරය සැහැල්ලු කරයි. වෙනස් පවිත්‍ර පරිසරයක ආශ්වාදය විදීම තුල ඔබේ සිතට නැවුම් බවක් හා සතුටක් එකතු කරයි.

6.මිනිසුන්ට උදව් උපකාර කරන්න - තවත් අයෙකුට උදව් කිරීම තුල අපේ ජීවිත ගුණ ධර්ම අතින් වැඩෙන අතර අනෙකුට උදව් උපකාර කිරීමෙන් ඇතිවන හිතේ සතුට මිල කල නොහැකිය.

7.නිවාඩුවක් ගත කිරීම සඳහා සැලසුම් කරන්න - මෙය සිදු කරන විට අප තුල නිරන්තර උද්දාමයක් ඇතිවේ. ඔබ හොඳ නිවාඩුවක් ගත කිරීමට සැලසීම තුලම ඔබ තුල ප්‍රීතිමත් මානසික උද්දීපනයක් ඇතිවන බව විද්‍යාව මගින් අනාවරණය කරගත් දෙයකි.

8.භාවනා කරන්න - භාවනාව මගින් අපේ මානසික ඒකග්‍රතාව හා මනස තුල පැහැදිලි ස්වභාවයක් ඇති කරයි.ඔබේ මනස හා සිත සැහැල්ලු වීම තුල සතුට ඉබේම ලඟා වේ.

9. රැකියා ස්ථානයට ලංව වාසය කරන්න - විශාල දෙනෙකු මුහුණ දෙන ප්‍රශ්නය නම් වෙහෙසකාරි මාර්ග තදබදයන්ගෙන් යුත් රැකියාවට යෑමයි. එසේ නොමැතිව ඔබ රැකියා ස්ථානය ලංව වාසය කරන විට ඇතිවන පහසුව නිසා ඔබට සැහැල්ලුවක් සතුටක් ඇතිවේ.

10.කළගුණ සැලකීම ජීවිතයේ පුරුද්දක් කරගන්න - අනෙක් අයෙගෙන් අපට ලැබෙන උපකාර කෙරෙහි කෘතන්ඟ විමත් ඒ අයට කළ ගුණ සැලකීමට පුරුදු වීම තුල ඔබේ යහ සිතුවිලි ඉබේම වර්ධනය වේ. යහ සිතුවිලි වර්ධනය වීම තුල ඔබේ ජීවිතයට ඉබේම සතුට ලඟා කරගත හැකි බව සිහි තබා ගත යුතු දෙයකි.

11.වයසින් මුහුකුරා යන්න - වයසින් මුහුකුරා යන අපට ජීවිතය පිළිබඳ ගැඹුරු මෙන්ම පුළුල් අවබෝධයක් ඇතිවේ. පටු අදහස් දුරුවේ. ජීවිතය ලෙස සුභවාදීව බැලීමට අප ඒ තුලින් නිතැතඉන්ම පුරුදු වේ.

ඒ තුල අපට සතුට නිසැකවම ලඟා කරගත හැකිය.
මේ ක්‍රමය අද සිටම ඔබේ ජීවිතය තුලට පුරුද්දක් කරගන්න බලන්න...

සුපුනි කාරියවසම්
http://www.inc.com/jeff-haden/want-to-be-happier-science-says-do-these-11-things-every-single-day.html

ශුක්රාණු තමන්ටම මැනිය හැකි උපකරණයක් ඉදිරියේදී, වෙළඳපොලට එයි!



මෑත දශකය තුල පුරුෂයන්ගේ නිසරු භාවය හෝ මද සරු භාවය ගැන ගැටලු නිතර අසන්නට ලැබෙනවා. විවාහයන් පසු දරුඵල සම්බන්ධගැටලු වලදී, හරියට නොදැන සැමියා හා බිරිඳ එකිනෙකාට චෝදනා කරගන්නවා

ඔය වගේ වෙලාවලදි මේක ඔයාලට උදව්වක් වෙයි. ඇත්තටම ගෙදරදි වුනත් පාවිච්චි කරන්න පුලුවන් , පහසුවෙන් රැගෙනයාමට හැකි මෙය ශුක්රාණු මැනිය හැකි කේන්ද්‍රාපසාරකයක් ඉතින් මෙය ගෙදර තියේනම් ශුක්රාණු පරීක්ෂාවට රසායනාගාර වලට යන්න අවශ්ය නැහැ

පාවිච්චියේදී ඔයාගේ ශුක්රාණු සාම්පලයක් කාට්රිජය තුලට දමා , ඒ කාට්රිජය ,තලයට අමුණන්න. ඒ තලයෙන් කාට්රීජය කුඩා අවර පෙත්තක් ආකාරයට කැරකෙයි …..ඒකෙන් ශුක්රාණු ඉතා කුඩා කොටස් වලට වෙන් කෙරෙනවා

ඒ විදියට වෙන් වූ ශුක්රාණු පිටතට පෙනෙන ලෙස එහි තැනකට එකතු වෙනවා. ,ඒක හරියට , උෂ්ණත්වමානයේ රසදිය පේනවා වගේ …එය උපකරණයේ ලකුණු වීමට අනුව ප්රරතිපලය (සරු භාවය ), ප්රශස්තද ?, මධ්යමද ? නැතිනම් අඩුයි ද ? යන්න ගැන දැනගත හැකියි. .ඉතින් ඒ උපකරණයත් එක්කම “ජංගම දුරකතන- ඇප් එකකුත්” ලැබෙනවා

ඒකෙන් ඔයාට වැඩිදුර ශුක්රාිණු ගණනය කිරීම්- නියමිත මට්ටම සමග සංසන්දනය කර දැන ගන්නත් පුලුවන් තවම මෙය වෙලදපොලට පැමිණ නැතිලු …… Sandstone Diagnostics සමාගමේ වෙබ් සයිට් එකෙන් ඕන අයට දැනට මේ උපකරනය වෙන්කරවගන්න ,නම් පුලුවන් !..

ඉතින් පුරුෂ සරු භාවය ගැන ගැටලු අවම කර ගැනීමට , ඔයාලත් වස විස නැති ආහාර රටාවකට හුරු වීම , එකදිගට වාඩිවී සිටීමෙන් වැළකීම , සෙලියුලර් දුරකතනභාවිතය අවම කිරීම , පහසු යට ඇදුම් ඇදීම ආදී පුරුදු වලට හුරු වීම වැදගත් !

 ඉන්දිකා
 උපුටා ගැනීමකි http://www.popsci.com/trak

විද්‍යාවට අනුව ඔබවම උද්යෝගීමත් කරන සරල හා බලවත් ක්‍රම හතක්



ව්‍යාපාරික ලෝකය තුල අපි අපවම නිරන්තරව උද්යෝගිමත් කරන අයුරු පිළිබඳ සැලකිල්ලෙන් පසුවෙමු. එපමනක් නොව අප මේ සඳහා නොයෙක් ආකාරයේ වැඩමුළුද සංවිධානය කරනු ලබන්නේ එය අපට ඒ තරමටම වැදගත් නිසා වෙන්ය.ඇත්තටම මෙය ජීවිතයට අත්‍යාවශ්‍යම කාරණාවක් නිසා මේ කරුණු හත ගැන ඉතා සරලව හඳුන්වන්නයි යන්නේ

1. සෑම විටම අරමුණක් තබා ගන්න
සෑම විටම "තම උපරිමය සිදු කරමි' යන්න සිතනවාට වඩා අරමුණක් ඔස්සේ කටයුතු කිරීම සාර්ථකත්වයට මඟ කියන්නකි.අරමුණක් ඇති විට එය ඔස්සේ වැඩ කිරීමට සිත් වෙයි. මෙය සමික්ෂන මගින් අනාවරණය කරගත් දෙයකි.

2.ඔබ ලැදි හා ප්‍රිය කරන්නේ කුමන කර්තව්‍යයක් උදෙසා දැයි සිත් යොමු කරන්න.
අප නිතරම අපට අකමැති දෙයක නියැලීමට වඩා අපේ කැමැත්ත ඇති දේ උදෙසා වැඩ කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

3.නිතරම සුභවාදීව බලන්න.
ඔබගේ මනස සුභවාදී ආකල්ප මත රඳන විට එය ඔබේ උද්යෝගය පමනක් නොව සෞඛ්‍යයද හිතකර මට්ටමකට රඳවා තබයි.එය ඔබේ අනාගතය පවා වෙනස් කිරීමට තරම් හැකියාවක් ඇති බව විද්‍යානුකූලව සොයා ගෙන ඇත.

4.ඔබ දරන ප්‍රයත්නය හා උත්සාහය පිළිබඳ අවධානය යොමු කරන්න
නිතරම ඔබේ හැකියාවන් සහ අවධානය ඔබේ අරමුණ මත රඳවා ගැනීම තුල ඔබේ අරමුණ කරා පහසුවෙන් ලඟා විය හැකි බව මතක තබා ගන්න.

5.ඔබ වැනි උද්යෝගිමත් සංකල්පනා ඇති අය සමඟ ආශ්‍රය දියුණු කරන්න..
මේ හරහා ඔබේ උද්යෝගිමත් බව කාර්යකෂම බව තවත් වැඩි වේ. මන්ද ඔබ වටාපිටාවේ ඇති අය පවා ඔබව දිරිමත් කිරීමට වෙහෙසන බැවිනි.

6.කිසි විටක අත් නොහරින්න.
සමහරක් අවස්ථාවන් හිදී අපට පළමු ප්‍රයත්නයෙන්ම සාර්ථක නොවීමට අපහසු වුවද කිසි විටක ඔබේ අරමුණ ඉලක්කය අත් නොහරින්න. එය පසුපස සාර්ථක වනතුරු හඹා යන්න..

7.ඔබ තුල ත්‍යාගශීලී බව ඇති කරගන්න...
මෙම දිරිමත් කිරීමේ වැඩමුළු විශේෂඟයෙකු වන බොබ් නෙල්සන්ට අනුව 'ඔබ දුන් තරමට ඔබට ලැබේ " යන්න පසක් කරයි.

සරල ව්‍යවහාරයෙන් අප මෙය භාවිතා කලතොත් වැපිරු තරමට අස්වැන්න ලැබේ.
ඔබ මෙම ක්‍රම 7 තුල ඔබේ අරමුණ කරා යොමුවන අයෙකු නම් නිසැකවම ඔබ ජයග්‍රහණය කරනු ඇත.

සුපුනි කාරියවසම්
http://www.inc.com/peter-economy/7-simple-and-powerful-ways-to-motivate-yourself-according-to-science.html

අමුතුම තාලේ ,අලුතින් පැමිණෙන Runcible ජංගම දුරකතනය



ඔන්න දැන් තියෙන ජංගම දුරකතන එපා වූණු කට්ටියට කියාපු ජ්ංගම දුරකතනයක් අලුතින් ලගදීම වෙළෙඳපොලට එයි මෙය පරීක්ෂණාත්මක අලුත් තාලේ ජංගම දුරකතනයක් කැලිෆෝනියාවන්, තමයි මුලුන්ම පැමිණෙන්නේ

එය හුරුබුහුටියි අපේ අල්ලක තරම් ප්රමාණයෙන් යුතුයි එය ඇත්තටම දුරකතනයකට වඩා සාක්කු-ඔරලෝසුවක් වගෙයි එක පැත්තක් වටකුරුයි තිරය අගල් 2.6ක් තරම් අනෙත් වක්රයෙන් තමයි ,කැමරාවට විවරව ඇත්තේ

සාමාන්ය ජංගම දුරකතනයකින් මෙය වෙනස් වන විශේෂම අංගයක් තමයි , මෙය “නිෂ්ශබ්ද ජංගම දුරකතනයක්” වීම ඒ නිසා ඔයාට විවේකයකදි හෝ නිස්කලංකව ඉන්න කැමති වෙලාවකදි, වුනත් , ඇමතුම්/කෙටි පණිවිඩ ශබ්දය නිසා වන හිරිහැර මේකෙන් නම් වැළකෙනවා

මෙය හදලා තියෙන්නේ බේර ගත් මුහුදුප්ලාස්ටික් වලින් හෝ madrone කියන ශාඛයේ ලීයෙන්. මේක නිෂ්පාදණය crowdfunding ක්‍රමයට තමයි කරගෙණ යන්නේග ඒකියන්නේ  ඔනම අයකුට අන්තර්ජාලය තුලින් ආෙයෝජනය කරන්න පුලුවන් ක්‍රමයක්.  

ඉතින් මෙහි ලීයෙන් සෑදූ එකක් නම් රු 72,000 විතර මිලයි. මුහුදුප්ලාස්ටික් වලින් සැදූ එකක් නම් රු 58,000 ක් තරම් මිලයි මේ ප්ලාස්ටික් සාමාන්ය ප්‍රතිචක්‍රිකරණය කල ප්ලාස්ටික් වලට වඩා වෙනස් මෙහි මෘදුකාංග හා දෘඪාංග මූලාශ්රයන් විවෘතයි, ඒක නිසා වෙනස් කරන්නත් පුලුවන් WiFi,බ්ලූටෝත් , 7-megapixel කැමරාව , සමග ගබඩා-ධාරිතාව 8 GB තියෙනවා

මෙහි මෙහෙයුම් පද්ධතියත් BuniOS (ඇන්ඩ්‍රොයිඩ් ආස්‍රිත) නිර්මාණය කරලා තියෙන්නේ . එහි අයිතිකාර මොනෝම් සමාගමෙන්මයි. මෙහි සිතියම් වගේ App එක්කමවැඩ කිරීමේ හැකියාවත් තියෙනවා ඉතින් මෙය හදුන්වා දීල තියෙන්නේ “ප්‍රති-ජංගම දුරකතනයක්” ලෙසයි

මිලෙන් වැඩි වුණාට, එහි සිත්ගන්නා සුලු බව හා ඕනෑම අවස්තාවකට යොදාගත හැකි වීම ආදී , කරුණු නිසා විශේෂ වේවි !
 ඉන්දිකා 
උපුටා ගැනීමකි http://money.cnn.com/2016/06/15/technology/runcible-phone/

ප්ලුටොගේ නවතම ඡායාරූප විද්‍යාඟයින්ගේ සිත් පැහැරගෙනලු.................



සැතපුම් මිලියන 250කට අධික දුරකින් ඇති අභ්‍යවකාශ යානයක් මගින් ගෙන ඇති ප්ලුටෝ ග්‍රහයාගේ ඡායාරූප සැබැවින්ම විස්මිතය, මෙම ඡායාරූප මෑතකදී නාසා ආයතනය මගින් හෙලි කල අතර මෙම ප්ලුටෝ ග්‍රහයා මත ඇති නොයෙක් භූ විෂමතාවයෙන් යුත් ඡායාරූප ඇත්තටම ඉතා අලංකාරය.මෙය විද්‍යාඟයින් අපේක්ෂා කල තත්වයට වඩා වැඩි භූ විෂමතාවයන්ගෙන් යුක්තය.මෙම ග්‍රහයාගේ දකුණු පස කොටසේ තියුණු දාරයකින් වෙන්වු මෘදු මතු පිටක් ඇති අයිස් තරල දැකගත හැකිය.එමෙන්ම තවත් කොටසක් රළු මතුපිටක් හා කඳු සහිත ස්වරූපයෙන් දිස්වෙන බව පෙනේ.කේම්බ්‍රිජ් ග්‍රහ ලෝක හා තාරකා මහාචාර්ය වරයෙක් වන රිචඩ් බින්සාල් පවසන්නේමෙවැනි තියුණු දාරයක් සහිතව මතුපිට වෙනස් භූ ලක්ෂන පිහිටීම පිළිබඳ තවමත් අවබෝධ කරගත නොහැකි බවයි.

මෙවැනි ඡායාරූප නිසා තවදුරටත් මෙය සිතල උදාසීන ග්‍රහයෙක් ලෙස නොසැලකිය හැකි බවද මොහු පවසයි.එමෙන්ම තවමත් ප්ලුටෝ ග්‍රහයා ජීවත් වන බවත් කඳු සහිත පෙදෙස් වසර බිලියනයකට ඉහත දී ඇති වු ඒවා බවටත් විශ්වාස කරන අතර මෙවැනි කුඩා ග්‍රහ ලෝක තුල සිතා ගත නොහැකි සිද්ධි දාමයන් ඇති බවට හොඳම සාක්ෂි මෙම ඡායාරූප බවත් මෙම මෙහෙයුමේ පුරෝගාමියෙකු වන විද්‍යාඟ ආචාර්ය ඇලන් ස්ටර්න් පවසන අතර මෙම මෘදු අයිස් තලය මැතකාලිනව හටගත් ඒවා බවට විශ්වාස කරයි.එමෙන්ම මෙම රූප රාමු තුල ඇති වර්ණද ඉතා සිත් ගන්නේ අළු පාට වටපිටාවක් මත තැනින් තැන නිර්මානය වු රතු පැහැති පෙදෙස්ද දක්නට ඇති බැවිනි.

මෙම රතු පැහැති දේ අන්තරික්ෂය තුල ඇති කුඩා අංශූ බවට අනුමාන කරන අතර මෙය තැනින් තැන පිහිටා තිබීම තවමත් අභිරහසක්ය.ඛාදනය වීම් මත ඇතිවුවක් යැයි සිටිය හැකි වුවද නිශ්චිත නිගමනයක් නොමැත.2015දී සැතපුම් 21000කට පමන ඈතින් ගත් නවතම විවිධාකාර ඡායාරූප වල මොසැයික හැඩයක් ඇති බවට තහවුරු වේ.ඉදිරියේදී තවත් මෙවැනි නවතම තොරතුරු සහිත ප්ලුටෝගේ ඡායාරූප මෙම නව අභ්‍යවකාශ මෙහෙයුමෙන් දියත් වන බවද ස්ටර්න් පැවසීය.මෙය විද්‍යාඟයින් අතර නව පුනරුදයක් ඇති කිරීමට සමත් වන බව ද විශ්වාසයය.මෙම දියුණු තත්වයේ තාක්ෂනය මගින් ප්ලුටෝ ග්‍රහයාගේ සැඟවුනු තොරතුරු බොහොමයක් ඉදිරි කාලයන් තුලදි අනාවරණය කරගැනීමට හැකි බව නම් සත්‍යය.

සුපුනි කාරියවසම්
http://www.csmonitor.com/Science/2016/0613/Newest-photo-of-Pluto-stuns-scientists

සමලිංගික පිරිමින්ගේ ලේ දන් දීම් පිළිබඳ විද්‍යාව පවසන්නේ මොකක්ද?



ඉකුත් ඉරු දින ඔර්ලැන්ඩෝ හි සමලිංගිකයන් සිටින රාත්‍රි සමාජ ශාලාවකට ගොඩ වැදුණු මිනිසෙක් ඇතිකල දරුණු වෙඩි තැබීම් නිසා 50 දෙනෙකුට අධික ප්‍රමානයක් මරු කැඳවා විශාල ප්‍රමානයකට තුවාල සිදුවි ඇත.මෙය සත්‍ය වශයෙන්ම සිදුවු ඉතා දරුණු ක්‍රියාවකි.නොයෙක් සංවිධාන මගින් කුමන ආකාරයෙන් මෙම විපතට පත් වු අයට පිහිට වීමට ඉදිරිපත් වුවත් සමලිංගිකයන්ට හා ද්වි ලිංගිකයන්ට ලේ දන් දීමේ මහා කර්ත්ව්‍යයට එකතු වීම තහනම් කර ඇත.මෙම වෙඩි තැබීමත් සමඟ මේ පිළිබඳ නොයෙක් ආකාරයේ මතවාද හා විවාද මතුව ඇත.සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ට මෙම ලේ දන්දීම ජීවිත කාලයටම තහනම් කරනු ලැබුවේ 1983 දීය.

නමුත් ඉකුත් වසරේ සිට මෙම තහනම යම් පමනක (එනම් වසරක ) පහත හෙලීමකට ලක්ව ඇත.එමෙන්ම මෙහි ඇති තහනම පිළිබඳ නොයෙක් විවාද මතවාද එල්ල වන අතර මෙම තහනම හා නූතන විද්‍යාව අතර කිසිඳු පදනමක් නැති බවත් මෙවැනි දේ පිළිබඳ ඇති බියත් අපකිර්තියත් මෙම තහනම් වලට බලපා ඇති බව සමහරුන්ගේ මතයයි.ඔබද මෙය සිතා බැලුවොත් මෙහි විද්‍යාත්මක පදනම් ඇත්ද යන්න ඔබටත් මතුවන කරුණක් බව විශ්වාසය.ඇත්තෙන්ම මෙහි විද්‍යාත්මක පදනමකට වඩා මතු වන්නේ මෙවැනි සමාජ කොට්ඨාශයන් තුල අප තුල ඇති පිළිකුල් සහගත හැඟිම සහ බියය.මෙම තහනම ස්ථාපිත කිරීමට හේතුව වන්නේ ලේ දන්දීම තුලින් ඇතිවන එච්.අයි.වි අසාධන මැඩ පැවැත්වීමයි. නමුත් මෙම සෑම සමලිංගිකයෙකුම එච්.අයි. වි අසාදිතයෙක්ද? මොවුන් පමනක් නොව විශල ලෙස මත් කුඩු භාවිතා කරන්නගෙන්ද ලේ පරිත්‍යාග භාර නොගනි. සමාන්‍යයෙන් මෙවැන්නන් අතර එච්.අයි.වි. අසාධිත තත්වය බහුලව පවති. එමෙන්ම සමලිංගිකයන් අතර එච්.අයි.වි ආසාධන පැතිරිමේ සිඝ්‍රතාව වැඩි බව පිලිගත්තද මෑතකදී කල සමීක්ෂනයකින් 18%ක පමන එච්.අයි.වි අසාධිතයින් සමලිංගිකයන් වන අතර එය මුළු ජනගහනයෙන් ගත් කල 1%ක් තරම් කුඩා ප්‍රතිශතයක් ගනී.නමුත් සමලිංගිකයන්ගෙන් පමනක් එච්.අයි.වි අසාධන වීම් සිදුවේ යැයි සැලකිය නොහැකිය.

එමෙන්ම එක් වසරකට පමනක් මෙම තහනම ඉවත් කිරීමේ කිසිඳු පදනමක් නැතැයි මේ පිළිබඳ පුළුල්ව අධ්‍යනය කරන විශේෂඟයින් පවසයි. මක් නිසාද වසර කාලයක් ඇතුලත මෙම අසධිත ප්‍රවනතාවේ වෙනසක් සිදු නොවීමයි. අනෙක් අතට මෙම සැම ලේ පරිත්‍යාගයක්ම වඩා පුළුල් පරික්ෂනයන්ට නතු කරමින් හැකි තාක් හොඳ සෞඛ්‍යය සේවාවක් ලබා දීම ද සිදු කරයි. මෙහි අධ්‍යනය කරන්නන් ප්‍රකාශ කරන්නේ ඇමරිකාව තුල සිටින ජනගහනයෙන් විශාල ප්‍රමානයක් තමන් එච්.අයි.වී ආසාධිත දැයි දන්නා බවය. එම නිසා එවැනි දැනුවත් අය ලේ දන් දීම සිදු නොකල යුතුය යන්න ඔවුන් අවධාරණය කරයි.එමෙන්ම වසරක කාලයකට මෙම සමලිංගික ලේ දන් දීමේ තහනම පහත හෙලීම කිසි විද්‍යානු කූල පදනමකට අයිති නොවන බවත් භාවිත කරමින් තිබු රිත් පද්ධතිය සධාරණ බවත් එච්.අයි.වි පර්යේශන සමික්ෂකයෙකු වන වෛද්‍ය පෝල්ගේ අදහසයි.කෙසේ වුවද මේ අළුතින් ගොඩ නැගි වසරක තහනම පහත හෙළීම පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත හැඟිමකි.

සුපුනි කාරියවසම්

http://motherboard.vice.com/read/what-science-says-about-gay-men-donating-blood-orlando-shooting-lgbt

පරිසර දුෂණය අඩුකරන්න C02 පොලව යටට විදින අලුත් ක්‍රමයක්



අයිස්ලන්තයේ පරීක්ෂක පිරිසක් , හරිතාගාර කාබන්ඩයොක්සයිඩ් වායුව CO2 ගැඹුරු භූගත පාෂාණවලට (ගිණි කඳු ආශ්රිත ) එන්නත් කර , සිදුවන වෙනස්කමින් , කාබනේට ඛණිජ ලබාගත හැකි සාර්ථක ක්රමයක් සොයාගෙන තියෙනවා ……මීට කලිනුත් මේ විදියේ CO2 ගබඩාකර තබාගැනීමේ උත්සාහයන් වාර්තා වුණත් (CCS- carbon capturing and Storage )….ඒවයේ ඇස්තමේන්තු මිල ගණන් වැඩි වීම , තාක්ෂණික ගැටලු තිබුනා , ඒ විත්රක් නෙවෙයි , මේ විදියට CO2 ලබාගැනීමේදී ,එන්නත් කිරීමෙන් පාෂාණයේ ස්ථරයේ සිදුරුවීමකින් , නැවත CO2 වායුගෝලයට නිදහස් වේද ? කියලත් අවදානමක බියකුත් තිබුණා …

දැන් ඔවුන් යොදාගන්න බැසොල්ට් පාෂාණය වැලි ගල් වගේ නෙවෙයි , එහි අඩ්ංගු ලෝහ , පහසුවෙන් හා වේගවත්ව , කාබනේට් සාදනවා (කැල්සයිට් ආදී ) ඉතින් මේ ව්යාපෘතිය “CarbFix” කියලා නම් කරලා තියෙන්නේ . මේ ව්යාපෘතියේ කැනිම් කටයුතු සම්පූර්ණ කිරීමට අවුරුදු කීපයක් යයිලු …..මෙහිදී කාබන් භූගත ජලයේ දියකරන , (95% ත් වැඩි එන්නත් කළ කාබන් ) ක්රියාවලිය පුදුම තරම් වේගවත්ලු ., ඒ නිසා ඉක්මනින් ප්රතික්රියා වී කැල්සයිට් හෝ අනෙකුත් කාබනේට් ඛණිජ වලට පරිවර්තනය වෙනවා ….මේ වේගවත් ක්රියාවලිය නිසාම අලුත් ක්රමයේදී , ඒ නැවත පාෂාණයෙන් /සිදුරෙන් CO2 වායුගෝලයට නිදහස් වීමේ අවදානම අඩුයි. …කොලොම්බියා හා වොශින්ටනයේත් බැසෝල්ට් ගල් ආශ්රිත ප්රදේශ වල මේ වගේ ව්යාපෘති කෙරෙන්වලු …..කොහොමවුණත් මේ ව්යාපෘතියේ ලොකුම ගැටලුව නම් , බැසෝල්ට් පාෂාණ වලට පිරිවැය වැඩි වීමයි , ඒක නිසාම සමාගම් වලිනුත් මේකට අනුග්රහ ලැබීම ටිකක් අඩුයිලු ….හැබැයි ඉතින් ශාඛ වලින් නොමිලේ ලබා ගන්න පුලුවන් CO2 වලට නම් මිලක් නැහැ …ඒක වාසියක් …….ඒ වගේම ගෝලීය වශයෙන් , පරිසරයේ CO2 ඉහල යාමේ ගැටලුවටත් මේ ක්රමයෙන් සුබවාදී විකල්පයක් ලැබෙයි …..ඉතින් කොහොමහරි මෙය වැඩි දියුණුව, වානිජ ලෙස ව්යප්ත කිරීමට ලැබෙයි කියලත් ඔවුන්ගේත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

ඉන්දිකා
උපුටා ගැනීමකි
http://www.sciencemag.org/news/2016/06/underground-injections-turn-carbon-dioxide-stone

කලින් වගේ කරදරයක් නැතුව පාවිචිචිය පහසු වුණු - "අලුත්ම ඇපල් ඔරලෝසුව" …!!!



ඇපල් අත් ඔරලෝසුව (Apple watch ) කලින්හදුන්වලා දීලා තිබුනට ,ඒ ඇපල් ඔරලෝසුව පවිච්චි කිරීමට නම්, ජංගම දුරකතනයත් අවශ්ය වුණා ………ඉතින් යන යන තැන මේ දෙකම අරන් යන එක කරදරයක් නිසා , මේ හේතුවෙන් ඇපල් ඔරලෝසුව පාවිච්චියට ගොඩක් අය කම්මැලි වුනා.

…….ඔන්න දැන් ඒකට හොද විසදුමක් ඇපල් සමාගමේ මේ අලුත් පහසු ඇපල් ඔරලෝසුවෙන් ලැබෙයි. …..ඔයා යන ඕනම තැනකට , ජංගම දුරකතන නැතිව වුනත් මේ ඔරලෝසුව පලදන් යන්නත් පාවිච්චි කරන්නත් පුලුවන්. …ව්‍යායාම් කිරීමකදී හෝ වෙනත් ක්රීඩා කිරීමකදී වුනත් ජංගම දුරකතන හෝ iPod මලු වල, සාක්කුවල දාගෙන ගිහින් කරදර වුණ කාලෙ ඉවරයි ……..

මේ ඇපල් ඔරලෝසු පලදනාව අලුත් SOS අංගයන්ගෙන් සමන්විතයි……අලුත් Watch OS 3 කියන මෙහෙයුම් පද්ධතියකින් සමන්විතයි. ……තවත් යාවත්කාලීන කළ කොටසක් තමයි , හදිසියකදී 911 ස්වයංක්රීකයව තත්පර 3න් ඇමතීමට/ හදිසි ඇමතු ලැයිස්තුවේ (Emergency contact list)සිටි අයට පහසුවෙන් දැන්විය හැකි hold බොත්තමක් එහි පැත්තකින් තිබීම ….ඒ වගේම වැරදීමකින් හරි හදිසියේ මේ බොත්තම එබුනොත් , ඒක අහෝසි කරන්නත් ත්ත්පර 10ක් දී තියෙනවා….ඇමතුම සම්පූර්ණකිරීමෙන් , පසු ඔබ සිටින තැන හදිසි ඇමතු ලැයිස්තුවේ (Emergency contact list) අයට යැවේවි (එයාට iMessage තිබුණත් නැතත් )

මේක ගොඩක්ම ප්රයෝජනවත් වෙන්නේ ව්‍යායාම් හෝ ක්රී්ඩාකරන අතරතුරේදීම පහසුවෙන්, මේ ඇමතුම් /දුරකතන කෙටි පණිවිඩ පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබීම හේතුවෙන් …ඉතින් ඇපල් ඔරලෝසුව කලින් මෝස්තරේට විතරක් පැලදුව අයටත් ඔන්න දැන් කරදරයක් නැතුව මේ අලුත් ඇපල් ඔරලෝසුවෙන් එකටම ජංගම දුරකතනයක පහසුකමත් ලැබෙයි.
ඉන්දිකා

උපුටා ගැනීමකි
http://www.businessinsider.com/apple-os-3-feature-makes-exercise-safer-2016-6

වෙබ් අඩවි 1100කින් මුර පද මිලියන 45ක් හොරකම් කරපු පරිඝනක දත්ත සොරුන් ගැනයි මේ කියන්න යන්නේ.....



මෙසේ මිලියන 45 කට වැඩි පරිඝනක ගිනුම් ප්‍රමානයක මුර පද සොරා ගන්න දත්ත හොරුන්ට පුළුවන් වෙලා තියනවා. මෙහෙම මුර පද අරගෙන තියෙන්නේ විශේෂයෙන් කාරයන් ,ක්‍රීඩා හා තාක්ෂන යට සම්බන්ධ වෙබ් අඩවි 1100කින් මෙම දත්ත කාන්දු වීමේ මූල්‍ය ප්‍රභවය පිළිබඳ මෑතකදි බ්ලෝග් සටහනක සඳහන් වී තිබුනා.මෙම දත්ත කාන්දු වෙබ් අඩවි ක්‍රියා කොට තිබෙන්නේ සිරස් විෂය පථයක ය.මෙලෙස දත්ත කාන්දු වී ඇත්තේ මහා පරිමානයෙන් සිදු කරන කමියුනිටි වෙබ් අඩවි තුලය.

මෙම දත්ත සොරකම් සිදුවි ඇත්තේ 2016 පෙබරවාරි මාසයේය.මෙසේ දත්ත සොරාගත් වෙබ් අඩවි අතරින් ලින්ක්ඩින් වල සහ මයි ස්පෙස් වල අඩංගු වැඩි අවධානයක් හා ප්‍රසිද්ධියක් ඇති පරිඝනක ගිණුම්ද මෙයට ඇතුලත්ය.ඔබත් මෙම දත්ත සොරා ගැනීමට නිසා පිඩාවට පත් වන අයෙක් නම් වහාම ඔබගේ මුර පදය වෙනස් කරන්න.මෙයට තවත් එක් හේතුවක් වන්නේ ඉතා සරල ක්‍රමයේ මුර පද භාවිතයයි.

123456 යන මුර පදය මේ අතරින් අංක 1ස්ථානයේ පවතින අතර 2 වන ස්ථානය ලෙස18atcskd2w ද තෙවන ස්ථානය ලෙස "පාස්වර්ඩ්" යන්නද භාවිතා කිරීමයි.මෙම දෙවැනි ස්ථානය ලබාගත් මුර පදය 91,000ක පිරිසක් භාවිතා කොට ඇති බව අනාවරණය වීය. මෙවැනි නොසැලකිලිමත් හේතූන් මත දත්ත හොරුන්ට ඔවුන්ගේ කාර්යය තවත් පහසු වී ඇත.
සූපුනි කාරියවසම්
http://time.com/money/4369098/hackers-steal-45-million-passwords/

වර්ගවාදය ඇවිස්සෙන විචාරත්මක ප්‍රකාශන නිසා ෆේස්බුක් එකට සිතාසි නිකුත් කරලා.......



මෙම වර්ගවාදි ප්‍රකාශන ෆේස්බුක් හි පළකිරීමට ලක්ව ඇත්තේ ක්වින්ස්ලන්ඩ් සරසවියේ සිසුන් තිදෙනෙක්..මේ හේතුවෙන් ඩබ්ලින් වල පිහිටා තිබෙන ෆේස්බුක් අන්තර්ජාතික මූල මධ්‍යස්ථානයට සිතාසි නිකුත් කරලා.

මෙසේ සිදුකර ඇත්තේ ෆෙඩරල් මාණ්ඩලික අධිකරණ විනිසුරුවරයෙක් වන මයිකල් ජැරෙට් විසින්. ඔහු මෙම සිතාසිය නිකුත් කර ඇත්තේ අන්තර්ජාතික තැපැල් ගාස්තු ලෙස රුපියල් 16277.52 ක මුදලක්ද ගෙවිමට අණ කරමින්.කලුම් ත්වෙයිට්ස්, ඇලෙක්ස් වුඩ් සහ ජැක්සන් පවේල් යන අය විසින් මෙම වර්ගවාදි ප්‍රකාශන නිකුත් කර ඇති නමුත් කලුම් ත්වෙයිට්ස් තමන් එසේ නොකල බව පවසයි.

එසේ පවසන ඔහු බොරු ෆේස් බුක් ගිණුම් ඔස්සේ පෙනි සිටී.අනෙක් දෙදෙනාද තමන් පල කර ප්‍රකාශන වර්ගවාදි ප්‍රකාශන නොවන බව පවසා චෝදනාව ප්‍රතික්ෂේප කරයි. මේ හේතුවෙන් සිසුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගද ගැනිමට සරසවි පරිපාලන නිළධාරීන් කටයුතු කර ඇත.මෙම ගිණුම් හිමියන් පිළිබඳ තොරතුරු දක්වන ලෙසා ඉහළ අධිකරණ නියෝග මගින් ෆේස්බුක් වෙත දන්වා ඇත.

 සුපුනි කාරියවසම් https://www.theguardian.com/technology/2016/jun/14/facebook-to-be-subpoenaed-in-queensland-racial-discrimination-case

ඇස් නොපෙනෙන මිනිසුන්ටත් නිල් චිත්‍රපට බලන්න පුලුවන් අලුත්ම ක්‍රමයක්



ඇස් නොපෙනෙන මිනිසුන්ටත් නිල් චිත්‍රපට විඩීයෝ හි අත්දැකිම ලබා දෙන්න ඒවා නිකුත් කරන වෙබ් අඩවි නව මාධ්‍යක් හඳුන්වා දීලා........

ඔවුන් ඉදිරිපත් කරන සෑම විඩීයෝවක්ම සෑම කෙනෙකුටම භාවිත කිරීමේ අපේක්ෂාවෙන් දියත් කල වැඩසටහනක් විදියට තමයි මේ ක්‍රමය ඔවුන් හඳුන්වන්නේ. ඇස් නොපෙනෙන අඳ මිනිසුන්ට හඳුන්වා දී ඇති මේ කාමෝද්දීපන විඩීයෝ නමින් "විස්තරාත්මක විඩීයෝ" වශයෙන් නම් කර තිබෙනවා.

මෙහිදි සිදුවන්නේ කාමෝද්දීපන වීඩියෝයෙහි සිදුවන සිදුවීම් එකක් නෑර විස්තරාත්මකව විග්‍රහ කිරීමයි. මෙහි ඇති නිරූපන ශිල්පීන් ඔවුන් කරන කියන දෑ මෙය සිදුවන ආකාරය ද මොවුන් මෙහි සවිස්තරාත්මකව ගෙනහැර පානවා. මෙම විඩීයෝවේ සැබෑ හඬ පටයද ඉතා සියුම් ව විස්තරයට පහලින් ඇසෙන ලෙස සකස් කොට තිබෙනවා.

මෙම ක්‍රමය ඔස්සේ ඔවුන් මිනිසුන් වැඩි වශයෙන් නැරඹු නිල් දර්ශන සහිත විඩීයෝ 50 ක් සහිතව මේ ක්‍රමය ඔවුන් හඳුන්වා දී තිබෙනවා.මේ සඳහා වෘත්තීමය හඬ කැවිම් ශිල්පීන් යොදා තිබෙනවා.ඔවුන්ගේ ප්‍රයත්නය මේ මාධ්‍ය ඔස්සේ වැඩි ආකර්ශනයක් ලබා ගැනීමටයි. කෙසේ වුවද සදාචාරාත්මක සංස්කෘතික පරිහානය වේගවත් වීමක්ද මෙයින් සිදුවේ.

සුපුනි කාරියවසම්
http://money.cnn.com/2016/06/15/technology/pornhub-visually-impaired/

කුඩා ව්යාපාරික වීඩියෝ දැන්වීම්කරණය පහසු කරන -YouTube Director Mobile App !!


YouTube දැන් ජංගම දුරකතනයෙන්ම ,වීඩියෝ දැන්වීම් දාන්න පහසු අංග කට්ටලයක් අලුතින් එකතු කරලා. ….විශේෂයෙන්ම, දැන් ඔයාලගෙ කුඩා ව්යාපාර වල දැන්වීම් ප්රචාරණයට , එය උපකාර කර ගත හැකියි … , මේ අලුත් අංග නම් කර තියෙන්නේ YouTube Director කියලයි .

ඔයා ස්වයං රැකියාවක් හෝ කුඩා ව්යාපාරයක් කරනවා නම් දැන්වීම් ආයතන වලට ගිහින් , කාලය හා වැඩි මුදලක් වැය කරනවට වඩා.. ඔයාටම පුලුවන් පහසුවෙන් , තමන්ගේ නිෂ්පාදනයන් අලෙවිකරණ දැන්වීම් ඕන හැටියකට හදාගන්න. , ඔයාගෙම වීඩියෝ එකක් අරන් , පහසුවෙන් සංස්කරණයකරලා , YouTube ඔස්සේ අන්තර්ජාලයට ඇතුලත් කළ හැකියි. …ඒක හරිම පහසුයි , වීඩියෝ ස්ංස්කරණ දැන්වීම් ගැන වැඩි දැනුමක් නැති කෙනෙක්ට වුනත් මෙය පහසුවෙන් භාවිත් කළ හැකි වීම විශේෂයි ……

මේ අලුත් අංග සමග YouTube Director mobile app එකත් තියෙන නිසා කෙළින්ම ජංගම දුරකතනය භාවිතයෙන් වුණත් , මේ වැඩේ කරගන්න පුලුවන් . මෙයින් සුලු ව්යාපාරිකයන්ට නිෂ්පාදනයන්ගේ අලෙවිය පහසුවෙන් වර්ධනය කරගත හැකි අතරේ , අන්තර්ජාලය හෝ YouTube ඔස්සේ එය පාරිභෝගිකයන්ට හදුනාගැනීමට , හා මතක තබා ගැනීමටත් පහසු ක්රමයක් වෙයි. .!!

ඉන්දිකා

උපුටා ගැනීමකි

techcrunch.com/2016/06/15/youtube-launches-director/

හිතුමතේට ගන්න ප්රතිජීවක ඖෂධ වල (Antibiotic) අතුරු ප්රතිවිපාක වලින් ළදරුවන්ටත් බලපෑම් !!



ඔයාලට මතකද? අපි කලින් කතා කළා , ප්රතිජීවක ඖෂධ (Antibiotic) ප්රතිකාර මගින් (නිසි වෛද්ය නිර්දේශ නැතිව ගන්නා ) අපේ ශරීරයේ , සිටින හිතකර හා අහිතකර ක්ෂුද්ර ජීවීන් යන දෙවර්ගයම විනාශවෙන්න පුලුවන් බවත් , ඉන් නොහිතපු ආකාරයේ අතුරු ප්රතිවිපාක අපේ ප්රතිශක්තිකරණ පද්ධතියට ලැබෙන බව

…..ඒ ගැන තව දුරටත් , මවුවරු හා උපතේ සිට අවුරුදු 2 හෝ 3 දක්වා වයස් වල දරුවන්ගේ ඒ හා සම්බන්ධ දත්තයන් ඇසුරින් කළ පරීක්ෂණ මගින් ඔප්පු වුණේ , ප්රතිජීවක ඖෂධවල මේ අහිතකර බලපෑම්, ළදරුවන්ටත් , එල්ල වන බවයි ….මවු කුස තුලදී සිටම කුඩා දරුවන් (මවුකිරි දීම ආදිය මගින් ) ක්ෂුද්ර ජීවීන් ගහනයන් ළමයගේ සෞඛ්යයට, බලපෑමක් ඇති කරනවා ….ඒ ක්ෂුද්ර ජීවීන් හරියාකාරව සිටී නම් ,හොඳ ප්රතිශක්තියක් , රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ළමයට ලැබෙනවා …...අහිතකර බලපෑම් නිසා රෝග වලට ඔරොත්තු දීමේ ශක්ති අඩු කරන අතර , පසුකාලීනව ප්රතිජීවක ඖෂධ වලටත් ඔරොත්තුදීමේ හැකියාවැති අහිතකර (ඖෂධ ප්රතිරෝධක )ක්ෂුද්ර ජීවීන් වැඩේ, එවිට රෝගයක් සුව වීම නිසි ලෙස සිදුනොවේ.. .

…හැබැයි ළමුන්ට සමහර හානිකර බැක්ටීරියා නිසා ඇතිවන අජීර්ණ වැනි රෝග වලදී , ප්රතිජීවක ඖෂධ වලින් සහනයක් ලැබෙනවා , එවැනි තත්වයක් නම් ,එය හදුනා ගැනීමට වෛද්ය පරීක්ෂණයක් අත්යවශ්යයි ….. ,ඒත් හිතුමතේට ඔයා කනේ ආසාදනය හෝ හෙම්බිරිස්සාවක් වැනි වෛරස රෝගයකට මෙවැනි ඖෂධ ගැනීමෙන් හිතකර ක්ෂුද්ර ජීවී ගහනයත් විනාශවී අයහපතක් වෙන්නේ …..එනිසා හැමදෙනාම මතක තබාගතයුත්තේ …වෛද්ය -නිර්දේශය මත පමණක් , ඒවා භාවිත කළ යුතු බවයි.

ඒ උපදේශය රෝගී වූ විට ප්ර්තිජීවක ඖෂධ පෙති භාවිතයන්හිදී පමණක් නොවේ , ප්රති-බැක්ටීරියා සබන් හෝ දියර වර්ග භාවිතයටත් පොදුයි !

ඉන්දිකා

උපුටා ගැනීමකි

http://qz.com/707688/scientists-have-found-evidence-that-antibiotics-may-have-unintended-effects-on-babies/

පුරුෂයාට වඩා ස්ත්රීය, වැඩිකල් ජීවත්වීමේ රහසට විද්යාත්මක හේතු මොනවද ??...



මිනිසාගේ මෙන්ම ඕනැම ජීවියෙකුගේ ආයු කාලයට , විවිධ අභ්යන්තර හා බාහිර හේතු බලපානවා.. ආහාර පුරුදු රටා , පාරිසරික සාධක ආදී ලෙස……..සාමාන්යයෙන් පිරිමියාට වඩා ගැහැනිය වැඩි කල් ජීවත් වෙන බවට මතයක් තියෙනවා .

නමුත් එසේ වීමට විද්යාත්මක ලෙස මොනවගේ කරුණු බලපාවිද ?? කියලා සෙවීමට සිදුකල පරීක්ෂණ වලින් ස්ත්රීීන්ගේ ආයුෂ, පුරුෂයන්ට වඩා වැඩි බව තහවුරු වූ අතර ඔවුන් ඊට බලපෑ හැකි ජීව විද්යාත්මක හේතු කීපයක් දක්වලත් තිබුනා….ඒ ජීව විද්යාත්මක කරුණු විස්තර කිරීම් ටිකක් සංකීර්ණයි ….සරලව කීවොත් ඊට ස්ත්රී/පුරුෂ හෝර්මෝන වල වෙනසේ බලපෑමත් අදාළයි. …

මව් කුස තුල සිට දී සිටම මේ බලපෑම ඇති විය හැකියි , ඒ වගේම මෙයට ස්ත්රී හා පුරුෂ ප්රතිශක්තිකරණ පද්ධතිවල වෙනස්කමුත් බලපෑමක් ඇති කරනවා , ඔක්සිකාර ආතතියට සම්බන්ධ ප්රතිචාර ,මයිටොකොන්ඩ්‍රියම් වල යෝග්යතා වල වෙනස්කම් ,වර්ණදේහ වල බලපෑම් (පිරිමින්ට වර්ණ දේහ X හා Y ලෙස ද , ගැහැනුන්ට X වර්ණ දේහ 2ක් ද ලෙස ඇති වෙනස ) ආදි හේතු බලපාන බව කියැවිණි…

හැබැයි වැඩිකල් ආයුෂ තිබුණට ,මේකෙන් ස්ත්රීින්ට පොඩි අවාසියකුත් තියෙනවා . පිරිමින්ගේ ශක්තිමත්/වෙර සම්පන්නභාවය වැඩි කල් පවතින අතරේ , ගැහැණිය පසු කාලයේ වයසට යාමේදී , ඔවුනගේ ශක්තිමත්බව / සෞඛ්යය පිරිමියාට වඩා ටිකක් දුර්වල බවත් පැවසෙනවා ……

ඒ නිසා තමයි ස්ත්රී න් ඒ කාලයේදි අස්ථි ආබාධ, අස්ථි සන්දි- ප්රදාහය(osteoarthritis,), අස්ඨි බිදී යෑමේ ප්රවනතා osteoporosis, කොන්දේ අමාරු වේදනා වලට වැඩිපුර ලක් වෙන්නේ …නින්ද යැමේ දුෂ්කරතා හා ආතති තත්ව වලටත් එය හේතු වෙනවා . ඉතින් ඒ කියවුනේ ,සාමාන්යයෙන්, පිරිමියාට වඩා ගැහැනිය , වැඩි කල් ජීවත් වීමමේ රහසට හේතු වූ ජීව විද්යාිත්මක සත්ය තර්කානුකූල-උපකල්පන වලින් කීපයක් විතරයි .

ඉන්දිකා
උපුටාගැනීමකි
http://3tags.org/article/why-do-women-live-longer-than-men

ඉදිරියේදී James Webb දුරේක්ෂය මගින් - විශ්වය තවත් ගැඹුරට දකින්න ලැබෙයි ..!!



James Webb දුරේක්ෂය කියන්නේ එක්තරා විදියක විචිත්ර වූ විද්යා උපකරණ සංකල්පයක් ….එය මෙතෙක් අපිට විශ්වය තුල තේරුම් ගැනීමට අපහසු වුණු කරුණු රැසක් , පැහැදිලි කර ගැනීමට ඉදිරියේදී තරකා විද්යාඥයන්ට හා පරීක්ෂකයන්ට ප්ර්යෝජනවත් වෙයි ……..

ඉතින් අපි කලින් දුරේක්ෂයකින් දැකපු විශ්වයට වඩා ගැඹුරට ගොස් විශ්වයේ විවිධ ස්ථානයන් නරඹන්නට ඉස්සරහට මේකෙන් හැකියාව ලැබෙයි. …කලින් කතාකල වසර බිලියන 13.8 ක අතීතයට ගිය දුරටත් වඩා ,දුරක් බලන්නත් පුලුවන්කම ලැබෙයි. ……..නාසා ආයතනයේ ව්යාපෘති වැඩ වලටත් මෙය ගොඩක් ප්රයෝජනවත් වේවි …ඒ වගේම පෘථිවිය වගේ තවත් ග්රහ ලෝක තියේද ?? කියලා හොයන්නත් , විශ්වයේ කලින් දකින්න අමාරු වූ තවත් බොහෝ දේවල්, මේ දුරේක්ෂයේන් දකින්නත් හැකියාවක් තියෙයි … හැබයි මේ දුරේක්ෂයේ මුලුවියදම මිල රු. බිලියන 1276ක් විතරලු …..

මෙය හබල් දුරේක්ෂය වගේ නොවේ …මේ දුරේක්ෂය එක් වරක් කක්ෂගත වූ විට, එකවර පහසුවට(one shot) , භාවිත කල හැකියි …ඒ විතරක් නෙවෙයි හබල් දුරේක්ෂයේන් අපිට නැරඹීමට හැකියාව තිබුණේ , මිනිස් ඇසට පෙනෙන තරමේ විශාල දේවල් විතරයි …….ඒත් ඒ දෘෂ්ටි පරාසයෙන් ඔබ්බට ගියපු දේවල් වුනත් නරඹන්න පුලුවන් තාක්ෂණයක් මේ දුරේක්ෂය සතුව තියෙන්වා … එහි කණ්ණාඩිත් විශාල ඒවලු …ඒවගේම මෙහි තවත් විශේෂ ලක්ෂණයක් තමයි ,

කොටස් කීපයක්ම හරි‍යට ඔරිගැමි එකක් වගේ නවන්න දිගහරින්නත් , පුලුවන් කමක් තිබීම …… . මේ වගේ කලින් නොදුටු වෙනස්කම් රැසක් සමග වැඩි දියුණු වූ , James Webb දුරේක්ෂය 2018 ඔක්තෝබර් වල වගේ නිකුත් කරයි…. ඒත් සමග අපිට තරකා විද්යාවේ බොහෝ අලුත් කරුණු සොයාගැනීම් බලාගන්න පුලුවන් වෙයි !

 -ඉන්දිකා- 
උපුටා ගැනීමකි http://www.news.com.au/technology/science/james-webb-telescope-to-achieve-unprecedented-understanding-of-our-universe/news-story/e98bb4c6560446f8fa1e326c08a7bc16

අරාබියයි ඇමරිකාවයි එකතුවෙලා අගහරු වලටවන්න උත්සාහයක්



නාසා හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා ඇති අභ්‍යවකාශ ආයතනයක් අඟහරු ගමනට සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට ගිවිසුම් අරගෙන

මෙම ගිවිසුම නිසා නාසා හි පරිපාලන නිළධාරි බෝල්ඩන් මෙම අඟහරු ගමන ගැන සාකච්ඡා කිරීමට පසුගිය කාලයේදි එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි සංචාරය කරමින් මේ පිළිබඳ නොයෙක් අන්දමේ එකඟතාවයන්ට පැමිනිමට සමත් වුවා.මෙම හමුවීමේ පළමු අදියර 2015දී නාසා හි පැවැත්වු අතර මේ සඳහා තම කැමැත්ත හා එකඟත්වය මෙම වසර මුල් භාගයේ දී සිදු විය.බෝල්ඩන් පවසන ආකාරයට සෑම ජාටියකටම මෙහි යම් පමනක බර පැන ඉසිලීමේ හැකියාවක් පවතී මෙම එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි ඇති අභ්‍යවකාශ ආයතනය 2014 දී ආරම්භ වුවක් වන අතර 2020 දි මොවුන්ද මිනිසෙකු රහිතව අඟහරු තරණය පිළිබඳ විශ්ලේශනය කිරීමට තිරණය කර ඇත.නාසා ආයතනය මෙම රතු ග්‍රහයා මත ජීවත් වීමේ සාදක ඇතිද යන්න සොයා බැලීමට මෙහෙයුම 2030 දක්වා කල් යවා ඇත්තේ මේ සඳහා ඇති මුල්‍යයමය ප්‍රතිපාදන සොයා ගැනීමට සහයෝගය පල කරන සමිති සමාගම් නොමැති වීමයි.මෙම සහයෝගය මත වැදගත් සිද්ධි දාමයන් රාශියක් අනාගතයේදී මෙම ගමනට සිදු කල හැකිය යන්න බෝල්ඩන් ගේ විශ්වාසයයි. ඇත්තටම මෙම අඟහරු ගමන් මුළු විශ්වයටම වැදගත් සිද්ධියකි.

 සුපුනි කාරියවසම්
http://motherboard.vice.com/read/nasa-and-uae-sign-space-agreement-to-collaborate-on-mars

ණය සදහා නිරුවත උකසට දීම‍; චීන ජාතික විශ්ව විද්‍යාල සිසුන් අතර ව්‍යාප්ත වන නවතම, අවදානම් සහිත online ණය ක්‍රමය



බොහෝ චීන ජාතික විශ්ව විද්‍යාල සිසුන් තමාගේ නිරුවත් පින්තුර අන්තර්ජාලයේ ණය ලබාදෙන platforms වල IOU ලෙස අන්තර් ගත කර ඇති බව සොය ගෙන ඇත. මේලෙස ඔවුන්ගේ නිරුවත් පින්තූර සෑම පුද්ගලයෙකුටම (දෙමාපියන්ට පවා) නිරාවරණ වීමේ අවදානමකට ඔවුන් පත්වී ඇත. IOU යනු ණය ලබා ගැනිමේදී උගසට තබන යම්කිසි ලියවිල්ල

මෙවැනි අවදානම් සහිත IOU ක්‍රම බොහෝ විට QQ group chats සම්බන්ධවන අන්තර්ජාලයේ ණය ක්‍රම පිළිගනු ලබයි. මෙයට අමතරව ණයගැතියන් විසින් ඔවුන්ගේ හැදුනුම්පත් upload කළ යුතු අතර පවුලේ හා ඔහුගේ පුද්ගලික තොරතුරු (දුරකථන අංක පවා) වාර්තා කල යුතුය.

යුවාන් 15000ක් (ඇ.ඩො.2277 ක්) දක්වා ණයක්, උපරිම මාස 36 කින් ගෙවීම සදහා ලබා ගැනීමට කළ යුත්තේ තමාගේ හැදින්වීම් පත දරාගත් පැහැදිලි නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ ණය ක්‍රම වලට upload කිරීම පමණක් බව Nandu Daily පුවත්පත වාර්තා කරයි.

ණය උපරිම සීමාව ණයගැතියාගේ අධ්‍යාපන පරිසරය මත රදා පවතී. සාමාන්‍යෙයන් උපාධි අපේක්ෂකයන්ට ලබාගත හැකි උපරිමය යුවාන් 15000 ක් වූවත් ජනප්‍රිය සරසවිවල හා පශ්චාත් උපාධි හදාරන්නන් හට මෙම සීමාව ඉක්මවා ණය ලබා ගත හැක.

පෙරදී ණයගැතියකුව සිටි Li Li (අන්වර්ථනාමයකි) පවසන ආකාරයට අන්තර්ජාලයේ ණය ක්‍රමයකින් ඇය පෙබරවාරියේ ලබාගත යුවාන 500 ට සති පොළි ලෙස 30% ක අමතර මුදලක් ගෙවන ලද අතර ඇය දිගින් දිගටම ණය මුදල නියමිත දිනට ගෙවා ගැනීමට නොහැකි වීමෙන් දිගින් දිගටම ඉහත ගිනි පොළියට ණය ගැනීමෙන් ගෙවීමට තිබූ මුදල යුවාන් 55000 දක්වා ඉහළ නැග තිබුනි. මේ අවස්ථාවේ ඇයගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ අවදානමක් තිබු බව Nandu Daily පුවත්පත වාර්තා කරයි. Li පවසන ආකාරයට ඇයගේ සහෝදර සිසුන් මේ ආකාරයට ණය ලබාගෙන තිබුනත් බොහෝ දෙනෙක් මේ පිළිබදව කතා කිරීමට මැළි බවක් දක්වයි. ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට නිරුවත් ඡායාරූව පවුලේ සාමාජිකයන්ට දර්ශනය කරන බවට පණිවිඩ ලැබී ඇති අතර, Li ලබාගත් යුවාන් 10000 සතියක් තුළ 24%ක සති පොළියක් සමග ‍ගෙවීමට අපහසු වුවහොත් පවුලේ සාමාජිකයන් වෙත එම ඡායාරූප මුදාහැරීමේ අවදානමක් පැවති බව සදහන් කරයි.

පසුගිය සදුදා හවස් වන විට සමහර ණය ක්‍රම සදහා IOUලෙස නිරුවත් ඡායාරූප ලබ ගැනීම නතර කළ යුතු බව ඔවුන්ගේ QQ group chats වෙත වාර්තා කර තිබුනි.

-HR-
http://en.people.cn/n3/2016/0614/c90000-9071896.html

ජෙනරල් මොටර් රථ ආයතනය මගින් දරුවන්ගේ මරණ වැලැක්වීමට අළුත් අංගයක් මෝටර් රථ වලට එකතු කරලා.......



ඇමරිකාව වගේ රටවල සමහර වෙලාවට දෙමවිපියන්ට තම අතදරුවෝ කාර්වල අමතක වෙලා යන අවස්තා අපමණයි. මොකද ඒ රටවල නීතියට අනුව කුඩා දරුවන් ඉදිරිපස ආසනවල ඉදගන යාම තහනම්.

ඉතින් මෙහෙම අමතක උනාම උනුසුම් දිනවල දරු මරණ පවා සිද්ද වනවා

GM ආයතනය මගින් දරුවන්ගේ මරණ වැලැක්වීමට ආරක්ෂක පටි පැළඳීම තහවුරු කරගැනීමට අනතුරු ඇඟවීමේ ගබ්දයක් අඩංගු කර තිබෙනවා. මෙය අඩංගු කර ඇත්තේ පසුපස ආසන වලටයි. මෙය පසුපස ආසන යන්ටද මෙලෙසම ඇතුල් කර ඇති අංගයකි.

රියැදුරු ආසනයේ නොමැතිව මෙම පසුපස ආසන විවෘත වන හා වසන ඕනෑම අවස්ථාවක මෙසේ මෙම අනතුරු හැඟවීම් ශබ්දය ඇතිවේ. මෙය අමතරව පැමිනි අංගයක් නොවන අතර මෙය මෙම සමාගමෙන් නිපදවන සැම අළුත් රථයකම ඇති අංගයක් ලෙස හැඳින්වේ.

අධික උණුසුම් දිනයන්හි උණුසුම් රථ මත අමතක වීමෙන් දමා යන දරුවන් අධික රස්නය නිසා ඇතිවන ශරීරයේ ඇතිවන හදිසි ආබාධ නිසා මරුමුවට පත් වේ. 1998 සිට ගත් විට සමාන්‍යයෙන් දරුවන් 37 ක ප්‍රමානයක් මෙසේ අධික උණුසුම නිසා ඇතිවන හදිසි ආබාධයන්ගෙන් මිය යයි.

කාර්ය බහුල දෙමාපියන් නිසා මෙසේ අතපසු වන දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ගත් ඉතා සුක්ෂම උපක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

සුපුනි කාරියවසම්
http://money.cnn.com/2016/06/13/autos/gmc-child-back-seat-reminder/

සැම්සුන් සමාගමෙන් ආරක්ෂිත විනිවිද පෙනෙන ට්‍රක් රථ හඳුන්වලා ඔන්න......



ඔබ කවදා හෝ දිනක ට්‍රක් රථයක් පිටුපසට වී ඉදිරිපස මාර්ගය අපහැදිලි නිසා ට්‍රක් රථය පසු කර ඉදිරියට නොයා සිටි අවස්ථාවක් ඇති නේද? දැන් ඔන්න ඒ කාලයට තිත තියන්න කාලය හරි. සැම්සුන් සමාගම තම ට්‍රක් රථ නවතම මාදිලියෙන් හඳුන්වා දී තිබෙනවා. ඇත්තෙන්ම මෙම ට්‍රක් රථ සකස් වි තිබෙන්නේ විනිවිද පෙනෙන ආකාරයෙන්. ඉතින් දැන් ඔබට කිසිඳු චකිතයකින් තොරව ට්‍රක් රථය පසු කොට යෑමේ අවකාශ ලැබෙනවා.

මොකද කිව්වොත් විනිවිද යාම නිසා ඔබට පහසුවෙන් ඉදිරිය දකින්න පුළුවන්නේ.මෙහි ඉදිරිපස ඇති කැමරාවෙන් සහ එය හතර පැත්තකින් පෙන්වීමට සංදර්ශක පැති 4 කින් ට්‍රක් රථයේ පිටුපස මාන 4කින් ඉදිරිය නැරඹිමට හැකි ලෙස සකස් කර ඇත. දැනටමත් මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බව පෙන්වාදෙන සැම්සුන්ග් සමාගමේ මේ මගින් රිය අනතුරු සිදුවීමේ අවධානම ද අඩුව යන බව පවසා තිබෙනවා.මෙයට ඇති යම් බාධාවකට ඇත්තේ මෙය ව්‍යාප්ත කිරීමට විශාල මුල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය වීම පමනයි.

සූපුනි කාරියවසම්
http://www.iflscience.com/technology/samsung-unveils-see-through-safety-trucks/

මෙන්න දත්ත හොරුන්ගේ අලුත්ම-සූක්ෂම- “හැක් ක්රමයක් ”-ඔයාලත් පරිස්සම් වෙන්න …!!!



ඔන්න හැකර්ලා(දත්ත හොරු) හා අන්තර්ජාල කප්පම්කරුවන් දැන් හිතාගන්නවත් බැරි අලුත්ම ක්ර්මයකට “හැක්” කරනවලු. .....ඔයාලා දන්නවා ඇති ගූගල් මේල් (gmail ) වගේ ඔයාලගෙ ගිණුම් වල අනවසරයෙන් කෙනෙක් ඇතුලුවීමක් වැනි අවස්තාවකදි, ඒ ගැන සඳහන් කරමින් , සැක කටයුතු බව කියමින් ,ඔබගෙන් යම් දෙවන සාක්ෂියක් / රහස් අංක යොදා , එහි ආරක්ෂිතබව තහවුරු කරන මෙන් ඉල්ලා ඔයාගේ ජංගම දුරකථනයට හෝ අනෙත් ඊ-ගිණුමට පණිවිඩ පැමිණෙන ක්රිමයක් තිබෙනවා… .... මෙන්න මේ ක්රමවේදය පදනම් කරන් තම්යි මේ දත්ත හොරු අලුත්ම විදියට සොරකම් කරලා , දැන් ඊ -ගිණුම වෙත හෝ අනෙක් ගිණුම් වලට ඇතුල් වෙන්නේ.

……මෙහිදී ඔවුන් , නොදන්න නම් වලින් ඒ පණිවිඩ යවනවට වඩා නම ගිය ප්‍රධාන සමාගම් වල Google, or Facebook, or Twitter ,Apple, වැනි.. නාමයන් යොදා හිතන්නවත් බැරි සූක්ෂම විදියට මේ සොරකම් කරන්නේ. ඉතින් එයාල මේ විදියට , ඔයාගේ ගිණුමේ , සැක කටයුතු ඇතුලු වීමක් ඇති නිසා , අනන්යතාව තහවුරු කරන ලෙස ඉල්ලා , 2FA code එකක් ඉලක්කකරගනිමින් , ඔබෙන් එම කේත (codes) නැවත එවන ලෙස ඉල්ලීමක් කරනවා ,(ගිණුම අත්හිටවීම වලක්වාගන්න කියලා .. ) ඉතින් ගොඩක් දෙනෙක් , තමාගේ දත්ත වෙන අයෙක් “හැක් කරලා” කියලා හිතන් බයවෙලා ,අර හොරුන්ටම තමයි, නැවත කේත යවන්නේ ……..ඉතින් ඒ ඔස්සේ තමයි ,ඔයාලගේ ගිණුම් වල රහස් පදය හොරකම් කරන්නේ... සමහරු එකම රහස් අංකය /මුර පදය විවිධ ගිණුම් වලට යොදාගන්නවානේ , ඔන්න එයාලගේ ඒ ඔක්කෝම හොරුන්ට අහුවෙනවා….

ඉතින් පහුගිය සති කීපයේදී , මේ වගේ මිලියන් 10ක විතර ඊ ගිණුම් වල database විශාල සංඛ්යාවක් අන්තර්ජාලයේ පාවිමින් (floating )තිබුනලු . LinkedIn හා MySpace ගිනුම් වල සැලකිය යුතු දත්ත ප්රතමාණයක් ද මේ අතර වුණා ……API සමාගමේ Alex MacCaw මේ විදියට පැමිනෙන පනිවිඩ ගැන ගූගල් හා Twitter ගිණුම් වලින් පෙන්වලා තිබුණා .

ඉතින් මතක තබා ගන්න ගිණුම සැක කටයුතුයි කියලා, ඔයාටත් අර වගේ කේත (your two-factor authentication codes) එවන්න කියලා ඉල්ලිම් කළොත් ,ගූගල් වගේ සමාගමක් වුනත්, ඒව එයාලට හරියට නොසොයා යවන්නත් එපා !........ඒ වගෙම අපහසු රහස් අංක ගිණුමට යොදා තබාගෙන , password manager අවශ්යනම් උපකාර කරගන්න , අවදානමට වඩා සූදානම වැදගත් නිසා.

ඉන්දිකා

උපුටා ගැනීමකි
http://www.businessinsider.com/hackers-are-spoofing-text-messages-to-steal-two-factor-authentication-codes-2016-6

මේ ක්රමයට හුරු වුනොත් , මානසික ආතතියට පෙති ගන්න අවශ්ය වෙන එකක් නැහැ ….!!



“මානසික ආතතිය” කියන්නේ ,නූතන සංස්කෘතියේ , දුශ්ටයෙක් වගේ ….එයින් අපේ එදිනෙදා කටයුතුවලට බලපෑමක් ඇතිකෙරෙනවා , හරියට නින්ද යන්නෙත් නැහැ ……ඒ වගේම අපේ සෞඛ්යයටත් එය ඉතා අහිතකර බලපෑම් ඇති කෙරෙනවා …….මානසික ආතතියට බෙහෙත් වලින් යම් ප්රතිපලයක් ගත හැකියි ………ඊට අමතරව මේ ආතතිය මර්දනයට හෝ එයට මුහුණ දීමට අපි පුහුණු වෙන්න වෙන විදියක් ගැන “ඉයන් රොබට්සන් “ කියන ස්නායු විශේෂඥයාගේ ඉදිරියේදී දොරට වැඩීමට නියමිත ‘The Stress Test: How Pressure Can Make You Stronger and Sharper,” මේ පොතෙන් විස්තර කෙරෙනවා …අධික ආතතියෙන් අපිව දුර්වල කෙරෙන අතරේ , මධ්යස්ථ ආතතිය අපේ මනසට හොඳ දෙයක් බව පැවසෙනවා. …අපිට ආතතිය ඇතිවෙන්නේ , noradrenaline. කියන රහස් රසායනයක් හේතුවෙන් .එය ගොඩක් වැඩි /අඩු වීමෙන් තමයි මනස අසමබරව ආතතිය ඇතිවෙන්නේ ඉතින් මේ රසායනය මධ්යස්ත ප්රමාණයෙන්, නියමිතව තබා ගනීනම් , එය ඉතා හොඳින් මොළයේ හැසිරවීම /සුසරකිරීම නිසි විදියට ක්රියාකරවනවා ……ඉතින් ඒ විදියට අපේ මොළය ශක්තිමත්ව ක්රිියාකරද්දි කනගාටු හෝ මානසික අවපීඩනයන් අඩු කරලා , අපිව සතුටින් තියනවා …ඉතින් අපිට මේ විශේෂිත-ශිල්ප ක්රමය භාවිතයෙන් , විශාදනාශක පෙති හෝ වෙනත් ආතති නාශක පෙති භාවිත වලින් වගේම…හොඳ ප්රතිපලයක් ගන්න පුලුවන් …ඒකට අපි පුරුදු විය යුතුයි.

පලමුවෙන් හදුනගැනීමට අවශ්ය… අපේ මනස නොවෙනස්වන එකක් ද ?වර්ධන එකක්ද ? යන්නයි,
එය නොවෙනස් මානසිකත්වයේ නම් ,උදා: ඔබ සිතනවනම් ඒ තැවිලි සහිත පීඩා මානසිකත්වයට හේතුව , ඔබේ උරුමයක් බව , දෙමපියන්ගෙන් ආපු දෙයක් විදියට , …ඒ දෛවවාද විශ්වාසය ඔබේ මනසේ පැලපැදියම්ව ඇති …එය හොදින් හදුන ගන්න අවශ්යයි. තවත් සමහරෙක්ට විශ්වාසය ඇති ,මේ ආතතිය වෙනස කරන්න තමන්ට පුලුවන් බව ,ඒත් අවශ්යතාව තිබුනට ඒ ගැන ටිකක් බයෙන් සැකයෙන් ඇති …සරලව ඔබ කල යුත්තේ , මානසික ආතතිය, තර්ජනයක් ලෙස නෙවෙයි , අභියෝගයක් ලෙස භාර ගැනීමයි !....මේ විදියට මනසේ ස්විචය ඔබේ අතට ගැනීමෙන් , නැවත ඊට රාමුවක් හදාගෙන , මනසික ආතතිය අඩුකර , මනසේ ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරීම කල යුතුයි.

ඔබට බාහිරව විශ්වාසය හා ධනාත්මක සිතුවිලි පහලවීම භාරකාරිත්වය ගැනීමට හැකි නම්, ඔබට මානසිකව බාහිරව පැමිණෙන ,මායාවන්/අනවශ්ය සිතුවිලි ඉරියව් එක්ක මානසිකව සහසම්බන්දයක් නිර්මාණය කරගැනීමට , මොළයට උපායශීලී වීමට හැකියි. ඇත්තටම , සම්පූර්ණයෙන් ආතතියෙන් වැළකීමේ අවාසිදායකයි , විශේෂයෙන්ම ජීවිතයේ මුල් කාලයේ , ආතතියට මුහුණදීම “හොඳ පෞරුශයක් “ ඇතිකිරීමට ඉවහල්වේ , ළමා කාලයේදී ආපදවන්/කරදරවලට මුහුණ දුන් ළමයින්ට,වයසෙන් වැඩෙත්ම මානසිකව/ශාරීරික ඊට ඔරොත්තුදීමේ හැකියාවක් ඇති වේ ..මේක හරියට වැඩ කරන්නේ අපේ ප්රනතිශක්තිකරණ පද්ධතියේ ක්රිායාකාරිත්වයට සමානවයි… හැබැයි අධිකව කරදර/ආපදා වලට මුහුණ්දීම නම් අයහපත් …පරීක්ෂන වලින් හෙළි වුනේ එයයි .

ඉන්දිකා

උපුටා ගැනීමකි
http://qz.com/704769/there-are-ways-to-train-your-mind-to-thrive-in-stressful-situations-says-neuroscience/

Microsoft සමාගම විසින් LinkedIn රුපියල් බිලියන 3799කට මිලට ගන්න යනවලු!!



ඔන්න Microsoft සමාගම රුපියල් බිලියන 3799ක (කොටසක මිල රු 28,420 ගණනේ ) අත්පිට මුදලට LinkedIn මිලට ගන්න යනවලු

දැනටමත් දෙපාර්ශවයෙන්ම මේ ගනුදෙනුව ගැන අනුමැතිය ලබා ගෙන ඇති අතරේ , ඉතිරිව ඇත්තේ අනෙකුත් නීතිමය නියාමකයන් හා අනුමැතිය ලබා ගැනීමේ කටයුතු ටික විතරලු …….Microsoft කියන විදියට යම් විදියකින් මේ ගනුදෙනුව නැවතුනොතින් , LinkedIn විසින් රු බිලියන 105ක ගනුදෙනු අවසන් කිරීමේ, ගාස්තුවක් Microsoft සමාගමට ගෙවන්න වෙයි ලු. ………. මේ ගනුදෙනුවේ හැටියට ,LinkedIn ඔවුන්ගේ සන්නාමය හා නිෂ්පාදනයන් තියාගන්න ලැබෙන්නේ Microsoft ඵලදායිතවය හා ව්යාපාර අංශ ක්රි්යවලියේ , කොටසක් ලෙසලු. …ඉතින් ඒත් එක්කම Microsoft සමාගමේ , සමාජ ජාල සේවා හා වෘත්තීය/ව්යාපාර සම්බන්ධ සේවාත් තවත් පුලුල් වෙයිලු .. සමාගම් දෙකේම සාමාජික පිරිසට ඒකාබද්ධ වූ සේවා හා සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙයි, ……. Microsoft මෙය මිලට ගැනීමෙ ප්රධානම අරමුනක් තමයි , LinkedIn සතු විශාල ව්යාපාර පාරිභෝගික ජාලය සේවා හා සන්නිවේදනයන් ප්රයෝජනයට ගැනීම මගින් විකුණූම් බලකා වර්ධනය කරගැනීම … LinkedIn සේවා රටවල් 200ක පමණ ව්යා්ප්තව ඇති අතර , මාසිකව මිලියන 105ක පාරිභෝගික පිරිසක් ක්රියාත්මකව (active users )පවතින අතර , මේ සේවාවේ ලියාපදිංචි සාමාජික පිරිස මිලියන 433ක් තරම් විශාලයිලු . ඇත්තටම මේ දැවැන්තයෝ දෙන්නාගේ එකතුවෙන් ඉදිරියේදී , ඒවායේ සාමාජික පිරිස් වලටත් ඇදහිය නොහැකි තරමේ සමාජ ජාල සේවා හා අලුත් පුලුල් වූ ව්යායපාර සේවා හා සම්බන්ධ වී ඒවා අත්විඳීමට ලැබීම ආදී වාසි රැසක් ලැබෙයි.. ! ඉන්දිකා

උපුටා ගැනීමකි
http://techcrunch.com/2016/06/13/microsoft-to-buy-linkedin-for-26b-in-cash-makes-big-move-into-enterprise-social-media/

ගැම්බියාවේ රාමසන් හේතුවෙන් සිදු කිරීමට එපා යැයි කියන නිතී වගයක් පනවලා.......


ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය මාසයක් වන මෙම රමසාන් මාසයේ දී කිසිඳු ආකාරයේ සංගිත,බෙර වාදන ,නැටුම් ගැයුම් සිදු කිරීම තහනම් කොට තිබෙනවා.එරට රජය පවසන ආකාරයට මෙසේ තහනම් කර තිබියදී මෙවැනි ක්‍රියා සිදු වුවහොත් ඔවුන් ට දැඬි දඬුවම් දීමට එරට රජය ක්‍රියා කරන බව පවසා ඇත..සමාන්‍ය ජන කොටසක් වාසය කරන මෙම ඉස්ලාමිය රටක් වන ගැම්බියාව තුල මේ වන විට මේ නිතීය කඩ කල කිසිවෙකු හසුවි නැති අතර එරට පොලීසිය මේ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවෙයි.මිලියන 2කට ආසන්න ජනගහනයක් වන මේ රටේ 90% ක්ම සිටින්නේ මුස්ලිම් ජනයාය.මෙම භක්තිමත් රාමසාන් මාසයේ මුස්ලිම් බැතිමතුන් හිරු එළිය සහිත දහවල් කාලයේ ආහාර අනුභවයෙන් වැලකි සිටියි.

සූපුනි කාරියවසම්
http://www.aljazeera.com/news/2016/06/gambia-bans-music-drumming-dancing-ramadan-160613190634514.html

පියවි ඇසින් සැඟව ගිය පෞරාණික දැවැත්ත වේදිකාවක් පෙට්රා හිදී සොයා ගැනේ



ජෝර්දානයේ දී පුරාවිද්යා ඥයින් පිරිසක් පෞරාණික වැදගත්කමින් යුත් පැට්රා නගරයේ දී අති විශාල වේදිකාවක් සොයාගෙන එම සොයා ගැනීම ප්‍රසිද්ධියට පත්කරලා තියෙනවා.

පුරාණ පෙට්රා නගර මධ්‍යයට ආසන්නව පිහිටි මෙම දැවැන්ත උත්සවාකාර වේදිකාව සොයාගන්න ඉවහල් වෙලා තියෙන්නේ චන්ද්රි කා සහ සැටලයිට් සහ ඩ්රෝෙන තාක්ෂණය මගින් ලබාගත් ඡායාරූපයි.

Sarah Parcak සහ Christopher Tuttle ඔවුන් සොයාගත් මෙය දැවැන්ත ස්මාරකයක් බවයි වාර්තාවේ සදහන් වන්නේ. ඔවුන් පවසන අන්දමට මෙහි ආකර්ශනීයත්වය වැඩිවීමට බලපාලා තියෙන්නේ මෙහි අති විශාලත්වයයි. එම වේදිකාවේ ප්‍රමාණය අඩි 184 දිග සහ අඩි 161 ක් පළල් වීමයි. ඒක ආසන්න වශයෙන් කියනවා නම් ඔලිම්පික් පිහිනුම් තටාකය වගේ දිග වන බවත්, පළල මෙන් දෙගුණයක් වගේ වන බවයි.(National Geographic reports).

ක්‍රිස්ටෝපර් ටට්ල් නම් කියන්නේ වසර 20 ක පර්යේෂණයකින් පසු පෙට්රා හි මෙවන් දෙයක් තිබේ යැයි කවුරුන් හෝ දැන සිටින්නට ඇති බවයි. එහෙත් එය නිසි අධ්‍යයනයක් හෝ ක්‍රමානුකුලව ලියැවී නොමැති බවයි. ඒ වගේම ඔහුු පවසන්නේ ඔහු පෙට්රා වන වසර 20 ක් වැඩ කළ බවත්, ඒ කාලය තුල එහි කුමන දෙයක් හෝ තිබුනේ යැයි ඔහු තුල තිබූ විශ්වාසය මෙම සොයා ගැනීමෙන් තහවුරු කරගත් බවයි.




-HR-
http://time.com/4363081/petra-jordan-platform-discovered/