ඉස්කෝලෙන් කට්ටිපනින්න හොර වැඩක් කල, දකුනු කැරොලිනා රූප සුන්දරිය අත්අඩංගුවේ!!



දකුණු-කැරෝලිනා රූප සුන්දරිය (Miss South Carolina -2015) වූ , Madison Cox නම් නව යොවුන් යුවතිය , පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා

ඇයට එල්ල වූ චෝදනාව වුනේ පාසලෙන් එලියට යන්න අවසර ගැනීම සඳහා හොර ව්‍යද සහතික ඉදිරිපත් කිරිමයි. මේ ලේකන ව්‍යාජලෙස අනුකරණයට ලක් කර ලිවීමයි

එය බරපතල ගණයේ වරදක් ඉතින් මේක අපරාධයක් නිසා ඇයට විනය සම්බන්ධයෙන් දැඩි දඬුවමක් ලබා දී හරිමගට ගන්න ඕන කියලා ,සමහරු කියන අතරේ තවත් අය කියන්නේ, මේක පාසලේදී වූ සිද්ධියක් නිසා මෙහෙම දඩුවම් කරන එක සුදුසු නෑ කියලායි..





 ඉන්දිකා

 උපුටා ගැනීමකි http://lawofficer.com/2016/05/miss-south-carolina-teen-arrested/

පහුගිය ටිකේ සමාජ ජාල වලින් ලොකු කතාබහකට ලක් වූ චීනයේ වෙළෙඳ දැන්වීම!!



පසුගිය දිනවලදී චීනයේ රෙදි සෝදන කුඩු (ඩිටජන්) වෙළෙඳදැන්වීමක් නිසා ජාතිවාදය ඇවිස්සී ඇති බවට වු දර්ශනයක් සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වෙමි තිබුණා

එහී වූ රූප රාමු අනුව, රෙදි සේදුම් කරන තරුණ සුදු චීන යුවතියක්, විසින් කලු ජාතිකයෙකු, රෙදි සෝදන කුඩු (ඩිටජන්) භාවිතයෙන් , පැහැයෙන් සුදු කරන දර්ශනයක් වූණා …එය මතභේදාත්මක වී , පහුගිය ටිකේ facebook වලින් දැඩි කතා බහකට ලක් වුනත් ,

 ඒක මාසයක් විතර පරණ දැන්වීමක්ලු මේක ඊට කලින් සිනමාවෙත් , රූපවාහිනියේත් ප්‍රචාරය වූ දැන්වීමක්ලු ..මේ ගැන කට්ට්‍යක් කියන්නේ දැන්වීමෙන් ජාතිවාදය ඇවිස්සීමක් වන එකක් බවයි ….දැන්විම් අයිතිකරු හා තවත් කට්ටියක් කියන්නෙ එහි එවැන්නක් අදහස් නොවන බවයි

…මේ දැන්වීම ඉතාලියෙ කලින් කතාබහට ලක් වූ, දැන්වීමක අදේශකයක්ලු ….හැබැයි මේ වගේ දැන්වීම් චීනයේ ප්‍රචාරයවූ පළමු අවස්ථාවත් මෙය නොවේලු …මීටකලින් Darlie සන්නාමයේ දන්තාලේප ව්ර්ගයක් , කලු ජාතිකයන්ගේ Darkie toothpaste විදියට යොදලා කල දැන්වීමකුත් තිබුනලු, තවත් මේවගේ දැන්වීම් කීපයක්ම කරලා තිබුනලු ..චීනයේ 600,000ක් විතර ඉන්නේ විදේශිකයන්… එයාලගෙනුත් කලු ජාතිකයෝ ඉන්නේ සුලු පිරිසක් ..

 ඇත්තටම චිනය කියන්නේ ජාතිවාදය අවුස්සන රටකුත් නෙවේ …..කලිනුත් මේ වගේ සුදු -කලු භේද ලොකුවට වාර්තා වෙලත් නැහැලු ..අනෙක චීන ජාතිකයන්ගෙන් , 90%කම කියන්නේ ජාතින් අතර සමානතාවයට ගරුකරන බවයි ..ආසියාව ගත්තමත් “සුදු කරන එක” රෙදි සේදුම් කුඩු වගේම රූපලාවන්‍ය දැන්වීම්කරණය සම්බන්ධයෙනුත් , පොදු යි …හැබැයි ළගදි තායිලන්තයේත් , සම සුදුකරණ මෙවැනි දැන්වීමකින් ජාතිවාදයගැන කියවුනා කියලා , ඒක අයින් කරගන්නත් සිදු වුණලු .

.ඉතින් චීන රජයෙනුත් , අප්‍රිකානු-කලු ජාතිකයන්ගැන තියෙන මේ වගේ ආකල්ප නැති කරන්න ගත් උත්සාහත් තියෙනවා…….වැඩි වශයෙන් මෙවැනි ජාතිවාදය අවුලන දැන්වීම් බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ නම් ලොකුවට දක්නට ලැබෙනවා .




 ඉන්දිකා
උපුටා ගැනීමකි http://www.bbc.com/news/world-asia-china-36394917

ඉරානයේ නැගී එන ප්ලස්ටික් සැත්කම් ව්‍යාපාරය!!


ප්ලාස්ටික් සැත්කම් දැන් ඉරානයේ, නැගී එන ව්‍යාපාරයක් ලු. එරටේ ප්‍රධාන ප්ලාස්ටික්සැත්කම් ශල්‍ය වෛදය. Seyed Javad Amirizad කියන්නේ, වැඩිපුර මුස්ලිම් වැසියන් වෙසෙන ඉරානයේ මුස්ලිම් ගැහැනුන්ට පණවා තිබෙන, ඇදුම් සම්බන්ධයෙන් වූ නීතිය නිසාත් , (සිරුරෙන් වැඩි කොටසක් වැසෙන ලෙසට ඇදුම් ඇදීම) ගැහැනුන් මෙවැනි රූපලාවණ්‍ය සඳහා වූ සැත්කම් වලට යොමු වන බවයි. ඒකට හේතුව එවිට ඔවුනගෙ මුහුණේ නොවැසුන කොටස ලස්සනට තියාගන්න, ඔවුන් බොහෝවිට උනන්දු වෙන නිසයි

ඒ නිසාම ඉරානයේ වැඩිපුරම ජනප්‍රිය වෙලා (60% පමණ )තියෙන්න්නේ, නාසයේ -ප්ලාස්ටික්සැත්කම් ලු. මීට අමතරව පියයුරු රෝපණ සැත්කම්, උදරය සම්බන්ධයෙන හා ශරීරයේ වෙනත් කොටස් සඳහා කරන, (රූපලාවණ්‍යයට සම්බන්ධ) ප්ලාස්ටික් සැත්කම් වල වර්ධනයක් පෙනෙනවලු

ගැහැනු විතරක් නෙවෙයි දැන් පිරිමිත් කලින්ට වඩා රූපලාවණ්‍ය සඳහා මේ ප්ලස්ටික් සැත්කම් වලට යොමු වෙනවලු. ඔවුන් 35% තරම් අගයක්ලු හැබැයි මේ විදියට ලස්සන වෙන්න ඒ වගේම සල්ලිත් ගොඩක් යනවා

ඉරානයේ මෙවැනි සත්කමක් නාසයේ කරනව නම් රුපියල් ලක්ෂ 3 විතර යනවලු. ඒරටේ හැටියට ඒ ගාණ ටිකක් විතර සැරයි. මොකද එහේ ඒක පුද්ගල ආදායමත් මාසෙකට රුපියල් 50,000 පමණ වෙන නිසා.

කොහොම වුනත් මේ වැඩේට ඇමෙරිකාවේදි යන ගණන් වලට වඩා නම් ලාබයි…ඇමරිකාවෙදී මෙවැනි සැත්කමකට රුපියල් ලක්ෂ 4ත් ලක්ෂ 20 අතර ප්‍රමානයක් යනවා. ඉරානයේ දිගට, පැවැති යුද්ධ මනුෂ්‍ය ඝාතනය තත්ව නිසාත් එහේ වෛද්‍යවරුන් මේ ක්ෂේත්‍රයේ දිගු හොඳ අත්දැකීම් තියෙනවලු ඉතින් ඔහු පැවසූවේ ඉරානයේ , මේ සැත්කම් සඳහා ලොව හොඳම වෛද්‍යවරුන් සිටියත්, ඉරානයේ පැවති විදේශරටවල් සමග වූ විවිධ සම්බාධක නිසා, එහේ සැත්කම් සඳහා වූ වෛද්‍ය උපකරණ, හා නවීකරණයට ලක්වන තාක්ෂණය හා අලුත් බෙහෙත් වර්ග වල යම් හිඟයක් තියෙන බවයි

කොහොම වුනත් වර්තමානයේ ඉරානය ලෝක බලවතුන් එක්ක වූ යම් එකඟතාව නිසා සම්බාධක හා න්‍යෂ්ටික වැඩසටහන් ලිහිල් කරමින් ඉන්නවා …මේ තත්වය නිසා ඉදිරියට ක්ෂේත්‍රයේ යම් සුබදායි වෙනසක් වෙයි කියලත් ඔහු බලාපොරොත්තු සහගතව පැවසුවා. ඉරානය දැන් මැදපෙරදිග සංචාරක-වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් වෙලා ! 

ඉන්දිකා

 උපුටා ගැනීමකි. http://www.nbcnews.com/news/world/nose-jobs-tummy-tucks-breast-enhancements-take-iran-n575331

භෞතික විද්‍යාවට අනුව විශ්වයේ පාලනය මූලික ශක්ති 4ට අමතර අලුත් 5වැනි ,බලයකුත් තියෙනවාද ???



භෞතික විද්‍යාවට අනුව , විශ්වය පාලනය වන මූලික බල (ශක්ති) 4ක් ගැන කියවෙනවා
- ගුරුත්වය,
- විද්යුත් චුම්බක,
- ශක්තිමත් න්‍යෂ්ටික
- දුර්වල න්‍යෂ්ටික

දැන් හංගේරියනු භෞතික විද්‍යාඥයන් පිරිසක් කියන්නේ, එයාලා ඊට 5 වැන්නකුත් අලුතින් හොයාගත් බවට සාක්ෂි තියෙනබවයි අර කියපු මූලික බල 4ට අනුව විශ්වය හෝ පරිසරයේ අපි දකින සියලු ස්වභාවයන් හැසිරීම් හා අංශු ගැන විග්‍රහ කෙරෙනවා.

ගුරුත්ව බලයෙන් ග්‍රහලෝකයන් හා ගුරුත්ව එකට රඳවා තබා ගන්නවා, විද්යුත් චුම්බක බලයෙන් අණු එකට තබා ගන්න හේතුවෙනවා. අනිත් මට්ටම් 2 තමයි කුඩාම, ඉන් ශක්තිමත් න්‍යෂ්ටික වලින් පරමාණු න්‍යෂ්ටි අලවා තියා ගන්නේ, දුර්වල න්‍යෂ්ටි වලින් සමහර පර්මාණු වලට විකිරණශීලි දිරාපත්වීමක් හරහා යන්න උදව් කරනවා

ඇත්තටම ඒක 5වන බලයක් ගැන කියවුණු පලමු අවස්ථාව මෙය නෙවේ කලින් දශකය තිස්සේ ඉදන් ඒ ගැන මතයක් ආවා ඒ අතරින් අපි කලින් කතාකල විශ්වයේ නොපෙනෙන අදුරු ශක්ති හා ඊට හේතුවන අඳුරු ප්‍රෝටෝන ගැනත් කතා කෙරුණ

මේ නොපෙනෙන "අදුරු , ප්‍රෝටෝන" (අඳුරු පදාර්ථයන්) බලයෙන් විශ්වයෙන් 80% කටත් වැඩි ස්කන්ධයයක් හැදිලා තියෙන බවත් කිය වුණා …ඒ අනුව මේ හංගේරියානු විද්‍යා ඇකඩමියේ පිරිසත් , මේ පරීක්ෂණය කරලා තියෙන්නේ …. ප්‍රෝටෝනයක් ලිතියම මතට වෙඩි තැබීමෙන් ඇතිවන ගැටීම මගින් අස්ථිර-බෙරලියම් න්‍යෂ්ටිය නිර්මාණය වේ 

පසුව එය දිරායාමෙන් ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන යුගලයක් සෑදී මෙන් අලුත් විශේෂ දැල්ලක් ඇති වී “බෝසෝනයක්” ඇතිවූ බවයි …ඉලෙක්ට්‍රෝනයකට වඩා 34 ගුණ්‍යකින් බරින් වැඩි බවත් අනාවරණය වුණා ….

මේ අලුත් සොයාගැනීම 5වන බලය විදියට සලකන්න බැරි මතවාද තියනවා, ඉතින් ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණ සභාවෙන් ලබන ඇවුරුද්දේ හරියට ප්‍රකාශයක් කරන තුරු හා වැඩි යමක් කියන තුරු (එය සම්මත වීමට නම් ) අපිට ටිකක් බලන් ඉන්න වෙයි !

 ඉන්දිකා
උපුටා ගැනීමකි http://www.businessinsider.com/physicists-might-have-just-detected-a-fifth-force-of-nature-2016-5?amp

රැපියල් මිලියන 150 වූ පඩිපෙල!!! දෙයියො සාක්කි




Apple සමගමේ විශාල-අලුත් වෙළෙඳ ගොඩනැගිල්ලේ පඩිපෙළ වල විතරක් , වියදම -ඩොලර් මිලියන 1ක් ලු!!

 ලැබුණ දත්ත වලින් කියවුනේ San Francisco හි Apple සමගමේ විශාල-අලුත් වෙළෙඳ ගොඩනැගිල්ල හදන්න හා කරන ප්‍රතිසංස්කරණවලට යන වියදම ඩොලර් මිලියන 23.6 ක් කියලා. ඩොලර් මිලියන 19ක්ම බාහිරින් එකතු කරන ගොඩනැගිල්ල වෙනුවෙන්ලු ,වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වියදම ගණන් බලලා තියෙන්නේ ඉදිකිරීම් පටන් ගන්න කලින් නිසා මෙහි සැබෑ මුලු වියදම තවත් වැඩි වෙන්නත් පුලුවන්ලු.

මේ දත්ත ඇස්තමේන්තුවක් හැටියටලු දක්වලා තියෙන්නේ මෙහි මිලියන1ක පඩිපෙල වියදම හැරුනම , බාහිරව එකතු කරන සැරසීම් / ලාංඡනය එක්ක එන අනෙත් දේවල් ටික නිර්මාණ කරන්න , ඩොලර් 82000ක් වෙන්කරලා තිබුනලු . ඒත් ඇපල් වෙළෙඳ- ලාංඡනයට (logo)විතරක් , වියදම ඩොලර් 2000ක් ලු …..අලුතින් ගොඩනැගිල්ලේ ව්ශාල වීඩියෝ තිරයක් එක් වෙනවා, ඒකේ වියදම ඩොලර් මිලියන 1.5 ක් ලු

ඒ වීඩියෝ තිරයේ සහාය පද්ධතියේ වැඩ වලට ඩොලර් 50,000ක් වෙන් කරලාලු …..එහි බඩු රාක්ක සඳහා ඩොලර් 50,000 ද , වහලේ සූර්‍ය බල ශක්තිප්‍රතිපාදකය සඳහා ඩොලර් 800,000ක් ද වෙන් කරලා තියෙන අතරේ තවත් ඩොලර් මිලියන 2.28ක් , අලුත් ගොඩනැගිල්ලේ වතුර මලට /ජල පද්ධතියේ යාවත්කාලීන කරන කටයුතු වලටලු . මෙහි පඩිපෙලවල් ටික වීදුරු ඒවාලු ……

අලුත් වීදුරු දොරවලුත් සුවිශාල ඒවලු ……





ඇත්තටම මේ Francisco හි Apple සමගමේ මේ විශාල-අලුත් වෙළෙඳ ගොඩනැගිල්ල, ඊළඟ පරම්පරාවේ , සුපිරි ගණයේ -වෙළෙඳ සංකීර්ණයක් (plaza) විදියට සලකන්න පුලුවන් වේවි !

 ඉන්දිකා

උපුටා ගැනීමකි http://www.businessinsider.com/apple-store-san-francisco-1-million-stairs-2016-5

විද්‍යාත්මකව යාලුවන් වැඩිවන සහ අඩුවන වයස් පිලිබද විග්‍රහයක්!!!


ෆින්ලන්තයේ Aalto සරසවියේ විද්‍යා පාසලේ හා බ්‍රිතාන්‍යයේ Oxford විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් ඉතා සියුම් විදියට හොයා බලා තියෙන්වා ,අපේ ජීවිත වල ,වැඩිපුරම මොන වගේ වයසෙදිද යාලුවො අඩු හෝ නැති වෙන්නේ කියලා.

 යුරෝපා වැසියන් මිලියන 3.2 කගේ ජංගම දුරකතන වල දත්ත (නම් සදහන් නොකර ) හා ඇමතුම් වල චර්‍යා, සටහන් පරීක්ෂාවට ලක් කළාලු. ඉතින් වඩිපුරම යාලුවො සම්බන්ධතා වැඩි අවුරුදු 25 දී වගේලු ඒවගේම යාලුවෝ අඩු වෙන්න පටන්ගන්න පොදු හේතු දරුවන් නිසා හා රැකියාවන් නිසා ඇතිවන පීඩනය වැඩිවීම නිසාලු.

ඉතින් ජීවිතේ ඉතුරු කාලෙදි ,සාමාන්‍යයෙන් අවුරුදු 45-55 කාලවලදි ත් යාලුවෝ අඩු වෙනවලු, ඒ වගේම තරුණවයසේදී ගැහැනුන්ට වඩා පිරිමින්ට යාලුවෝ වැඩි ගණනක් ඉන්න බවත් කියවුණා. ඒත් අවුරුදු 39 වගේ කාලෙදි ඒකෙ වෙනසක් වෙනවලු.

ඒ කාලෙදි දෙගොල්ලම සාමාන්‍යයෙන් එකවගේ යාලුවො ගණනක් ඉන්න පුලුවන්ලු. අපපේ ජීවිතයේ මුල් කාලවලදී කතා කල යාලුවො කාලයත් එක්ක වයසට යද්දි අඩුවෙනවාලු.  එ වගේම වයසට යදදි, පිරිමින්ට වඩා ගැහැනු අය කතාකරන්නේ/හිතවත්කම් සම්බන්දතා වැඩිපුර ගෙනියන්නේ තමන්ගේ පවුලේ උදවියත් එක්කලු ස්වාමියා හෝ ළමයි හෝ ඉතා ළග නෑයන් වගේ අය එක්කලු.

ඒ වගේම පිරිමින් හා සැසඳීමේදී , ගැහැනු අයට ගැහැනු යාලුවෝ වැඩිපුර ඉන්න ප්‍රවණතාවයකුත්, පෙනුනලු. පිරිමි අය සලකා බැලීමේදී එයාලගෙ පිරිමි යාලුවො කල් යද්දි ,ටිකක් අඩු වෙන බවකුත් පෙනුනලු.

ඉතින් අවසානයේදී පරීක්ෂකයෝ හොයලතියෙනවා සාමාන්‍යයෙන් අන්තිම්ට අපිට සමීපම යාලුවො කීයක් විතර ඉතුරු වෙනවද? කියලා අනාවරණය වුනේ ඒ ගණන 5ක් විතර කියලා මේවගේ සමාජ සම්බන්ධතා හා සන්නිවේදනයන්ට, මිතුරු ඇසුරේදීත් රටවල විවිධ, සමාජ හා සංස්කෘතික වෙනස් කම්, සාධක බලපානවා. මේ පරීක්ෂණය මගින් එකත් කියවුණා

ඉන්දිකා

උපුටා ගැනීමකි http://www.sciencealert.com/this-is-the-age-at-which-you-start-losing-friends

WiFi රවුටරය තියන්න ඕන කොහොම තැනකද ? ඒක හොයාගන්න App එකක් ඇවිත් !!



විද්යුත් චුම්බහ කිරණ භාවිතයෙන් ඇත්තටම අපිට ඈත් වෙලා ඉන්න පුලුවන් ද? අපේ වායුගෝලයේ වටා විද්යුත් චුම්බක තරංග අන්තර්ගත වෙලා තියෙනවා. අපේ ෆෝන් එක, ලප්ටොප් පරිගණකයටත් Wi-Fi සංඥා ලැබෙන්නෙත් මේ විද්යුත් චුම්බක තරංග හරහා තමයි

අඩු හෝ වැඩි වශයෙන් නවීන සන්නිවේදනය තුල විද්‍යුත් චුම්බක තරංග භාවිත වෙනවා. ඔයාගේ කාරයේ ඇන්ටනාව මගින් එහෙමත් නැත්නම් බිත්ති බැමි හරහා මේ තර්ංග රැගෙනවිත් තමයි ඇතුලේ ඉදන් ඔයාට ජංගම දුරකතන ඇමතුම් තුම්ගන්න පුලුවන් වෙන්නේ

මේ ආධාරයෙන් තමයි රෙඩියෝ සංඥා ලෝකේ වටේ ගෙනියන්නේත්. (ඒවායේ පරාසය වැඩි කරමින්) ඒ තර්ංග ලබෙනේ ඉහල වායුගෝලයේ සිටයි. ඉතා ඉහල දී වායුගෝලය plasma තත්වයට පත්ව පරමාණු දෙදරා, වෙන්ව ඉලෙක්ට්‍රෝන මවු න්‍යෂ්ටිය තුලින් ඉවත්ව යයි

ඔයාලගේ රැහැන් රහිත ඇති රවුටර (Wireless) ඇන්ටනාව මගින් විද්යුත් චුම්බක කිරණ නික්මෙන්නේ, විදුලි ධාරාවේ 2.4GHz දී (තත්පරයට බිලියන 2.4 වාරයක් ) සිදුවන පොඩි දෝලනයක් නිසයි ඉතින් ඒ ගැන කල පරීක්ෂණයක්දී , (Wi-Fi සංඥා පරීක්ෂාවට -සිතියමක් යොදා ගැනුනි )කියවුනේ , Wi-Fi සංඥා පහසුවෙන්ම යන්නෙ නිදහස් ප්‍රදේශ වලින් කියලයි , ඒ කියන්නේ බිත්ති /තාප්ප තියෙන තැනකට වඩා හොදින් හිස් /නිදහස් තැනක රවුටරය තියන එක වඩා සුදුසුයි කියනවා ,

Wi-Fi සංඥා පරාවර්තනය වීමේදී ඒව එකපිට එක ගැටිලා පිටවෙනවා (අහෝසිවී) ,එවිට ඒවා සෙන්ටිමීටර කීපයකට වෙන් වෙලා යනවා …එතකොට තමයි සංඥා අඩු (low signal),, ඒ වගේම රවුටරය තියෙන තැනින් සුලු වෙනසක් කලත් ඒක සංඥා වලට බලපෑමක් වෙනවාලු

පරීක්ෂකයා විසින් අවසානයේ , මේ විද්යියුත් චුම්බකතරංග ගැන සොයාගත් දේවල් ටික න් කරලා .ඒ මගින් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න පු ලුවන් විදියට (Android App) එකක් ඇතුලට ඒව අන්තර්ගත කළාලු

ඉතින් ඒ ආධාරයෙන් , ඔයාගේ රවුටරයට සංඥා හොදින් ලැබෙන තැන වැඩි කරදරයක් නොවී හොයාගන්න පුලුවන්ලු , මේ App එකෙන් ප්‍රයෝජණ වෙන්නේ විද්යුත් චුම්බකතරංග වලින් අර කීව්වා, වගේ අන්තර්ජාල සම්බන්ධතා ශක්තිමත් කරන්න විතරක් නෙවෙයි ,

එය ගණිතමය වශයෙන් වුනත් තවත් ගොඩක් අරමුණු වලට යොදා ගන්න පුලුවන් , ඒ මගින් ඔයාට මුදල් උපයන්න වුනත් පුලුවන්. ඇප් එක බාගන්න

 ඉන්දිකා උපුටා ගැනීමකි 

http://mashable.com/2015/03/25/electromagnetic-radiation-router/?utm_cid=mash-com-fb-main-link#r2iD4PoLLmqE

ජංගම දුරකතන භාවිතය මගින් පිළිකා සෑදිය හැකි බව දැන් තහවුරු වෙලා!



ජංගම දුරකතන භාවිතයනිසා පිලිකා හැදෙන්න පුලුවන් බව කලින් විවිධ පර්යේෂකයන් කියලා තිබුනත්, ඒක පිළිගන්න පැහැදිලිව ප්‍රමාණවත් තරම් සාක්ෂි දක්වලා තිබුනේ නැහැ.

ඒක නිසා ඒ ගැන විවාද තිබුනා ..ඔන්න ජ්ංගම හා පිලිකා ගැන මෙතෙක් කල මහාපරිමණ ගැඹුරු පරීක්ෂණයක්, පරීක්ෂකයන් පිරිසක් යොදා, ලොකු වියදමකුත් දරලා, ඇමරිකා රජය මගින් කරවලා තියෙනවා. අවුරුදු කීපයක අධ්‍යයන හා පරීක්ෂණවලින් අන්තිමට එයාලා, පැහැදිලිව ජංගම දුරකතන හා පිලිකා අතර සම්බන්ධයක් පවතින බව අනාවරණය කරලා තියෙනවා

ඒකට පිරිමි මීයන් 2500 කටත් වැඩි ගණනක් යොදාගෙන, රේඩියෝ තරංග (ජංගම දුරකතන වල )යොදාගත්තලු, අවුරුදු 2ක් විතර අද්‍යන කලාලු, ඒකෙදි ජංගම වල රේඩියෝ තරංග කිරණ (radio-frequency radiation) වලට හසුවූ මීයන්ගේ මොලයේ හා හදවතේ යම් ඉදිමුමක්/ගෙඩියක් වැනි (Tumours) දෙයක් දක්නට ලැබුන අතරේ, ඒවාට අනාවරණය නොකල මීයන්ගේ එහෙම වෙනසක් නැති බවත් සොයාගැනීමෙන්,

මෙතෙක් විවාදත් එක්ක, හරියට තහවුරුව නොතිබූ කරුණ "ජංගම දුරකතන වලින් එන, කිරණ නිසා පිලිකා හැදෙන්න පුලුවන් බව" හා අපේ ශරීරයට ඕනම වයසක කෙනෙක්ට ඒවා අහිතකර අන්දමින් බලපාන බව පැහැදිලිව තහවුරු වුණා …

පිලිකා වලින් ආරක්ෂා වීමට කරුණු 13ක් :-


  1. දුම් පානය නතර කරන්න 
  2. අහිතකර UV කිරණ සහිත තද අවුවේ යාමෙන් වලකින්න 
  3. රතු මස් කෑම අඩු කරන්න - පිරිමින්ට දවසට රතු මස් -ග්‍රැම් 30 හා ගැහැනුන්ට -ග්‍රැම් 25ක් ප්‍රමාණවත්. 
  4. කෙදි සහිත ආහාර වැඩියෙන් ගන්න -ඒවා අයින් කල (ක්‍රියාවලි වලට ලක් වූ ) ආහාර මෙයට උදව් නොවේ. 
  5. දිනකට පලතුරු පංගු 2ක් හා එලවලු පංගු 3ක් ගන්න 
  6. ස්තූලතාවයෙන් මිදෙන්න ප්‍රමානවත් ව්‍යායම් හා නිවැරදි පාලනයකින් ආහාර ගන්න . පැපිලෝමා හා සෙංගමාලය වැනි වෛරස රෝග හැකිතාක් වැලකෙන්න , ඒවා පිලිකාවට හේතු විය හැක 
  7. මත්පැන් වලින් මිදෙන්න 
  8. දිනකට පැයක් වත් ව්‍යායාම් කරන්න - එකතැන වාඩිවී සිටීමෙන් හදවතට අවශ්‍ය රුධිර පොම්ප කිරීම නිසි ලෙස සිදු නොවේ. 
  9. හෝමෝන-ආදේශක තෙරපි වලින් වළකින්න (මින් සමහර පිලිකා ඇතිවිය හැකි අතර , තවත් වර්ග වල පිලිකා වැලකීමටද හේතු වේ) 
  10. මාස 12 ම හරියට මවුකිරි ලබා දීම මගින් පියයුරු පිළිකා වලකයි . 
  11. උපත් පාලන පෙති භාවිතය පියයුරුපිලිකා වලට හේතු වන අතර ගර්භාෂ පිලිකා වලකයි. 
  12. Aspirin භාවිතය මගින් සමහර පිලිකා වලක්වගත හැකි බව, අලුතින් සොයාගෙන තිබුනත් , ඒවා මගින් අඝාතය වැනි තත්ව සෑදිය හැක …(මෙය ඒ තරම් පිලිගත් තහවුරු කරුණක් නොවේ .) 


ඉන්දිකා උපුටා ගැනීමකි http://www.independent.co.uk/life-style/health-and-families/health-news/can-your-phone-give-you-cancer-new-study-says-it-could-a7051516.html

රාත්තල් 60,000ක ශටල ඉන්ධන ටැන්කියක් ලොස් ඇන්ජලීස් පාරවල් දිගේ ගෙන යයි!!






ගිය සෙනසුරාදා, දින අවසන්වරට ඉතිරි වූ ගුවන් ශටලයක බාහිර ඉන්ධන ටැන්කියක්, (ET-94), ලොස් ඇන්ජලීස් නුවර විදී (405 මාර්ගය) දිගේ කැලිෆෝනියා විද්‍යා මධ්‍යස්ථානය වෙත අරන් ගියාලු

විශාල බරකින් යුතු මේ ටැන්කියේ (රාත්තල් 60,000ක් ) උස තට්ටු 15ක ගොඩනැගිල්ලක් තරම් ලු මෙය සැතපුම් 16ක අමාරු මාර්ගයක් හරහා තමයි විද්‍යා මධ්‍යස්ථානය වෙත අරන් යන්න තිබුනේ. ඒ වගේම කලින් මෙහෙයුමට ඒක පාවිච්චි කරලත් නෑහැලු.

ගමන ආරම්භකලේ මධ්‍යම රාත්‍රියේදී මරියානා (Marina del Rey) සිට ගොඩ බෑමෙන්ලු (බදාදා) ඉතින් මෙය වීදියේ, ගමන් ගන්න වේගය පැයට සැතපුම් 5 ක් විතරලු. ඉතින් කැලිෆෝනියා විද්‍යා මධ්‍යස්ථානයට ලගා වෙනකොට පැය 13ක් 18ක් විතර ඒකට යයි කියලයි, ගණන් බලලා තිබුනේ . ඉතින් ඉන්ජිනේරුවොත් 30 ගෙන් විතර උපදෙස් අරන් වැඩ කරලා තමයි මේක පාරේ අරන් යන විදියක් හොයාගෙන තියෙන්නේ

මේ ටැංකිය නාසා ආයතනයට ගෙනල්ලා තියෙන්නේ කොලොම්බියා ශටල අනතුරට කලින්ලු. . දැන් නාසා ආයතනය මේක කැලිෆෝනියා විද්‍යා මධ්‍යස්ථානයට පරිත්‍යාගකරන්නලු යන්නේ …. ඉතින් මීට කලිනුත් ලොස් ඇන්ජලීස් වල වැසියන්ට මේ වගේ අවස්ථාවක් දැක ගන්න ලැබුනලු …ඒ 2012 දි නාසා හි Mission 26: Big endeavor ශටලය ලොස් ඇන්ජලීස් වීදී දිගේ Martin Luther King Blvd වෙත ගෙන යන විටදී

ඉතින් මෙවර මේ ඉන්ධන ටැන්කියත් කැලිෆෝනියා-විද්‍යා මද්‍යස්තානයට ගෙන ගියාම, විශ්‍රාම ගැන් වූ ශටල, කොටස් කාණ්ඩයම (ගුවන්-දෘඪාංග) ඒකියන්නේ ශටලයක කක්ෂගත කරණ උපාංගය, බාහිර ඉන්ධන ටැන්කිය, හා ඝන රොකට්ටු-හුවනය (rocket booster) එකටම නරඹන්න අවස්ථාවක් ඇති ,ලෝකයේ තිබෙන එකම ස්ථානය එය වෙයි!!

ඉතින් මේ දුර්ලභ අවස්ථාවක් වූ -ගුවන් ශටල විශාල ටැන්කියක් පාරේ ගෙනියන හැටි බලන්න , ඡායාරූප ගන්න , වීඩියෝ කරන්න මග දිගටම විශාල පිරිසක් එක්‍රොක් වෙලා හිටියලු ….

 ඉන්දිකා 
උපුටා ගැනීමකි http://www.npr.org/sections/thetwo-way/2016/05/21/478992076/a-66-000-pound-space-shuttle-fuel-tank-is-parading-through-the-streets-of-la

ආසියාතිකයන්ගේ විදේශ රැකියා ටිකත් -රොබෝ බලකායට යන අවදානමක….. !!

ඔයාලට මතක ඇති කලින් ලිපියකින් කතා කළා, තාක්ෂණයෙන් දියුණු රටවල් මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සදහා මිනිස් ශ්‍රමය වෙනුවට, රොබෝ ස්වයංක්‍රීය බලකා යොදා ගන්න නව ප්‍රවණතාවයක් තියෙනබව


ඔන්න ඒක තව දුරටත් තහවුරු වෙන කතාවක් තමයි Adidas කියන්නේ ජර්මනියට අයත් ලොව විශාලතම ක්‍රීඩා අදුම් පැලදුම් හා උපකරණ නිෂ්පාදනය කරන සමාගමක්. වැඩිහරියක් මෙයාලගේ කර්මාන්ත වලට මිනිස් ශ්‍රමය යොදාගත්තේ ආසියානුවන්ගෙන්. ඒක නිසාම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ආසියාවේදි තමයි කෙරුනේ. ඒත් දැන් එයාලත්, ඒ මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර රොබෝ වරු යොදාගෙන අලුත් කර්මන්තශලාවක් එයාලගෙ රටේම (ජර්මනිය) නැවත ස්ථාපිත කරන ගමන් එහි නිෂ්පාදනයට යොමු වෙලා.

හැබැයි ඒකෙන් ආසියානු ශ්‍රමිකයන් මුලුමනින්ම ඉවත් කරන්න අදහසක් නැහැලු ඒක හදිසියේ කරන්න අදහසකුත් එයාලට නැහැ. ඒ විදියට රොබෝලා යොදවලා ජර්මනියේ හදපු සපත්තු නිෂ්පාදන මුලින්ම 2017 සිට අලෙවි කරයි. ඒවා ඔවුන් ආසියාවේදි හදලා දුන්න මිලටම අලෙවිකරන්නත් පුලුවන්ලු සමාගමේ ශ්‍රමිකයන් මිලියන 1ක් විතර ඉන්න නිසා නිෂ්පාදන පිරිවැයත් වැඩියිලු.

දැන් නම් ඒකට හොද විසදුමක් ලැබෙයි මින් ඔවුන්ගේ අනාගත වෙලදපොලේ වැඩි වන ඉල්ලුම් ඉලක්කයන් සපුරාගන්නත් ඉක්මනින් වේගවත්ලෙස නිෂ්පාදනයන් සැපයුමට හා යැවීමට පුලුවන්ලු. මහාපරිමණයෙන් එහි නිෂ්පාදන 2017 දී පමණ පටන් ගන්නවලු.

ඒ අවුරුද්දේම ඇමරිකාවේත් අලුත් Speed factory එකක් පටන් ගනී. ඔවුන්ගේ දිගුකාලීන අරමුණු විදියට මේ වගේ තාක්ෂණික කර්මාන්තශාලා බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේත් අරඹන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදි ජර්මනියේ ලෝක පාපන්දු කණ්ඩායමට අවශ්‍ය ටීෂර්ට් එයාලගේ මවු රටෙන්ම නිෂ්පාදනය කරලා දෙන්නත් ඔවුන් බලපොරොත්තු වෙනවා.

ඉතින් මේ අලුත් ස්වයිංක්‍රීය බලකා සේවකයන් නිසා සමාගම් වලට වාසි වුනත්, මේ නැතිවන රැකියාවල, මිනිස් ශ්‍රමිකයන්ට ඒ වෙනුවට දෙන විසඳුම් මොනවාද? කියන එක නම් ලොකු ගැටලුවක්.

 ඉන්දිකා 

උපුටා ගැනීමකි http://www.theguardian.com/world/2016/may/25/adidas-to-sell-robot-made-shoes-from-2017

මිනිස් රැකියා එක්ක තරගයට එන රොබෝ බලකාය!!



Foxconn කියන්නේ ලෝකේ තියෙන ලොකුම electronic නිෂ්පාදන කර්මාන්තශාලා සමාගමක්. ලෝකෙ තියෙන ප්රකසිද්ධ තාක්ෂණික භාණ්ඩ බොහෝමයක් නිෂ්පාදනයට මේ, Foxconn උදවු වෙනවා Apple-iPhone,iPad, Samsung's Galaxy phones, Sony PlayStation4 වගේ ජංගම දුරකතන නිෂ්පාදනයනයටත් එයලා උදවු වෙනවා. ලගදි ලැබුන ආරංචියක් අනුව එම සමාගමේ රස්සාවල් 60,000 අහොසි කරලා. ඒ රස්සාවල් කරන්න රාෙබෝලා හදලා. හරි පව් වැඩේ මොකද රස්සාවල් 60,000 කියන්නේ එසේ මෙසේ ගානක් නෙමෙයි.

මෙ වගේ මහාපරිමාණ නිෂ්පාදන කර්මාන්ත වලදී, මිනිස් ශ්‍රෂමය යොදා ගැනීමට වඩා, එහි නිෂ්පාදනයන් වල නාස්තිය අවම කිරීම, ගුණාත්මක බව වැඩි කිරීමට හා විශේෂයෙන්ම නිෂ්පාදනය සමග වේගයත් වැඩි කරගැනීමට රොබෝ වරු ස්වයංක්‍රිය යන්ත්‍රෂ ක්‍රම ටිකක් වැඩිපුර යොදා ගැනීමට තාක්ෂණය අතින් දියුණු රටවල් බලපොරොත්තු වෙනවා. ඒ මගින් මිනිසුන් යොදා වැඩ කිරීමේදී සිදුවන ගොඩක් ගැටලු වලට පිලියම් ලැබෙන බව ඔවුන් කියනවා. ඉතින් Foxconn ඔවුන්ගේ “පුනරාවර්තී - වැඩ සටහන් වලට” , මිනිස් ශ්රමය වෙනුවට රොබෝ ඉන්ජිනේරුකරණය හා අනෙකුත් තාක්ෂනික නව ස්වයංක්රීය නිෂ්පාදන බලකා ක්‍රම වලට යොමුවෙමින් ඉන්නවලු හැබැයි. ඔවුන් මේ ස්වයංක්‍රිය බලකාය චීනයේ තමයි ඉන්නේ.

ඉතින් මිනිස් කම්කරුවන් පාලනයට වඩා මේ රොබෝවරු යොදගැනීම පහසුයි හා වාසියි කියලා තමයි ඔවුන් කියන්නේ ...කලින් ඇමරිකාවේ McDonald අයිතිකරු කියන්නේ, පැයක මිනිස් ශ්‍රමයට ඩොලර් 15ක (රැපියල් 2500 විතර) වැටුප් ගෙවනවට වඩා ඩොලර් 35000ක් දීලා එකපාරට ඊට වඩා කාර්යක්ශම රොබෝලා වැඩට ගන්න එක ලාභයි කියලා. කොහොමවුනත් ආර්ථ්ක විද්යාටඥයන් නම් කියන්නේ, ඒ තත්වය රටක ආර්ථිකයේ අස්ථාවරත්වය ඇතිකරන්න හා සේවා වියුක්තිය ඉහල යාමේ අහිතකර තත්ව ඇති කිරීමට හේතු වන බවයි. ඉතින් ඒ විදියට ගියොත් ඉදිරි දශක 2 තුල මේ ස්වයංක්‍රිය බලකායට 35% විතර රස්සාවල් පරිවර්තනය වෙයිලු ඒ වගේම ඉදිරි දශක 4 හෝ 5 තුල 50% විතර රස්සාවල් මේ ක්රකමයට යයි කියලා විද්වතුන් අනාවැකි කියලා තියෙනවා.

ඉන්දිකා
උපුටා ගැනීමකි http://www.theverge.com/2016/5/25/11772222/foxconn-automation-robots-apple-samsung-smartphones

පුරාණ උල්කාපාත ගැටීම් නිසා “අයිස් සුනාමි” අගහරු මතින් ගිහින් තියෙන්න පුලුවන්ලු

සුන්බුන් වලින් උපකල්පන වුනේ, එහි පුරාණ සයුරේ සුනාමි 2ක් ඇතිවනට ඇති බවයි අගහරු මත ජලය විශාල ලෙස තිබුණ බවට සාක්ෂි කලින් ගොඩක් ලැබුනා සමහර සාක්ෂිවලින් පෙනුනේ, එහි උත්තර ධ්‍රැවය වැසී යන ලෙසින් (අයිස් ලෙස) විශාල සාගරයක් තිබෙන්නට ඇති බවයි ඒත් එහි සාගරයක පැවැත්ම ගැන විවාදත් තිබෙනවා

ඉතින් පරීක්ෂක කණ්ඩායමක් මේ ගැන හොයා බලලා තියෙනවා ඒ අනුව අගහරුගේ එක් ප්‍රදේශයක එවැනි සුනාමි 2ක් තිබෙන්නට ඇති යයි අනුමාන යම් යම් සාක්ෂි ලැබිලා තියෙනවා. සාගර අයිස් වල දියවීමක් මගින් අගහරුගේ වෙරළ තැනිතලා හරහා ගමන් කර ඇති බවත් කියැවෙනවා

ඒ වගේම අගහරු මත තැන්පත්ව ඇති ඩෙල්ටාවක් මගිනුත් සාගරයක් සුනාමියක් ගැන උපකල්පන කරන්න පුලුවන්ලු ඒ වගේම Arabia Terra කොටසක් සැලකීමේදී , එහි උල්කාපාතයක් , කැබලි වී ගොස් , 30m පුලුල් ආවාටයක් සෑදෙන්නට හැකියි සෑම අවුරුදු මිලියන 15කට වරක්ම මෙවැනි සිද්දියක් ඇති විය හැකියි කියනවා.

ඒ වගේම අගහරුගේ දුර්වල ගුරුත්වාකර්ශණ බලය සැලකීමේදී හා දේශීය /භූගෝලීය කරුණු මගිනුත් , එහි , සගර ජල මට්ටම 120m දක්වා ඉහල නැගීමේ හැකියාවත් තියෙනවා ..එයත් සලකුණක් , වෙනවා .එහි ගල් වල පින්තූර සලකා බැලීමේදීත් , ඒවා ඇති ප්‍රදේශ , ඒවායේ හැඩයන් හා බෙදීයාම් සැලකීමේදීත් සුනාමියක් ගැන හිතන්න පුලුවන්ලු ……

අගහරුගේ වෙරල උස හා වැඩි ගැඹුරකින් යුතු යයි සාධක වලින් උපකල්පනය වෙනවා ….කොහොමවුනත් , පිටතට පෙනෙන වෙරල , එහි සම්පූර්ණ ද්‍රෝණිය පුරාවට දකින්න ලැබෙන්නෙත් නෑ….උත්තර ධ්‍රැවයේ සගරය යම් හැකිලීමක් ද පෙන්නුම් කෙරෙනවා , අවට තැනිතලා වල නැවත මතු වීමක් ද දැකිය හැකියි .

මේවා එක්ක සාගරයක් සුනාමි ගැන විවාදත් මතු වෙනවා. ඉතින් අගහරු මත සාගරයක් තිබුණබවට ඒකාන්තයෙන්ම කියන්න බැහැ ….අනික ලැබුන සාධක වලිනුත් අපේ වගේම වූ (පිලිවෙලක් /දර්ශනීය)වෙරලක් එහේ තියෙන බව හිතන්නත් අමාරුයි…..සමහර විට මේ පුරාණ සාගර ද්‍රෝණිය හරහා වෙනත් පෙදෙසක සුනාමියක් තැන්පත් වුණා වෙනත් පුලුවන් …ඉතින් ඊලඟ පියවර ලෙස ඔවුන් Arabia Terra කොටසට ඔබ්බට ගිහිනුත් , පරීක්ෂණ කරලා බලයි !

 ඉන්දිකා

උපුටා ගැනීමකි http://arstechnica.com/science/2016/05/ancient-meteor-strikes-sent-ice-rich-tsunamis-across-the-surface-of-mars/

ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) වලින් එන අතුරු ආබාධ!!

අපි ප්‍රතිජීවක ඖෂධ රෝගාබාධ වලින් ජීවිතය බේරගන්න පාවිච්චිකරන්නේ. ඒත් සමහර අවස්ථාවලදි, මේවා භාවිතය නිසා අයහපත් ප්‍රතිපල එන අවස්තාත් තියෙනවා. මේවා වැඩිපුර ගැනීම හෝ වැරදි අසනීපයකට පාව්ච්චි කිරීමෙන්, අපේ සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට අනපේක්ෂිතව බාධා ඇති වෙනවාලු.

ඒවිතරක් නෙවෙයි, මොලයේ සෛල වලට වුනත් අහිතකර බලපාලා ඔයාගේ මතකය අඩු කෙරෙන්නත් පුලුවන්ලු! ඉතින් හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ගන්නවානම්, හා මේවට ඇබ්බහි වෙලා ඉන්න අයට නම් මේක නම් හොඳ ආරංචියක් නෙවෙයි.

 අලුතින් කල පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා, මේවයින් අතුරු ආබාධ ඇති කිරීමට හේතුවක් වන බව. වෛද්‍යවරුන් වුනත් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමේදී පරිස්සම් වන්න ඕන. පලමුව පරීක්ෂකයෝ නිතර භාවිත වෙන විවිධ-ප්‍රතිජීවක ඖෂධ වර්ග 12ක් රෝගීන් පිරිසකට දීලා, පරීක්ෂාකරලා තියෙනවා,(රෝගීන් 857කගේ වර්තාත් අධ්‍යයනයට යොදාගෙන තියෙනවා ) රුධිර පටක බද්ධ කළ හා අස්ථි බද්ද, පිලිකා වැනි රෝගී තත්ව වලදී මෙවැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා දෙනවා

පරීක්ෂාවෙදි ප්‍රතිජීවක ඖෂධ වර්ග 2 ක් මගින් රෝගින් කොටසකගේ අහිතකර ක්ෂුද්ර ජීවීන්ට (විෂභීජ ) අහිතකර බලපෑමක් වුනා වගේම , ප්‍රතිශක්තිය(වසාපද්ධතියයට) අදාල හිතකර ක්ෂුද්ර ජීවීන්ට ද යම් අහිතකර බලපෑම් සිදුවූ බව අනාවරණය කරගත්තා ...ඒ වගේම මෙවැනි ප්‍රතිජීවක ඖෂධ දිගටම ගැනීම මගින් , පසුකලකදී මේ ඖෂධ වලට “ප්‍රතිරෝධක “විශේෂ ක්ෂුද්ර ජීවීන් බෝවෙන්නත් පුලුවන්ලු ……

ඉතින් මේ විදියටම මීයන් ටිකකුත් යොදාගෙන කල පරීක්ෂණයදීත් හෙළි වුනේ , ප්‍රතිජීවක ඖෂධ වල බලපෑමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතියයට බලපෑමක් වෙමින් වසා සෛල අඩු වීමක් ද වූ බවයි ….දෙවනුව පරීක්ෂකයෝ මීයන් බොන වතුරට ප්‍රතිජීවක ඖෂධ දියකරලා , සති 7ක් අධ්‍යයන කළාම ,අර කලින් කියපු ප්‍රතිශක්ති-පද්ධතිය (වසා පද්ධතියයට ) කෙර්න අහිතකර බලපෑම තව දුරටත් මේකෙනුත් තහවුරු වුණාලු ….

ඊට යොදාගත් -මීයන්ගේ මොලයේ සෛල වලට වන බලපෑම හොයද්දී , මොළේ සෛල වල /නිපදවීමේ (monocytes -අඩු වීම ) යම් අඩු වීමක් දැක්කලු …ඒකෙන් උන්ගේ මතකයට වූ බලපෑම හොයන්නත් -පරීක්ෂණයක් කරලා බැලුවම , මතක ශක්තියේ අඩුවීමකුත් පෙනුනලු ..කොහොම වුනත් , ව්‍යායාම් වල යෙදීමෙන් හා හිතකර බැක්ටීරියා අඩංගු cocktail ගත්තම මේ ප්‍රතිජීවක ඖෂධ වල අහිතකර බවෙන් ටිකක් දුරට බේරිලා ඉන්නත් පුලුවන් බවත් වැඩි දුරටත් කියැවුණා …

 ඉන්දිකා
උපුට ගැනීමකි http://arstechnica.com/science/2016/05/antibiotics-side-effects-include-immune-disease-and-fewer-brain-cells/

ඉස්සරහට microsoft වලිනුත් ත්රස්තවාදයට වැට බඳින්න යනවලු !

මයික්රෝසොෆ්ට් සමාගමේ සේවා මගින් ත්රස්තවාදය වපුරන්න ඉඩක් නොලැබෙන ලෙස හා අනාගතයෙදී මේ වාගේ වැරදි සිදුනොවීමට අවශ්යා පසුබිමක් හදා ගන්න, අලුතින් නීති හදුන්වලා දෙන්න යනවා ඒකට ඔයාලගෙත් සහයෝගය අවශ්යල වෙනවා

ඉතින් මයික්රෝුසොෆ්ට් සේවා වූ Xbox Live, Outlook පාරිභෝගිකයන්ගේ භාවිත වල , ලිපි හුවමාරු, වෙබ් අඩවි / blog post වගේ සේවා සම්බන්ධයෙන්, ත්රස්තවාදය ගැන අදහස් වැපිරීමර පෙලබවීමට ඉඩකඩ ඇහිරෙන ලෙසට නීතී ගේන්න වෙනවාලු

ඒ අතරේම සමාගමේ පාරිභෝගිකයන්ගේ තොරතුරු ලබා ගැනීමේ අයිතීනුත් ආරක්ෂ කරගන්න ගමන්ම මේවා ක්රිභයාත්මක කිරීමත් වැදගත්. ඒ විදියට “ත්රවස්තවාදයට පෙලබවීම් දායක වීම” කියලා කියන්නේ. එක්සත් ජාතීන්න්ගේ ආරක්ෂක කොමිසම මගින් ත්රීස්තවාදීන් ලෙස සම්බාධ ලයිස්තු ගතව සිටින ආයතන සංගම් පුද්ගලයන් මගින් post කරන දේවල්, ඒ වගේම ත්රස්තවාදයට පොලබවන රූපක (graphic), හා ඒ හා සම්බන්ධ සියලු ක්රි යාවන් හෝ ඒවා අනුමත කිරීමක් හෝ එවැනි ත්රස්ත-සංවිධාන වලට මිනිසුන් සම්බන්ධ කරගැනීමට කුමන ආකාරයට හෝ සහාය දීමත්ය

ඉතින් ඒ අලුත් නීතිය ක්රිමයාත්මක කරන්න , ඉදිරියේදී Microsoft සමාගමට , එහී සේවා වලින් ත්රස්තවදයට දායක වෙන ක්රි්යා (පෝසට් මගින් එවැනි රූප/හඩපට /වීඩියෝ/විස්තර ) පිටපත් කිරීම් මගින් හදුනගන්න පුලුවන් වෙන ස්වයංපාලන-තාක්ෂණික ක්රමවේදයක් ගෙන එන්නත් සිදුවේවි .

 ඉන්දිකා 

උපුටා ගැනීමකි http://www.engadget.com/2016/05/21/microsoft-versus-terrorist-content/

බ්රහස්පතීගේ චන්ද්රයා "යුරෝපා" තුල ඇත්තටම සාගර ජීවයක් තියෙන්න පුලුවන්ද???


මෑත භාගයේ ඉදන් අපේ පෘථිවියට අසල්වැසි ග්‍රහයන් ගේ යම් වාසයන් පැවැත්මවල් තිබිය හැකි බවට විවිධ පරීක්ෂණ හා නිගමන සිදුකෙරුණා. 1990 දි නාසා ආයතනයේ Galileo mission මගින් බ්‍රහස්පතීට අයත් චන්ද්රයෙක් (උපග්‍රහයා) වූ යුරෝපා සොයා ගත්තා

එය ප්‍රමාණයෙන් අපේ පෘථිවි චන්ද්‍රයා තරම් ලු. එය අපේ මුලු ලෝකයටම තියෙන ජලය හා අයිස් වලටත් වැඩි ප්‍රමාණයෙන් යුතුලු. කලින් එහි කල පරීක්ෂණ් වලදී එයින් ඉතා ඝන අයිස් මතුපිටක් සොයා ගැනීමත් සමග එහි හිම වැස්මට (මතුපිටට) යටින් අයිස් දියර සාගරයක් තිබෙන බවත් පැවසිණි. යුරෝපා කියන්නේ බ්‍රහස්පතිගේ ලොකුම චන්ද්රයායි.

ඒ වගේම මෙය ඉතා ශීත උපග්‍රහයෙක් ලෙස සැලකෙන්නේ, (අංශක -350 තරම්) එනිසා එය ඇත්තටම පෘථිවියට සමාන කරන්න අමාරුයි එහි අලංකාර බව පේන්නේ වීකිරණ ඉහල ප්‍රතිශතයක් එහි අඩංගු නිසායි. ඒ වගේම ”යුරෝපා’ පිහිටලා හියෙන්නේත් පෘතුවියේ ඉදලා සැතපුම් මිලියන 390ක් ඈතිනුයි.

කොහොම වුනත් අලුත්ම උපකල්පන අනුව එහි සාගරයේ යම් පැවැත්මක් සහිත වාසයක් තිබිය හැකි යයි අනුමාන කරන, අතර තවත් විද්වතුන් කියන්නේ. අදික සීතල හා විකිරණ ගතිය නිසා මිනිසාට නම් එහි වාසය කිරීමට කොහෙත්ම හැකියාවක් නැහැ කියලයි!

එහි සාගරයතුල, බොහෝවිට සාගර ජීවයක් වාසයක් ද තිබීමට ඉඩ ඇතියි කියන උපකල්පනය මත වැඩි දුර පරික්ෂණ කෙරෙනවා ඒව කොහොම වුනත් මේ අයිස් තට්ටුවට යටින් වූ සාගරයේ පිහිනීමට අයිස් තට්ටුව යටින් ගමන් යන්න නම් අපූරු තැනක් වේවිලු ඉතින් මේ අනුමාන වල ඇත්ත -නැත්ත ගැන ඔයාලට, මේ දශකය තුල (2020 දී නාසා හි මේ බ්‍රහස්පතිගේ යුරෝපා මෙහෙයුම සම්පූර්ණකිරීමට නියමිත නිසා) බොහෝවිට බලා ගන්න පුලුවන්වෙයි !..

 ඉන්දිකා 

උපුටා ගැනීමකි http://www.huffingtonpost.com/entry/jupiter-moon-europa_us_573f42a4e4b00e09e89eed12

Egypt Air Flight 804 ගුවන් යානයේ අනතුර තවමත් අභිරහසක් තව දුරටත් පරීක්ෂණ !!


පසුගිය දා ඊජීප්තු Egypt Air Flight 804 ගුවන් යානය අනතුරට පත් වුනා එය ට හේතුව ගුවන් නියමුවාගේ කුටියට යාබදව පිහිටි නාන කාමරයකින් මතු වූ (දුම හේතුවෙන්),ගින්නක් නිසා බවත් පැවසුණා

ඒත් මේ දුම් කාන්දුවට හේතුව හොයන පරීක්ෂණ තමත් කෙරෙනවලු, ඉතින් පරීක්ෂකයෝ අනුමානය කරන්නේ ඒ විදියට යානය නියමුවාගෙ කුටියට පහලට වන්නට පිහිටි වැසිකිලිය පැත්තේ ආපු බවයි

ලැබුන පනිවිඩ දත්ත වලින් කියන්නෙත් ගින්න පරිගනක හෝ විදුලිය හා සම්බන්ධ හේතුවක් හෝ යානය පාලනයේ වරදක් නිසා අනතුර වන්නට හැකි බවයි. ඉතින් මේ Air bus එකේ, ගිය බ්‍රහස්පතින්දා අනතුර වන වෙලාවෙ මගීන් 66ක් ඉදලාලු
(පැරිස් සිට කයිරෝ යන ගමන්), සිකුරාදා ඊජීප්තු ගුවන් යානයේ සුන් බුන් හොයා ගත්තේ ,ඊජිප්තු වෙරළට සැතපුම් 180ක් ඈතින්ලු. (Mediterranean)……

 මෙය ත්‍රස්තවාද ක්‍රියවක් නිසා වුනාද? කියලත් සැකයක් තියෙනවා….. මොකද යානයේ ගින්නට හේතුව සිගරට් හෝ විදුලි කාන්දුවක් නිසා නම් මේ තරම් ඉක්මන්ට හෝ බරපතල ලෙස ගිනිගෙන දැවෙන්න විදියකුත් නෑලූ එහෙම වුනත් අඩු ගානේ ඒ ගැන රේඩියෝ ඇමතුමකින් හරි දැනුම් දෙන්න පුලුවන් කමක් තියෙනවා

ඒ වගේම පරීක්ශකයෝ, මේ යානයට යම් අවස්ථාවකදි පිටින් යම් දෙයක් ඇතුලු වුනාද? කියලත් (ආහාර සැපයීමේදී හෝ බඩු ,ගමන් මලු තබන්නන් අතරින්) සැක කෙරෙනවා …..

මේ ගැන වැඩි දුර පරීක්ෂණ කෙරෙමින් තියෙන්වා. කොහොම වුනත් යානය අනතුරට පත්වෙන්න කලින්, පැය 24දි, ගුවන් තොටුපලවල් (පැරිස් දක්වා) 4ක ම ප්‍රශ්නයක් නැතිව ගොඩ බැහැලාත් තියෙනවාලු .

 ඉන්දිකා

 උපුටා ගැනීමකි (http://www.nbcnews.com/storyline/egyptair-crash/egyptair-flight-data-shows-smoke-detected-bathroom-crash-report-n577716

ඔයත් රෑට සැර එළියකින් ජංගම/පරිගනක බලනවද ??? එහෙනම් ඔයාලත් ලෙඩ වෙන්න පුලුවන්, විස්තරය කියවලාම බලන්න!

Illinois, Northwestern සරසවියේ විද්‍යාඥයන් පිරිසක් කල පරීක්ෂණයකට අනුව කිය වුනේ , දීප්තිමත් එළිය (කෘත්‍රීම ලෙස යොදන උදා: ජංගම දුරකතන , පරිගනක වල නිල් එලිය වැනි) මිනිස්සිරුරේ පරිවෘත්තිය ක්‍රියා වලියට යම් බලපෑමක් කරන බවයි නිරෝගි පුද්ගලයන් 19 දෙනෙකු යොදා දින 4ක් පමණ රසායනාගාරයක තියලා පරීක්ෂණ කලා පළමු දවස් 2දී ඔවුන් සියලුම දෙනා, මද එලියක (dim light) පැය කීපයක් තැබුවා

පසුව , 3වන දවසේදී එයාලව කණ්ඩායම් වලට බෙදුවා ….එක කොටසක් මධ්‍යහනට පෙර පැය 3ක්, අර කලින් කීවා, වගේ සැර -නිල් එළියක පැය 3ක් විතර තිබ්බ.. අනෙත් කට්ටිය කොටසත් ඒ විදියට සවස්/රාත්‍රි කාලයේ -සැර එලියේ පැය කීපයක් තැබුවා ….. නිගමනය වුනේ, දීප්තිමත් එලිය මගින් (විශේෂයෙන්ම සවස් හෝ රාත්‍රි කාලයේදී ) සිරුරේ ඉන්සියුලින් බලපෑම වැඩි වීමක් වන බවයි

එය දිවා කාලයට කලින් හෝ මද එලියේ තැබූ අයට එවැනි වැඩි බලපැමක් නොවන බවයි . රත්‍රී හා සවස් කාලයේදී නැතිනම් රාත්‍රි කෑමට පසු ,එවැනි සැර එලියකදී , ඉන්සියුලින් - හෝමෝනය මගින් සිරුරේ සීනි පාලනයයක් කිරීමට හෝ නියමිත මට්ටමේ තබා ගැනීමට (ස්ථාවර නැත) නොහැකි බවත්‍ය

ඒ අනුව ඉන් ඔබේ බර වැඩි වීම හා දියවැඩියා අවදානමකට හේතු වන බවයි ,……. ඉතින් ඔයාලත් ඒ වගේ සැර එලිය සහිතව (full brightness) ජංගම දුරකතන / ටැබ්/ පරිගනක සවස හෝ රැට නින්දට යද්දි වගේ පාවිච්චිකරනවා නම්, එය ඔබේ සෞඛ්‍යයට බලපාන බවත් මතක තියාගන්න!

 ඒවයේ එලිය (brightness) වැඩි කරලා, බලන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වෙන්න. කොහොම වුනත් මේ කතාව ඇත්ත බව තහවුරුවුනත් , එහෙම වෙන්නේ ඇයි? කියලා හේතුවනම් හරියට කියන්න අමාරුලු .

 ඉන්දිකා
 උපුටා ගැනීමකි http://www.sciencealert.com/checking-your-phone-at-night-could-be-messing-with-your-metabolism

උරගයන් සහ මිනිසුන් නිදාගන්නා විට ඇති සමානතාවය


අපි ඔක්කොම නිදා ගන්නවා මම අපි කිවවේ ක්‍රෘමි කුරුල්ලෝ සහ මිනිසුන් එලියෙන් බැලුවම අපි ඔක්කොම නිදාගන්නේ එකම විදිහට වගේ පේන්නේ හාන්සිවේලා ඇස් වහගනෙ නොසෙල්වී ඉන්නවා නමුත් මොලය පරික්සා කලොත් කුරුල්ලෝ සහ ක්ෂිරපාහී අතර සමාන කමක් තියනවා කියලා තමයි මෙතෙක් දැනගෙන හිටියේ සාමාණ්‍ය නින්දකදී මොලයේ ක්‍රියා කාරත්වය කාන්ඩ දෙකකට කඩන්න පුලුවන් ඒතමා ලැසි තරංග නින්ද සහ වේගවත් අක්ෂි චලනය නින්ද හැබැයි දැන් පර්යේෂන වලින් හදුනා ගෙන තියනවා උරගයින්ටත් මේවගේම කාන්ඩ දෙකක් තියනවා කියලා ඒකියන්නේ අර කලින් කියපු ලැසි තරංග නින්ද සහ වේගවත් අක්ෂි චලනය නින්ද මාරුවෙන් මාරුවට තියන එක පර්යේෂකයයේ උපකරන වල අදාරයෙන් උරග නිනද මැනලා තියනවා මේකට අධෝරක්ත කැමරා සහ උරගයන් ඇගවල ඉලෙක්ට්‍රා්ෙඩ භාවිතා කරලා මෙයින් දැනගත් විසේස දේ තමයි උරගයන්ගේ තත්පර 60ත් 90වත් අතර නිදි ක්‍රමය ලැසි තරංග නින්ද සහ වේගවත් අක්ෂි චලනය නින්ද මාරැවිම සාමානයේන් මනුස්සයන් නිදා ගන්න කොට විනාඩි 60 හා 90 අතර මෙවගේ මාරු වීම සිද්ද වේන්නේ එකියන්නේ උරගයන්ට පේන හීන හරි පොඩියි කියලද? ඒ ගැන කියන්න තරම් දැනට තොරතුරු මදි අපි මේ නිදාගන්න ක්‍රමය ඉතාම පරනි දෙයක් එකියන්නේ අවාරදු මිලියන 300 විතර පැරනි හැබැයි අපි දන්න එක දෙයක් තමයි පරිනාම වාදයට අනුව උරගයන්ටයි අපිටයි පොදු නැදැයේක් හිටපු බව එක නිසා උරල නින්ද ගැන හොයලා බලලා සමහරවිට නින්ද ගැන තව තොරතුරැ හොයාගන්න ලැබෙියි

හීනයක් හදුනාගන්නේ කොහොමද ??... හීන ගැන කියවෙන්නේ මොනවද ?



අපිට හීන පේන්නේ , අපි නොදැනුවත්වම අපේ උඩු සිත හා යටි සිත අතර සිදුවන මානසික අසමබරතාවයක ප්‍රතිපලයක් නිසා බව සාමානය පිලිගැනීමයි .මනෝවිශ්ලේෂක - Anne Cutler කියන පරිදි ඔබේ හීනය අර්ථ නිරූපණයකර අදහස තේරුම් ගැනීමට පියවර 4ක් තියෙනවා
  1. මුලින්ම හීනය අවුල් සහගත සංකා සහිත හීනයක්ද කියලා හදුනගන්න - බොහෝවිට කෙනෙක්ගේ සිත ඇතුලේ හෝ දුකක් ඇතිවිට මෙවැනි හීන පේන්නේ , දැනුවත්කිරීමක් හෝ විසදුමක් සදහා එන උත්සාහයක් ලෙසයි , 
  2. හීනයට හේතු වූ එවැනි කාරණා හොයන්න - ඔබේ ජීවිතය තුල සිදුවෙමින් පවතින යම් සිදුවීමක් ද ?දින කීපයකට පෙර වූ කතාවක්/ හැගීමක් ද ?/ නැතිනම්, නින්දට යනවිට කල්පනා කල දෙයක්ද ? හීනය ඇතුල් වූ ආකාරය සෙවීම . 
  3. හීනය හා හවුල් ව තිබූ දේවල් ටික මතක තබාගන්න. 
  4. හීනය බෙදා වෙන්කර , පුද්ගලිකව පෙලගස්වා විග්‍රහයක් කරන්න ….


මෙය ගැන පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ අදහස් ඇති වෙයි , ඇත්තටම හීනයේ අමාරුම කොටසත් මේකයි . ඒ වගේම හීනයක් අලුත් විදියට පේන්න පුලුවන් , නැවත නැවත හේතු වන සුලභ වූ පොදු හේතු ලක්ෂණ 6ක් තිබෙන බවත් …මේ අලුත් විග්‍රහයෙන් කියවුණා.
  1. ස්වභාවික ආපදා - ඔබට පාලනය කල නොහැකි යමක් ගැන කියවෙනවා ,බොහෝ විට එය කනස්සල්ලට හේතු වෙන දෙයක් වේ. 
  2. ලුහු බැදීමක් (එලවීමක්)- ඔබ යම් දෙයකට ඇති තද බැදීමක් (වගකීමක්) හෝ ඔබ කිරීමට නොහැකි යමක හිරවී (පීඩනයකින් )සිටින බව කියවේ. 
  3. පරීක්ෂණ/විභාග - වර්තමානයේ සිදුවන යමක් හා බැදී පවතින අනාගත තීරණයක් හෝ විනිශ්චයයක් ගැන නොසන්සුන් හැගීමක් ගැන කිය වේ . 
  4. අපරාධ - පුද්ගලික හා හදිසි යමක් ගැන හෝ අනාරක්ෂිත බවක් ගැන කියවේ 
  5. ඔබ දන්න පුද්ගලයන් - එය ඔබ ගැනම යම් ලක්ෂණ හෝ ඔබ හිතන චරිත ලක්ෂණයක් ගැන කියවේ . 
  6. ඔබේ ළමා කාලය හා සම්බන්ධ දේවල් - ඔබ මුහුණදෙන යම් සිද්ධියක,ප්‍රශ්නයක හෝ ගැටුමක මුල ළමා කාලය හා සම්බන්ධ බවක් හෝ ,ජීවිතේ විශේෂ තැනකදී එවැනි ප්‍රශ්නයක් නැවත පිටපත් වීමක් වැනි දෙයක් කියවේ. 


 ඉන්දිකා
උපුටා ගැනීමකි http://www.refinery29.com/dream-interpretation-meaning#slide

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මේ දක්වා පෘථිවිය වටා භ්‍රමණ 100,000ක් වාර්තා කරලා තියෙනවාලු!!

ISS ජාත්‍යනතර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටෙව්වේ 1998 නොවැම්බර් වලදි, එයට රටවල් කීපයකින් සාමාජිකයන්, හවුල් ව්‍යාපෘතියක් ලෙසට දායක වෙලා හිටියා එහි මුල් කණ්ඩායම අතර ඇමරිකාව, රුසියාව,ජපානය, කැනඩාව හා යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල සාමාජිකයන් හිටියා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඒකකයෙන් ඒකකය ගොඩනැගිලා වැඩි දියුණු වෙලා, අද වන විට පාපන්දු පිටියකටත් වඩා ටිකක් ලොකු වෙලා තියෙනවා.

ඒ වගේම අද එය නිදන කාමර 6කින් සමන්විත වාසස්ථානයක් ලු. මෙහි සාමාජිකයන් පලමු වරට වැඩ කරමින් නවාතැන් ගන්න පටන් ගත්තේ ,2000 අවුරුද්දේ ඉදන් දැනට මේ ISS එකේ නැවතිලා ඉන්න කණ්ඩායමේ සාමාජිකයන් 6 දෙනෙක් ඉන්නවා. මේ වන විට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ, සැතපුම් මානයට අනුව මේ දක්වා පෘථිවිය වටේ භ්‍රමණ ,ලක්ෂයක් පමණ වන බව වාර්තා වුනා

ඒ වගේම 1998 සිට මේ දක්වා , සැතපුම් බිලියන 2.6 ක දුරක් තරණය කරලාත් තියෙනවා එම දුර දල වශයෙන් පෘථිවිය හා නෙප්චූන් අතර ඇති දුර වගේලු

ඒ වගේම පෘථිවිය හා අගහරු අතර ඇති සාමාන්‍ය දුර මෙන් වට 10ක් තරම් දුරකට සමානයි ලු, ඒ වගේම මේ මධ්‍යස්ථානයෙන් පැයකට සැතපුම් 17500 ක දුරක් ගමන් කරනවාලු , සෑම මිනිත්තු 90 කදීම පෘථිවි වටා භ්‍රමණ කිරීමත් සිදු කෙරෙනවාලු.

 ඉන්දිකා 
උපුටා ගැනීමකි http://www.theatlantic.com/science/archive/2016/05/iss-100000-orbits/482979/


විහිලුවක් නෙවෙයි, සිංගප්පුරු බැංකුවක් දැත් මුදල් ගනුදෙනු පහසුකරන අලුත් වැඩක් පටන් අරන්

සිංගප්පූරුවේ OCBC බැංකුව අග්නිදිග ආසියාවේ API තාක්ෂණය හා සම්බන්ධවූ පලමු බැංකුව ලෙස ලොකු පියවරක් තබන්නයි යන්නේ API තාක් ෂණය (Open Application programming Interface ) යොදා ගනිමින් 3 වන පාර්ශවයේ විකාශකයන් ආයතන හරහා සම්බන්ධවෙමින් ඒ මගින් පාරිභෝගිකයන්ට හා බැංකු ගනුදෙනුකරුවන් නොවන 3 වන පාර්ශවයේ අයටත් පහසුවෙන් (අන්තර්ජාල සේවා ලෙඅස ) ගනු දෙනු පහසු කරන්න තමයි යන්නේ.

ඒ අනුව ඔවුන් ශ්‍රීග්‍රයෙන් දියුණු රටවල ව්‍යාප්තව යන fintech Ecosystem (තාක්ෂණය හා මාධ්‍ය ආදාරයෙන් සමාජ හා අන්තර්ජාල වශයෙන් සේවා/පහසුකම් පුලුල් කරන එකිනෙකට සබදතා ඇති ජාල පද්ධතියකි) යොදා ගනිමින් වැඩි විකාශක පිරිසකට හා 3 වන පාර්ශ්වයකට ද නොමිලයේ ගනුදෙනු ව්‍යාප්ත කිරීම හා සේවා හා දත්තලබා ගැනීමේ පහසුකම් ,පුලුල් කිරීම අරමුණු කරන් තමයි මේක කරන්නේ,

ඒ අනුව අන්තර් ජාලයෙන් කරන ගනුදෙනු තවත් පහසු කෙරෙනවා වැඩි පිරිසකට ආරක්ෂිතව ඒවා විවෘත වෙනවා. දැනටමත් OCBC බැංකුව මේ සේවාව ව්‍යාප්තකරමින් හා විකාශකයන් ලෙස fintech ඇරැඹූ හා දේපල වෙලදාම් සමාගම් සමග සාකචඡා කරමින් ඉන්නවාලු

ඉතින් ඉදියරියට ඔවුන් තව තවත් විකාශකයන් හා සම්බන්ධවෙමින් ගනුදෙනු සඳහා API ආර්ථිකයක් බිහි කරාවි! මේ වගේ දියුනු තාක්ෂණික ක්‍රම ඇත්තටම හැම රටකටම විශේෂයෙන්ම බැංකු ගනුදෙනු වලට ගොඩක් වැදගත්

ණය පත් වලටම සීමා නොවී අන්තර්ජාලයෙන් පහසුවෙන් ගනුදෙනු සලසන මේ වගේ විවෘත ක්‍රම ස්ංවර්ධනය හා ආර්ථිකයට ගොඩක් බලපෑම් කරනවා හැබැයි අපේ රටනම් , මේ වගේ නව තාක්ෂණ ක්‍රම බැංකුවලට හදුන්වලා දෙන්න තියා , තවම paypal ගිනුමකින් වත් හරියට ගනුදෙනු කරගන්න බැරි සීමාවල් වලට හිර වෙලා

.ඉතින් අපේ රටේ freelancer රැකියා කරන අයට වගේම වෙනත් අන්තර්ජාලයෙන් මුදල් ගනුදෙනු කරන අයටත් ඒවා අවාසියක්….. ඒකෙන් වෙන්නේ , රටට ලැබෙන විනිමයටත් සීමාවක් වෙන එකයි ……

ඉතින් මේ ප්‍රශ්න රජය මැදිහත් වෙලා ඉක්මනින් විසදගත්තේ නැති නම් ,අපි තව දුරටත් නව තාක්ෂණය හා අන්තර්ජාල ගනුදෙනුවලින් ඉස්සරහට යන එක කෙසේ වෙතත් , තව දුරටත් පසුපසට නම් යයි. ….

.ඉතින් මේ තාක්ෂණයට අවතීර්ණ වෙන්න ,කලින් අපේ රටත් අර වගේ ගැටලු විසඳාගෙන පියවරින් පියවර හරි ඉක්මනින් ඉස්සරහට යන්න උත්සාහ ගත යුතුයි …!! -

ඉන්දිකා -
උපුටා ගැනීමකි https://e27.co/no-kidding-ocbc-just-became-the-first-bank-in-southeast-asia-to-have-an-open-api-20160517/

ඉරානය, සමාජ ජාල තුලින් -“ඉස්ලාමීය නොවන ආකල්ප” වපුරන්නන් අත්අඩංගුවට ගන්න වෑයමක යෙදිලා ඉන්නවලු!!

ඉරානය ඉස්ලාමීය අදහස් ආකල්ප වලට විරුද්ධව අන්තර්ජාලය, මාධ්‍ය සමාජ ජාල තුල මතයන් හෝ වෙනත් ඉදිරිපත්කිරීම් කරන කට්ටිය, අත්අඩංගුවට ගන්න අලුත් ප්‍රයත්නයක් දියත් කරල තියෙනවා.

පසුගිය දිනක වාර්තා වූ පරිදි එරට නිරූපණ ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙබ් අඩවියක සාමාජිකය න් 8 දෙනෙකු අතඩංගුවට ගැනුනා එයාලට එල්ල වූ චෝදනාව තමයි, ඉරාන ගැහැනුන්ට අනිවාර්‍ය කර ඇති නියමයක් වූ hiijab හිස් ආවරණය නොමැතිව ගැහැනු නිරූපණ ඡායාරූප instagram photo application මගින් නිකුත් කර බෙදාහැර (share) තිබීමයි

ඊට විරුද්ධව Tehran නායකයා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් එක්ක තමයි, මේ වගේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රයත්නයක් දියත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට පත් වූ අදාල නිරූපිකාව එරට රාජ්‍ය රූපවාහිනි නාලිකාව මගින් , තමන් එසේ වෙනත් ඇදුම් වලින් සැරසී , ඡායාරූප වලට පෙනී සිටියේ , රූපලාවණ්‍ය-දැන්වීමක් සඳහා පමණක් බවත් ඒ මගින් මුදල් ඉපයීම අරමුණ වූ බවටත් සජිවව පාපෝච්චාරණයක් කරලා තියෙනවා.

ඉතින් මේ සිද්ධියත් එක්ක ඉරාන තරුණ තරුණියන් අතර දැඩි කතාබහක් හා විවිධ මත පලවෙලා තියෙනවා  ඉරානය facebook, twitter, youtube අවහිර කලත්, මිලියන ගනන් ඉරාන වැසියන්ට, Virtual private Network (VPN’s) හරහා ඒ හා සම්බන්ධ වෙන්න පුලුවන් කමක් තියෙනවා.

 ඉස්ලාමීය නොවන, එවැනි ඉදිරිපත් කිරීම් කරන්නන් හෝ දායකවීම කරනන් මැඩලීමට රජය මේ විදියට මැදිහත් වීම් දිගටම කරනවලු. ගිය අවුරුද්දේත් බටහිර පොප් ගීතයක් ගයමින් හා ඊට නර්තන ඉදිරිපත්කර එම වීඩියෝව තමන්ගේ ගිණුම් වලින් පල කල වරදට මිනිසුන් 3 දෙනෙක් හා ගැහැනුන් 3දෙනෙකුත් අත්අඩංගුවට ගත්තලු

ඉතින් ඒ විදියට එරට වැසියන්ගේ අයිතීන් උල්ලංඝනය වීම ගැන ජාත්‍යන්තරවත් කතා බහට ලක්වෙලා තියෙනවා .

 -ඉන්දිකා-

උපුටා ගැනීමකි https://flipboard.com/@thenewsdesk/business-nbfr4cs7z/iran-arrests-fashion-models%2C-blog-manager-in-social-media-crackdown/a-BFN-xduQRamwoMo6AhIgUQ%3Aa%3A43591897-db59c4b9ce%2Freuters.com

ළගදි සොයාගත් ලෝකයේ පැරණිතම පාෂාණය අවුරුදු බිලියන 4.5ක් පරණලු !!!

විද්‍යාඥයන් පිරිසක් පෘථිවියෙන් මෙතෙක් සොයා ගත් පැරණිතම පාෂාණය උතුරු අත්ලාන්තික් වල Baffin Bay හා බටහිර පැසිෆික් සාගරය ආසන්න Ontong Java Plateau ප්‍රදේශ වලින් සොයාගෙන ඇති බව පසුගියදා වාර්තා වුනා.

මේ ප්‍රදේශ දෙක එකිනෙකට වෙනස් තැන් දෙකක් වුනත්, මේ ලෝකයම මවිත කල ආරංචිය පැමිනියේ, මේ ප්‍රදේශ දෙකෙනුයි, මේරිලන්ත විශ්වවිද්‍යාලයෙ භූ විද්‍යාඥයකු වූ Richard Walker, හා ඔහුගේ සගයෝ ටිකක් තමයි මේ පරීක්ෂණ කරලා තියෙන්නේ…

ඔවුන් මේ සොයාගැනීම හදුන්වලා තියෙන්නේ , “පෘථිවියේ උපන් ලපයන්” ලෙසයි. ඒ පාෂාණ පොලව මතුපිටට පහලින් වන්නට පිහිටලා තිබෙන බවත්, එමගින් අවුරුදු බිලියන 4.5ක පමණ පැරණි අතීතයේ පෘථිවියේ සැකස්ම ගැනත් යම් තොරතුරු ඉඟි ලබා දෙනවලු …

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, වායු (ගෑස්) හා දූවිලි එකට ඇදිලා, වෙනත් ස්වභාවික හේතු නිසා ඝට්ටනයන් එක්ක වැඩිලා, කාලයක් තිස්සේ ,පරිවර්තන වෙමින් ඒවා ඒකාබද්ද වෙලා අද මේ තත්වයට ( වාසයට සුදුසු ) පෘථිවිය හැඩගැහිලා තියෙන බවයි

එහි සැකැස්ම අනුව පෘථිව තලය තට්ටු කීපයක් නිර්මාණය කෙරිල තියෙනවා ..ඒ කියන්නේ පෘථිවි මැන්ටලය (වැස්ම) ඇතුලත්ව, අපි වටේ ඇවිදින එකිනෙකට සම්බන්ධ ශීත හා ඝන පෘෂ්ඨයට/කබලට යටින් වූ උනුසුම් තට්ටුවකුත් ලෙසින් තට්ටු පිහිටලා තියෙනව කියලා තමයි විශ්වාස කරන්නේ…..

 ඔවුන් මේ ගල් කැබලි වැඩි දුරටත් පරීක්ෂාකරමින් තියුණු (දරුණු ) යුගයකින් පසු, මේ පාෂාණ අවශේෂයන් මේ තරම් (අවුරුදු බිලියන 4.5ක්) කාලයක් ආරක්ෂා වී තිබීම පුදුමයක් බවත් පවසා තිබෙනවා!…

 ඉන්දිකා
 උපුටාගැනීමකි http://www.businessinsider.com/oldest-rocks-earths-mantle-2016-5?amp

“නාන කාමර පනතක්“ නිසා උතුරු කැරොලිනාවේ අවුල් ගොඩක් ඇතිවෙලාලු!

උතුරු කැරොලිනා ජනපදයේ පසුගිය දින කීපය තුල රජය “නානකාමර පනතක් “ගේන්න යම නිසා විවිද අංශ වලින් විරෝධය මතුවෙලාලු. එරටේ ජනප්‍රිය චරිත වගේම ඇතැම් සමාගම් පවා මේ නීතියට එරෙහිව උද්ගෝශන, වර්ජන දියත් කිරීම නිසා පසුගිය දින කීපය තුල, මේ සිද්ධිය ජාත්‍යන්තර වශයෙනුත් කතා බහට ලක් වුණා.

මේ නානකාමර නීතිය හදුන්වලා තියෙන්නේ, සම/ද්වී ලිංගිකයන් හා සම්බන්ධ පාලන (anti LGBT) නීතියක් ලෙසලු. මේ ගැන විවිධ අංශ වලින් මතභේදාත්මක හා විරෝධතා තත්වයක් ඇති වෙලා, මෙවැනි නීති / තත්ව සංචාරක ව්‍යාපාරය හා තවත් නොයෙක් අංශ වලට වගේම මැතිවරණ/ඡන්ද වලදීත් කලින් ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම් එල්ල වෙලා තිබුන බව කලින් වර්තා වුනා.

ඉතින් මේ නීතියට අනුව තමන්ගේ උප්පැන්න සහතිකයේ සඳහන් ස්ත්‍රී /පුරුෂභාවයට අනුව නාන කාමර පාවිච්චි කල යුතු බවයි පවසන්නේ. මේ අතර මේ සිද්ධිය නිසා පසුගිය සඳුඳා දින රජයට අයත් වෙබ් අඩවි රැසක් හදිසියේ අවහිරවී/අක්‍රීය තිබුනා.

ඒ රජයට අයත් ප්‍රධාන වෙබ් අඩවිය මගින් සමලිංගිකයන්ට එරෙහිව නීති තද කෙරෙන බව වර්තා කරලා තිබුන නිසයි. (ncgov.org, ncgov.net, ncgov.com, np.nc.gov, governor.state.nc.us, and northcarolina.gov වැනී වෙබ් අඩවි) කොහොම වුනත් උතුරු - කැරොලිනා ජනපදයේ ප්‍රධානනම රජයේ වෙබ් අඩවිය නම් ප්‍රශ්නයක් නැතිව තාමත් වැඩ කරනවලු .

 ඉන්දිකා

උපුටා ගැනීමකි . http://money.cnn.com/2016/05/16/technology/anonymous-north-carolina/

ඉදිරියට ඇපල් ඔරලෝසුවෙන් වෛද්‍ය සේවා ලබාගන්නනත්, පුලුවන් වෙයි වගේ!...

ඇපල් සමාගම තවත් අලුත් වැදගත් සේවාවක් හදුන්වා දෙමින් තියෙන්වා …..ඒ අනුව ක්‍රීඩා ශරීර සුවතා වගේම දැන්, සුව සේවාවන් සදහාත් උදව් ඔයාලගෙ ඇපල් ඔරලෝසුවෙන්ම ලබාගන්න පුලුවන් වෙයි ඉදිරියේදී.

ඒ සඳහා ඇපල් කාර්‍ය මණ්ඩලයක් ඇපල් රසායනාගාරය තුල සිට සේවා සපයයි . මෙහි සේවාවන් හා කාර්‍යමණ්ඩල ,දවසට පැය 12 ක් හා සතියට දවස් 6ක් වැඩ කිරීමට නියමිතයිලු. මෙහි සේවා මඩුල්ල ට ඇපල් සුවසේවා මධ්‍යස්ථාන රසායනාගාර මෙහෙයවීම සඳහා සහභාගි වෙන ලෙසත් ඉල්ලසිට ඇත ඒ අනුව කුලීපදනම යටතේත් වෘත්තීමය හෙදියන්ගේ සහායද ලබා ගෙන ඇත.

මෙහි ඉතා හොඳ අධික්ෂණයක් යටතේ වෛද්‍ය උපකරණ සහාය කරගෙන තමයි , වැඩ කරන්න බලාප්‍රොත්තුව ඉතින් මේ විදියට සේවා සපයලා දත්ත රැස් කරලා ඒකෙන් මෘදුකාංගයක් හදාගෙන ඉලක්කය කලින්ට වඩා ඇපල් ඔරලෝසුව වැඩිදියුණු කිරීම. එමගින් වෛද්‍ය -සුව සේවා (උදා: හර්ද ස්පන්දන වේග අනුපාතය මැනීම වඩාත් නිවැරැදිව දත්ත සමගින් )

ඇපල් ඔරලෝසුව අධාරයෙන් ලබා ගන්න පුලුවන් මේ සේවා නිසා ඔයාලට කාලගුණ දත්ත හෝ උෂ්ණත්වය ගැන වුනත් දැන ගන්න පුලුවන්ලු…ඇපල් ඔරලෝසුවෙ මෝස්තරයක් වගේ පලදිනවට වඩා මේ වගේ වැදගත් සේවාවක් (විශේෂයෙන්ම සුව සේවා වගේ ) ලබා දෙන්න යොමු වෙලා ඉන්නවා …කලින් ඇපල් ප්‍රධානී ස්ටීව් ජොබ් ( දැනට ජීවතුන් අතර නැත )

ඔහු අග්න්‍යාශයේ පිලිකාවක් නිසා 2004 වසරේ සිට 2011 දක්වාම විවිධ ප්‍රතිකාර හා වෛද්‍යවරුන් සමග නිතර කාලය ගත කරමින් සිටින අතර තුර ඇපල් සමාගමේ ත් රාජකාරී කටයුතුත් කරමින් සිටියා . ඒ ඔහු ලබපු අත්දැකීම් නිසාම ඔහු කල්පනා කලේ ඔහු වැනි රෝගීන් වෙනුවෙන් සහාය දෙන සුව සේවා , ක්‍රමයක් ඒ කියන්නේ රෝගියාගේ දත්ත සමග පහසුවෙන් හොද සන්නිවේදනයක් වෛද්‍ය සේවා සපයන්නා ට පවත්වගෙන යන්න පුලුවන් විදියක් (මෘදුකාංගයක් ) ගැනයි . ඉතින් දැන් ඇපල් සමාගම ඔහුගේ එම හීනය හැබෑකරන්නයි මහන්සි වෙන්නේ. මෙහි සේවා වල සහාය ගැන සැකයක් තියාගන්නත් ඕන නෑ.

 ඇපල් සේවාව මෙය නිවේදනය කරන්න කලින් එහි එම සේවා සපයන්නන් ආහාර හා ඖෂධ පලක අයතනයේ ආදර්ශ සදහාත් සහභාගි වෙලා තියෙනවා.. මේ අවුරුද්දේ මුල ඉදලා මේ කර්ර්‍ය පර්යේෂණ ඉදිරියට ගෙන ගෙනයමින් ඉන්නේ . ඉදිරියේදි ඉක්මනින් ඔවුන් මේ තාක්ෂණය හා මෘදුකාංග ඇපල් ඔරලෝසුවට සම්බන්ධකරයි ..

 -ඉන්දිකා-

උපුටා ගැනීමකි http://www.businessinsider.com/tim-bajarin-says-steve-jobs-was-inspiration-for-apple-watch-2016-5

විශ්වයේ ගැඹුරුම ත්‍රිමාණ (3D) සිතියම , ඇල්බට් අයින්ස්ටයින් ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු බව සනාථ කරයි !!!

1905 දි ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂවාදය ගැන නියමයක් හොයා ගත්තා. ඒ අනුව රික්තකයකින් ගමන් ගන්නා ආලෝකයේ වේගය, ප්‍රභවය කුමක් වුනත් සමාන බවකියැවුනා  
ඔහුගේ මෙම නියමයත් එක්ක තාරකා විද්‍යාවේ නව පිටුවක් පෙරලුණා, එය විශ්වය ගැන කෙරුන මහා පරිමාණ පරීක්ෂණ රැසකදිම මූලික නියමයක් ලෙසත් යොදා ගැනුනා. මේ අතර තාරකා විද්‍යාඥයන් 1990 දී විශ්වයේ පැතිරීමත් එහි ප්‍රසාරණය/වැඩිවීම් වේගය ගැනත් පසුවසොයා ගත්තා.

ඊටත් පසු අපි කලින් කතාකල විශ්වයේ නොපෙනෙන -අඳුරුශක්ති ගැනත් අනාවරණ වුනාට පස්සේ, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යාය වැරදි බවටත් තර්ක - වාද පැමිණියා

ඉතින් මේ මතවාදය ගැනත් පරීක්ෂණ කරන්න මෑතකදි ජපන් විද්‍යාඥ Teppei Okumura, ගේ මූලිකත්වයෙන් Kavli IMPU හා Tokyo විශ්වවිද්‍යාලයයන්හි විද්වතුන්ගේ කණ්ඩායමක් පරීක්ෂණ අවුරුදු කීපයක් තිස්සේ පරීක්ෂණ කලා.

මෙයට Subaru දුරේක්ෂය යොදා ගත්තාලු. ඒ අනුව මෙතෙක් හදපු ගැඹුරුම ත්‍රිමාණ (3D) විශ්වයේ සිතියම ඔවුන් හදලා, තවත් වැඩි දුර තොරතුරුත් සොයාගෙන. කලින් හදපු (3D) විශ්ව සිතියමින් ආලෝක වර්ෂ බිලියන 10 සීමාවට විතරයි බලන්න පුලුවන් වුනේ

(අපි මේ ගැන කලින් ලිපිවලින් කතා කලා ඔයාලට මතක ඇති , හැබැයි මේ සිතියමෙ හා Subaru දුරේක්ෂය උදවුවෙන් නම් ආලෝක වර්ෂ බිලියන 12.4 සිට 14.7 දක්වා දුර බලන්න හැකියාව ලැබෙනවාලු.

ඒ අනුව එයාල ඒ සම්බන්ධ වර්තා අලුත්කරලා තියෙනවා. ඒ වගේම දුර මංදාකිණි (පොකුරු ගැහෙමින් තියෙන) 3000ක් හා අභ්‍යාවකාශයේ මිනුම් පරිමාව ආලෝක වර්ෂ බිලියන 13ක් බවත් මෙහි අඩංගු කරලා තියෙනවාලු.

මේ කරුණු ගැන හා අයින්ස්ටයින් ගේ නියමය ගැන කල පරීක්ෂණ සංසන්දනය තුලින් ,” අයින්ස්ටයින්ගේ නියමය වැරදි නැති බවත් සනාථ කෙරිලා තියෙනවා .”



 -ඉන්දිකා-

උපුටා ගැනීමකි http://www.businessinsider.com/3d-map-universe-deepest-ever-2016-5?amp

උදේට නැගිටින එක මහා කරදරයක් වගේ අමාරුද ? සුවදායි නින්දක් ලබාගන්නේ කොහොමද?


ඇත්තටම- පැය 7-8ක් නිදා ගැනීම හරියි කියලා ගොඩක් දෙනෙක් හිතනවා ,,එහෙනම් එහෙම් නිදාගත්තත් සමහරුන්ට උදේට නැගිටිද්දි අමාරු ඇයි ??.....මෙයට හේතු මොනවද කියලා….Harvard සරසවියේ විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් කරලා හේතු හොයාගෙන තියෙනවා ….



- ජ්ංගම විදුලි උපාංග සමග නිදා ගැනීම 
ඔයාගේ ජ්ංගම දුරකතන/ ටැබ් / i pad නින්දට ආසන්නයේදී හෝ නිදා ගන්න විටදී පාවිච්චියෙන් වැලකී සිටින්න. එහි නිල් එලිය ඇස් /නින්දට අහිතකරව බලපානවා නින්දට මිනිත්තු 90කට පෙරවත් ඒවා අක්‍රීය කර තබන්න එහි mode වෙනස් කලාට වැඩක් නෑ එය නිදන කාමරයෙන් ඈත්ව තබන තරමට හොදයි

- නිදා ගන්න ඉරියව්වේ බලපෑම ….
වැරදි ඉරියව් නිසා ඇඟේ අමාරු ඇති වී එයත් නින්දට බලපානවා -ඔයාගෙ කකුල් දෙක අතරට යටින් කොට්ටයක් තබා උකුලේ/ පිටුපස කකුල් වල ඇතිවන අමාරු හෝ වෙනත් ආබාධ වලක්වා ගන්න…..නිවැරදි ඉරියව්වකට නිදාගන්න ….



- පාවිච්චි කරන කොට්ටයේ බලපෑම
වූල් සහිත ලොකු කොට්ට සැපයි කියලා හිතුවට.. එයින් හිස හා බෙල්ලෙට යම් බලපෑමක් වෙනවා..බෙල්ල උලුක් වීම හෝ කොන්දේ අමාරු නිසා සිරුරට අමාරුකම් ඇතිවෙනවා …එයත් සුව නින්දකට බාධාවක් …..ඔබත් මෘදු ෆෝම් කොට්ටයක් තබාගන්න (උදා: intelli-gel-pillow වැනි ඒවත් සුදුසුයි )

- නින්දට පෙර ගන්නා මත්පැන්වල බලපෑම
බ්‍රැන්ඩි, බෝබොන් ,වොඩ්කා වැනි නින්දට පෙර ගන්න මත්පැන් නිසා ,සිරුරේ රසායන හා පරිවෘත්තිය ක්‍රියා වේගවත් කරනවා …. එයින් නින්දක් ලැබුනට ඒක හරි විදියේ නින්දක් /ගුණාත්මක නින්දක් නෙවෙයි …එනිසා මත්පැන් නින්දට පෙර ගන්න එපා එහෙම ගන්නවානම් අඩු ගානේ එක වීදුරුවක් පමණක් , නින්දට පැය කීපයකට පෙර වත් ගන්න

- දත් හකුවල අමාරු කම හා නින්දෙන් දත් මිටි කෑම 
මෙවැනි තත්ව ඇති විට නින්ද කැඩෙනවා . එය ඔලුවේ කැක්කුමටත් හේතුවක්, මෙවැනි තහ්ව වලක්වා ගන්න දන්ත වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගන්න .

- නින්දේදී ඇතිවන ඇප්නියාව
මෙය නිදාගන්නා විට මිනිත්තු කීපයක් /තත්පර කීපයක් සුලු ලෙස හුස්ම නැවතී හෝ හිර වී, නැවත යතා තත්වයට පත් වීමයි එවිට හයියෙන් හුස්මගන්නා හඬක් ඇසේ ….එනිසා වරින් වර නින්ද කැඩී යාමෙන් නින්දටබාධාවක් වෙනවා ….විවිධ රෝගින් හා වැඩිහිටි කාන්තාවන් අතර මෙම තත්වය වැඩියෙන් දක්නට ලැබෙනවා ….එවැනි තත්ව වලට වෛද්‍ය උපදෙස් ලබාගන්න

මේ කරුණු ගැන අවධානය යොමු කලොත් ඔයාටත් , සුව නින්දක් ලැබේවි !

-ඉන්දිකා-

උපුටා ගැනීමකි
http://www.prevention.com/health/why-you-feel-like-crap-when-you-wake-up?cid=soc_facebook_readersdigest_05_09&trkid=FBPAGE_RD_20160513_Prevention_Article


ඔන්න ඇමසොන් හඬ සහකරුවන් වගේම ,දැන් ‘ගූගල් හඬ සේවා සහකරුවෙකුත්’ ඉදිරියේදී පැමිණේවි!!

ඔයාලට මතක ඇති අපි කලින් කතා කලා හඩ සහකරු වූ ‘’අමසොන් ඉකෝ’’ හා ‘’ඇමසොන් ඩොට්, ඉකෝ’’ ගැන (පුද්ගල සහකරු වැනි ඇප් සම්බන්ධ උපාංගය )…….කතා කලා ඉතින් ඇමසොන් සමග ලොකු තරගයක් දෙන්න දැන් ගූගල් සමාගම විසින්ම, ’’chrip‘’ නමින් ඔවුන්ගේම හඩ සහකරුවෙක් නිකුත් කරන්න යනවාලු,

ඔයාට කොහේ හිටියත් වෙන්න ඕන මතක් කිරීම හඩ සහකරු සේවාව මේ මගින් සිදුකරාවී! …..මෙය ගූගල් සේවා එක්කම බැදී පවතිනවා ….උපාංගය හා සම්බන්ධය වූ ගූගල් මගින් හඩ සොයාගැනීම හා හඩ හදුනා ගැනීමේ තාක්ෂණ-පහසුකමත් එක්ක එකාබද්ද වෙලා තමයි මේ සේවා ඔබට ලැබෙන්නේ …...

මෙය OnHub රවුටරයකට සමානයි …මෙය මේ අවුරුද්දේ අග පමණ වන විට නිකුත් කරාවී . මෑතකදී ගූගල් දින දර්ශනයත් යාවත්කාලීන වෙලා තිබුනා…. ඔයාලට රැස්වීමකට යන්න අවශ්‍යනම් , ගූගල් හඩ සහකරුට (chrip )ඒක වෙලාවට මතක් කරලා දෙන්න පුලුවන් (අලුත් හඬ සහකරු තාක්ෂණය ඔස්සේ )…

ඉදිරියේදී මෙය නිකුත් වුනාම ඇමසොන් හා ගූගල් හඬ- සහකරුවන් අතර තියුණු තරගයක් අපිට දැක ගන්න පුලුවන් වේවි !!

 ඉන්දිකා

 උපුටා ගැනීමකි http://thenextweb.com/google/2016/05/12/report-google-amazon-echo-device-coming-name-chirp/
This page was written in Sinhala as an interpretation from the above article. If there are errors on interpretation please let us know. If you are unable to see the Sinhala text written in Unicode please let us know the platform you are visiting us by leaving a comment at the bottom.

ඔන්න දැන් ඇග ඇතුලේ ශල්‍යකර්ම කරන්න පුලුවන් රොබෝ තාක්ෂණයක් ලගදීම එයි.

හිතන්න ඔයාට හදිසියේම බොත්තම් බැටරියක් ගිලුණා කියලා. ඒක එලියට ගන්න නම් ඔයාට තියෙන්නේ, පෙත්තක් (කරලක්) ගිලින්න ව්තරයි. ඒක උදරයේදී රොබෝ කෙනෙක් බවට පත්වෙලා, බැටරිය උදරයෙන් ඉවත්කරලා දාවී.

හරියට කුඩා සූක්ෂම ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ, origamy රොබෝ කෙනෙක් තමයි මේ Sheffield සරසවියේ හා Tokyo තාක්ෂණ ආයතනයේ MIT පරීක්ෂකයන් පිරිසක් මේ අලුත් විදියකට රොබෝ වැඩි දියුණු කරලා තියෙන්නේ,

 මේ පෙත්ත හදලා තියෙන්නේ වියලපු ඌරු අන්ත්‍රයක් (සොසේජස් සඳහා යොදා ගන්නා ) උපයෝගී කරගෙනයි. එයින් උදරය ඇතුලේ ඇසිඩ් (අම්ල) දියවෙනවා. මෙහි මැද ඔබ්බවලා තියෙන චුම්බකයක් අධාරයෙන්, උදරය ඇතුලේදී හිරවෙලා තියෙන කාසියක් /බැටරියක් වුනත් තවත් චුම්බකයක් උපයෝගී කරගෙන අද්දවලා එලියට ගන්න පුලුවන් .

මෙය කලින් හදපු origamy රොබෝ කෙනෙක්ම වැඩි දියුණුව කරලා තමයි හදලා තියෙන්නේ. හැබැයි කලින්ට වඩා මෝස්තරය හා නිමාව වෙනස්ලු. එයට ස්වයිංක්‍රීයව පදවගෙනයන්නත් පුලුවන් එහි කොන් මගින් උදරයේ ඇතුලේ ඇලවීමට පුලුවන්ලු

 ඉතින් පරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානම අරමුණක් තමයි. මේ තාක්ෂණය මගින් ගිලපු බොත්තම් - බැටරි ඉවත් කිරීම. මොකද ඇමෙරිකාවේ විතරක් 3500ක් දෙනා බොත්තම් බැටරි ගිලලා තිබුන බව වාර්තා වුණා. සමහර අවස්තා වලදී උදරය ඇතුලේ බැටරිය නිසා පිලිස්සීම් ද ඇති කෙරෙනවා. ඒ වගේ අවස්තාවකදි වුනත් දැන් මේ රොබෝ ඔයාට/වෛද්‍යවරයාට උදව් කරයි.

-ඉන්දිකා - 
උපුටා ගැනීමකි http://www.engadget.com/2016/05/12/origami-robot-surgeon/

ටියුෂන් හොරෙන් මගහරින එක දැන් නම් බොරු ...ඒකටත් අලුත් app එකක් ඇවිත් !!!

ඕනම දෙයක හොඳ හා නරක කියන පැතිකඩ 2ක් තියෙනවා. ජ්ංගම දුරකතනයක හොද පැත්ත තමයි , හදිසියකදි අපිට පනිවිඩයක් යවාගන්න පුලුවන් වීම, ඒ වගේම තරුණ පරම්පරාවේ කට්ටියත් ජංගම දුරකතන මගින් අමාරුවේ වැටුණු අවස්තා එමටයි , ඒ ජ්ංගම මගින් නිරුවත් ඡායාරූප හුවමාරුව හා අසභ්‍ය sms යැවීම වගේ නොහොබිනා වැඩ නිසා.
ඒ වගේම වානිජ පරමාර්ථ වලටත් , sms හා ජ්ංගම දුරකතන තාක්ෂණය යොදාගන්නවා. ඔය වගේම වැඩකට ටියුෂන් පංති යන සිසුන්ගේ ආරක්ෂාව සඳහාම වූ උපාංගයක් -තාක්ෂණයයක් අපේ රටේ ,තරුණයෙක් වූ අනුරාධපුර චමින්ද කණ්ඩම්බි හොයාගෙන.

 මෙය sms හා සම්බන්ධ වූ ,Wst id Card ' නමින් හදුන්වන්නේ . ඇත්තටම එය
ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක්, NFC (Near field communication ) තාක්ෂණය උපයෝගී කරගත් ඇප් හැදුනුම් පතක් හා සමානයි. මෙහි ළමයගේ විස්තර ටියුෂන් ආයතනයේ විස්ත්ර වගේ ප්‍රයෝජනවත් සියලු විස්තර සියල්ල අඩංගුයි.

Wst හැදුනුම්පත් කාඩ් පත Wst app සහිත ජංගම දුරකතනයට ළං කලාම සිසුවා/සිසුවිය පන්තියට ගිය බවට sms මගින් දෙමාපියන්ට පනිවිඩය යැවෙනවා. ගුරුවරයාටත් සිසුවා පැමින ඇති බව දන්වනවා. ළමයා පැමිනි දින ගණන, ගාස්තු ගෙවීමේ තොරතුරු. වගේ විස්තරත් පෙන්වා දෙනවා. ගුරුවරයා හා දෙමාපියන් අතර හොද සන්නිවේදනයක් ඇති වෙනවා.

ඒ වගේම මගහැරුන පාඩම් ආවරණය කරගන්න වුනත් පුලුවන් ( අන්තර්ජාලයත් සම්බන්ධකරගෙන) ගුරුවරයගෙන් නිබන්ධන හා ප්‍රශ්නපත්‍ර වුනත් මගහැරුන විට මේ හරහා ගුරුවරයාගෙන් ඉල්ලගන්න පුලුවන්.

පන්තිය හදිසියේ අවලංගුකලොත් එයත් කලින් දැනුම් දෙන නිසා ඔයාලාට තවත් රස්තියාදු වෙන්නේ නැතිව ටියුෂන් පංති යන්න පුලුවන් වේවී. හැබැයි මේ තාක්ෂණය එක්ක හොර වැඩ කරන්න නම් අමාරුයි ඒකත් මතක තියාගන්න.

ඒ වගේම් සිසු සිසුවියන් නොමගට යොමු වීමත් වැලකෙනවා ආරක්ෂිතව දෙමාපියන් සම්බන්ධ කෙරෙන නිසා. මේ කාඩ් පතින් තවත් නොමිලයේ ලබෙන පහසුකමක් තමයි ,tlg touch travel pass පහසුකම, ඉදිරියේදී අපේ බස් වල ක්‍රියාත්මක කිරීමට නියමිතයි , (මුදල් වෙනුවට touch කාඩ් මගින් ගෙවීම ).

එයත් මේ Wst හැදුනුම්පත් කාඩ් පත මගින් ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ......ඇත්තටම මේක mobile app එකක්. ඉතින් හොඳ අරමුණකට යොදවගෙන සේවයක් කරන්න, මේ සොයාගත් නව තාක්ෂණ උපාංගය ඇත්තටම අපේ රටට ඉතාම හොඳ සිසුන්ගේ ආරක්ෂක විකලපයක් වේවි! මෙය දියුණු කිරීම හා භාවිතයට ඉඩ ලබා දීම රජය සතු යුතුකමක් .එය රජයෙන් අනුමත කරන තුරු අපි බලාසිටිමු .

ඉන්දිකා

උපුටා ගැනීමකි http://www.wstsystem.com/index.php/press-release.html

ලෝකයේ ලොකුම අහස්යානය දැන් ලොකුම දුර ගමනාන්තයක!!!!!

ලෝකයේ ලොකුම අහස් යාත්‍රාව තමයි ,Antonov AN-225 Mriya . අද අපි කතා කරන්නේ මේ ව්ශාල යානාවෙන ගිය දුර්ලභ ගමනක් ගැනයි. මෙය යුක්‍රේනයට අයත් බඩු ගෙනියන ජෙට් යානාවක් දැනට මේ Mriya ට සමාන කල හැකි වෙනත් යාත්‍රාවක් තවත් නැති තරම්. මෙය මුල්වරට නිර්මාණය වුනේ -Antonov An-225, යන නමින්,

1980 ගණන් වලදී එය සෝවියට් ශටලයක් රැගෙන යාම සඳහා වැඩි දියුණු කලාලු. මෙහි විශේෂත්ව රැසක් තියෙනවා, මෙය අඩි 30,000ක් පියාසර කිරීමට හැකිලු, ඕනම මගී ගුවන් යානයක බලය දෙන්නේ ජෙට් ඇන්ජින් 2ක් හෝ 4ක් මගින් නමුත් මෙහි ඇන්ජින් 6ක් ම තියෙනවලු.

එහි තටු දිග අඩි 290ක් තරම්ලු. මෙහි උපරිම බරත් ටොන් 640ක් තරම්ලු.  ඒ කියන්නේ ලිබර්ට් ප්‍රතිමාවටත් වඩා දෙගුනයක් බරයිලු. මෙහි සැලසුම් කල ගමන් මාර්ගය තමයි තුර්කිස්තානය, ඉන්දියාව හා මැලේසියාව හරහා මේ සඅතියේ අගදී ඕස්ට්‍රේලියාවේ පර්ත් වෙතට ලගාවීමයි.

ඉතින් දහස්ගනන් වැසියන්, මේ ලෝකයේ විශාල යානාවේ ගමන්ගන්නා 6 දෙනාටත් සුබ පතන්න බලාගෙන ඉන්නවා කියලත් වාර්තාවෙනවා. මෙය යුක්‍රේනයේ කීවු වලින් පටන් ගෙන, පැරගුවේ, ''වක්ලාවුහාවල්'' ගුවන් තොටුපල චෙක් ජනරජයයට මැයි 10 වැනිදා පැමිණ..ඇත.

මෙහි අසමසම නිමාව හා විශේෂත්වයන් නිසාම Mriya යානය ලෝකයේ ගුවන් තරණ යානා අතර රජා වගේ වෙලා. මේකේ රෝද 32කින් සමන්විතලු. මෙහි භාන්ඩ යාත්‍රාවේ නාසයේ ගබඩා කරලා තියෙන්නේ  ඔවුන්ගේ ඉලක්කය වුනේ චෙක් ජනරජය නිප්දවූ විදුලි ජෙනරේටරයක් (ටොන් 100කටත් වැඩි බරක් අරන් ) පැරගුවේ සිට මහාද්වීප 3ක් හරහා ඕස්ට්‍රේලියාවේ පර්ත් වෙත යාමය.



ඒ ඉතා විශාල බරකුත් රැගෙනයි (අඩි 141 ක මීටර් 43ක් ) දුරට යාමයි. එය 1903 රයිට් සහෝදරයන්ගේ ගමනටත් වඩා වැඩි දුරක්ලු.

ඒ විතරක් වේ මෙහි රූපයත් හරිම ලස්සනයි කියලා තමයි ගොඩක් අය කියන්න්නේ ,Antonov AN-225 යානය මීට කලිනුත් වාර්තාවක් තියලා තිබුනා...

ඒ ටොන් 247ක් බර පිලිපීන තෙල් යන්ත්‍රයක් රැගෙන උස්බෙකිස්තානයට ගෙන ගිහින් . ඉතින් මේ .Mriya ගමනත් සතිඅන්තේදී සාර්තකව නිමා කලොත් ,එයත් ලෝකයේ විශාලතම අහස් යාත්‍රාව මගින් පිහිට වූ සුපිරිම වාර්තාවක් වේවි !

- ඉන්දිකා -

-උපුටා ගැනීමකි- http://edition.cnn.com/2016/05/11/aviation/worlds-biggest-airplane-ukraine-prague-australia/

‘’WhatsApp -සේවා පහසුකම්‘’…දැන් desktop එකටත් ඇවිත්ලු!!

ඔන්න whatsapp එයාලගේ desktop ඇප් එකකුත් නිකුත් කරලා තියෙනවා. Windows හා Mac පරිගණක පද්ධති සඳහාම කියලා facebook සමාගම පවසන්නේ.  ඔය අය දන්නවා ඇති whatsapp අයිති facebook සමාගමටම කියලා.
ජංගම වලි පොඩි යතුරු පුවරු වල ටයිප් කරනවාට වඩා පරිගණකවල ඉක්මනින් පනිවිඩ යවා ගන්න පුලුවන්. කන්තොරැවෙදී ජංගමවල මිතුරන් සමග පනිවිඩ යවනවට වඩා. පරිගණකය උපයොගී කර යවුවම ලොක්කා දකින්නෙත් නෑ.

මේක නිකුත් කරලා තියෙන්නේ පසුගිය මැයි 10. මෙහි සියලු පනිවිඩත් whatsapp මගින් ජංගම උපාංග වලටත් සම්බන්ධ කරගන්න පුලුවන්. දැන් ඉතින් ඔයාගේ PC එකෙන්ම whatsapp පණිවිඩ යාලුවන්ට යවන්න. ගොනු හා පින්තූර යාලුවන්ට බෙදාහරින්නත් (share) පුලුවන්.

මේ අලුත් desktop ඇප් එකෙන් whatsapp , සමග Facebook Messenger දැනටමත් සම්බන්ධ වෙලා නිසා ඒකත් එක්කම සේවාවන් වෙබ් අඩවි හා සම්බන්ධ කෙරෙනව. අලුත් විශේෂාංගය නිසා දැන් පෙරට වඩා whatsapp භාවිතය සුලභ හා පහසු වෙනවා.

ඒ මගින් ඔවුන් හා සම්බන්ධ වන ගනුදෙනුකරුවන් තව තවත් වැඩි වෙයි කියලාත් බලාපොරොත්තු වෙනවා…whatsapp කියන්නේ දැනටත් එයාලගේ මාසිකව සක්‍රිය ගනුදෙනුකරුවන් ප්‍රමානය බිලියන1 ක් පමණ බවයි.

ඉතින් මේ විදියට දැන් facebook අලුත් නෑයත් එක්ක එකතු වෙලා පණිවිඩය යවන අලුත් පහසුකම් එක්ක ඉදිරියේදී? whatsapp ගනුදෙනුකරුවන් තවත් විශාල ප්‍රමානයකින් වැඩි වෙන පාටයි. පේන්නේ මේ අලුත් whatsapp desktop app එක MacOS X 10.9 හා Windows 8, හෝ ඊට පසු පැමිණි පද්ධති වල තමයි වැඩ කරන්නේ,

ඉතින් පරිගණකයේ whatsapp පිහිටවීමෙදි , ඔයාගේ ජ්ංගමය මගින් QR කේතය පිටපත් කරන්න ඕන….එය පිහිටුවන්නේ , “Settings” > “WhatsApp Web. ගියාම ඔයාගේ QR කේතය නිවැරදිව ලබා දීල තිබුනා නම්, එය හදුනාගෙන desktop එක හා සම්බන්ධ වෙනවා … ඒ විදියට ඔයාගෙ ජංගමය හා පරිගනකය සම්බන්ධවෙනවා… පනිවිඩ හා දත්ත දත්ත යැවීමත් එක්ක …හැබැයි ඒකට ඔයාගෙ ජංගමයේ තිබෙන ඉඩ ප්‍රමානයත් බලපානවා …..ඉතින් sසමාගම නිර්දේශ කරන්නේ ජංගමයට wifi සම්බන්ධ කරගැනීම සුදුසුයි කියලා

….ඇත්තටම ඒ අලුත් desktop ඇප් එක මීට කලින් එම සමාගම අගෝස්තු මාසෙ නිකුත් කල ජංගම ඇප් (mobile app) එක වගේමයි …මේකෙනුත් ඔයාගෙ යලුවන්ගේ නම් ලයිස්තුවට ,ඊ මේල් හා පින්තූර , ගොනු එකතුකරගන්නත් පුලුවන් ….හඩ- නියෝජනයත් ලබා දෙනවා …..

ඉතින් සමාගම මේ පහසුකම්ලබාදෙන අතරේ තමයි අර අපි කලින් කීව විදියට බ්‍රසීලයේ විනිසුරු විසින් දෙවරක්ම WhatsApp හා facebook තාවකාලික තහනම් පනවලා තිබුනේ …ඒත් මේ සමාගම නම් ඒ ගැන අප්‍රසාදයෙන් කතා කරන්නේ …කොහොම වුනත් මේ අලුත් පහසුකම සහිත ඇප් සේවාව එක්ක WhatsApp සමාගමත් දැන් . , skype , facebook messenger ,telegram වගේම තරගකාරී බවින් වැඩි වෙලා ..…

-ඉන්දිකා - 

උපුටා ගැනීමකි http://venturebeat.com/2016/05/10/whatsapp-launches-native-desktop-app-for-windows-and-mac/

මුහුදුමට්ටමේ ඉහල යාම නිසා පැසිෆික් දූපත් 5ක් විනාශ වී යයි!!!

ඔන්න ඔස්ට්‍රේලියාවේ ආසන්නයේ තිබෙන කුඩා පසිෆික් දූපත් 5ක් පමණ දරුණු වෙරල ඛාදනයකට ලක්ව ඇති බවත් මුහුදු මට්ටමේ ඉහලයාමේ තත්වයකට මුහුණ දී ඇති බව ත් ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකයන් පිරිසක් සොයාගෙන …

 එසේ විනාශ වන දූපත් සොලමන් දූපත්වල කොටසක්ලු (Solomon Archipelago) එම ප්‍රදේශයේ මිනිස් වාසයක් නොතිබුන බවත් වාර්තා වේ …ඒත් තවත් දූපත් 6ක මුහුදු රළ වෙරල ඇතුලට යාමෙන් මුලුමනින්ම වාගේ එහි වූ ගම්මානවිනාශ වෙමින් තියෙනවා

මේ පර්යේෂණ සඳහා පරීක්ෂකයන් එවැනි දූපත් 33ක පමන වායු/උස්බිම් හා සැටලයිට මගින් ගත් නිරීක්ෂණය කිරීමෙන් (1947 සිට 2014 දක්වා ) හා ඓතිහාසික , දේශීය සාධක උපයෝගී කරගෙන තියෙනවා . ඔවුන් කියන විදියට පැසිෆික් වෙරළ තීර ප්‍රදේශයේ හා එහි දේශගුණික සාධක ආශ්‍රයෙන් කල පලමු විද්‍යාත්මක පරීක්ෂණය මෙයයි … ඒ විස්තර වලට අනුව Solomon Archipelago වල මුහුදු මට්ටම හැම අවුරුද්දේම (පසුගිය දශක 2තුල ) මිලිමීටර 10 (අගල් 0.4)

 මේ ආකාරයට ඉහල යන බව ඔවුන් 2016 මැයි වර්ර්තා මගින් පෙන්වාදීලා තියෙනවා….විනාශ වූ දූපත් 5ක තිබූ ශාඛ හා කොරල් පර පද්ධතිය ද අක්කර 12ක ප්‍රමානයද විනාශ වෙලාලු.. ඒවා ධ්වරයන් විසින් වරින්වර යොදාගත් බිමක් මිසක් ජනයා පැතිරින ප්‍රදේශ නොවෙයි. කලින් කියපු විනාශවෙමින් පවතින දූපත් 6න් එකක් වූ Nuatambu Island විශාල ලෙස ඛාදනයට ලක්වෙමින් තියෙනවා මෙම ප්‍රදේශයේ පවුල් 25ක් විතර පද්ංචියි..2011 ඉදන් එහි නිවාස 11ක් විනාශ වෙලා තියෙනවා

සොලමන් දූපත් වල අවට මුහුදු ඛාදනය ,ලෝකයේම මුහුදු ඛාදන සලකාබැලීමේදීත් දරුණුම ගනයේ ඛාදනයට ලක්වූ ප්‍රදේශයක් බවටයි වර්තා වෙන්නේ ….ඒ වගේම් මෙසේ දූපත් මුහුදු වතුරින් යට වීමට එකම හේතුව මුහුදු මට්ටමේ ඉහල යාම(පාරිස්‍රික සාධක) විතරක් නොවේ …

එයට නුසුදුසු විදියට කෙරෙන සංවර්ධන කටයුතුත් වෙරල ඛාදනයට බලපානවා. සොලමන් දූපත් වැසියන්, එහි දූපත් සියගණනක ඊසාන ඕස්ට්‍රේලියාව දෙසට වූ සැතපුම් 1000ක භූමිපෙදෙසකට ජනගහනය 640000 ක් පැතිර ඉන්නවා ……පරීක්ෂණවල වාර්තාකරුවන් පවසන්නේ , සමහර පවුල් මේ සිදුවන වෙනස්කම් වලට අනුකූල වෙමින් ඉන්න අතරේ තවත් Nuatambu ප්‍රදේශවාසින් පිරිසක් ආසන්නයේ ඇති ගිනිකදු සහිත දූපත්කට සංක්‍රමණය වෙලා .. Nararo. දූපතට තවත් පිරිසක් අනියම් විදියට ගිහින්ලු …..

මෙහි වැසියන් අතර සිටි අවුරුදු 94ක පුද්ගලයකු පරීක්ෂකයන්ට කියා සිටියේ , මේ මුහුදු ජලය රට ඇතුලට ඒම නිසා ඔවුනගේ ජනාවාස නැවත දූපත් ඇතුලේ උස් කඳුකර ප්‍රදේශ වෙත ඇදීයාමේ ප්‍රවනතාවක් ඇතිවන බවයි… Choiseul පලාතේ ප්‍රධාන ප්‍රදේශයක් වූ Taro, වෙතට ඔවුන් මෙසේ ඇදී යමින් ,එය මෙසේ නැවත පදිංචි පල්මු නගරය හැටියට සේවා ව්‍යාප්තකරගැනීමට සූදානම්ව සිටිනවාලු …

-ඉන්දිකා-
උපුටා ගැනීමකි http://www.bbc.com/news/world-europe-36255749

Falcon 9 -වේගවත් රොකට්ටුව නැවතත් ගමන සාර්ථකව නිමකර පෘථිවියට ගොඩබැහැලා !!

ඔයාලා දන්නවද Elon Musk කියලා කෙනෙක් පොදු ජනයාට අභ්‍යාවකාෂ චාරිකා යාමට පහසුකම් ඇතිකරන්න පටන් අරන් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වැඩසටහනට අවශ්‍ය වැදගත්ම දේ තමයි කක්ෂ ගතකරපු රාෙකට්ටුවක් තැවත ප්‍රෘතුවියට කරදරයක් තැතුව ගෙන්වා ගැනීම. මේ වෙනකම් ඒ අය කරපු කක්ෂ ගතකිරිම් සාර්තක උනේ නෑ. Space-X තමයි සමාගමේ නම.

නමුත් පහුගියදා Falcon 9 රොකට්ටුව”- පසුගිය බ්‍රහස්පතින්දා (2016 මැයි 5) ජපන් සැටලයිටයක ආදායම් ගෙනෙන ගුවන් බඩු භාර දී නැවත පෘථිවි කක්ෂගත කරලා සාර්ථකව ගොඩබස්සලා තියෙනවා ...ගිය පාර වගේම එය ගොඩබස්සලා තියෙන්නේ එම සමාගමට අයත් වූ අත්ලාන්තික් සාගරයේ තිබෙන ස්වයංපාලක -පාරුවකටයි . හැබැයි මේ පාර නම් Elon Musk හා සමාගමේ කට්ටිය රොකට් එක ගැන වැඩි විශ්වාසයක් තියාගෙන හිටියේ නැතිලු ..ඒ මෙවර එහි වැඩි වේගයත් , වැඩි වූ උණුසුමතකුත් නැවත ඇතුලත්ව තිබීමෙන් , “පරමාර්ථය” සාර්ථක කරගන්න අමාරු වෙයි කියලා සැකයකුත් තිබුන නිසා ......

මේ අතර the JCSAT-14 නම් වූ ජපාන සැටලයිටය , භූමි ද්‍රෝණියක විහිදෙමින් (කක්ෂයකගත මාරුවීමට ) යනගමන් අතරතුර සිටින බවත් වාර්තා වුනා . මෙහි වීඩියෝ ඔබට අන්තර්ජාලයෙන් නරඹන්න පුලුවන් ,:ගොඩ බැස්සවීම’ ඔබට නරබන්න අවශ්‍ය නම් විනාඩි 38ක් විතර යයි , ඒ මැජික් එකක් වගේ වන සිදුවීම බලාගන්න.



-ඉන්දිකා -

උපුටා ගැනීමකි http://www.cnet.com/news/spacex-lands-its-hot-and-fast-falcon-9-rocket-again/

මිලියන ගානක Email මුරපද සොරකමේ අලුත්ම හෙලිදරවුව!!

ඔයාලට මතක ඇති පසුගිය සතියේ , විශාල මුර පද හොරකමක් හා මිලියන ගානක මුරපද රු 150 කටත් වඩා අඩුවට විකුණු සිද්ධ්යක් අපි කතාකලා. ඔන්න “Hold Security” සමාගමේ ඒ හෙලිදරව්වට පසු, ප්‍රධාන ඊ මේල් සේවාකරුවන්, එයාලගෙ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා.

එයාලා කියන්නේ, ඔයාගේ yahoo/ google/ mail.Ru ගිණුම් වල කියනතරම් අවදානමක් නැති බවයි. ඒ අනුව ඔවුන් සොරකමින් හෙලි වූ මිලියන 272.3ක මුරපද වල සාම්පල වගයක් පරීක්ෂා කරලා. ඒවයින් බොහෝමයක් ඔවුන්ගේ සේවා ගිනුම් වලට අදාල වුනේ නැහැලු.

yahoo mail /gmail /mail.Ru ගිණුම් වලින් ඉතා සුලු සත්‍ය මුරපද ගණනක් පමණක් අවදානමට අදාලව හොයාගෙන. අනිත් ඒවා බොරුලු, එහෙම නැතිනම් නොවැදගත් ඒවාලු.

මේ අතරින් gmail සේවාව කියන්නේ මෙවැනි අවදානම් අඩු කෙරෙන විදියට එයාලා ගිණුම් වල ආරක්ෂාව තවත් වැඩි කර ඇති බවයි. Hold සමාගම් ප්‍රධානියා “ඇලෙක්ස්” පවසන්නේ සාක්ෂි සොයාගත් සමහර මුරපදවලින්, ඊ මේල් ගිණුමට කෙලින් නොයා, අනිත් ඒහා සම්බන්ධ අන්තර්ජාල සේවා, හෝ ඇප් වලට ඔවුන් සම්බන්ධවන්නට ඉඩ ඇති බවයි.

එනිසා යම් අවදාම්නමක් ඇති බවත්‍ය. තවමත් microsoft Hotmail නම් මේ ගැන කිසිවක් ප්‍රකාශ කරලා නෑ. පසුගිය මැයි 5 දින “ලෝක මුරපද” දිනයත් සැමරුවා. අපි බලමු ඔයාලගෙ මුරපද මේ වගේ අවදානම් වලින් බේරිලා, හොදින් ආරක්ෂා කරගන්නේ කොහොමද?? කියලා.

  • ඊ මේල් මුර පදයම නැවත වෙනත් අන්තර්ජාල “සේවා ඇප්” (මුහුණුපොත/ව්යිබර් /ස්කයිප් වැනි)ගිනුම් වලටත් යොදන්න එපා. 
  • ලේසි මුරපද (උදා: 1234.... ) හාවිතයෙන් වලකින්න. 
  • මුරපදය අන්‍යන් හා හුවමාරු කිරීමෙන් වලකින්න. 
  • ඔබට සංකීර්ණ මුරපද අමතක වේනම් , password manager ආරක්ශිතව උපකාර කරගන්න. 
  • එකම මුරපදය දිගු කලක් භාවිතයට වඩා වරින් වර එය වෙනස්කර භාවිතකරන්න. 
  • බහුවිධ-තොරතුරු ඇතුලත් කිරීමෙන් ගිණුමට ඇතුල්වන පහසුකම ( multiple factors to login) වඩාත් ආරක්ෂිතයි 

ඒ මගින් අමතර වෙනමම කේත ද ඔයාගෙ ජංගම දුරකතනයට හෝ සම්බන්ධ අනිත් ගිණුමකට එවීමෙන්, පසු පමනක් ඊ මේල් ගිණුමට ඇතුල්විය හැකියි.

 ඉන්දිකා
උපුටා ගැනීමකි
 http://www.cnet.com/news/passwords-and-emails-dont-match-up-in-cache-of-272m-logins-email-services-say/
http://www.cnet.com/news/world-password-day-betty-white-4-tips-for-staying-safe-online/

දියවැඩියා රෝගින් වෙනුවෙන්ම සෑදූ “අලුත් තාක්ෂණයේ මේස්” අපේ දක්ෂයෙක්ගෙ තවත් සුපිරි වැඩක්!!

ශ්‍රී ලාංකිකයො විවිධඅංශ වලින් දක්ෂතා පෙන්වලා ලෝකයට ගිහින් තියෙනවා. ඉතින් දියවැඩියාව රෝගයෙන් රෝගින් බේරගන්න අලුත් විදියක් අපේ කොල්ලෙක් හොයාගත්තා, කිව්වොත් ඒකත් එක අතකට පුදුමයක් වෙන එකකුත් නෑ.

දියවැඩියා රෝගින්ගේ කකුල් ආරක්ශා කරගන්න කියාපු අලුත් තාක්ෂණික මේස් එකක් තම්යි, අපේ පසිදු ලූගොඩ හොයාගෙන තියෙන්නේ..

ඔහු නොටින්ග්හැම් ට්‍රෙන්ට් සරසවියේ PhD ශිෂ්‍යයෙක් , වගේම මේ හා සම්බන්ධ වූ අලුත් තාක්ෂණයේ ප්‍රධානම විද්‍යාඥයත් ඔහුයි. ඔහු PhD කරන්න් සුදු සුකම ලබලා තියෙන්නේ 2014 දි අවුරුදු 22කේ දි.

.මේ සරසවියට යාමට සම්පූර්ණ-ශිෂ්‍යත්ව ලබගන්න පුලුවන් සුපිරි දක්ෂයෝ 7දෙනෙක්ට විතරයි. පසිදුත් එයින් එක් කෙනෙක්. ඉතින් ඔහුගේ අලුත් සොයාගැනීම තමයි, දියවැඩියා රෝගය හේතුවෙන් පාද ආසාදිත තත්ව පාලනය කර - කපා වෙන්කිරීම සිදු නොකර , ඒ තත්වය වලක්වගන්න පලදින්න පුලුවන් “අලුත් තාක්ෂණයේ මේස් එකක්”.

 මහාචාර්ය තිලක් ඩයස්ගේ අධික්ෂණය යටතේ ඔහුට මෙහි විද්‍යාත්මක වැඩි දියුණුකිරීම් කරගන්න අරමුදල් ලබා දෙන්න ලෝකයේ විවිධ සමාගම්/ආයතන කැමති වෙලා ඉන්නවා. අද ලෝකයේ වගේම ශ්‍රීලංකාවේත් “දියවැඩියාව” ලොකු තර්ජනයක් වෙලා.

ලංකාවෙ වි තරක් මිලියන 4ක් පමණ, එයට ගොදුරු වෙලා. මේ පාද ආසාදනයත් එහි ප්‍රධාන ස්ංකූලතාවයක් වෙනවා, කලින් කල පරීක්ෂණයකදි හෙලි වෙලා තියෙනවා. මේ ව්දියේ පාද ආසාදනයකදි පාද දෙකේ යම් ස්ථානවල, උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 3.5කට වඩා වෙනසක් පෙන්වන බව. මේස් එකේ නූල් හා සිදුරු සැකසීමේදී මේ කරුණත් පාදක කරන් තම්යි තාක්ෂණය සම්බන්ධ කරගෙන තියෙන්නේ.

මේ මේස් එකත්, සාමාන්‍ය මේස් එකක් වගේම පහසුවෙන් ඕනම තැනක පලදගෙන යන්න පුලුවන් එකක්ලු. සෝදන්නත් පුලුවන්ලු (water-resistant) ඒ වගේම මේ මේස් එක ඇතුලේ “බ්ලූ ටූත් චිප්” එකකුත් සම්බන්ධ වන නිසා, එමගින් ටැබ්ලෙට් හා ස්මර්ට් ෆෝනයකට වුනත් සන්නිවේදන පහසුකමත් ලැබෙනවා.

ඉතින් රෝගියාට වගේම දොස්තරලාටත් මෙවැනි පාද සංකූලතාවයක් පවතිනවා නම් හෝ එහි අවදානම ගැන සාධක දත්ත ලබා ගැනීමත් හරිම පහසුයි. සායනයන්හි මෙහි පෙර අත්හදා බැලීම් වලදී මේ විදියට තාක්ෂණය හා එහි උෂ්ණත්වය පාලනය මගින් 72% දක්වා දියවැඩියාවෙන් වන දරුණු-පාද ආසාදන තත්ව වලක්ව ගන්න පුලුවන් බවත් පෙන්නුම් කර තියෙනවලු.

ඉතින් මේ මේස් එක පැලදගෙන ගියාම, එවැනි පාද සංකූලතා කලින් හදුනා ගැනීම හෝ වැලකීමෙන් බරපතල තත්ව අවදානම අඩු කරගන්න පුලුවන්. ඒ වගෙම මේ සඳහා විවිධ පරීක්ෂණ කරන්න සායන වලට රස්තියාදුවෙන්නත් දැන් අවශ්‍ය නැතිවෙයි!. තව මාස කීපයකින් ෆාමසි වලින් මේ මේස් එක මිලට ගන්න පුලුවන්කම ලබේවි!

 -ඉන්දිකා-
උපුටා ගැනීමකි http://readme.lk/sri-lankan-save-feet-diabetes/

ප්ලූටෝගේ චන්ද්‍රයෙක් වුණු හයිඩ්‍රාගෙන් පිරිසිදු අයිස් ජලය හමුවේ!!

අපි කලින් කතා කලා ප්ලූරෝට උපග්‍රහයන් (චන්ද්‍රයන්) පස්දෙනෙක් සිටින බව. ඔන්න පසුගියදා නාසා ආයතනයේ "නිව් හොරිසොන්ස්" අභ්‍යවකාශ යානය විසින් ප්ලූටෝට අයත් කුඩා චන්ද්‍රයන් වූ හයිඩ්‍රා, නික්ස්, ස්ටයික්ස්, කෙර්බෙරොස් ගේ සංයුතිය ගැන විස්තර ට්කක් පලමු වරට වාර්තාකරලා එවලා තියෙනවා.

අලුත්ම විස්තරයට අනුව "හයිඩ්‍රා" කියන චන්ද්‍රයා මතුපිට පිරිසිදු අයිස් ජලය පවතින බවත් හොයාගෙන තියෙනවා.

එහි සාක්ෂි හැටියට හයිඩ්‍රා මතුපිට පැහැදිලි පරාවර්තනය වන ඡායාරූප ද අරන් තියෙනවා. ඔන්න ග්‍රහලෝක අතරේදි ශීත පානයකට අයිස් කැට හොයාගන්නවනම් ඒකට හොදම විසදුම තියෙන්නේ හයිඩ්‍රා වල.

දැනට කෙරෙන පරීක්ශන වලින් ඔය වගේ විස්තර ටිකක් එවලා තියෙනවා. ඉතුරු ටික ඒ කියන්නේ, ප්ලූටෝගෙ අනිත් චන්ද්‍රයන් ගැන විස්තරත් මාස කීපයකින් අපිට ලැබෙයිලු.  හයිඩ්‍රා වල අයිස් ජලය තියෙන බව නම් පුදුමයක් නෙවෙයි.

2005 දි හමු වූ සාධක අනුව හබල් දුරේකශයෙන් හොයාගත් චන්ද්‍රයාගේ හා වෙනත් සාධක අනුව මුල් කාලෙ ප්ලූටෝ හි අවුරුදු බිලියන ගානකට පෙරත් අයිස් ද්‍රව්‍ය තිබෙන්න ඇති බව කියවුනා.

හැබැයි "චාරොන්" චන්ද්‍රායාටත් වඩා එහි මේතරම් පිරිසිදු අයිස් ජලය පවතින්නේ කොහොමද?? කියන එක නම් තාමත් විද්‍යාඥයන්ට ටිකක් ප්‍රහේලිකාවක්ලු. මීට අමතරව තවත් අතිරේක විස්තර ටිකකුත් නිව් හොරිසොන්ස් කණ්ඩායම එවලා තිබුනා

ඒ අතර ප්ලූටෝගෙ solar wind සමග අන්තර් ක්ර්‍යාවලදි හැසිරීම ටිකක් අගහරු හෝ සිකුරු වගේලු. පෘථිවියට වගේම ප්ලූටෝහිත් බර අයන වලින් යුතු දිගු පසුබාගයක් (අඩුමතරමේ සැතපුම් 73,800ක දුරට දිග) තියෙනවලු.

ඒ වගේම ප්ලූටෝගෙ ලෝක සිතියමත් යාවත්කාලීන කරලා මෙය ඉතා පැහැදිලි ලෙස දැන් ලබාගන්නත් පුලුවන් වෙලා. එහි තවත් අලුත් ආරෝහණ සිතියමක් මගින් , ප්ලූටෝගේ හදවත් හැඩයේ කොටසක්, ("ස්පුට්නික් ප්ලැනම්" යන නමින් හදුන්වන)

 එහි වටේ භූමිභාගය ට සාමාන්‍ය සැතපුම් 2ක් විතර පහතින් හොයාගෙන තියෙනවා. ඉහල පින්තූරය නිව් හොරයිසන් මගින් එනපු ප්ලුටෝ වල පින්තුරයක්. හයිඩ්‍රා වල පින්තූර ප්‍රෘතුවියට එන්න තව මාස කිහිපයක් යයි. පහල තියන රුපයේ දකුනු පැත්තේ තියේන්නේ දැනට හයිඩ්‍රා වල තියන හොදම පින්තූරය තමයිි.



 -ඉන්දිකා-

 උපුටාගැනීමකි http://3tags.org/article/nearly-pure-water-ice-found-on-plutos-moon-hydra