ව්‍යායාම් කරන්න කාලය මදිද ?? මෙන්න ඒකට හොඳම ක්‍රමයක් තියෙනවා!!

අපි හැමෝම ගෙවන්නේ කාර්යබහුල ජීවිත, ඉගෙන ගන්න ළමයෙක් වුනත්, රැකියාවක් කරන කෙනෙක් වුනත් හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නක් තමයි. සෞඛයය ගැන හිතන්න ව්‍යායාම් කරන්නවත් “කාලය මදි“ කියන එක.
මේ ප්‍රශ්නය ගැන පසුගියදා හැම්ල්ටොන් වල මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය මගින් පරීක්ශනයක් මගින් තහවුරුකරගෙන තියෙනව මේ සඳහා හොඳ විසඳුමක් තියෙන බව. මේ සඳහා පර්යේෂකයන් විසින් ව්‍යායාම් නැති මිනිසුන් කණ්ඩායම් 2ක් උපයෝගි කරන් තියෙනවා සති 12ක කාලයක් පරීකශනය අභ්යයාස අධ්‍යයන කරලා තියෙනව.
එක් කණ්ඩායමක් “එස් අයි ටී” ලෙස නම් කර ඔව්න්ට කෙටි දුර දිවීම. විවේකයන් එක්ක ව්‍යායාම් ද අනෙක් කණ්ඩායම “එම් අයි සී ටී” ලෙස නම් කර ඔව්න්ට මද වේගවත් ව්‍යායාම් ටිකක් ලබා දුන්නා.
ඒ අනුව සතියට 3වරක් “එම් අයි සී ටී”- කණ්ඩායම මද වේගයෙන් විනාඩි 45ක් බයිසිකල් පැද්දලු ,ඒ අතරේ විනාඩි 2 ක ඇඟ උනුසුම් කිරීමක් හා විනාඩි 3ක පොඩි විරාමයකුත් ඇතුලත්. එස් අයි ටී කණ්ඩායම මේ අතරේ ,වේගයෙන්(තීව්‍ර) බයිසිකල් පැදීම තත්පර 20 බැගින් වාර 3ක් කලාලු.
ඔවුන්ටත් විනාඩි 2ක පහසුවෙන් (සාමාන්‍ය) බයිසිකල් පැදීමක් ද මෙහි ඇතුලත් කරලා විනාඩි 2ක ඇඟ උණුසුම් කිරීමක් හා විනාඩි 3ක විරාමයක් ද ඇතුලත් කරලා තිබුනා ඇත්තටම ඔයාල හිතන්නෙ, “එම් අයි සී ටී”ට තම්යි හොදම ව්‍යායාම් ලැබෙන්න ඇත්තේ කියලා නේද ? නැහැ මේ දෙගොල්ලන්ම එක වගේ ප්‍රතිපලයක් තම්යි අරන් තියෙන්නේ

ඉන්සියුලින් ස්ංවේදීතාවය දහනය එක හා සමානයි ලු. ඒ වගේම “එස් අයි ටී” කණ්ඩායම තමයි කාර්යක්ෂමතාව වැඩියෙන් පෙන්නුවෙත් මොකද, ඔව්න් මේ ප්‍රතිපලේ අරන් තියෙන්නේ අඩුම කාලයකින් නිසා. එහි නිගමනය වුනේ, හොද තීව්‍රතාවයකින් දවසකට සුලු විනාඩි ගණනක්; විනාඩි 1ක් වුනත් ව්‍යායාම් කිරීම (එස් අයි ටී- වගේ කෙටි විරාම සහිතව.) ප්‍රමාණවත්; කාර්යක්ෂමතාව වැඩීයි කියලයි!!

ඔන්න පැය ගණන් ව්‍යායාම කරන්න ඕන කියලා කලින් වැරදියට හිතපු අයට, වගේම ව්‍යායාම් කරන්න “කාලය මදී” කියලා මැසිවිලි නගන කට්ටියටත් මේක ගොඩක් වැදගත්, සතුටුදායක ආරංචියක් වේවි!
 ඉන්දිකා
 උපුටා ගැනීමකි
http://www.allure.com/beauty-trends/blogs/daily-beauty-reporter/2016/04/study-says-one-minute-of-exercise-is-enough.html

ඉන්දියාව කාන්තාවන් සඳහාම වූ හදිසි දුරකතන බොත්තමක් හදුන්වා දෙන්න යනවලු!..

පසුගිය අවුරුදු කීපය තුල ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ ගැන සිදුවීම් ගණනාවක් වාර්තා වුණා, 2015 ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ ගැන ජාත්‍යන්තරයේ පවා වැඩි පුර අවධානයක් යොමු වුණා මේ සිදුවීම් නිසා දිල්ලී නගරය තුල ශිෂ්‍යයාවන්, කාන්තා සංවිධාන ආදිය විවිද සටන් පාඪ ප්‍රදර්ශණය කරමින් කාන්තා හා ළමා ආරක්ශාවට කටයුතු යොදන ලෙස රජයට බලකෙරුනා.
එහි එක් ප්‍රතිපලයක් විදියට 2017 ජනවාරි සිට විකුණන සියලුම ජංගම දුරකතන සඳහා “හදිසි බොත්තමක්” (හදිසි අවස්තාවයකදී පහසුවෙන් පාවිච්චි කල හැකි, ලගම යාලුවෙකුට, හෝ පවුලේ අයෙකුට පහසුවෙන් දැන්විය හැකි) හදුන්වාදීමට කටයුතු සැලසුම් කෙරුණා.
ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශය පවසන පරිදි “ඇප්” එකක් විදියට මේක අවොත් ඒකට වැඩි වෙලාවක් යන නිසා ප්‍රායෝගික නැති බවයි. විකල්ප ක්‍රම කහිපයක් ගැන සිකච්චා කරලා වඩා සුදුසුම විකල්පය මේ වගේ “හදිසි බොත්තමක්” යොදන එකල කියලා තමයි සනාත වෙලා තියෙන්නේ.
මොකද ඒ වගේ වේලාවට කාලය ඉතා වැදගත් නිසා. මේ ක්‍රමයට පරණ ජංගම වලින් අංක 5 හෝ 9 බොත්තම් හදිසි බොත්තම විදියට පාවිච්චි කරන්න පුලුවන්ලූ
ස්මාර්ට් ෆෝන් වලින් ලේසියට “පවර් බොත්තම” 3 වරක් ඉතා ඉක්මනින් ඔබන්න පුලුවන්ලු.
මේකෙන් තමා සිටන ස්ථානය සහ එම අවස්තා වේ සිදුවන දේ කෙටි පනිවුඩ ඔස්ෙසේ අන් අයට සැනකින් දැනුමි දෙන්න පුලුවන්. පින්තූර සහ හඩ දෙකම පනිවිඩ ඔස්සේ යනවලු.
එක්කම එයාගෙ හදිසි ඇමතුම් ලැයිස්තුවේ සිටින අදාල අයට  "කෙටි පනිවිඩයක් "යැවෙනවලු ...... දැනට පාවිච්චි කෙරෙන ෆෝන් වලටත් විශේෂ මෘදුකාංගයක් එක්ක මේ පහසුකම සඳහා යොදා ගන්නත් පුලවන් වෙයි ලු
2018 ජනවාරි ඉදන් ජංගම දුරකතන වලට ජී.පී.එස් මගින් සිටිනා තැන හඳුනාගැනීමටත් අවශ්‍ය පහසුකම් එකතු කලයුතු බවත් ඉන්දියාව පවසනවා.
දැනටමත් සැම්සුන්ග් දුරකතන වල නම් මේ පහසුකම ඇතුලත් කරලාලු!

 -ඉන්දිකා-

 උපුටා ගැනීමකි http://www.newsweek.com/india-will-introduce-rape-panic-buttons-and-require-gps-cell-phones-453166

අයි-හෙල්මට් එක හදලා ලෝකෙම ජයගත් අපේ ගනිදු නානයක්කාර

ගනිදු නානයක්කාර ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් බිහි වූ නව නිර්මාණයකින් ලෝකය ජයගත් දක්ශ සිසුවෙක්. අයි-හෙල්මට් ආරක්ශිත නවීන හිස් වැසුමක් තමයි ඔහුගේ නව නිර්මාණ්‍ය වුණේ.
ඔහුට මේ නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇවිත් තියෙන්නෙ සුප්‍රකට “අයර්න්මෑන්“ චිත්‍රපටය බලන අතරේලු. එහි වූ දර්ශණයක වූ හිස් වැසුම තමයි මේ නිර්මාණයට පාදක වුනේ. ස්ලිට් ශිෂ්‍යයකු වීමත්, විදුලි උපාංග ගැන දක්වන උනන්දුවත්, දැඩි කැපවීමත් මෙයට උපකාර වුනාලු.
මොකද්ද මේ අයි හෙල්මට් එකෙන් වෙන්නේ???? ඔන්න අහගන්න
- පිටිපස්සේ එන වාහනයක් නමත්ට ලගවැඩි උනාම විදිලි බුබුලකින් අනතුරු ඇගවීමක් වෙනවා
- තමන් කලින් අතුලත් කල වේගයකට වඩා වැඩිය ගමන් කරනවනම් අනතුරු ඇගවීමක් කරනවා
- අනතුරක් වෙච්ච අවස්තාවක කෙටි පනිවිඩයක් මගින් තමන් ඉන්නා ස්තානය මිතුරන්ට දැනුමි දීම

මුලින්ම ඔහුට මේ නිර්මානය සංකීර්ණ විදුලි පරිපතයක් වගේ පෙනුනට පියවරෙන් පියවර ඔහු සැලැස්මක් හදලා විසදුම් හොයාගෙන අභියෝගය ජයගෙන තියෙනවා. මේක හදන්න ඔහුට ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන හැටි පවා ඉගෙන ගන්න සිදු වුනාලු,
මුලින් අවශ්‍ය සැලසුම හදලා කොහොමහරි හිස්වැසුමට සම්බන්දවන ඇප් එකත් හැදුවලු, ඔහු දේශන වලටත් සහභාගි වෙන අතරතුරේ තමයි මේ වැඩෙත් කරලා තියෙන්නේ.

අභියෝග ගොඩක් මැද්දේ ඊළඟට ඔහු අලුත් හිස් ආවරණයයට අවශ්‍ය කේත, මෘදුකාංග, දෘඪාංග වගේ අලුතින් ඇතුලත් කරන අංග ගැන, ඒව හොයාගන්න මහන්සිවෙලා. ඒක තමයි ලොකුම අහියෝගයක් වෙලා තිබුනේ , සමහර ඒව පිටකොටුවෙ ඇවිදලත් හොයා ගන්න අමාරු වුනාලු, කොහොම හරි ඔහුගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් ටික ටික දියුණු කරලා ගොඩක් මහන්සිවෙලා අභියෝග ජයගෙන “අයි හෙල්මට්“ ආරක්ශිත හිස් ආවරණය නිර්මාණය කරාලු.

මුලින්ම ඔහු මේක 2013 ස්ලීට් හි තාක්ෂණික ව්‍යාපෘතියක් විදියට ඉදිරිපත්කරලා ජය අරන්. ඒට පස්සෙ ,තවසම්මාන රාසියක් දිනලා ඇමරිකාවේ තිබ්බ තරගයකින් ඩොලර් 500,000 වන දෙවන ත්‍යාගය හිමිකර ගත්තලු.

ඔහු “අයි හෙල්මට්“ සඳහා බලපත්‍රයත් ලබාගෙන තිබෙන නිසා මෙහි නිශ්පාදන හා ව්‍යාපාරි කටයුතු ලංකාවෙන්ම අරඹන්න ඔහු බලාපොරොත්තු වෙනවා දැනට ෆෝබීස් සගරාවට අනුව ආසියාවේ අවු 30න් පහල දක්ෂතම නව නිපයුම් කරුවන් අතර ඉහලම ස්ථානයක ගනිදු ඉන්නවා.

”නිර්මාණයයක් ගැන එක පාරට ලොකුවට හිතන්න එපා , මූලික දේවල් ටික හරියට හේරුම් ගත්තම ඉදිරිය පෙනෙයි!”

ඔහු පැවසුවා.
 -ඉන්දිකා -

 උපුටා ගැනීමකි http://readme.lk/the-story-of-ganindu-nanayakkara/

This article is about a Sri Lankan named Ganidu Nanayakara who has designed a next generation helmet that promotes safety of those who drive motor-bikes. it's equipped with emergency GPS Locating system, speed notification, tailgate alerts and much.

ඔන්න බුකියේ අයිතිකාර “මාර්ක් මහත්තයා” ලෝකයේ ලාබාලම පෝසතා වෙලාලු

අපේ මුහුණු-පොතේ නිර්මාතෘ “මාර්ක් සzකර්බර්ග්“ මහත්තයට අවුරුදු 31 යි. එයා දැන් ලෝකයේම ඉන්න ලොකුම පෝසතුන් 10 දෙනා අතරට ගිහින් (ෆෝබිස් [forbes] සගරාවට අනුව ). ඔහු ඒකෙ 6 වැනි තැන තම්යි දැනට ඉන්නේ. ඒ වගේම ලොකුම පෝසතුන් අතර ලාබාලම පෝසතා වන්නෙත් ඔහුමයි! කොහොමද? මුහුණු පොතෙන් ලබුණ වාසනාව?

2016 මුල් කාර්තුව වෙද්දි මුහුණු පොතේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.38ක්ලු. එකියන්නේ රුපියල් බිලියන 750 විතර. ඒක ගිය අවුරුද්දේ මුල් කාර්තුවත් එක්ක සසදද්දි 195%ක වැඩිවීමක් ලු

මාර්ක් වගේම ලැරී එලිසොන් (ඔරැකල් ,[oracle]) හා “ඇමසොන්” අයිතිකාරයා ජෙෆ් බීසොස් [besos] කියන කට්ටියත් මේ ලැයිස්තුවේ ඉන්නවලු. ලයිස්තුවෙ ඉන්න සමහරුන්ගේ සමාගම් වල කොටස් සමහර වෙලාවට ලොකුවට ඉහල පහල ගියත් මේ 3දෙනා නම් යම් ස්තාවරත්වයක ඉන්නවලු.

මාර්ක් බීසොස්ට වඩා ඩොලර් බිලියන 2කින් තමයි පහලින් ඉන්නෙ. ඇමසොන් හි බීසොස් තමයි දැනට ලෝකෙ ඉන්න 5 වැනි පෝසතා. එලිසොන් ඉන්නෙත් 7 වැනියටලු ෆෝබිස් සගරාවට අනුව මුහුණු පොත ආපු මුල් කාලෙදි 2008 දි මාක් පලමුවරට ලෝකයේ 400 වැනි පෝසතා වෙලා හිටියලු, ඇ.ඩොලර් බිලියන 1.5ක් ෆේස්බුක් පුද්ගලික සමාගමෙන් උපයලා අද 2016 ඔහු ඉන්නෙ 6වැනි තැනයි! ඒ වගේම ලෝකයේ ලාබාලතම පෝසතා! හම්බ කලා වගේම ඔහු පිං අතේ වැඩ වලටත් උදව් කරන්න අමතක කරලා නැහැලූ.

බුද්ධ ධර්මය ගැන විශේෂ කැමැත්තක් දක්වන ඔහු 2015දි එයාගෙ ෆේස් බුක් හි කොටස් වලින් පුන්‍ය කට්යුතු වලට පරීත්‍යාග පවා කරලා වැඩ සටහන් -ආරම්භ කරලත් තියෙනවා.
ඉන්දිකා

උපුටා ගැනීමකි . http://www.forbes.com/sites/katevinton/2016/04/27/mark-zuckerberg-gains-4-billion-to-become-worlds-sixth-richest-person-ahead-of-larry-ellison/#425aacfd75be

හබල් අභ්‍යවකාශ දුරේක්ෂය තම 26 වැනි උපන් දිනය සුවිශේෂ විදියකට පසුගිය දා සැමරුවා!

පසුගිය 2016 අප්රේල් 24 දිනට හබල් අභ්‍යවකාශ දුරේක්ෂය පෘථිවියෙන් කක්ෂ ගත කරලා හරියටම අවුරුදු26 ක් වෙනවා.

මේ උපන්දිනය සැමරුවේ ටිකක් විශේෂ විදියටයි මේ දුරේක්ෂයන් ගත්ත සුවිශේෂ ඡායාරූපයක් ලෝකෙට මුදා හැරියා. ඒ බරින් වැඩි තාරකාවක් බුබුළු විදියට ගෑස් පිටකරන අපූරු දර්ශනයක්.

ඉතා පැහදිලිව ඡායාරූපගත කල අවස්තාවක්. ආලෝක වර්ෂ 7ක් දුරට වූ මේ රූපයේ නිල් පාටින් ඔක්සිජන්ද කහ පාටින් හයිඩ්‍රොජන් හා නයිට්‍රජන්ද පැහැදිලිව පේනවා.

මෙය “බබ්ල් නෙබුලා“ නමින් හදුන්වන්නක්. හබල් දුරේක්ෂය 1990 දි පෘථිවියෙන් කක්ෂ ගතකෙරුණා. එය නාසා ආයතනය විසින් මෙතෙක් දියත් කල අති සාර්ථතකම මෙහෙයුමක්.

ඉන් එවන ලද දහස් ගණනක් වූ ඡායාරූප මගින් මෙතෙක් විසඳිය නොහැකිව තිබූ, අභ්‍යවකාශ අභිරහස් බොහෝමයක් හෙලිදරව් වුණා... විෂ්වයේ ආයු කාලය වසර බිලියන 13-14ක් බවත්, විශ්වයේ ප්‍රසාරණයයට බලපාන අඳුරුශක්ති ඇති බවත්, අලුත් දීප්තිමත් ග්‍රහ වස්තු ගැනත් බොහෝ කරුණු ඒ මගින් ලොවට හෙළි වූවා .....

මේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෑතකදී සොයාගත් තවත් අදවිතීය එලිදරවුවක් වුනේ වාමන ග්‍රහයන්ට ද උපග්‍රහයන් (චන්ද්‍රයන්) සිටින් බවයි. මේ මගින් ප්ලූටෝ හවුමියා හා ඊරීස්ට අයත් චන්ද්‍රයන් සිටින බව අනාවරණ වුණා.

තව දුරටත් මේ ගැන කල පරීක්ෂන වලදී “මේක්මේක්“ නමින් හැදින් වූ (2005 දි - කුයිපර් වළල්ලෙන් සොයාගත්) වාමන ග්‍රහයාට ද චන්ද්‍රයකු සිටින බව හොයා ගත්තා.

මේක්මේක් ප්ලූටෝගේ මිතුරෙක් හා සමානයි. මේක්මේක් ඉතා ශීත වාමන ග්‍රහලොවක්. එහි උෂ්ණත්වය සෙල්සියස් රිණ 243.2 පමණ. මේක්මේක්ට අයත් කුඩා උපග්‍රහයා(චන්ද්‍රයා) “එම් කේ 2” යන නමින් නම්කරලා තියෙනවා

එය කක්ෂ ගත ආකාශ වස්තුවට වඩා 1500 ගුණයකින් විතර දීප්තියෙන් අඩුයි ලු. ඇත්තටම මේ සොයා ගැනීම විද්‍යාඥයන් මවිත කලාලු ....මේ සොයා ගැනීම- ග්‍රහ විද්‍යාවෙහි ඉදිරි තවත් හැරවුම් ලක්ෂයයක් වේවි !!

 -ඉන්දිකා -

 උපුටා ගැනීමකි http://www.engadget.com/2016/04/27/hubble-discovers-makemake-moon/ http://www.wired.com/2016/04/plutos-dwarf-planet-friend-makemake-cute-little-moon/ https://www.sciencenews.org/blog/science-ticker/hubble-telescope-snaps-stunning-pic-its-26th-birthday?tgt=nr






ඇමසොන් “එකෝ“ පරද්දන්න ඇමසොන් “ඩොට්” පැමිණෙයි!!!

මීට ටික දවසකට කලින් අපි කතා කලා ඇමසොන් එකෝ කියන පුද්ගලික ලේකම් කෙනෙක් වගේ වුන අලුත් පරිගනකයක් ගැන. 

ඔන්න දැන් ඇමසොන් ම එයාව පරද්දලා  “ඩොට්“ නමින් තවත් ඉතාම කුඩා කෙටි වුනු පරිගනකයක් හදුන්වලා දීලා තියෙනවා. එකෝ පවුලෙන්ම ආපු මේ “ඩොට්” වල අපිට දකින්න ලැබෙන්නෙ පොඩි වෙනස් කම් ටිකක් විතරයි. 

මේකත් කලින් එකෝ ලබා දුන්න පහසුකම් ටිකම ලබාදෙනව. හැබැයි මේකෙ උස අගල් 1.5 විතරයි. කුඩා ප්‍රමාණයේ සිලින්ඩරාකාර රවුමක් නිල් පාට වලල්ලක් ආකාරයේ ලයිට් එකකින් සමන්විතයි.

 ඒකෙ කලින් වෙනම තිබුන ස්පීකරය විතරක් අයින් වෙලා ගිහින්. එකම උපාංගයෙන්ම පහසුවට ස්පීකර් පහසුකමත් ලාබාගන්න පුලුවන් විදියට ටිකක් නවීකරණයක් කරලා. 

ඒකෙන් පිරිවැයත් ගොඩක් අඩු වෙලා තියෙනවා කලින් එකෝ මිල ඇමරිකන් ඩොලර් 179 ක් වුණා. හැබැයි ඩොට් වල මිල දැන් ඇමරිකන් ඩොලර් 89ක් දක්වා මිල පහල ගිහින් මේක නම් සතුටුදායක ආර්ංචියක් වේවි !! 

හැබුයි මෙක ඇනවුම් කරන්න පුලුවන් එකෝ හරි ෆයර් හරි අමසන් භාන්ඩයකින් පමනයි. එකෝ නැත්නම් ඩොට් ගන්න බෑ.

 -ඉන්දිකා- 

 උපුටා ගැනීමකි . http://money.cnn.com/2016/04/04/technology/amazon-echo-dot-review/index.html

http://www.amazon.com/Amazon-Echo-Dot-Portable-Bluetooth-WiFi-Speaker-with-Alexa/b?ie=UTF8&node=14047587011



“විස්ප් පරිගනකය” - විදුලිය රැහැන් බැටරි මුකුත් අවශ්‍ය නැති පරිගනක පවුලේ අලුත්ම සාමාජිකයා!!

වොශින්ටන් විශ්වවිද්‍යාලයේ සංවේදක තාක්ශනය පිලිබද පර්යේෂණ කණ්ඩායමක් විසින් තමයි මේ අපූරු රැහැන් රහිත ඉතා කුඩා පරිගණකය නිර්මාණය කරලා තියෙන්නේ.

මේක නම් කරලා තියෙන්නේ “විස්ප්“ කියලයි තමයි. රැහැන් එක්ක දැනට හාවිතා කෙරෙන පරිගණක අපිට සමහර වෙලාවට කරදරයක්, ඒ වගේම තමයි බැටරි පාවිච්චියත් සමහර වෙලාවට ඔයාට එපාවෙනවා ඇති හැබැයි, මේ අලුත් පරිගණ්කයට නම්, මේ දෙකම අවශ්‍ය නැහැ.

හැබැයි මේකට ජංගමයක තරම්වත් වැඩ ෙගොඩක් කරන්න බෑ. මොකද හරිම පොඩියි.
විශේෂත්වය තමයි රැහැන් නැතිව ආරෝපනය කරන උපාංගත් අවෂ්‍ය නෑ. පුදුමයි නේද?

මේ අපූරු කුඩා පරිගන්කය විදුලි රැහැන් හෝ බැටරි රහිතව, දුවන නවීන මයික්‍රෝ ප්‍රොසෙසෙර් එකකින් සමන්විතයි. මේක ක්‍රියාත්මක වෙන්නෙ අවට තියෙන රේඩියෝ තර්ංග සම්ප්‍රේශණය කරලා ඒකෙන් අවශ්‍ය විදුලි බල ශක්තිය උත්පාදණය කරලයි.

ටීවී, රේඩියෝ, මොබයිල් ෆෝන් තරංග ආධාරයෙන්. මේ අලුත් සන්නිවෙදන පරිගණ්ක හොයා ගැනීම ලොකු ඉදිරි පියවරක් වේවි. මේ උපකරණයට සංවේදකයකින් දත්තයක් එකතු කරලා එ දත්ත නැවත විකාෂණයක් කිරිමට හැකියාව තියනවා.

මේ වගේ දෙයකින් විදුලිය සැපයීමට නොහැකි තැනක ලේසිෙයෙන්ම දත්ත ලබා ගන්න පාවිච්චි කරන්න පුලුවන්.

 ග්‍රහ නිර්මාණ්‍ය හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශ වලටත් මේක ප්‍රයෝජනවත් වේවි. මේ තාක්ශණික උපාංගය එක්ක ගෙවල් හදලා සුනාමි වගේ ස්වභාවික ආපදා ගැන ඊක්මන් තොරතුරු ලබා ගන්න පුලුවන්. කෘෂිකාර්මික කටයුතු වලදි වගේම, ෆෝන් එකේ හදිසි අවස්තාවකදි බැටරි අක්‍රීය වුනත් මේ තාක්ෂණය “බැක්-අප් කෝල්” මොඩියුලරයක් වගේ හොද විකල්පයක් උනත් නිර්මානය කරන්න උපකාරී වේවි.!
 - ඉන්දිකා -

 උපුටා ගැනීමකි (http://www.geek.com/news/wisp-computer-has-no-battery-gets-power-wirelessly-from-radio-waves-1653269/ )

මොකක්දමේ “උබර්” කියන්නේ? මොනවද ඒකෙන් කෙරෙන්නේ??

ඔයත් මේ ගැන දැන ගන්න ආස නම් කියවලා බලන්න ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. උබර් කියන්නෙ ඕනම කෙනෙක්ට අන්තර්ජාලයෙන් ජංගමයට බාගන්න පුලුවන් ඇප් එකක්.

ඔයාලගෙ ගමන් බිමන් පහසු කරවන “ඇප්” එකක්. හරියට ටැක්සි සේවයක් වගේ ගමනක් යන්න ඕන වුනාම උබර් ඇප් එක ඇරලා ඇමතුමක් දුන්නම ලගම ඉන්න උබර් රියදුරෙක් එයාගේ පුද්ගලික කාර් එක අවශ්‍ය තැනට එයි.

ඔයා මංගල උත්සවයක් සඳහා ලොකු හෝටලයකට යනවා කියලා හිතමු නැත්නම් යාලුෙවෙලා ඉන්න කෙල්ල එක්ක බයිස්කෝප් එකක් බලන්න යනවා කියලා හිතමු.   ඔයාට අවශ්‍ය වර්ගයේ කර්ගයේ ලාෙකු පොඩි ජාති වර්ග වලින් වාහනයක් ඉල්ලුම් කරන්න පුලුවන්.

සමහර නගරවල බී එම් ඩබ්ලිව් මර්සිඩීස් පෙජරෝ වාහනයක් වුනත් උබර් පාවිච්චි කරලා ගෙන්නව ගන්න පුලුවන්. ඔයාගෙම වාහනයක් විදියට රියදුරා එක්ක මේකෙන් යන්න පුලුවන් පුද්ගලික ගමන් බිමන් වලදි. ඇයි එවයි කැබ් කියලා ගහලා නෑ.

ඒවගෙම ඔයාට සල්ලි ගෙනියන්න කරදර වෙන්න ඕනත් නෑ. ඔයාලගෙ ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) උබර් ගිනුමට සම්බන්ධ කරලා පහසුවෙන් මුදල් ගෙවන්නත් පුලුවන්.

 ඔයාටත් ඔයාගෙම කියලා කාර් තියෙනව නම් ඔන්න උබර් වල රියදුරෙක් විදියට ලියාපදිං චි වෙලා අමතර ආදායමක් උපයගන්නත් පුලුවන්!. නිකන් ඉන්න වෙලාවට උබර් ඩ්‍රයිවර් ඇප් එක විවෘත කරලා ඉල්ලීමක් කරන (හයර්) පාරිභෝගිකයෙක් ඉන්නවද කියලා බලන්න පුලුවන්,

එහෙම ඉන්නවනම්, උබර් ඇප්ප් එකෙන් ඒක පෙන්නලා දෙනවා අදාල මාර්ග-ප්‍රදේශයත් එක්කම. ඉතින් ඔයාට ලේසියෙන්ම අදාල පාරිභෝගිකයා අරන් අවශ්‍ය ගමන දක්වා ගෙනියන්න ඇරලන්න පුලුවන්.

මේ සේවාෙවේ තව වැදගත් ගුනාංගයක් තමයි හදිසියේ යම්කිසි දෙයක් අපමතක වෙලා ගියොත් ඇප් එකෙන්ම එක රියදුරාට දන්වල ගෙන්න ගන්නත් පුලුවන්.

 සාමන්‍යයෙන් නම් මේ උබර් ඇප්ප් වල ගාස්තු ටැක්සි වලට වඩා අඩුයි. හබැයි කාර්‍ය බහුල වේලවන් වලදී නම් ගාස්තු 3න් ගුණයක් විතර වැඩි වෙන්නත් පුලුවන්. උබර් ඇප් එකේ ගාස්තු වැඩිවීම ගැන පෙරෙ දැනුම් දීමක් ලබා දෙනවා.

ඔයා මේකට සයින් අප්- වුනාම නොමිලයේ එකපාරක් මේකෙන් පොඩි රවුමක් ගිහින් බලන්න අවස්තාවක් තියෙනවා. ඔයා යාලුවෝ එක්ක ශෙයාර් (බෙදාහැරීම) කලොත් තව තවත් නොමිලයේ යන්න අවස්තාවක් ලැබෙයි!

ලංකාවේ නම් දැනට කොළබ විතරයි “උබර්” පහසුකම ගන්න පුලුවන් වෙන්නේ......

- ඉන්දිකා -

දැන් ගර්භණීභාවය ගැන පරීක්ශණ වාර්තාව ඔයාගෙ ෆෝන් එකෙන්ම දැන ගන්න පුලුවන්ලු!!!

මං අද කියන්න යන අලුත් හොයා ගැනීම ගැන කියවල වැඩියෙන්ම සතුටු වෙන්නේ අපේ කාන්තා පාර්ශවය තමයි. 
පලමු වරට පහුගිය (2016) මාර්තුවේදි , “චර්ච් අන්ඩ් ඩ්ව්යිට්“ (Church & Dwight) සමාගම මුල් ගර්භණි බව දැන ගන්න ඇප්" එකක් හදුන්වලා දුන්නේ 

මුලින්ම ස්මාට් ෆෝන් එකකින් තමයි මේක කරලා තියෙන්නේ, ඇප් එකෙන් , බ්ලූ ටූත් උපයෝගි වුන පරීක්ෂණයක්.... (බ්ලූ ටූත් කියන්නෙ රැහැන් රහිතව රේඩියෝ තරංග ආධාරයෙන් කෙටි දුර දත්ත හුවමාරු කෙරෙන තාක්ෂණ්‍ය....).. විදියට මේක සිදුවෙන්නෙ මේක නොමිලයේ දෙන ඇප්ප් එකක්. 

ඇන්ඩ්‍රොයිඩ් හා අයි.ඕ.එස් වලින් තමයි මේ ඇප්ප් ගන්න පුලුවන් වෙන්නේ. මේකෙන් එක පාරක් ඩව්න්ලොඩ් කරලා පරීක්ශනයට සම්බන්ධ වුනාම, ඇප්ප් එකෙන් පරීක්ෂණය ඉදිරියට අරන් යනවා 

විනාඩි 3ක් නොයිවසිල්ලෙන් බලන් ඉන්න විතරයි ඔයාට තියෙන්නේ ප්‍රතිපලය/වාර්තාව ඒකෙන්ම එවාවි!! මේක හරිම පුදුමයි. මේකෙන් ඔයාගෙ ගර්භනී බව හොයන මුල් ප්රීක්ශණ්‍ය ආර්තවහරණ චක්‍රය ගණනය බබා ලැබෙන්න තියෙන දින වුනත් ගණින්නත් පුලුවන්. 

ඇත්තටම මේක හරිම පහසුයි ඔයාලට රෝහලට ලැබ් වලට රස්තියාදු වෙන්න ඕනත් නෑ. පුද්ගලික රහස්‍යභාවයත් රැකෙනවා, ආරක්ෂිතයි හබැයි එකම ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම ඇන්ඩ්‍රොඉඩ් වගේ ඇප්ප් පාවිච්චියෙන් ඒ පරීක්ශණ කරන නිසා සමහර පුද්ගලික දත්ත  සමාගමත් සතු වෙනවා 

මොකද එයාලටත් ,මේ දත්ත ලබාගන්න අවසරය තියෙන නිසා..... 

 -ඉන්දිකා- 

 උපුටා ගැනීමකි http://www.theverge.com/2016/4/25/11503718/first-response-pregnancy-pro-test-bluetooth-app-security

පාපැදි සම්මත බිඳ ගෙන.. කරලියට ආපු වේගවත් සුපිරි පාපැදිය!!!


පාපැදිවල සම්ප්‍රදාය සමහර සම්මත නීති වගේ දේවලින් බැහැරව අලුත්ම වේගවත් පාපැදියක් තමන්ගේ හිතේහැටියට හදන්න රොබර්ට් ඒගර්ට අවශ්‍ය වුනා

ඒ උත්සාහයේ ප්‍රතිපලය තමයි මේ අපූරු නිර්මාණය අලුත්ම පහසුකම් රැසක් එක්ක කරලියට ආව. වේගයෙන් වැඩි සුපිරි පාපැදිය - “ෆුසී “ (FUCI)

මේ පාපැදියේ විශේෂිත අලුත් අංග මොනවද? බලමු,
  • ලොකු හා පොඩි රෝද 2 කින් සමන්විත වීම 
  • හෙඩ් ලයිට් හා බ්‍රේක් ලයිට් සහ ලිතියම් බැටරිය 
  • පාපැදි කරුගේ ස්මාර්ට් ෆෝනය -“පාපැදියේ මොලය” හා යාත්‍රණ්‍ය විදියට ක්‍රියාත්මක වෙනවා 
  • මේකෙ පොඩි බඩු ටිකක් ගෙනියන්නත් පුලුවන් පෙට්ටියකුත් තියනවා. චුම්බකයෙන් වැසෙන දොරකින් ද සමන්විතයි
  • සුලං පලිහ (මේකත් වැඩි ආරක්ශාවට තියෙන්නෙ) 

මේ අපූරු පාපැදිය හදපු රොබර්ට් එග්ගර් හා ඔහුගේ කණ්ඩායම විසින් මේ නිර්මණ්ය, ලෝකෙට ඉදිරිපත් කරල කියන්නෙ ඉද හිටලා සම්මත සම්ප්‍රදායවල් බිදලා නිදහසේ හිතුවම අලුත් දෙයක් කරන්න පුලුවන් කියලා.
ප්‍රතිපලය බොහෝවිට හොඳ එකක වේවි කියලා!!
 -ඉන්දිකා-

උපුටා ගන්නා ලදී http://edition.cnn.com/2016/03/21/tech/specialized-concept-bike-bicycle/index.html







ඇඳ මකුණු කරදරේ ඔයාටත් තියෙනවද? ඔන්න සල්ලි යන්නෙත් නැති හොද විසදුමක් තියෙනවා!


"ඇඳ-මකුණෝ" කිව්වම අපිට දැනෙන්නෙ මහා කරදරයක්! අප්පිරියාවක්, හිරිකිතයක් නේද ??

මකුනෝ මර්දනය කරන්න වෙලදපොලේ එක එක බෙහෙත් ජාති තිබුනට, සමහර ඒව ගන්න සල්ලිත් වියදම් වෙනවා ඒ වගේම තමා, ඒව හාවිත්‍ය නිසා අපේ සමහරුන්ට ශ්වසන ආබාධ වගේ අතුරු ප්‍රතිපලත් ලැබෙනවා. ඇත්තටම අපිට බැරිද ඇද මකුනො මර්දනයට සල්ලි යන්නෙත් නැති, අතුරු ප්‍රතිපල මුකුත් නැති වෙන ලේසිම විදියක් ගැන හිතන්න?????

මේ ගැන පසුගියදා විද්වතුන් පිරිසක් කල පරීක්ෂණයකදි, සොයාගෙන තියෙනවා, අමුතුම විදියට මකුණෝ එලවලා දාන ක්‍රමයක් ගැන. මේකට එයාල, එක එක පාට කඩදාසිවලින් පොඩි කූඩාරම් ටිකක් හදලා. ඒකට මකුණෝ ටිකක් දාල බැලුවලු,

මොන වගේ පාට කූඩාරම් වලද උන් වැඩිපුර ගැවෙසෙන්න හදන්නේ කියලා. විනාඩි 10ක් විතර මේක දිහා බලන් හිටියොත් මකුනෝ වැඩියෙන්ම ප්‍රිය කරන ආකර්ශනය වන තනි පාටක් නම් තිබුනේ නෑ.

හැබැයි පාට 2 කට නම්, එයාල ටිකක් වැඩිපුර ආකර්ශනය වුනාලු! ඔන්න මතක තියාගන්න, කලු හා රතු තමයි මකුණොන්ගේ ආසම පාටවල්. ඒ වගේම කොල, කහ, සුදු තමයි ඔවුන් වැලකුනු පාටවල්.

පාට වලට කෘමීන් ප්‍රතිචාර දක්වන බව තමයි ඒකෙන් පැහැදිලි වුනේ. ඉතින් ඔන්න ඔයාලගෙ ගෙදර, නේවාසිකාගාරයේ, බෝඩිමේ තියෙන, රතු හා කලු ඇද ඇතිරිලි වීසි කරලා දාල මකුණොන්ගෙන් ලේසියෙන්ම බේරිලා ඉන්න බලන්න.

මේ තියෙන්නේ ඒ පරික්සණ ඡායාරුප



 -ඉන්දිකා-

 උපුටා ගැනීමකි http://uproxx.com/life/bedbug-color-preferences/

ඔන්න අහසේ මාලිගා හදන තාක්ෂණය ඇවිත්!!! හඳ ඇතුලෙත් හෝටල් ඉදිවෙන්නයි යන්නේ

යුරී ගගාරීන්ලට පස්සෙත් අජටාකාශයට විවිධ රටවල පරීක්ශක කණ්ඩායම් ගිහින් තියෙනවා. එක එක අරමුනු වලට. ඉතිහාසය දිහා බැලුවම විවිධ අවස්තාවලදී ගුවන් ශටල අභ්‍යවකාශ නැවතුමට ගිහින් තියෙනවා. 

 “ඇට්ලාන්ටිස්” හා “එන්ඩිවොර්” වගේ ශටල 2012 ගුවන්ගත කෙරුනු පලමු පුද්ගලික අභ්‍යයවකාශ යානය ප්‍රදාන තැනක් ගන්නවා. විශේෂ සිදුවීම් අතර අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගියපු අන්තිම ශටලය වුනේ ඇට්ලාන්ටිස්. ඒකෙ කණ්ඩායම 2011 දි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ පින්තූරත් අරන් ඇවිත් තිබුනා.  

2000 අවුරුද්දේ පලමු වරට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ කාර්‍ය මණ්ඩලයක් නිල වශයෙන් පත්කෙරුණා. හැබැයි එයාලට ඒකෙ නැවතීමෙ පහසුකම් හරියට තිබුනේ නැ. ඔන්න මේ අහියෝගෙත් දැන් ජයගෙන තියෙනවා.  

පුම්බන්ඩ පුලුවන් නිදන කාමර පද්දතියක තාක්ෂණයක් දැනු ඇව්ල්ලා තියනවා. මෙ පුම්බන්ඩ පුලුවන් පද්දතිය අභ්‍යාවකාෂ මධ්‍යස්තානයෙ තියන ජැටියක ගහන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නෙ. 

 හොයාගත් අලුත් තාක්ශණයත් එක්ක ඉස්සරහට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කල ලෝහ ආකෘති වුනත් ඉවත් කරන්න පූවන් වේවී. ඇයි මේව ගෙනියන එකත් හරි කරදරයක්නේ. මේ අලුත් හොයා ගැනීම නිසා කූඩාරම් වගේ ගෙවල් ඕන තැනකට පහසුවෙන් ගෙනියන්න පුලුවන්. හරිම සැහැල්ලුයි විශාල කරන්නත් පුලුවන් 

පුම්බලා වගේ තියෙන අපූරු ගෙවල් නිදන කාමරයක් මේක දැනට වැඩිදුරටත් පරීක්ශනතත්වයේ තමයි තියෙන්නෙ. නාසා ආයතනයත් ඒ සිත්ගන්නාසුලු සොයාගැනීම ගැන උනන්දුවෙන් පසුවෙන්න. 

 අභ්යවකාශ නියෝජිත ආයතනත් හොයන්නෙ ගගන ගාමීන්ගේ ගමන් වලදි එයාලගෙ පහසුවටත් ආරක්ශිතවත් තියන්නෙ කොහොමද කියලයි. මොකද එයාල 2030 දි අගහරු ලෝකෙටත් ගගනගාමින් යවන්න හිතන් ඉන්න නිසා. 

නාසා ආයතනය කියන්නෙ ඊලග අභ්‍යවකාශයේ කරන ඉදිකිරීම බොහෝවිට වානිජ ස්තානයක් වෙයි කියලා.  එයාල හදෙත් මේ විදියට ගෙවල් හදන්න බලාපොරොත්තු වෙනවලු!! මේ ව්දියට ඉස්සරහට අභ්‍යවකාශ ග්‍ර්හ ලෝක වලත් හොටෙල් සංචාරක ව්‍යාපාර ස්තාන හදලා තමයි එයාල නවතින්නෙ. 

ඉස්සරහට ග්‍රහ ලෝක වලට විනෝද ගමන්යන්නත් බැරි වෙන එකක් නෑ වගෙයි. !. 

පහල තියන පින්තුරය ජත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්තානයෙේ රුපයක් 




 -ඉන්දිකා - 

උපුටා ගැනීමකි http://edition.cnn.com/2016/04/16/tech/beam-inflatable-habitat-iss-irpt/index.html

ඇමසොන් ගංගා පතුලෙන් සුවිශාල කොරල් පරයක් සොයා ගනී!!

"ඇමසොන්" ගඟ කියන්න්නේ දිගින් වගෙම ඊට ආවේනික වු සුවිශේශ පරිසර පද්ධතියක් නිසාම විශේෂ වූ ප්‍රදේශයක්

රෝස පාට ඩොල්ෆින්, පිරානා කියන මස් කන මාලු ජාතිත් ඒකෙ ඉන්නවලු “පැට්ට්‍රිශියා යාගර්” කියන ඇමරිකාවෙ ජොර්ජියාවෙල මද්ද්‍යස්තානයක නිරීක්ෂණයෙන්, බ්‍රසීල හා ඇමරිකා විද්වතුන් කණ්ඩායමක් සැතපුම් 600 දිග මේ විශාල කොරල් පරය ඇමසොන් ග්ංගා මෝය ලග මඩ තියෙන තැනකින් හොයා ගෙන තියෙන්නේ

මේකෙ හිටිය ගොඩක් ජීවීන් මාංශ භක්ශකලු! මේ හොයාගත් කොරල් පද්දතියෙම මුලු පරතරය සාගර පතුලේ වර්ග සැතපුම් 3600ක් දක්වාම විහිදිලා හියෙනවලු 
ඒ කියන්නෙේ ප්‍රංශයේ guiana සිට බ්‍රසීලය හරහා දකුනු ඇමරිකාව දක්වා සාගරයේ නරම් දුරක්. මේකෙන් හොයාගත් තවත් පුදුම හිතෙන විශේෂිත දෙය තමයි මේ කොරල්පරය තවමත් හොද තත්වයක තිබීම. 

සාමාන්‍යයෙන් මේ වගේ විශාල ගගවල් වල කොරල් ගල්පර බෙදිලා යද්දී සාගර ජලය මිශ්‍රණය වීම නිසා ලවණතාව වැඩි වීම අම්ල භස්ම තාවය ආලෝකය තදින් වැටීම වගේ හේතු නිසාත් කොරල් ගල්පර වල සිදුරු හැදෙනවාලු 

ඒත් මේකෙ එහෙම හානියක් වෙලා නෑලු හැබැයි තව දුරටත් අනාවරණ කරගත් විදියට ඉදිරියේදී මේ ඇමසොන්වල කොරල් සම්පතත් විනාශ වෙන්න ඉඩ කඩ ඇති බව කියනවා. මේකට පාරිසරික හේතු වගේම මිනිසුන්ගෙ ක්‍රියාත් බලපානවා. 

සාගර උශ්නත්වය ඉහල යෑම, සාගර ආම්ලිකතාවය වැඩි වීම තෙල් කැණීම් කටයුතු වගේ හේතු කාලගුනික වෙනස්කම්, නිසා කොරල් විනාශ වෙනව. ඒ කියන්නෙ කලින් කියපු හේතු නිසා කොරල් ව්යුහයේ සිටින එයට පෝෂණ්‍ය දෙන ඇල්ගී හා අනෙක් ජීවීන් ඉවත් වෙලා හානි වෙලා යනවා එතකොට තමයි කොරල් සුදු පාටට හැරිලා පෝෂණයක් නැතිව විනාශ වෙන්නෙ. අපි හුනුගල් කියලා කඩලා ගෙවල්වල බිත්තිවල හුණු ගාන්න ගන්නෙ මෙ විනාෂ වෙච්ච කොරල් තමයි. දැන් එවුනාට එවා සීමාකරල තියෙන්නෙ එක නිසා 

ඉතින් මේක සාගර පද්ද්තියටම හා මිනිසාටත් බලපාන හරිම අහිතකර තත්වයක් හොඳම නිදසුනක් තමයි, ඕස්ට්‍රේලියාවෙ වැඩිවශයෙන් වෙලා තියෙන කොරල්පර හානිය. ලංකාවේ අපිටත් මේ අවදානම තදින්ම තියෙනවා ඒ වගෙම ලෝකය පුරාම තියෙන කොරල් පද්දති හැම එකකටම මේ තර්ජනය පොදුයි දැනට පවතින කාලගුණ විපර්යාසත් මේ තත්වයේ අහිතකර බව තව දුරටත් වැඩි කරනවා , 
ඉතින් අර කියපු අහිතකර මිනිස් ක්‍රියා වත් නතර කරලා කොරල් සම්පත අපි රැක ගනිමු. !! - 








 ඉන්දිකා - උපුටා ගන්නා ලදී (http://edition.cnn.com/2016/04/23/world/amazon-river-coral-reef-irpt/)

සූර්‍ය බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානා ගැන මීට කලින් අහලා තියේද ??


සෝලර් ඉම්ප්ල්ස්  කියන ස්විට්සර්ලන්තයේ කණ්ඩායමක් තමයි පසුගියදා මේ හපන්කම කරලා තියෙන්නෙ. ඔවුන් සූර්යකෝෂ 17,000 හාවිතාකරලා මේක හදලා තියෙන්නෙ. මේ ගුවන්යානාවේ බර රාත්තල් 5000.  මේක 100% සූර්‍ය බලයෙන් ම තම්යි ක්‍රියාත්මක වෙන්නෙ
. 


මේක ඒ කාන්ඩායම හුගාක් කාලයක් ඉදන් මහන්සිවෙලා හදල ඔක්කොම කරලා ඉවර වෙලා  දැනට අවුරුද්දක කාලයක් ඉදන් ලොකවෙට සවාරියක ගිහින් පසුගියදා 2016-04-24 සවාරියෙ අවසන් කොටස පියාසර කරලා තියෙන්නේ. මේ ගුවන් යානය හදන්න අවුරුද්දකට වඩා කාලයක් ගියා කියල තමයි වාර්තා වන්නේ. 

මේකෙන් ආරම්භ කරපු පලමු ගමනාන්තය වුනේ හවායි දූපත් වල සිට කැලිෆෝනියාවට පියාසර කිරී යිමයි. 
 
 ඔන්න ඒ විදියට මේ යානයේ ගුවන් නියමුවා බ්ර්ට්‍රැන් පිකාඩ් සැතපුම් 2336 ක් හවායි සිට සැන් ෆ්රැන්සිස්කෝ රන් ගේට්ටු පාලම හරහා ඇවිත් සිලිකන් වැලී හි පිහිටල තියෙන “ගූගල් මොෆ්ෆෙට් ලගින් සාර්තකව ගමන අවසාන කලාලු. 

මේකට දවස් 3ක් ගිහින් තියෙන්වා. ඇත්තටම පැසිපික් හරහා ගමන් කීරීම ගොඩක් අවදානම්. කොහොමහරි මෙයලා ඒ අහියෝගය ජය ගත්තා. 
 
 


ඉතින් මෙයාලගෙ ලොකුම බලාපොරොත්තුව  තමයි මේ ව්දියට ලෝකෙ වටේම මේ අලුත් යානයෙන් ගමන් කිරීම. අපූරුයි !! නේද ? මේක ලෝකෙටම හරිම සතුටුදායක ආරංචියක් වේවි!!. පරිසරයේ ආරක්ශාවටත් හොදම විකල්පයක් වේවි! 
 


ඉතින් අපේ කට්ටියත් උත්සාහ කලොත් අපිටත් මේව අනාගතේදි හදන්න බැරි වෙන එකක් නෑ සමහරවිට නේද? මොකද අපේ රට සූර්‍ය තාපය හොදින් ලබෙන රටක් නිසා. පිරිවැය වැඩි වීම තමයි  තියෙන ලොකුම ප්‍රශ්නේ. 

බලන්නකො මේ පින්තූර දිහා. 







 -ඉන්දිකා- 
උපුටා ගන්න ලදී.....   http://recode.net/2016/04/24/solar-impulse-hawaii-california/  

චීනෙත් ස්වයං ධාවන රත වාහන නිර්මාන කිරීමේ තරගයට එන්නයි හදන්නේ

දැනට අවුරුදු 50 විතර කලින් හදට ඉස්සෙල්ලාම හදට යන්න පලුවන් අභ්‍යාවකාස යානානක් හදාගන්න ලෝකෙයේ රටවල් ගනනාවක් තරග කලා. ඒවෙගේම දැන් මෑත කාලෙයේ ස්ව්‍යං ධාවන කරන්න පුලුවන් මහපාරේ යන රතයක් නිර්මානය කරන්න ලොකෙයේ රටවල් කිහිපයක් උත්සාහ කරනවා. ඇමරි්කාවේ ගූගල් ආයතනය තමයි මේ පිලිබද ඊදිරියෙන්ම ඉන්නේ.

නමුත් අද කියන්න හදන්නේ මේ තරගයට සහභාගීවු අලුත්ම සාමාඡිකයා. එතමයි චීනය.

 ස්වයං ධාවන කාර් (සෙල්ෆ් ඩ්‍රයිවින්ග් කාර්) නිර්මානය කිරිමට චීනය, ඇමරිකාව, යුරෝපය වගේ තාක්ෂණය අතින් දියුණු රටවල පර්යේෂණ ගොඩාක් පවත්වාගෙන යනවා.

හැබැයි වාහනය පණනක් නීෂ්පාදනය කරලා මදි.  ළු්වට හරියන මහා මාර්ග ධාවනයට අදාලව, රථ වාහන සැලසුමක් සහ ඊට අවශ්‍ය කරන රෙගුලාසි, මාර්ග නීති මාර්ග සිතිතියම් හදා ගන්නත් ඔන. 
චීනය තමයි ම් අදාල යටිතල පහසුකම් ගැන දැන් ඉදිරි පිම්මක් පනීන්න යන්නෙ.

2020 වගේ වෙද්දි, ස්වයංපාලන රත නගරයේ මහාමාර්ගයේ ධාවනය තමයි එයාලගෙ අරමුන වෙන්නෙ. හැබැයි මේකෙ ආරක්ශාව හා ප්‍රායෝගික බව ගැන නම් ටිකක් විවාදත් තියෙනවා.

මේ මේ රෙගුලාසි වලට රටවල් ජාත්‍යන්තරව පොදුවේ පිලිගත් සම්මත කරගත් යාණ්ත්‍රනයක් තිබෙන්නත් ඕන. මේක චීනයයට විතරක් තනියම මේක කරන්න පුලුවන් ද?

කොහොම වුනත් චීනය මේ ස්වයං ධාවන රත පිලිබද කරන පරික්ෂණ වලින් ඉරියකින් ඉන්නවා කියල තමයි අපිට ආරංචි. 

චීන වැසියන්ගෙනුත් 75% ස්වයංධාවන කාර් පදින්න කැමත්ත දක්වලා ඉවරයි.  

ලෝකයේ ලොකුම කාර් වෙලදපොල වගේම, ලෝකෙ වැඩිම ජනගහනයත් සිටින චීනයේ. මාර්ග අනතුරු වලිනුත් වැඩිම ප්‍රමානයක් වෙන්නෙත් චීෙනයේ.

මේ රථ වාහන අධික හාවිතය නිසාම වායු දූෂණය, වාහන තදබදය, අවිදිමත් රිය ධාවනය වගේ ගැටලු ගොඩක් තියෙනවා. අපි බලමු  චීනයට මේ වැඩේ සාර්ථක වුනොත් මේ ගැටලු අහියෝගත් ජයගන්න පුලුවන් වේවිද කියලා

හැබැයි මේවගේ රථ ලංකාවට එන්නනම් ගොඩක් කල්යයි නේ?

-ඉන්දිකා-

උපුටා ගැනීමකි